ටෙඩී විද්‍යාලංකාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ටෙඩී විද්‍යාලංකාර
උපත1958 (වයස 60–61)
මීගමුව, ලංකාව
ජාතිකත්වයසිංහල
වාර්ගිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකොළඹ කේරි විද්‍යාලය
සක්‍රීය වසර1977-සිට
ප්‍රසිද්ධ වන්නේඅනූෂා
ආගමරෝමානු කතෝලික
කලත්‍රයා(යන්)ඈන් සෙනවිරත්න
පවුලදයානන්ද විද්‍යාලංකාර (සහෝදරයා)

ටෙඩී විද්‍යාලංකාර ශ්‍රී ලාංකික සටන් අධ්‍යක්ෂකවරයෙකු සහ නළුවෙකු ද වේ. සිංහල සිනමාවට ඔහු පිවිසෙනුයේ 1977දී ය. සිංහල චිත්‍රපට උදෙසා සටන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස චිත්‍රපට 532ක සටන් අධ්‍යක්ෂණය කොට ඇත. ඒ අතර සිංහල සිනමාවේ සටන් කලාව උදෙසා වෙනසක් කරමින් ප්‍රථම වරට කණ්ඩායම් සටන් සම්ප්‍රදාය ගෙන ආවේ ද ඔහු ය. ටෙඩී රඟපෑ සෑම චිත්‍රපටයකම පාහේ සටන් අධ්‍යක්ෂක වූයේ ද ඔහුය. ඔහු විසින් සිනමාව උදෙසා සටන් නළුවන් දෙදහසක් පමණ සිනමාව හරහා බිහි කර ඇත.

පෙර අවධිය[සංස්කරණය]

1958දී මීගමුව හි උපත ලද ටෙඩී තම අධ්‍යාපන කටයුතු කොළඹ කේරි විද්‍යාලයෙන් සපුරා ගැනී ය. කුඩා කල සිට ම ආත්මාරක්ෂක සටන් ශිල්පය සඳහා යොමු වූ ටෙඩී කරාතේ, ජූඩෝ, ජිම්නාස්ටික්වල වැනි කායික ශක්තිය වඩවන ක්‍රියාකාරකම් කෙරෙහි යෙදවී ය. පාසල් අවධියේ බොක්සිං ක්‍රීඩාවට උනන්දුවක් දැක්වීය. කහ බළල්ලු, කරාටේ කීලස් චිත්‍රපට නැරඹීමෙන් ඔහු කරාතේ කෙරෙහි හිත යොමු විය. එම කල දී ම හෝප් නැව ලංකාවට පැමිණියේ ය. එවක ඔබ්සවර් පුවත්පතේ පළ වූ විවෘත ආරාධනය කර තුබූ විදෙස් මාෂල් ආර්ට්ස් (Martial Arts) පුහුණුකරුවන් විසින් පැවැත් වූ පාඨමාලාව කොළඹ වයි. එම්. බී. ශාලාවෙහි පැවැත්වී ය. එම ආරාධනය අනුව ටෙඩී එම පැවැත් වුණු පුහුණු පන්තියකට ගියේ ය. තව ද ටෙඩී වරාය අධිකාරිය අසල වූ වෙල්ගම මාස්ටර්ගේ කරතේ පන්තියට ද ගියේ ය. එහි දී ඔහු හට කීයකුෂන් කායි ශෛලිය ඉගෙනීමට හැකි විය. එම කල දී ම තෙන්නකෝන් මාස්ටර් යටතේ ජූඩෝ ක්‍රීඩාව හි ද නියැලුණේ ය. ජයවීර මාස්ටර් යටතේ ජිම්නාස්ටික් ඉගෙන ගනු ලැබීය. ටෙඩී ජාතික ජිම්නාස්ටික් සංගමයේ තේරීම් කමිටුවේ සභාපති ලෙස අවුරුදු 12ක් පුරා කටයුතු කරනු ද ලබයි. ඊට අමතරව ද ජිම්නාස්ටික් පුහුණුකරුවකු ලෙසින් ද සෙවය කරනු ලබයි.

එන්ටර් ද ඩ්‍රැගන් චිත්‍රපටය ජනප්‍රිය වූ සමයේ ඔහුගේ මිතුරෙක් වූ දේවින්ද මාක්ස් සමඟ උත්සවවල සටන් ජවනිකා ඉදිරිපත් කිරීමට ගියේ ය. ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය ජනප්‍රිය වීම නිසාවෙන් දිනෙක ශාන්ත කුලතුංග නම් ඔහුගේ හිතවතෙකු විසින් කළුතර නගර ශාලවේ හි උත්සවයක් සංවිධානය කොට ඔවුන් හට ආරාධනා කරනු ලැබීය. 1976 දී එම උත්සවයට පැමිණ සිටි දයානන්ද රොඩ්රිගෝ විසින් ඔවුන් ගේ දක්ෂතා දැක චිත්‍රපටයක දර්ශනයකට පෙනී සිටීමට පැමිණෙන ලෙස ආරාධනා කිරී ය. ඒ වන විට ඔහු ජීවන ගංගා චිත්‍රපටය තිස්ස විජේසුරේන්ද්‍ර යොදවා රූගත කොට නිමා කර තිබිණ. එනමුදු ඔහු විසින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් ම සටන් ජවනිකාවක් එක් කරවා ටෙඩී සහ ශාන්ත කුලතුංග, දේවින්ද මාක්ස් තිදෙනාම ඒ චිත්‍රපටයට ඇතුල් කරනු ලැබීය.

පසුව ජීවන ගංගා චිත්‍රපටයේ හඬකැවීම්වලට සරසවි චිත්‍රාගාරයට ගිය අවස්ථාවේ දී එහිදි එතැන වූ අනෙක් හඬකැවීම් වලට එක් වූ ලෙනින් මොරායස්, දයානන්ද ජයවර්ධන වැනි නළුවන් හඳුනා ගැනීමට ඔහුට ඉඩ ලැබුණි. ඉන් පසු එක සැනින් චිත්‍රපට අටක රංගනය සඳහා ඔහුට ආරාධනා ලැබුණි. දයානන්ද රොඩ්රි ගේ ගේ අනූෂා චිත්‍රපටයෙන් සටන් අධ්‍යක්ෂණය කරමින් සහ රංගනයෙන් මුලින්ම එක් වීමට හැකි වුණි.

සිනමාව[සංස්කරණය]

ටෙඩී 1977 දී සිනමාවට පැමිණියේ ය. ඒ වන විට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රොබින් ප්‍රනාන්දු ක්ෂේත්‍රයේ සිටි සිනමාවේ නම් දැරූ සටන් නළුවන් වූයේ ය. එවක සටන් නළුවන් අතර තිරයේ දුෂ්ටකම් අතරේ ඉහළින් වැජඹුණු සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ලයනල් දැරණියගල, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි නළුවන් රැසක් සමඟ ඔහු ද එදා කරට කර රංගනයේ නියැලිය.

ඔහු විසින් චිත්‍රපටයක භාවිත කරනු ලැබූ ශිල්ප ක්‍රමය බොහෝ දුරට බොලිවුඩ්, හොලිවුඩ් සිනමාවන්ට ද පරයා ගියේ ය. ඔහු සටන් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට හි තාක්ෂණය එය තිරගත වන සමය හා ගැලපෙන සේ ඉදිරිපත් කර තිබුණි. එයට හොඳම උදාහරණයක් ලෙස හොලිවුඩ් හි නිපදවූ ඔන් බැක් චිත්‍රපටයේ යොදා ගත් තාක්ෂණය ඊට පෙර ඔහුගේ චිත්‍රපටයකට යොදා තිබුණි.

ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.

ටෙඩී දුෂ්ට රංගනයෙන් අත් මිදුණ අවස්ථා ලෙස පෙරලිකාරයෝ, රන්දෙනිගල සිංහයා, සත්‍යා, දෙමෝදර පාලම, ජොලි හලෝ, ජොලි හලෝ 2, ලව් ඉන් ලන්ඩන්, අන්තිම රැය චිත්‍රපට ඒ ඒකාකාරී රැල්ලට වෙනසක් එක් කළේය.

ඔහුගේ එම සුවිසල් ගෝල පරපුරේ නම් දරූ පුද්ගලයන් ලෙස මාක් සැම්සන්, රාජු ගමගේ, සරත් සිල්වා, වසන්ත කුමාරවිල ඒ අතරින් ප්‍රධානයි. අලුත් පරපුරේ සටන් ශිල්පීන් ලෙස කුමාර තිලකරත්න, ජීවක ගමගේ. විරාජ් අසංක, රංගන තරංග යනාදීන් සඳහන් කළ හැක.

රජ දරුවෝ චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයා වූයේ ද ටෙඩී ය. සනත් ගුණතිලක හට සටන් කියා දුන්නේ ඔහු වුවද එක් ජවනිකාවක් රූගත කිරීමේ දි සනත් ගැසූ පහරකින් ඔහුගේ නාස්පොල්ල කැඩී ගියේ ය.

විදෙස් සිනමාව[සංස්කරණය]

ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයක ම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. වෝටර්, මිඩ්නයිට් චිල්රන්, බ්ලඩ් ස්පෝට්, ජංගල් හීට්, තී වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

හොලිවුඩ් හා බොලිවුඞ් හවුල් නිෂ්පාදනයන් හි නියමුවන් වූ සේන සමරසිංහ සහ චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටවල ඔහු සටන් අධ්‍යක්ෂකවරයා වූයේ ය. ඔහුට විදෙස් චිත්‍රපටවලට දායක වීමට හැකි වීම නිසාවෙන් විදෙස් සටන් තාක්ෂණයේ නවීණ ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. තව ද බ්ලඩ් ස්පෝට් හි සටන් සඳහා සටන් ශිල්පීන් 15 ක් පමණ ලංකාවට පැමිණි අවස්ථාවේ දි ඒ අයගේ නිර්මාණශීලී අත්දැකිම් පවා එක පැත්තකින් ජීවිතයට එක් කර ගැනීමට ලැබුණා.

තී නම් දමිළ චිත්‍රපටයේ සටන් දර්ශන සඳහා ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවක දි ටෙඩී එහි ද සටන් අධ්‍යක්ෂණය සඳහා යොමු වීය. හාබර් හි අසල දි එම දර්ශනය ගැනීමට සූදානම් කිරීය. තී හි ප්‍රධාන නළුවා වූ රැජිනි කාන් දකුණු ඉන්දීය නළුවා හට විරුද්ධව දුෂ්ට චරිතයේ නියැලුනේ ය. එහිදී සටන් ජවනිකාව පෙර සූදානම් වත් දී නළුවා ආසන්නව පරයා යන පහර එල්ල කළේය. එහි දි එම පහර තමන් හට වැදෙතැයි කියා නළුවා බොහෝ සෙයින් බිය වූයේ ය. ඔහුට ද වඩා ඔහුගේ ආරක්ෂකයන් බිය වැදිණ. පසුව රූගත කිරිම් වලදී ද ආසන්න පහර එල්ල කිරීම් රූගත කිරීය. රැජිනි එම දර්ශනයට නිර්භීතව මුහුණ දුන්න ද ආරක්ෂයන්ට යම් සැනසීමක් ලබා ගත හැකි වූයේ එම සටන් ජවනිකාව ගත් පසුව ය.

වරෙක පකිස්තාන් චිත්‍රපටයක් වූ බේටාබ් අභියෝගාත්මක රංගනය නිසාම විටෙක අනතුරුවලට ද පවා පත් වූයේ ය. ලංකාවේ රූගත කළ එම චිත්‍රපටය රඟපෑමට ගොස් එක වරක දි ඔහුගේ කකුල කැඩුණේ ය. ඔහුට තිබු ජාවනිකාවේ පරිදි නානුඔයේ පාලමේ සිට ධාවනය වන කෝච්චියට පැන සටන් කිරීමට තිබුණි. ටෙඩී එම කෝච්චියේ රියදුරු හට විස්සට විතර වේගයෙන් කෝච්චිය ධාවනය කරන ලෙස පැවසූව ද කෝච්චියේ වේගය එන්න එන්න ම වැඩි වී ටෙඩීහට පැනීමට යෝජිත වූ ස්ථානය ලඟා වන විට එහි වේගය පනහ ද ඉක්මවා තිබුණි. කෙසේ හෝ ඉලක්කයට පිම්මක් පැන කෝච්චිය මත පතිත වුවද ඔහුගේ කකුලක ඇටය පිපිරුණි. පසුව සටන් ජවනිකාව නිම කළේ ය. පසුව ඔහුට බරපතළ වූ හෙයින් ඔහුව නානුඔය රෝහලට ඇතුළත් කරනු ලැබීය. එදින රෝහල් සේවය කාර්‍යක්ෂම වූ බැවින් ද ඔහු නළුවෙකු බව දැනගත් ඔහු පරීක්ෂා කල වෛද්‍යවරයා ඔහුගේ කකුලෙ හි එක්ස්‍-රේ (X-ray) එක පෙන්වා එහිදී ප්‍රතිකාර ලැබිය නොහැකි තත්ත්වයක සිටින බැව් දැනුම් දුන්නේ ය. කොළඹින් ප්‍රතිකාර ලබාගත හැකි බව දන්වා ටිකට් කපාගත් ඔහු හොරිවිල වෙද මහතාගෙන් මාස දෙකල් ප්‍රතිකාර ලබා සුව අතට පත් වූයේ ය. ඔහු රෝගාතුර වූ අතරවාරයේ සියලුම රූගත කිරීම් නිමවා ඔවුන් ටෙඩී ගැනවත් නොබලා ම පිටව ගොසින් තිබුණි.

ලොව ප්‍රකට නළුවකු වූ බෙන් කිංස්ලි සමඟ කොමන් මෑන් රඟපෑවේ ය. එහිදි අලුත්කඩේ උසාවිය පිටුපස වූ තට්ටු පහක බිල්ඩිමක සිට පාරට පනින්න තිබුණේ ය. මුලින් ඔහු සූදානම් වූයේ තට්ටු තුනකින් පැනීමට වුවද ඔහු තට්ටු පහෙන්ම පැනීමට තීරණය කළේ ය. පෙරදී පෙර සූදානම් හිදි නිවරදිව ම ආරක්ෂක මෙට්ටය මත පතිත වුවද රූගත කිරීමේ දි දුවගෙන ආ වේගයෙන්ම පැන බල්ටියක් ගසා බිමට ආවද ආරක්ෂක මෙට්ටය පැන කකුල වැදීම නිසාවෙන් ඔහුගේ කකුල් දෙකේම ඇට පුපුරා ගියේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=ටෙඩී_විද්‍යාලංකාර&oldid=384005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි