වික්ටර් රත්නායක
| වික්ටර් රත්නායක | |
|---|---|
වික්ටර් රත්නායක | |
| පසුබිම් තොරතුරු | |
| උපත් නාමය | වික්ටර් රත්නායක |
| උපත | 18 පෙබරවාරි 1942 |
| සම්භවය | Sri Lanka |
| ප්‍රභේද | ශ්‍රී ලාංකික සංගීතය |
| වෘත්තිය | සංගීතඥ, |
| සක්‍රීය වර්ෂ | 1973 – වත්මන |
| වෙබ් අඩවිය | www.victorratnayake.com |
කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහතාට දා ව 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුණෙකි. සිය පියා ගේ නූර්ති ගී ගැයුමට ලැදි බවක් දැක්වූ වික්ටර් රත්නායකයන්ට නව හැවිරිදි වියේ දී සිය පියා තෑගි කළ හාර්මොනියම ඔහු ගේ පළමු වාද්‍ය භාණ්ඩය විය. සංගීතඥ සිරිල් පෙරේරා යටතේ මුල්ගම්පල පිහිටි M.G.P. ආයතනයෙන් වාදනය සහ ගායනය හැදෑරූ රත්නායකයෝ එවකට රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැදින්වුණු වර්තමාන සෞන්දර්ය කලායතනයෙන් පසු කාලීන අධ්‍යාපනය ලැබූ හ. 1964 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කළ රත්නායකයෝ පසු කලෙක දී සංගීත උපදේශකවරයකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වූ හ. ඉන් පසුව බණ්ඩාරවෙල පිහිටි එත්තලපිටිය මහා විද්‍යාලයලයට අනුයුක්ත ව සේවය කළ ඔවුහු ප්‍රේමකිර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර්. සමරකොන්, චින්තන ජයසේන සහ බණ්ඩාර කේ. විජෙතුංග යන සම කාලීනයන් ගේ ඉල්ලීම සලකා "ස" ප්‍රසංගය ඇරැඹූ හ. 1973 ජූලි මස 20 වන දින ඇරැඹුණු "ස" ප්‍රසංගය ඉන් වසර 39 කට පසු 2012 ජූලි මස 20 වන කොලඹ ලුම්බිණි ශාලාවේ දී ම නිමාවට පත් විය.
ඔහු ගේ නවතම ගීය 2017 වසරේ දී, "මගේ සඳ ඇවිත්" යනුවෙන් එළිදැක්වූ වගයි. එය දින කිහිපයක් ඇතුලත Youtube හි Trend #3 පසු කිරීමට සමත් විය. ඉතා විශාල ලෙස ජනප්‍රිය විය.