Jump to content

ගිහාන් ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්
ගිහාන් ප්‍රනාන්දු
Gihan Fernando
උපත
ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු

අගෝස්තු 30, 1967 (1967-08-30) (වයස 57)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයද මැසනොඩ් විද්‍යාලය
රැකියාවනළුවෙක්, නාට්‍යකරුවෙක්
සක්‍රීය වසර1990–වර්තමාන

ගිහාන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනාන්දු (උපත 1967 අගෝස්තු 30), හෙවත් ගිහාන් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් වගේම නාට්‍ය රචකයෙක් සහ ගායකයෙකි.[1] නාට්‍යයේ සිට හාස්‍යය දක්වා ඉහළ බහුවිධ නළුවෙකු වන ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රූපවාහිනියේ ජනප්‍රියම නළුවෙකි.[2]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ඔහු 1967 අගෝස්තු 30 වැනිදා රාගම ගලුදිපිට ග්‍රාමයේදී පවුලේ වැඩිමලා ලෙස උපත ලැබීය. ඔහුට බාල සහෝදරයෙක් සහ බාල සහෝදරියන් දෙදෙනෙක් සිටී. ඔහු කඳාන ද මැසනොද් විද්‍යාලය ආදි ශිෂ්‍යයෙකි.[3] පාසැලේදී, ඔහු පාපන්දු දක්ෂ ශිෂ්‍යයෙක් විය.[2] නාට්‍ය කලාවට පිවිසීමට පෙර ඔහු විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.[4]

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු සමාගමක සේවය කරමින් බ්‍රිටිෂ් කවුන්සිලය හරහා විදේශීය නාට්‍ය අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ නාට්‍ය පිළිබඳ හැදෑරීය.[3] 1998 දී ඔහු තවත් සහෘද නළු අසේල ජයකොඩි සමඟ ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ විසින් පවත්වන ලද වැඩමුළුවකට ගියේය. ඊට පස්සේ දෙන්නටම රෝහණගේ ‘‘භූතවේෂ’’ වේදිකා නාට්‍යයේ රඟපාන්න වාසනාව ලැබුණි.[5] සෝමලතා සුබසිංහ, කේ.බී. හේරත්, රාජිත දිසානායක, රවීන්ද්‍ර ආරියරත්න සහ ධර්මප්‍රිය ඩයස් යටතේ වේදිකා නාට්‍යවල රඟපාන්නට ඔහුට අවස්ථාව ලැබුණි. 1990 වසරේ යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රොයිස්ටන් ජූඩ්ගේ ‘‘රංගහල’’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඔහුට හිමි විය.[6] ඉන්පසු වත්තල කට්‌ටිය බැනරය යටතේ වත්තල ප්‍රදේශයේ පිහිටුවා ගත් නාට්‍ය කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘‘මැක්බත්’’ හි රඟපෑවේය.

ඔහුගේ මංගල රූපවාහිනී රංගනය 1998 දී නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද හිරු කුමාරි හරහා සිදු විය.[2] කුමාර තිරිමාදුර සමඟ ප්‍රනාන්දු ගිහ සහ කුම වේදිකා නාට්‍යයක නිරත විය.

2016 දී ඔහු සිය රංගන දිවියේ රිදී ජුබිලිය සැමරීම සඳහා මා දකින මාමා නමින් නාට්‍ය උළෙලක් සංවිධානය කළේය. එය 2016 මාර්තු 31 සිට අප්‍රේල් 3 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී උත්සව රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ නැගී සිටීමේ සංදර්ශනයකින් අවසන් විය.[2][6] ඔහු හිරු එෆ්.එම්. හි "චන්න කින්නරාවි" ගුවන් විදුලි ටෙලිනාට්‍යයට ද හඬ කැවීම් වලට දායක වන අතර සහ රන්වන් එෆ්.එම්. හි පාරදිගේ වැඩසටහනටද දායක විය.[7] ඔහු දැනට නව පරපුර වෙනුවෙන් බම්බලපිටියේ ‘‘හිට් ඇක්ට්’’ නමින් රංගන පාසලක් පවත්වාගෙන යයි.[8]

ප්‍රනාන්දු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1996 වසරේ වින්ස්ටන් අජිත් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරන ලද “සීරුවෙන් සිටින්” චිත්‍රපටයේ සුළු චරිතයකිනි.[9][10]

ටෙලිනාට්‍යය

[සංස්කරණය]
  • අම්මාවරුනේ
  • අලුත් ගෙදර
  • ආදර වැස්ස
  • ආදරණීය චංචලා
  • ඉතින් ඊට පස්සේ
  • උතුම් පැතුම්
  • නීල පබලු
  • පැහැසරා
  • බොද මීදුම්
  • රාජ යෝගය
  • සදගල තැන්න
  • සිහින ගෙනෙන කුමාරියේ
  • සුරදූතියෝ

චිත්‍රපටකරණය

[සංස්කරණය]
වසර චිත්‍රපටය භූමිකාව Ref.
1996 සීරුවෙන් සිටින්
2003 සොඳුරු දඩබිම නඩු පවරන්නා [11]
2011 ගාමනී ඇමති ලේකම් [12]
2014 කෝ මාර්ක් නෝ මාර්ක් ලුවී [13]
2015 ස්පන්දන සාලිය ඉරුගල්බණ්ඩාර [14]
2019 ජනාධිපති සුපර් ස්ටාර් වැඩසටහන් පූරක [15]
2020 ද නිවුස්පේපර් සෙනරත් ඉද්දමල්ගොඩ [16]
2021 කවුරුත් දන්නේ නෑ [17]
TBD හිතුමතේ ජීවිතේ ගස්තාන්
TBD අනෝරා [18]
TBD අමුඩ රාජා [19]
TBD නිම් හිම් [20]
TBD කතුරු මිතුරු [21]

සම්මාන

[සංස්කරණය]

ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.[22][23][24]

යෞවන නාට්‍ය උළෙල

[සංස්කරණය]
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
1990 රගහල හොඳම නළුවා දිනාගති

රාජ්‍ය නාට්‍ය උළෙල

[සංස්කරණය]
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2001 මට එරෙහිව මම හොඳම සහය නළුවා දිනාගති

රයිගම් ටෙලීස්

[සංස්කරණය]
වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 දස්කොන් හොඳම සහය නළුවා දිනාගති
  1. ^ "Gihan Fernando bio". Rate your music. සම්ප්‍රවේශය 25 April 2019.
  2. ^ a b c d "Gihan Fernando: Manifestation of an exuberant career in theatre". Sunday Times. සම්ප්‍රවේශය 25 April 2019.
  3. ^ a b "One actor, many roles". Daily News. සම්ප්‍රවේශය 25 April 2019.
  4. ^ "I wanted to be a professional actor while studying acting: Gihan Fernando". Silumina. සම්ප්‍රවේශය 2021-06-04. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  5. ^ "Asela Jayakody passed Away". lkactress. සම්ප්‍රවේශය 5 July 2019.
  6. ^ a b "Television is not an art but a business". Sunday Times. සම්ප්‍රවේශය 25 July 2019.
  7. ^ "This is my real tummy - Gihan Fernando". Hiru FM. සම්ප්‍රවේශය 25 July 2019.
  8. ^ "With stars". Silumina. සම්ප්‍රවේශය 25 July 2019.
  9. ^ "Gihan Fernando - ගිහාන් ෆර්නැන්ඩෝ films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 25 April 2019.
  10. ^ "Gihan Fernando filmography". IMDb. සම්ප්‍රවේශය 25 July 2019.
  11. ^ "Sonduru Dadabima". The Island. සම්ප්‍රවේශය 11 March 2017.
  12. ^ "Gamani (2011)". IMDB. සම්ප්‍රවේශය 25 February 2017.
  13. ^ "Ko Mark No Mark". Sri Lanka Cinema History. සම්ප්‍රවේශය 26 February 2017.
  14. ^ "Spandana". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 3 October 2016.
  15. ^ "The presidential stage where four people are competing". Sarasaviya. සම්ප්‍රවේශය 10 August 2019.
  16. ^ "Friends who seek justice against media injustice". Sarasaviya. සම්ප්‍රවේශය 1 July 2020.
  17. ^ "Kawuruwath Danne Nehe". Daily Mirror. සම්ප්‍රවේශය 18 August 2019.
  18. ^ "Anora eager to reveal her secret". Daily News. සම්ප්‍රවේශය 3 October 2016.
  19. ^ "Who is the best farmer?". Sarasaviya. සම්ප්‍රවේශය 15 August 2019.
  20. ^ "The oscillation between love and hate – plot of Nim Him". Sarasaviya. සම්ප්‍රවේශය 31 October 2019.
  21. ^ "Friendship that cannot be cut with any scissors". Sarasaviya. සම්ප්‍රවේශය 25 March 2020.
  22. ^ "'Mata Erehiwa Mama' & 'ME Vs I' : Publications". Mirror Arts. සම්ප්‍රවේශය 25 July 2019.
  23. ^ "12th Annual Raigam Tele Awards" (PDF). Sunday Observer. සම්ප්‍රවේශය 25 July 2019.
  24. ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 2018-03-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-07-24.
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගිහාන්_ප්‍රනාන්දු&oldid=706462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි