ආනන්ද වික්‍රමගේ

විකිපීඩියා වෙතින්
ආනන්ද වික්‍රමගේ
Ananda Wickramage
උපතඅගෝස්තු 4, 1953 (1953-08-04) (වයස 70)
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවෙක්, විකට නළුවෙක්
සක්‍රීය වසර1977–වර්තමාන
කලත්‍රයා(යන්)මානෙල් වානගුරු (m. 1984)[1]
දරුවන්2

ආනන්ද වික්‍රමගේ, (උපත 1953 අගෝස්තු 4), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[2][3] වික්‍රමගේ වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ “මර්වින්” චරිතය, “පටලවිල්ල” ටෙලි නාට්‍යයේ ද්විත්ව රංගනය, “ඇන්ඩ් සමාගම” දේශපාලන කතා මාලාවේ සභාපති සහ "නයිනගේ සුදුව" වේදිකා නාට්‍යයේ “කොතලාවල” ලෙසය. .[4]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

වික්‍රමගේ විවාහ වී සිටින්නේ මානෙල් වානගුරු නම් ප්‍රතිභාපූර්ණ නිළිය සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.[5]

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

ආනන්ද වික්‍රමගේ රූපවාහිනී කතාමාලා 100කට අධික ප්‍රමාණයක රඟපා ඇත. "පාටලවිල්ල" සහ "පබා" වැනි කතා මාලා වල ඔහුගේ භූමිකාව ඉතා ජනප්‍රිය විය. ඔහු "මැණික් මාලිගා" සහ හද පුදසුන රූපවාහිනී කතාමාලා අධ්‍යක්ෂණය කළේය.[6][7]

වික්‍රමගේ සිය සිනමා දිවිය ආරම්භ කළේ 1977 දී "සුදු පරවියෝ" චිත්‍රපටයෙන් සුළු චරිතයකිනි.[8] ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 50 කට වඩා රඟපා ඇතත්, ඔහුගේ බොහෝ චරිත සහාය චරිත වේ. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය වූයේ "ජීවිතේ ලස්සනයි", "ක්ලීන් අවුට්" සහ "පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටවල හාස්‍යජනක චරිත හරහාය.

චිත්‍රපට[සංස්කරණය]

වසර චිත්‍රපටිය
1979 චූඩා මාණික්‍යය
1979 නුවන් රේණූ
1979 විසිහතර පැය
1980 ජෝඩු වලලු
1983 සුබෝධා
1990 ජයශක්‍ති
1990 සම්බුදු මහිම
1990 ක්‍රිස්තු චරිතය
1993 මැවිලා පෙනේවි රූපේ
1995 ඉරහඳ ඉල්ලා
1995 චන්ඩියගෙ පුතා
1995 චාන්දනී
1995 සුදු වලස්සු
1997 අපායේ තත්පර අසූහාර දාහක්
1997 යසෝමා
2001 ජැක් ඇන්ඩ් ජිල්
2001 ජොලි හලෝ
2002 ජොලි හලෝ 2
2002 චෙරියෝ හොල්මන්
2004 සමාවෙන්න මා රත්තරනේ
2004 ක්ලීන් අවුට්
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2006 අලිපැටියෝ ඔයයි මමයි
2008 වැඩබැරි ටාර්සන් මැතිසබයට
2010 අපේ යාළු පුංචි භූතයා
2011 තැන්ක්‍ යූ බර්ටී
2011 ස්වීට් ඒන්ජල්
2011 පුතා මගේ සූරයා
2011 එතුමයි මෙතුමයි
2011 කිව්වද නහී නොකීවද නහී
2012 සුපර් සිකස්

ටෙලිනාට්‍යය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 7 May 2019.
  2. "Ananda Wickramage bio". Rate your music. සම්ප්‍රවේශය 7 May 2019.
  3. "Sri Lankan actors - Ananda Wickramage". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 7 May 2019.
  4. "All for the sake of a laugh!". Sunday Times. සම්ප්‍රවේශය 7 May 2019.
  5. "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
  6. "'Hada Pudasuna': Portrays sacrifices in love". Sunday Times. සම්ප්‍රවේශය 18 August 2019.
  7. "Emerging from the shadows". Daily News. සම්ප්‍රවේශය 7 May 2019.
  8. "Ananda Wickramage - ආනන්ද වික්‍රමගේ films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 7 May 2019.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආනන්ද_වික්‍රමගේ&oldid=652855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි