සිංහල සිනමාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී ලංකාවේ සිනමාව
(සිංහල සිනමාව)
SriLankafilm.png
ආරම්භය 21 ජනවාරි 1947 (1947-01-21)
මුළු චිත්‍රපට ගණන 1293
ප්‍රධාන බෙදාහරින්නන් EAP සිනමා ජාලය
CEL සිනමා ජාලය
සුමති චිත්‍රපට
LFD චිත්‍රපට
M ඉන්ටර්නේට්මන්ට්ස්
MPI සිනමා
කොළඹගේ චිත්‍රපට
සුනිල් ටී. චිත්‍රපට

සිංහල සිනමාව යනු සිංහල භාෂාමය සිනමාවයි.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේදකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩන්ගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරළිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරළිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.

1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිඡාරයක් ලබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක්ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු ඇවිත් හා අහස් ගව්ව වනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, සුමිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිද්සුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ , විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විශයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.

සිනමා ඉතිහාසය[සංස්කරණය]

1997 දී පහත නම් සඳහන් චිත්‍රපට 10, පසුගිය අවුරුදු 50 තුළ නිපදවා ඇති හොඳම චිත්‍රපට ලෙස රාජ්‍ය කමිටුව විසින් හඳුනා ගෙන ඇත.

ස්ථානය චිත්‍රපටයේ නම අධ්‍යක්ෂකවරයාගේ නම වර්ෂය
1 නිධානය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1972
2 ගම්පෙරළිය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1963
3 විරාගය තිස්ස අබේසේකර 1987
4 බඹරු ඇවිත් ධර්මසේන පතිරාජ 1978
5 සත් සමුදුර සිරි ගුණසිංහ 1967
6 තුංමං හංදිය මහගම සේකර 1970
7 පළඟැටියෝ වසන්ත ඔබේසේකර 1979
8 දඩයම වසන්ත ඔබේසේකර 1983
9 රේඛාව ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956
10 පරසතු මල් ගාමිණී ෆොන්සේකා 1966
10 වැලිකතර ඩී බී නිහාල්සිංහ 1970


මුල් යුගයේ සංවර්ධනය (1901-1947)[සංස්කරණය]

ටී.ඒ. නුර්බායි සිංහල සිනමාවේ පියා
එන්.එම්. පෙරේරා

පළමුවරට 1901 දී, ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ හා දෙවන බෝවර් සිරකරුවන් සඳහා පුද්ගලික චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා ඇත. එය ලංකාවෙ (එවකට ලංකාව සිලෝන් ලෙස හැඳින්විය.) චිත්‍රපටයක් පෙන්වූ ප්‍රතම වතාව වේ. එය කෙටි චිත්‍රපටයක් වූ අතර, බ්‍රිතාන්‍යන්ගේ බෝවර් යුධ ජයග්‍රහනය, එලිසබෙත් රෑජිණගේ අවමංගල්‍ය උත්සවය හා එඩ්වඩ් VII රාජ්‍ය ප්‍රාප්තියද ප්‍රධර්ශනය විය. අනතුරුව තව තවත් චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර මේවා බ්‍රිතන්‍ය පදිංචි කරුවන් හා ඇංග්ලිකානු සිංහලයින් අතර ප්‍රචලිත විය.

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉන්ග්‍රීසි ජාතිකයා විසින් වර්දනය කරන ලද බයිස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුල ඒවා ප්‍රදර්ශනය කෙරෙන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියෙටර් මගින් ගොඩනගන ලදී. මෙම සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්තක විය. මෙනිසා එහි විරුද්දවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළබිනි.

1925 දී රාජකීය වික්‍රමය නම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී පලමු වරට නිපදවන ලදී. ආචාර්ය එන්.එම්. පෙරේරා මෙහි ප්‍රධාන චරිතය රඟගෑ අතර, එය ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කරන ලදී. නමුත් එම චිත්‍රපටය සිංගප්පූරුවේදී අභිරහස් ලෙස අතුරුදහන් විය. 1933දී පළිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.

1920 හා 1930 කාලවලදී ඇමරිකානු තරුවන චාලි චප්ලින්, ග්‍රේටා ගාබෝර්, ජෝන් බැරිමෝ, රෑඩොල්ෆ් වැලෙන්ටීනෝ සහ ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්,කණිෂ්ට යන අය ලංකාවේ ජනප්‍රිය තරු වූහ. ෂීක් (The Shiek) හා බැග්ඩෑඩයේ සොරා (The Thief of Bagdad) යන චිත්‍රපට විශේෂයෙන්ම ජනප්‍රිය විය. 1930 වනවිට දී, ඉන්දියානු චිත්‍රපට, ඉන්ග්‍රීසි චිත්‍රපට අභිබවා ජනප්‍රියත්වයට පත්විය. බිල්වා මංගල් නැමැති චිත්‍රපටය ලංකාවේ ආදායම් වාර්ථා තැබීය.

ප්‍රාරම්භය (1947)[සංස්කරණය]

කඩවුණු පොරොන්දුව චිත්‍රපට පෝස්ටරය

දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිශ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කලේ ය. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.

කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය ස්ඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදී.මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.

චිත්‍රපට දෙකම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, විවේචකයන් විසින්, ඒවා දකුනු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ.

මූලික අවස්ථාව (1947 - 1955)[සංස්කරණය]

රුක්මණී දේවි
එඩී ජයමාන්න

කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක්ම නිශ්පාදනය කරන ලදී. මේවා, කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950, මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂනය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිශ්පාදිත සෑම චිත්‍රපටයකම අධ්‍යක්ෂනය ඔහු විසින්ම දරණ ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ(1960), ජීවිත පූජාව(1961), මංගලිකා(1963) සහ මඟුල් පෝරුව (1967, ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී).ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසින්දු දායකත්වයක් නොදරන ලදී. ඔහුගේ චිත්‍රපට බොහොමයකම රුක්මණි දේවි සහ එඩී ජයමාන්න යුගලයේ සහභගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයන් නොවූහ.) මෙය ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට තාරකාවන් බවට පත් කරන ලදී.

නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුලට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම සඳහා නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුලට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිලයටගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිනි.), එය එවකට රටේ වූ දි‍යුණුම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිශ්පාදනය වූ බණ්ඩා නගරයට පැමණේ (1952), මෙය රට තුළ ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිශ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේම විය. නායගම් ඊළඟට ප්‍රේම තරංගය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිශ්පාදනය කරන ලදී. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නොගන්නා ලදී. එමනිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නොහැකි විය. මෙම චිත්‍රපට වඩාත්ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)

එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිතයන් ආශ්‍රිතව ගොඩනැගී ඇත.

මේ වකවානුවේ තවත් ප්‍රධාන නිශ්පාදකවරයෙක් ලෙස කේ. ගුණරත්නම් හැඳින්විය හකි අතර ඔහුගේ, ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේදී නිශ්පාදිත සුජාත තාක්ෂණිකව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ.

රේඛාව (1956)[සංස්කරණය]

ටයිටස් තොටවත්ත

1956 දී වාර්ථාගත චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රාජ්‍ය චිත්‍රපට මණ්ඩලයෙන් ඉවත්වූයේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිශ්පාදනය කිරීමේ අරමුනෙණි. මේ අරමුණ සිත් දරාගෙන රේඛාව චිත්‍රපටය නිශ්පාදනය අරඹන ලද්දේ චිත්‍රාගාරවලින් තොර සාමාන්‍ය පරිසරය සහ ඉතා අඩු වියදම් පිරිස් බලයක් යොදා ගනිමිනි. මෙහි එන කථා පුවත ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලාංකීය ජන සමාජය හා එ අශ්‍රිත දේ සාකච්ඡාවට බඳුන් කළ අතර එය විශ්ම කර්ම බල අති සේන නැමැති ගැමියෙකු වටා ගෙතී තිබුනි.එය එවකට ශ්‍රී ලංකාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක පිරිසක් නොමැති නිසා ආදායම් අතින් බිඳවටුනු නමුත් අන්තර්ජාතික වශයෙන් ඉමහත් ඇගයීමට ලක්විය. කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළලේ ප්‍රධර්ශනය කිරීම මගින් ඒ බැව් තහවුරු වේ.

රේඛාව ආරයට ගොඩ නැගුනු කලාව (1957-1963)[සංස්කරණය]

ලෙස්ටර් ජේම්ස් පීරිස්

රේඛාව චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙන් වැහී තිබු ශ්‍රී ලාංකික සිනමාව වෙනස් කිරීමට අපොහොසත් වුනු නමුදු, ක්ෂේත්‍රයට එන්නට බලා උන් කුඩා කණ්ඩායම් වලට මෙය විශාල අනුබලයක් විය. මෙම කණ්ඩායම් අතර කුරුළු රෑන නිශ්පාදන කණ්ඩායම වන තිරපිටපත් රචක පී.කේ.ඩී. සෙනෙවිරත්න, නිශ්පාදක ජෝන් අමරතුංග හා නිළි පුන්‍යා හීන්දෙනිය කැපී පෙනේ.

රේඛාව චිත්‍රපටයෙන් පිබිදුනු අමරතුංගයන්, සෙනෙවිරත්නගේ කුරුළුබැද්ද ගුවන්විදුලි නාට්‍යය චිත්‍රපටයකට නැගීමට යෝජනා කළේ ය. සුළු සුළු අඩුහුඩුකම් තිබුනද ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විවිධ පැතිකඩවල් ගෙනහැර දැක්වීමට එම චිත්‍රපටය සමත් විය. ප්‍රවීණ නිලි පුන්‍යා හීන්දෙනිය මෙම චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක යෙදෙන්නේ පෙර නිළියන්ගෙ තිබූ ඉන්දියානු සම්භවය සම්පූර්ණයෙන්ම බැහැරව සත්‍යවශයෙන්ම ශ්‍රී ලාංකීය ලෙසටය.එය එවකට ශ්‍රී ලංකාවේ අති සාර්ථක වූ අතර එහි වූ ශ්‍රී ලාංකීය බව වඩාත් ඇගයීමට ලක්විය.මෙය මොවුන් විසින්ම මේ හා සමාන සිකුරු තරුව නිශ්පාදනයට හේතු විය

ගම්පෙරළිය (1963)[සංස්කරණය]

ගම්පෙරළිය චිත්‍රපටයේ DVD කවරය

1963දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතා සමග එකතුව, ජනප්‍රිය නවකථාවක්වූ මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන්, චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර, පොදුවේ චිත්‍රපටවල අඩංගුව තුබූ සිංදු, නැටුම්, විහිළු තහලු සහ සටන් වලින් තොර චිත්‍රපටයක් බවට එය පත් විය. මෙය කලාත්මක එකක් වුවද , වානිජමය සාර්තකත්වයක්ද ලබා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය නවදිල්ලියේදී පැවති තුන්වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී රජත මොනර සම්මානය (Golden Peacock Award) හා විචාරකයන්ගේ තිළිණයද (Critics Prize) ලැබිනි.

කලාත්මක පිබිදීම (1964 -1970)[සංස්කරණය]

ගාමිණී ෆොන්සේකා
ජෝ අබේවික්‍රම

ගම්පෙරළිය චිත්‍රපටයේ සාර්ථකත්වය , ශ්‍රී ලංකා චිත්‍රපටවල මාර්ගය විශාල වශයෙන් වෙනස් කරන ලදී. ගම්පෙරළිය ප්‍රදර්ශනයෙන් පසු මෙතෙක් ඉවත දමා තුබූ, සැබෑ බාහිර දර්ශන අඩංගු චිත්‍රපට නිෂ්පාදනයට යුහුසුළු විය.


සෙනවිරත්න නැවතත් , ගැමි දිවිය පිළිබඳවවූ පරසතු මල් නැමති තිර රචනය සමග මතුවිය. මෙවර ඔහුට චිත්‍රා බාලසූරිය නැමති පොහොසත් නිෂ්පාදකයකුගේ සහාය ලැබුනු අතර ඔහු අමරතුංගයන් මෙන් ආර්ථික අපහසුතාවලට නොවැටෙනු ඇත. බාලසූරිය කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳව හොඳ උනන්දුවක් දැක්වූ අතර ඔහුට උවමනා වූයේද ගම්පෙරළිය වැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමටය. මෙහිදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස යොදාගෙන, ගාමිණී ෆොන්සේකාට අධ්‍යක්ෂ්ණයේ අවස්ථාවක් දෙන ලදී. ඔහු රේඛාව චිත්‍රපටයේද මෙවැනි තත්වයක සිටින ලදී. කැමරාකරු සුමිත්ත අමරසිංහ වූ අතර, රජයේ චිත්‍රපට ඒකකයේ පුහුණුවලත් ඔහු බාහිර කැමරාකරණය පිළිබඳව පුහුනුවක් ලබා ඇත. චිත්‍රපටය ජනප්‍රිය හා වනු ඇතැයි අදහස් කෙරිනි.

1965දී සෙරන්ඩිබ් නිෂ්පාදකයන් (Serandib Productions) ද කලාත්මක නිෂ්පාදනයට අනුකූලව සාරවිට නැමති චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී. ජෝ අබේවික්‍රම නැමති විකට නළු පළමු වරට ශ්‍රී ලංකා සිනමාවට එකතුවන ලදී. එම වසරේ ජාතික තිළිණයන් බොහෝමයක්ම මෙම චිත්‍රපටය විසින් දිනා ගන්නා ලදී. සන්දේශය චිත්‍රපටයෙන් පසු ටයිටස් තොටවත්තයන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ඉවත්වී චන්ඩියා චිත්‍රපටය එම අවුරුද්දේම අධ්‍යක්ෂණය කළහ.

ජී.ඩී.එල් පෙරේරා ඔහුගේ කලා පෙල සමඟ වෙනමම අංශයකට යොමුවෙමින් සමකාලීන නාගරික වටපිටාවක දහසක් සිතුවිලි නැමති චිත්‍රපටය නවතම කැමරාවකින් හා විශේෂිත පෙරනයන් යොදා පලමු වරට ශ්‍රී ලංකා සිනමාවේදී පටිගත කරන ලදී. පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ග්‍රාමීය ජීවිතය අලලා සාමා නැමති චිත්‍රපටය නිපදවන ලද අතර එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

සිරි ගුණසිංහයන්ගේ සත්සමුදුර 1966දී නිෂ්පාදිත ඉතාමත් සාර්ථක චිත්‍රපටයක් විය. මෙය ධීවර වටපිටාවක් පිළිබඳ වූවක් වන අතර දෙනවක හාමිනේ, එඩ්මන්ඩ් විජේසිංහ සහ සිරිල් වික්‍රමගේ යන අය රඟපෑමෙන් එක්වූවා. ගුණසිංහයන්ගේ නවතම සිනමා උපක්‍රම, එනම් ඉතා බහුල ලෙස සමීප රූප යෙදීම විය. තිර රචණයෙන්, අධ්‍යක්ෂණයෙන් ගුණසිංහයන් සමග සිටියේ වසන්ත ඔබේසේකරය. සංස්කරනය හා ඡායා ගත කිරීම කරන ලද්දේ ඩී බී නිහාල්සිංහයන් විසිනි.

මේ අවදියේදී නිශ්පාදිත වෙනත් වැදගත් චිත්‍රපට වනුයේ වසන්ත ඔබේසේකරගේ වෙස්ගත්තෝ සහ ඩී බී නිහාල්සිංහයන්ගේ වැලි කතර, නිම්වලල්ල, මහගම සේකරගේ තුන්මන් හන්දිය හා පියසිරි ගුණරත්නයන්ගේ මොකද උනේ සහ සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාව ආදියයි. හන්තානේ කථාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් විජය කුමාරතුංගයන් හඳුන්වා දෙනු ලැබීය.

පමාවු සංවර්ධනය / පෞද්ගලික මුදුන්පත්කරගැනීම (1971-1976)[සංස්කරණය]

ධර්මසේන පතිරාජ
වසන්ති චතුරාණි
මාලනී ෆොන්සේකා
විජය කුමාරතුංග

1971දී සමාජවාදී රජයක් රටෙහි බලයට පත්වන ලදී. චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යම්කිසි පාලනයක් ඇතිකිරීමට ඔවුන් උත්සුකවු අතර චිත්‍රපටයක් නිශ්පාදනයට පෙර මූලික අවශ්‍යතා සමහරක් සම්පූර්ණ කල යුතුව තිබින. මේ සමයේදී, නිදහස්වු දක්ෂතාවන් පිළිබිඹු කරමින් ඉදිරියට ආ සිනමාව, බාල වානිජ චිත්‍රපට ගලා ඒමනිසා ඉවතට විසිවී ගියහ. මෙය ඇතිවූයේ අලුතින් ඇතිකරන ලද රජයේ ණය දීමනා නිසාවෙනි.

ටයිටස් තොටවත්තයන් හා ලෙස්ටර් ජේම්ස් පීරිස් යන දෙදෙනා කලාත්මක චිත්‍රපට නිපදවීම පිළිබඳ ප්‍රධාන තැන ගන්නා ලදී. තොටවත්ත, හාර ලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගල යන චිත්‍රපට නිපදවා තාක්ෂණ දක්ෂතා තත්ව සමග සම්මිශ්‍රණය කර ප්‍රධාන ප්‍රෙක්ෂක ආකර්ෂණය ඩැහැගත් අතර, රජයේ යම්යම් තහනම් තිබුනද, ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ඉතාම වැදගත් කෘතීන් මෙම අවදියේදී නිපදවීමෙන් වඩාත් සාර්තක විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 1972 දී නිශ්පාදිත නිධානය චිත්‍රපටය අවුරුදු 50ක් ඇතුලත නිපදවූ විශිෂ්ඨම චිත්‍රපටය ලෙස රජයේ මණ්ඩලයක් විසින් තීරණය කරන ලදී. එහි ගාමිණී ගේ සහ මාලිනී ගේ රඟපෑම් අති දක්ෂවූ අතර, පීරිස් ගේ අධ්‍යක්ෂණයද අති දක්ෂ විය. පීරිස්ට එය ජාත්‍යන්තර සාර්තකත්වයක්වූ අතර, වැනීසියේදී පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍රපට උළෙලීදී සිල්වර් ල්යන් ඔෆ් සෙන්ට් මාර්ක් තිළිණය (Silver Lion of St.Mark Award) දිනාගැනීමට හැකිවූ අතර එම අවුරුද්දෙදී කැපීපෙනෙන චිත්‍රපටය බවටද පත්විය. ලන්ඩන් චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක් ලද අතර ඔහුගේ මේ සමයේ පසු නිශ්පාදන ඉතා සාර්තක විය.(දෑස නිසා සහ මඩොල් දූව )

යාපාගේ හන්තානේ කථාවෙහි වැඩ කළ ධර්මසේන පතිරාජ, ඔහුගේම අධ්‍යක්ෂණයක්වූ අහස් ගව්ව සමගින් 1974දී මතුවිය. එයට නාගරික තාරුන්‍යයේ ජීවය අල්ලා ගැනීමට හැකිවූ අතර, සිරිල් වික්‍රමගේ වැනි නළුවනට වඩා හොඳ කළාත්මක කෘති වලට සම්බන්ධවීමේ හා දියුණුවීමේ අවස්ථාව ලැබින. ඔබේසේකරද සමානවූ තේමාවක් ඔහුගේ කෘතියන්හීදී අනුගමනය කරන ලදී.( වල්මත්වූවන් )

යලි මතුවීම (1977-1983)

1977 ඡන්දයත් සමගින් වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පැමිණි අතර පනවා තුබූ සමහර තහනම් ඉවත් කරන ලදී. සුමිතරා පීරිස්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ, 1978දී ගැහැණු ළමයි සමගින් ඇගේ අධ්‍යක්ෂණ සම්ප්‍රාප්තිය සිදු කළාය. එය ග්‍රාමීය ගැහැණු ළමයකු කෙරෙහි සමාජ බලපෑම් කෙළෙස ඇතිවන්නේද යන්න පෙන්වූ අතර, එය වසරේ හොඳම චිත්‍රපටය බවට පත්විය. වසරේ හොඳම චිත්‍රපටය ලෙස සැලකූ එය ප්‍රසංසාවට හා වාර්තාමය මුදල් ඉපයීමේ තත්වයට පත්වූ අතර, ලන්ඩන් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කෙරීය. එමෙන්ම කාර්තගේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලී (Carthage International Film Festival) දී ජූරියේ තිළිණයටද හිමිකම් කීය. වසන්ති චතුරානි ඇගේ ප්‍රථම චිත්‍රපටයේම ප්‍රධාන චරිතයෙන් දක්වන රඟපෑම වර්ණනාවට භාජනය විය.

ගඟ අද්දර චිත්‍රපටයෙන් පීරිස් මහතාගේ ඊ ලඟ චිත්‍රපටය වූයේ 1980 නිෂ්පාදිත ගඟ අද්දර චිත්‍රපටයයි. මෙය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ සිත් සතන් බැඳගන්නා සුළුවූ, රට තුල වාර්තාගත සියළු ආදායම් අභිබවා ගිය එකක් විය. විවේචකයන්ගේද ප්‍රසංශාවට භාජනයවූ මෙය චිත්‍රපට සඳහා ප්‍රධානය කරනු ලබන ජාතික තිළිණයන් කිහිපයක්ම දිනාගැනීමට සමත්වූ අතර, දකුණු ආසියාතික චිත්‍රපට උළෙලීදී ඩිප්ලෝමා සහතිකයක්ද හිමි විය.

මෙම කාලය තුල පතිරාජ ඉතා ක්‍රියාශීලීව, එයා දැන් ලොකු ලමයෙක් 1977දීද, බඹරු ඇවිත් 1978දීද, පොන්මනී සහ සොල්දාදු උන්නැහේ 1981දීද අධ්‍යක්ෂණය කරන ලදී. බඹරු ඇවිත් ඔහුගේ ප්‍රධානම කර්තවයවූ අතර, ධීවර සමාජයේ සහ නාගරික තාරුණ්යයේ සමාජීය ආතතිය පිළිබඳව විවරණයක යෙදෙන ලදී. පතිරාජගේ පොන්මනී චිත්‍රපටය දමිල භාශාවෙන් නිෂ්පාදනය වූවකි. දමිල සිනමාව රටතුල වර්ධනය කිරීමේ අදහසින් එම චිත්‍රපටය කරන ලදී. කෙසේ වෙතත් දමිල ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය නොසලකා හැරියේ සිංහල අධ්‍යක්ෂවරයා කෙරෙහි විශ්වාසය නොතැබූ හෙයිනි. සොල්දාදු උන්නැහේ- පැරණි සොල්දාදුවකුගේ, ගණිකාවකගේ, මත් පැන් සොඬකුගේ හා සොරෙකුගේ ජීවිතයන්හි ඉරණම කෙරෙහි ආලෝකයක් පතිත කිරීමට උත්සහා දරා ඇත.

1979දී ඔබේසේකරයන් ඔහුගේ ඉතාමත් අගය කල චිත්‍රපටය වූ පළඟැටියෝ නිර්මාණය කරන ලදී. එය නාගරික තාරුණ්යයේ අපහසුතා ගැන කථා කරන ලදී. ඔහුගේ ඊ ලඟ චිත්‍රපටයවූ 1983දී නිශ්පාදිත දඩයමටද හොඳ ප්‍රතිචාරයක් ලැබිණි. පළඟැටියෝ හි ප්‍රධාන නළු ධර්මසිරි බණ්ඩාරණායකයන් 1980දී ඔහුගේ ඉතාමත් ශෛලී ගත කල හංස විලක් චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට නිපැයුමට පාතබන ලදී.

පිරිහීම ( 1983-1990 )[සංස්කරණය]

ඩි.බී නිහාල්සිංහ

සිංහල සිනමා නිර්මාණ වල ආකර්ෂණීය ගුණය බිඳවැටීම සිංහල සිනමාවේ බිඳ වැටීමට බලපෑ හැකි ප්‍රධානම සාධකය ලෙස ඩී.බී නිහාල්සිංහ ඇතුළු ප්‍රබල සිංහල සිනමාකරුවන් රැසක්ම සිය අදහස් 1990 දශකයේ මුල සිටම ඉදිරිපත් කර ඇති අතර එම අදහස් සැබෑවක් බවට පත්ව ඇති බව අද වන විට පසක් වී තිබේ.

අනෙකුත් පරිබාහිර සාධක කුමක් වුවත්, සිනමාව රස විඳීමට ප්‍රේක්ෂකයා නොපැමිණියේ නම් එකී සිනමාවේ බිඳවැටීම නිසැකය. 70 හා 80 දශකයේ ස්වර්ණමය යුගයෙන් පසු නූතන සිංහල සිනමාව එබඳු ප්‍රේක්ෂකයා ආකර්ශණ්‍ය කරගන්නා නිර්මාණ බිහි නොකිරීම නිසා සිංහල සිනමාව ආගාධයට ගමන් කර තිබේ.

මෙම අවදියේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, මාටින් වික්‍රමසිංහ ගේ විරාගය නවකථාව ඇසුරින් තිස්ස අබේසේකර නිපදවූ විරාගය (1988) සහ ඩී.බී. නිහාල්සිංහයන්ගේ රිදී නිම්නය (චිත්‍රපටය) (1983), මල්දෙනියේ සිමියොන් (චිත්‍රපටය (1986) සහ කෙළි මඬළ (1991) වේ. නිහාල්සිංහ ඔහුගේ චිත්‍රපට වලට අතිදක්ෂ තාක්ෂණ අධ්‍යක්ෂණයන් කවන ලදී.

ස්වාධීන චිත්‍රපට සාදන්නන්ගේ නැගිටීම (1990-2000)[සංස්කරණය]

ශ්‍රී ලංකා සිනමාවේ ඉතාමත් වැදගත් චිත්‍රපට සාදන්නකුවූ ප්‍රසන්න විතානගේ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයවූ සිසිල ගිනිගනී 1992දීද, අනන්ත රාත්‍රිය 1995දීද සාදන ලදී. දෙවැන්න ඉතා සාර්ථක එකක් වූ අතර, ජාත්‍යන්තර චිත්‍රපට උත්සව රාශියක ප්‍රදර්ශනය කල හා තිළිණ රාශියක් දිනාගත්තක් විය. අවුරුදු දෙකකට පසු නැවතත් විතානගේ පවුරු වලළු නැමති පැරණි නාට්‍යය, පෙර දීප්තිමත් තාරකාවක් වූ නීටා ප්‍රනාන්දු යොදා සාදන ලදී. මෙම චිත්‍රපටයද විවේචකයන්ගේ ප්‍රසංශාවට භාජනය විය. ඔහුගේ දශකයේ අවසාන චිත්‍රපටයවූ පුර හඳ කළුවර ශ්‍රී ලංකාවේ සොල්දාදුවන්ගේ පවුල් වලට සිවිල් යුද්දය බලපාන්නේ කෙසේදැයි පරීක්ෂණයට ලක් කරන ලදී. ප්‍රධාන භූමිකාව රඟපෑ ජෝ අබේවික්‍රම, භාවනානුයෝගී රඟපෑමක නිරතවූ අතර, චිත්‍රපටය විතානගේගේ විශිෂ්ඨම නිපැයුම ලෙස සලකන ලදී.

නූතන යුගය (2000- අද දක්වා)[සංස්කරණය]

විමුක්ති ජයසුන්දර
අශෝක හඳගම
ජැක්සන් ඇන්තනී
රන්ජන් රාමනායක
ගොනුව:Aba- The Prince of Life (film).JPG
අබා චිත්‍රපටය
හෝ ගානා පොකුණ
ආදරණීය කතාවක්

ලෝක ප්‍රසිද්ධ කෑන්ස් චිත්‍රපට උළෙලේ (Cannes Film Festival)දී කැමරා ඩ් ඔර් (Caméra d'Or) නැමති ගෞරවනීය සම්මානය දිනාගැනීමට, ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ විමුක්ති ජයසුන්දරසුලඟ එනු පිණිස(2005) නිපයුමෙන් හැකිවිය.

විවාදාත්මක චිත්‍රපට නිපැයුම් කරු අශෝක හඳගමගේ චිත්‍රපටි දැනට රටෙහි පවත්නා වර්ගවාදී ගැටුම් පිළිබඳව යථාර්තවාදී සැබෑ විග්‍රහයක් කෙරෙන ඒවා බව සිනමා කර්මාන්තයට අදාල බොහෝ විද්වතුන්ගේ අදහසවේ. ඔහු චිත්‍රපට පහක් නිර්මානය කර ඇත. සඳ දඩයම, චන්ද්‍ර කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න හා අක්ෂරය මෙම චිත්‍රපටි පහ වේ. මේවා බොහෝ ජාත්‍යන්තර සිනමා උළෙලවල් වලදී තිළිණ ලබාගෙන අත. ඔහු බොහෝ අවස්ථා වල චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයේ තහන්චි වලට ලක්විය. මෑතකදී ඔහුගේ අක්ෂරය චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තහනමට ලක්විය.

මෑත අතීතයේ ප්‍රදර්ශනයවූ සූරිය අරණ, සමනල තටු, හිරි පොද වැස්ස යන චිත්‍රපට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇද ගැනීමට සමත්ව ඇත. සූරිය අරණ චිත්‍රපටය, ශ්‍රී ලංකා චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්ථා තැබුවේ මිලියන 121ක වාර්ථා අදායමක් ලබමින්ය. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක්, එනම් රුපියල් මිලියන 60ක් වැය කල චිත්‍රපටය වේ. චීනය, ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක්වීමෙන් පසු එම රටවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව උනන්දුවක් දක්වා ඇත. චීනය විශේෂයෙන්ම මෙය චීන බසට හඬකවා ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් දක්වා ඇත. අබා 2008 අගෝස්තු 08 දින තිරගත කරන ලදී.

2009 වන විට එය අවුරුද්දකට මිලියන 7.2 ක පමණ පැමිණීමකට ලක් විය. 1979 දී 365 ක් වූ සිනමාහල් සංඛ්‍යාව 147 ක් දක්වා පහත වැටී ඇත. 2010 අවසානය වන විට වාර්ෂික සිනමා ශාලා ආදායම මිලියන 5.5 දක්වා පහත වැටුනි. ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන අනුව 2009 සඳහා තිරගත කරන ලද දේශීය චිත්‍රපට සංඛ්‍යාව 15 කි.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ චිත්‍රපට බෙදාහැරීම සහ ආනයනය පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් සිනමාහල්වලට වාර්ෂිකව පැමිණීම පහත වැටිනි. ජාතික චිත්‍රපට සංස්ථාව පදනම් කරගත් ශ්‍රී ලාංකීය සිනමාවේ අනාගතය පැහැදිලිවම අඳුරු විය.

මෑත වසරවලදී ආලෝකෝ උදපාදි, අබා, පත්තිනි, මහරජ ගැමුණු සහ හෝ ගානා පොකුණ වැනි ඉහළ චිත්‍රපට කිහිපයක් සාර්ථක ප්‍රතිපල අත්පත් කර ගත්හ.

හොඳම අධ්‍යක්ෂවරුන් දසදෙනා තේරීම[සංස්කරණය]

1987 වසරේදී සිංහල සිනමාවට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ජාතික මට්ටමේ අවධානයට යොමුවන සුවිශේෂ දෙයක් කළ යුතු බව සංගමය තීරණය කරණු ලැබූයේ හතළිස් වසරක පුරා හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දස දෙනා තේරීමයි. මේ පිළිබඳ විශේෂ රැස්විමක් 1986 දෙසැම්බර් 2 දා කොළඹ ගංගාරාම මාධ්‍ය කේන්ද්‍රයේදී පවත්වා 'සිවු දශකයේ දස මහා සිනමා නිර්මාතෘන්ට' ප්‍රණාම පිළිගැන්වීමේ මහෝත්සවයක් 1987 පෙබරවාරි 17 වැනි දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදී. එහිදී ප්‍රණාම පිළිගැන්වුණු අධ්‍යක්ෂවරුන් දස දෙනා ලෙස,

  1. ලෙස්ටර් ජේම්ස් පීරිස්
  2. සුමිත්‍රා පීරිස්
  3. ඩී බී නිහාල්සිංහ
  4. ටයිටස් තොටවත්ත
  5. ගාමිණී ෆොන්සේකා
  6. ධර්මසේන පතිරාජ
  7. වසන්ත ඔබේසේකර
  8. ධර්මසිරි බණ්ඩාරනායක
  9. තිස්ස අබේසේකර
  10. අමරනාත් ජයතිලක

පෙරමුනේ සිටින නළුවන් හා නිළියන්[සංස්කරණය]

ප්‍රථම සිංහල චිත්‍රපටයවූ කඩවුන පොරොන්දුවේ නළු නිළි යුවල වූ රුක්මණී දේවි හා එඩී ජයමාන්න යන දෙදෙනා ප්‍රථමයෙන් රට තුල ප්‍රසිද්ධිය ලැබගෙන පසුවූහ. ඔවුහු මිණේවා නාට්‍ය කණ්ඩායමේ (Minerva group) සාමාජිකයින් වශයෙන් එක්තරා ප්‍රසිද්ධියක් ලබා සිටියහ. එය චිත්‍රපට වලට අවතීර්න වීමටද සාධක විය. ඔවුහු 1950 සහ 1960 දශක තුල චිත්‍රපට වල රඟපෑමේ නියුතුව සිටියහ.

1960දී ගාමිණී ෆොන්සේකා ඓතිහාසික චිත්‍රපටයක්වූ සන්දේශය චිත්‍රපටයෙන් ඉදිරියට එන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද ජයරත්න වුවද, ගාමිණී ෆොන්සේකා ඔහුව අභිබවා, ඔහුගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඉදිරියට එන ලදී. ෆොන්සේකා ඔහුගේ ඊ ලඟ චිත්‍රපටය වූ රන්මුතු දූවෙන් ප්‍රසිද්ධ නිළි ජීවරාණී කුරුකුලසූරිය සමගින් ඔහුගේ දක්ෂම රඟපෑම ඉදිරිපත් කරන ලදී. ගාමිණී ෆොන්සේකාගේ වෙනත් ප්‍රධාන චිත්‍රපට වූයේ, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි සහ චන්ඩියායි.

1969දී විජය කුමාරතුංග, හන්තානෙ කථාවේ ප්‍රධාන නළුවා ලෙස තරුවක් බවට පත්විය. ඊ ලඟ දශකය තුල , ෆොන්සේකා ලඟට ඉතාමත් ජනප්‍රිය නළුවා වූයේ ඔහුයි. බොලිවුඩ් වානිජ චිත්‍රපටවල ආභාශය ලද චිත්‍රපට වලට අමතරව, බඹරු ඇවිත්, එයා දැන් ලොකු ලමයෙක් හා ගඟ අද්දර වැනි කලාත්මක චිත්‍රපට වලද ඔහු රඟපෑවේය. 1988 දී ඔහුගේ හදිස්සි මරණය හේතුවෙන් ප්‍රසිද්ධ සිනමාව කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය.

1990දී ජීවන් කුමාරණතුංග,හිත හොඳ පුතෙක් , චන්ඩි රජා,හොඳ හොඳ සෙල්ලම්,හිත හොඳ චණ්ඩියා,ජීවන් මල්ලී වැනි චිත්‍රපට ඔස්සේ චන්ඩි චිත්‍රපට පෙරමුණ ගනිමින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනම ක්‍රියාදාම යුගයකට යොමු විය. එකල්හි ක්‍රියාදාම චිත්‍රපට බෙහෙවින් අධි ආදායම් වාර්ථාද තබමින් තිරගත විය.

එකල්හිම සනත් ගුණතිලක ද කැපී පෙනුන ප්‍රධාන නළුවකි. ඔහු වඩාත් ආදරණීය චිත්‍රපට වල කැපී පෙනුණ නළුවෙකි. ඔහු සමඟ බොහෝ චිත්‍රපට හි රඟපෑ සබීතා පෙරේරා මෙම යුගයේ කැපී පෙනි ජනප්‍රිය නිළියකි. එම් හේතුවෙන් සනත්-සබීතා යුගලක් බිහි විය.

1990 දශකයේ බන්දු සමරසිංහ,ටෙනිසන් කුරේ සුසංයෝජනය හා රන්ජන් රාමනායකගේ ග්‍රහණයත් මේ කල සිදුවිය. බන්දු-ටෙනි සමඟ ඇතිවූ සුළු හාස්‍ය රැල්ලේ චිත්‍රපට වඩාත් ප්‍රසිද්ධියට ඉහල ආදායම් ත්ත්වයට පත් විය. එම දශකයේ ප්‍රේක්ෂකයා විනෝදාත්මක චිත්‍රපට කෙරෙහි ඇල්මක් දැක්වීය. මෙහිදී ප්‍රේමවන්තයා යට කොට විකටයා ඉදිරියට පැමිණියේය මේ දක්වා සිනමා ක්ෂේත්‍රයේ උන්නතියට හා කඩාවැටීම් වලටද ලක්වුනේය.රෑ දනියෙල් දවල් මිගෙල්-2-3,පාර්ලිමන්ට් ජෝක්ස්,'සොමි බෝයිස්,කොළොම්පූර් වැනි සිනමාපට මුල් කාලයේ වඩාත් ප්‍රසිද්ධියක් සේම එදිනෙදා ආදායම් වාර්ථා බිඳහෙළමින් චිත්‍රපට දින 100කට එහා දිවීමටද සමත් විය. 2000-2016 තෙක් කැපී නොපෙනුණද සුපර් ස්ටාර් ලෙස සලකන්නේ රන්ජන් රාමනායකයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමුව[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_සිනමාව&oldid=427696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි