1958 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන
එකමත් එක රටක (නවජීවන) නිෂ්පාදනය,අධ්‍යක්ෂණය සිරිසේන විමලවීර සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්න (ඔහු සංගීතය සැපයූ මුල්ම චිත්‍රපටිය), ටියුරින් ප්‍රනාන්දු, රීටා ඩොරීන්, නන්දා හෙට්ටිආරච්චි, එස් එච් ජෝතිපාල, එන් ආර් ඩයස්, මාලිනී රණසිංහ, ලිලියන් එදිරිසිංහ, දයා කරුණාරත්න ප්‍රදර්ශනය: 1958 පෙබරවාරි 14
වනලීය (සිලෝන් ස්ටුඩියෝස්) තිරනාටකය, අධ්‍යක්ෂණය බී. ඒ. ඩබ්. ජයමාන්න (මින්නල් කෝඩි දෙමළ චිත්‍රපටිය ඇසුරෙනි); සංගීතය ආර් ඒ චන්ද්‍රසේන; ගී පද ඒ ජේ ද සොයිසා බී ඒ ඩබ් ජයමාන්න, ෂර්ලි බ්ලයිත්, ධර්මශ්‍රී රණතුංග, පැට්‍රීෂියා වෝකර්, මේබල් බ්ලයිත්, ග්‍රේස් ජයමාන්න, ඔස්ටින් අබේසේකර ප්‍රදර්ශනය: 1958 පෙබරවාරි 21. සිලෝන් තියටර්ස් සමාගම විසින් අරඹන ලද නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරයේ නිෂ්පාදිත පලමු චිත්‍රපටිය. වනමල ඔයාද යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
සොහොයුරෝ (ශ්‍රී මුරුගන් නවකලා) අධ්‍යක්ෂණය භාස්කර් රාජ්, එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් එම් නායගම්; සංගීතය ආර් මුත්තුසාමි; තිරනාටකය ඒ එස් නාගරාජන්; දෙබස් ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු ක්ලැරිස් ද සිල්වා, අරුණ ශාන්ති, රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, ආනන්ද ජයරත්න, පිටිපන සිල්වා, එඩී යාපා, ජෝසප් සෙනෙවිරත්න, පූජිත මෙන්ඩිස්, මිලී කහඳවල, විජිත මල්ලිකා, රිචඩ් ඇල්බට්, බොනිෆස් ප්‍රනාන්දු ප්‍රදර්ශනය: 1958 මාර්තු 15. ඇන්ජලීන් ද ලැනරෝල් පසුබිම් ගී ගැයූ පලමු චිත්‍රපටිය (සිඩ්නි ආටිගල සමග ආදරේ අම්බරේ). කැරකේවී රථ රෝදේ යන ජනප්‍රිය ගීය ද ඇතුලත් විය.
දෙයියන්ගේ රටේ (හෙලදිව ෆිල්ම් ආට්ස්) අධ්‍යක්ෂණය එල් එස් රාමචන්ද්‍රන්; නිෂ්පාදනය එස් ඩී එස් සෝමරත්න; කැමරාව එස් එස් නාදන්; සංගීතය පී එල් ඒ සෝමපාල; ගී පද කරුණාරත්න අබේසේකර සේනාධීර කුරුප්පු, පුණ්‍යා හීන්දෙණිය, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, රෝහිණී ජයකොඩි, ජෙනී විනිෆ්‍රීඩා, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ධර්මශ්‍රී කල්දේරා, ලිලියන් එදිරිසිංහ, සී ටී ප්‍රනාන්දු ප්‍රදර්ශනය: 1958 මැයි 1. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි. හිමබිම පාලන, සිරිපාද හිමේ, රැල්ල කිරි වැල්ලේ, සීත සුනිල් දිය, මොකටද කාසි බාගෙ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සල්ලි මල්ලි සල්ලි (කාන්ති චිත්‍රපට) අධ්‍යක්ෂණය එම් ආර් එස් මානි; නිෂ්පාදනය වෛද්‍ය කේ ඊ කරුණාරත්න, කේ කේ පනික්කාර් (ඉන්දු-ලංකා සම නිෂ්පාදනයකි); සංගීතය පී එස් දිවාකර්; කතාව, දෙබස් ඩේවිඩ් ධර්මකීර්ති; ගී පද ඒ ජේ ද සොයිසා ප්‍රේම් ජයන්ත්, ඩේවිඩ් ධර්මකීර්ති, ශාන්ති ලේඛා, රොසලින් ප්‍රනාන්දු, මානෙල් සමරනායක, දයා අබේසේකර ප්‍රදර්ශනය: 1958 ජූලි 18. විදේශයක් සමග එක්ව සමනිෂ්පාදිත පලමු සිංහල චිත්‍රපටිය. හරි පැණි පැණි රස, සිරියාව මතුවේ විනෝදේ, ආකාසෙ ඉහල පාවෙනවා, සාදු පියේ භගවා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
දස්කම (සිලෝන් ස්ටුඩියෝස්) අධ්‍යක්ෂණය ජේ. සිංහා; නිෂ්පාදනය බර්ට්‍රම් ප්‍රනාන්දු; සංගීතය එඩ්වින් සමරදිවාකර; දෙබස්, ගී පද කරුණාරත්න අබේසේකර රවීන්ද්‍ර රූපසේන, දිස්නා රංජනී, ඩඩ්ලි වානගුරු, බර්ට්‍රම් ප්‍රනාන්දු, මිලී කහඳවල, ශාන්ති අබේසේකර ප්‍රදර්ශනය: 1958 ජූලි 25. දෙව්ලොව දෙව්සැප, වාසනාව පෑදේවි, ගොයම් පැසීලා, මඩ දියෙ පිපුණට, ඉපිද මැරේ, හොඳ කල ආ දා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සුනීතා (සිලෝන් එන්ටටේන්මන්ට්ස්) අධ්‍යක්ෂණය පී නීලකන්ටන්; නිෂ්පාදනය ජබීර් ඒ කාදර්; සංගීතය ටී ආර් පාපා; දෙබස්, ගී පද ඩබ් විල්ෆ්‍රඩ් සිල්වා (වාල්විලේ ඔරු නාල් (1956) දෙමල චිත්‍රපටිය ඇසුරෙනි) රවීන්ද්‍ර රූපසේන, රීටා රත්නායක, කිංස්ලි රාජපක්ෂ, ලීනා ද සිල්වා, ක්‍රිස්ටි ලෙනාඩ්, පුණ්‍යා හීන්දෙණිය, එල් එම් පෙරේරා, ලිලියන් එදිරිසිංහ, අසෝක පොන්නම්පෙරුම, හෙන්ර් ජයසේන ප්‍රදර්ශනය: 1958 අගෝස්තු 21. සීදේවි රූබරී, ප්‍රීති බෝ වේ, පෙම් ලෝකයක් මවාලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සේපාලි (මීනා මූවීස්) අධ්‍යක්ෂණය ඩබ් එස් තම්පෝ; නිෂ්පාදනය රොබින් තම්පෝ; කැමරාව ක්‍රිෂ්ණමූර්ති; සංගීතය සතූර් සහ පී වෙම්බු ස්ටැන්ලි පෙරේරා, ෆ්ලොරිඩා ජයලත්, මාක් සමරනායක, රීටා රත්නායක, ඇන්තනි සී පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, වින්සන්ට් වාස් ප්‍රදර්ශනය: 1958 ඔක්තෝම්බර් 10. දුලාරි (1949) හින්දි චිත්‍රපටියේ කතාව ඇසුරෙනි. දෙදෙනගෙ ආලේ, මේ සෞම්‍ය රාත්‍රි, ඇයි අනේ වේදනා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
වන මෝහිනි (සිනමාස්) අධ්‍යක්ෂණය භාස්කර් රාජ්, ටී ආර් සුන්දරම්; නිෂ්පාදනය කේ ගුණරත්නම්; සංගීතය එස් දක්ෂිණමූර්ති; ගී පද කරුණාරත්න අබේසේකර; දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දු (වනමෝහිණී (1941) දෙමල චිත්‍රපටියේ කතාව ඇසුරෙනි) හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග, රෝහිණී ජයකොඩි, පියදාස ගුණසේකර; හියුගෝ ප්‍රනාන්දු, ඩේවිඩ් ධර්මකීර්ති, රිචඩ් ඇල්බට්, වින්සන්ට් වාස්, එස් ඩී එලිසබෙත්, සිරිමතී රසාදරී, ඇන්තනි සී පෙරේරා ප්‍රදර්ශනය: 1958 දෙසැම්බර් 12 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 19 ක (සිනමාස් මණ්ඩලයේ). සිහිනේකි බාල කාලේ, මිණි පහන ඔබයි, පිපෙන පියුමන්, එනවයි කීවේ, කොල කඩ කඩ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.