Jump to content

ගීතා කුමාරසිංහ

විකිපීඩියා වෙතින්
ගීතා කුමාරසිංහ
கீதா குமாரசிங்க
Geetha Kumarasinghe
2023 වසරෙහි ගීතා කුමාරසිංහ මහත්මිය
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
8 සැප්තැම්බර් 2022 – 10 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාරනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාදිනේෂ් ගුණවර්ධන
සංස්කෘතික හා ප්‍රාසංග කලා රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 9 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020 – 24 සැප්තැම්බර් 2024
බහුතරය63,357 මනාප ඡන්ද
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 3 මැයි 2017
අනුප්‍රාප්තිකයාපියසේන ගමගේ
බහුතරය63,955 මනාප ඡන්ද
පුද්ගලික තොරතුරු
උපත
කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ

5 ජූලි 1955 (1955-07-05) (වයස 71)
බදුල්ල, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
කලත්‍රයාක්‍රිස් ෆුරර් ෆර්ඩිනන්ඩ් (වි. 1977; දි. 2018)
පදිංචියගාල්ල
උගත් ශාස්ත්‍රාලයසංඝමිත්තා බාලිකා විද්‍යාලය
රැකියාවරංගන ශිල්පිනී, නිෂ්පාදිකා
සම්මානසරසවිය හොඳම නිළිය සම්මානය
සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය

කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ, (දෙමළ: கீதா குமாரசிங்க, ඉංග්‍රීසි: Geetha Kumarasinghe; උපත 5 ජූලි 1955) හෙවත් ගීතා කුමාරසිංහ, යනු ශ්‍රී ලංකික නිළියෙකු සහ දේශපාලකයෙකි.[1] රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ඒ මහත්මිය කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියෙකු ලෙස කටයුතු කළේය.[2] ඇය ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි.[3]

රංගන වෘත්තිය

[සංස්කරණය]

කුඩා කල සිටම ඇය ගායනයට හා නැටීමට ඇගේ දක්ෂතා පෙන්නුම් කළාය. ඇය පාසල් වේදිකාවේ 'චෝර පබ්බත' නාට්‍යයේ 'කුණ්ඩලකේෂි' චරිතය කළා. ඇගේ පියා සිනමා වෘත්තියක් අනුමත නොකළත්. මේ අතර බෙන්තොට ‘සවස’ පුවත්පත මගින් සංවිධානය කරන ‘අවුරුදු රූප සුන්දරී’ තරගයට ගීතා ඉදිරිපත් කරන ලෙස අසල්වාසීහු ඇයගේ දෙමාපියන්ට බල කළහ. ඇගේ පියා අවසර දුන්නේ පවුලේ මිතුරිය අමිතා අබේසේකරගේ ඉල්ලීමකට අනුවයි.[1] 1973 දී වයස අවුරුදු 16 දී ගීතා තරඟයෙන් ජයග්‍රහණය කළාය. රූ රැජින තරගයට සහභාගි වන විට ඇයගේ මව නිතරම ඇය සමඟ සිටියා. ඇයගේ නැන්දා වන අනුලා වික්‍රමපාල කීර්තිමත් අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මිතුරියක් ද විය. ඔහුගේ "රන්සළු" චිත්‍රපටිය සඳහා ස්ථානය ලෙස යොදාගෙන ඇත්තේ ඇගේ නැන්දලාගේ මන්දිරයයි. [4] පාසල් නිවාඩුව කොල්ලුපිටියේ නැන්දලාගේ නිවසේ ගත කරන පුංචි ගීතා ඇගේ ළමා වීරවරිය වූ 'පුණ්‍යා හීන්දෙණිය' අනුකරණය කළාය.

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් ලෙස තේරී පත් වූ අතර, ස්විට්සර්ලන්තයේ සහ ශී ලාංකීය ද්ත්ව පුරවැසිභාවය හිමි වී තිබීම හේතුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව 2017-05-03 දින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.[5] අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

ඇය රඟපෑ චිත්‍රපට

[සංස්කරණය]
වසරචිත්‍රපට
1975දමයන්ති
1976වාසනා
1976ආශා
1976රන් තිලකා
1976ඔන්න මාමෙ කෙල්ල පැනපි
1977මරුවා සමඟ වාසේරන් මැණිකා
1977නිලූකා
1977චණ්ඩි පුතා
1977පෙම්බර මධූ
1977ඇගේ ආදර කතාව
1978මදුවන්ති
1978සරා
1978දීපාංජලී
1978සීතා දේවී
1978අපේක්ෂා
1979සමන්මලී
1979පොඩි මල්ලී
1979ජීවන කඳුළු
1979අක්කෙ මට අවසර
1979සවුදන් ජෙමා
1976කොළඹ සන්නිය
1979මිනිසුන් අතර මිනිසෙක්
1980කරුමක්කාරයෝ
1980සිරිබෝ අයියා
1981අන්ජානා
1981වාලම්පුරි
1982මහ ගෙදර
1983යලි පිපුණු මලක්
1983සිව්රඟ සේනා
1983බෝනික්කා
1984මායා
1984හිම කතර
1986ජය අපටයි
1987රත්තරන් මිනිහෙක්
1987යුක්තියද ශක්තියද
1987රජ වැඩකාරයෝ
1987ඔබටයි ප්‍රියේ ආදරේ
1988අම්මෙ ඔබ නිසා
1988දුර්ගා
1989බදුලු කෝච්චිය
1990පාලම යටනිෂ්පාදනය
1991සළඹක් හඬයිනිෂ්පාදනය
1991ලව් ඉන් බැංකොක්
1992කදිරා
1993නෙළුම් හා සමනලී
1994අඹු සැමියෝ
1995ඉන්ස්පෙක්ටර් ගීතා
1995චාන්දනී
1995සුදු වලස්සු
1996ලොකු දුවනිෂ්පාදනය
1996හිත හොඳ ගැහැනියක්
2000රාජ්‍ය සේවය පිණිසයි
2004රන් දිය දහර

සම්මාන සහ ප්‍රධානයන්

[සංස්කරණය]
  • 1981 - හොඳම සහය නිළිය
  • 1997 - හොඳම නිළිය - ලොකු දුව
  • 2000 - නිර්මාණාත්මක කුසලතා - අනුරාගයේ අනන්තය
  • 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
  • 2005 - හොඳම නිළිය - රන් දිය දහර
  • 1990 - හොඳම නිළිය - පාලම යට
  • 1990 - ජනප්‍රිය නිළිය
  • 1996 - හොඳම නිළිය - ලොකු දුව
  • 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
  • 2004 - හොඳම නිළිය - රන් දිය දහර

සිග්නිස් (ඕ.සී.අයි.සී)

[සංස්කරණය]
  • 1990 - Merit Awards - පාලම යට
  • 2005 - Most Outstanding Performance - රන් දිය දහර

වෙනත්

[සංස්කරණය]
  • 1990 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - පාලම යට
  • 1996 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - ලොකු දුව
  • 2015 පාර්ලිමේන්තූ මන්ත්‍රීවරියක් ලෙස.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 "සිංහල සිනමාවේ 'ලස්සන කෙල්ල'". සිළුමිණ.lk. සම්ප්‍රවේශය 2021-06-04. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. ↑ "නව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි". සිළුමිණ.lk. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2022.
  3. ↑ "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. ↑ Biography of Geetha, http://www.geethakumarasinghe.com/site/biographya.htm, ප්‍රතිෂ්ඨාපනය 2022-09-20
  5. ↑ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - මන්ත්‍රීවරියන් සංස්කරණය එම්.ඒ.ඩී.ඩී.මීගල්ල
"https://si.wikipedia.org/w/index.php?title=ගීතා_කුමාරසිංහ&oldid=788482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි