අසේල ජයකොඩි

විකිපීඩියා වෙතින්
Asela Jayakody
දේශීය නම
අසේල ජයකොඩි
උපතඅප්‍රේල් 20, 1971(1971-04-20)
මියගිය දිනයNovember 27, 2011(2011-11-27) (වයස 40)
මීගමුව, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකරුණාරත්න බෞද්ධ පාසල, මත්තුමගල
රැකියාවනළුවෙක්, නාට්‍යකරුවෙක්
සක්‍රීය වසර1998–2011
කලත්‍රයා(යන්)චාන්දනී ජයකොඩි
දරුවන්2

අසේල ජයකොඩි (උපත 1971 අප්රේල් 20 - 2011 නොවැම්බර් 27) ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1][2] බහුවිධ නළුවෙකු වන ජයකොඩි "ගාමනි" සහ "සලෙළු වරම" වැනි විචාරක පැසසුමට ලක් වූ චිත්‍රපට කිහිපයකම රඟපෑවේය.

ඔහු 2011 නොවැම්බර් 27 වැනි දින වැලිසර ප්‍රදේශයේදී හදිසි අනතුරකින් මිය යන විට වයස අවුරුදු 40ක් විය.[3]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

ඔහු 1971 අප්‍රේල් 20 වැනිදා කොළඹදී පවුලේ බාලයා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා විල්ෆ්‍රඩ් ජයකොඩි ජනප්‍රිය කලාකරුවෙකි. ඔහුගේ මව ක්ලෙරා බ්‍රිජට් ජයකොඩි සෙනෙවිරත්න වේ. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් - උපාලි, ප්‍රේමලාල් සහ වසන්ත සහ එක් වැඩිමහල් සහෝදරියක් වන කුමාරි. මත්තුමගල කරුණාරත්න බෞද්ධ පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[3] මිය යන විට ඔහු දෙදරු පියෙකි. දුව රිෂ්නි කවීෂා ජයකොඩි සහ පුත් බිනුර ජයකොඩි.[4]

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

ජයකොඩි සිය නාට්‍ය ජීවිතය ආරම්භ කළේ පාසල් කාලයේ සිටය. 1998 දී තවත් සහෝදර නළුවෙක් වන ගිහාන් ප්‍රනාන්දු සමඟ ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ විසින් පවත්වන ලද වැඩමුළුවකට ගියේය. ඊට පසු දෙන්නම භූත වෙලා වේදිකා නාට්‍යයේ රඟපාන්න වාසනාවන්ත වුණා.[3] ඉන්පසු ඔහු සින්තටික් ඩ්‍රීම්ස්, රෝමියෝ ජුලියට් ස්ටෝරි, ෆැන්ටසි ඇවනියු, සපිරිවර, සිසිල ඉම, සත්කුළු පව්ව, ගජමුතු, ඉතින් එතන පාසේ සහ හොල්මන් බොට්ටුව. වැනි රූපවාහිනී කතාමාලා රැසක වැදගත් චරිත නිරූපණය කළේය.[5]

ජයකොඩි සිය සිනමා දිවිය ආරම්භ කළේ වසන්ත ඔබේසේකර ගේ 2002 වසරේ තිරගත වූ සැලෙළු වරම චිත්‍රපටියෙනි. ඉන්පසු ඔහු 2011 දී මිය යන තුරුම චිත්‍රපට 13 කට වඩා රඟපෑවේය.[6] ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය වූයේ සලෙළු වරම, ගාමණී සහ රන් කෙවිට 2 චිත්‍රපට හරහාය.[7][8]

මරණය[සංස්කරණය]

2011 නොවැම්බර් 27 වැනි දින අලුයම 4 ට පමණ ඔහුගේ මෝටර් රථය මීගමුව දෙසට මුහුණලා කොළඹ – මීගමුව පාර දිගේ නවතා කිසියම් ගනුදෙනුවක් කර ඇත. ඉන් අනතුරුව ඔහු සිය මිතුරෙකු සමඟ කඳාන නාගොඩ පිහිටි නිවසට යාමට වාහනයට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී වේගයෙන් පැමිණි වාහනයක් ඔවුන් දෙදෙනාගේම හැප්පුන අතර එහිදී වාහනය පලාගොස් ඇත.[9] බරපතළ තුවාල ලැබූ ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් ඇත. කෙසේ වෙතත් ඔහුගේ මිතුරා මාරාන්තික තුවාල සහිතව දිවි ගලවා ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.[10]

ඔහුගේ අවසන් කටයුතු 2011 නොවැම්බර් 30 වැනි බදාදා පස්වරුවේ කඳාන නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිස්ට් සුසාන භූමියේදී සිදු විය.[3]

සම්මාන[සංස්කරණය]

රයිගම් ටෙලීස් සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2008 ජූරියේ ඇගයීම් සම්මානය[11] රඟපෑම දිනාගති

References[සංස්කරණය]

  1. "Asela Jayakody bio". Rate your music. සම්ප්‍රවේශය 5 May 2019.
  2. "Sri Lankan actors - Asela Jayakody". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 5 May 2019.
  3. 3.0 3.1 3.2 3.3 "Asela Jayakody passed Away". lkactress. සම්ප්‍රවේශය 5 May 2019.
  4. "Longest night of Asela Jayakody's wife". Sarasaviya. සම්ප්‍රවේශය 5 May 2019.
  5. "Asela Jayakody 7th death anniversary". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 5 May 2019.
  6. "Asela Jayakodi - අසේල ජයකොඩි films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 25 April 2019.
  7. "Asela Jayakody filmography". IMDb. සම්ප්‍රවේශය 5 May 2019.
  8. "Rankevita 2 is Ready". Sunday Times. සම්ප්‍රවේශය 5 May 2019.
  9. "Actor Asela Jayakody dies in road mishap". lankanstuff. සම්ප්‍රවේශය 5 May 2019.
  10. "Asela Jayakody died in tragic accident". gossiplankanews. සම්ප්‍රවේශය 5 May 2019.
  11. "Raigam rewards teledrama talents". Sunday Times. සම්ප්‍රවේශය 25 April 2019.

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අසේල_ජයකොඩි&oldid=548823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි