දීපානි සිල්වා

විකිපීඩියා වෙතින්
දීපානි සිල්වා
දීපානි සිල්වා
ජාතිය ශ්‍රී ලාංකික
අනික් නම් දීපානි ද සිල්වා
රැකියාව නිළිය
ක්‍රියාකාරී අවුරුදු 1975-වර්තමානය

දීපානි සිල්වා හෙවත් දීපානි ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියකි.[1][2] වීදි නාට්‍ය සහ නාට්‍ය කිහිපයකම පෙනී සිටීමෙන් පසු ඇය චිත්‍රපටවලට පිවිසියාය. 2018 මැයි 28 වැනි දින බණ්ඩාරගම ප්‍රදේශයේදී රිය අනතුරකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් දීපානි සිල්වා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරිණි.[3][4]

චරිතාපදානය[සංස්කරණය]

දීපානි සිල්වා ඇගේ පවුලේ එකම චිත්‍රපට ශිල්පිනියයි. ඇගේ පියා ඩී. පීටර් සිල්වා වෘත්තීය සමිති නායකයෙකි. ඇය උසස් අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ පිහිටි බෞද්ධ කාන්තා විද්‍යාලයෙනි.[5]

වෘත්තීය[සංස්කරණය]

ඇය සිය රංගන දිවිය ආරම්භ කළේ 1975 වසරේ වීදි නාට්‍යවල රංගනයෙන්. සිය රංගනය හැදෑරීමට දීපානි ප්‍රවීණ රංගන ශිල්පී ධම්ම ජාගොඩගේ නාට්‍ය පාසල වන ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකා සමඟ සම්බන්ධ වූ අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම නාට්‍ය පාසල ලෙස ධම්ම ජාගොඩ විසින් විවෘත කරන ලදී. ඇය රංග ශිල්ප ශාලිකා හි රංගනය ඉගෙන ගත්තේ අදටත් ශ්‍රී ලාංකේය වීදි නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන දිවංගත ගාමිණී හත්තොටුවේගමගෙනි.[5]

ඇය සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයට පා තැබීමට අවස්ථාව ලබා ගැනීමට පෙර 1990 දශකයේ මුල් භාගයේදී දූ දරුවෝ, අම්මායි තාත්තා, හත්පාන, ලොක්කේ මාමා, අබුද්දස්ස කෝලම, තන්රාදේවි ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවාය . දීපානි සිල්වා සිනමාවට පිවිසියේ 1994 දී මී හරකා හරහාය.

දීපානි 2004 වසරේ ජර්මනියේදී අතුරුදහන් වූ ශ්‍රී ලංකා අත්පන්දු කණ්ඩායමේ සැබෑ කතාව නිරූපණය කරන 2008 වසරේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ (මචං) නරක් වූ පුතාගේ මව ලෙස ඇයගේ චරිතය ඇතුළුව ඇයගේ වෘත්තීය ජීවිතය තුළ සහායක චරිතවල ද රඟපෑවාය. ඇය 2018 ත්‍රාසජනක චිත්‍රපටිය වන සේයා හි රංගනයේ එක් සාමාජිකාවක් ලෙස ද පෙනී සිටියාය, එය ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයේ පළමු සමස්ත කාන්තා විශේෂාංග චිත්‍රපටය වේ.[6]

අත්අඩංගුවට පත්වීම[සංස්කරණය]

2018 මැයි 28 දින (සඳුදා) ඇය මෝටර් රථය පදවන අවස්ථාව වන විට බණ්ඩාරගම - කැස්බෑව මාර්ගයේදී උදෑසන 6.40 ට පමණ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඇය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.[7] ත්‍රිරෝද රථයේ පියා සමඟ ගමන් කළ 10 හැවිරිදි දැරියකට ද බරපතළ තුවාල සිදු කළ මෙම අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් ඇයට චෝදනා එල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.[8] එදිනම ඇය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරිණි.[9] දීපානි සිල්වාගේ රියදුරු බලපත්‍රය රාජසන්තක කිරීමට ද නියෝග කළ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් පනවා ඇය මුදා හැරියේය.[10]

චිත්‍රපටකරණය[සංස්කරණය]

අවුරුදු චිත්‍රපටය චරිතය යොමු.
1994 මී හරකා
1995 අයෝමා
1996 මනමෝහිනී
1996 තුන්වෙනි එහෙ
2000 තිසරවි
2001 ඔබ මගේම වේවා
2002 සීතල ගිනි කඳු
2002 සුදු සළු
2006 රානා හංසි
2008 මචන් නරක් වූ පුතාගේ මව
2008 වලපතල හෙදිය
2008 හාර්ට්ෆ්.එම් ආච්චිගේ සේවකයා
2017 අලි කතාව දෙවියන් යදිනවා
2018 සේයා එල්සිනා
2018 ගින්නෙන් උපන් සීතල විජේවීරගේ අම්මා
2021 ආලේ කොරෝනා සේවකයා

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Deepani de Silva". IMDb (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  2. www.films.lk. "Deepani Silva - දීපානි සිල්වා - films.lk - Sri Lanka Cinema". www.films.lk (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  3. "Veteran actress Deepani Silva arrested over car crash". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  4. "Popular Actress Deepani Silva Arrested By Bandaragama Police Following Accident" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 29 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 May 2018.
  5. 5.0 5.1 "Life Online - Deepani Silva: The actress". life.dailymirror.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":0" defined multiple times with different content
  6. "Seya: Sri Lanka's First Film Featuring An All-female Cast". Asian Mirror. සම්ප්‍රවේශය 29 May 2018.
  7. "Popular actress Deepani Silva arrested over accident – Colombo Gazette". colombogazette.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  8. "Actress Deepani Silva arrested over accident" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  9. "Actress Deepani Silva granted bail with conditions". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 29 May 2018.
  10. "Deepani Silva granted bail in a car crash (CCTV footage)". Hiru News (ඉංග්‍රීසි බසින්). 28 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 May 2018.
"https://si.wikipedia.org/w/index.php?title=දීපානි_සිල්වා&oldid=592290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි