දසුන් පතිරණ

විකිපීඩියා වෙතින්
දසුන් පතිරණ
Dasun Pathirana
උපත26 ජූලි 1985 (1985-07-26) (වයස 38)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයකොලඹ කේරි විද්‍යාලය
රැකියාවනළුවා, නිරූපණ ශිල්පියෙක්
සක්‍රීය වසර2002–වර්තමාන
කලත්‍රයා(යන්)නදීෂා හංසි දිසානායක
දරුවන්ශයියා ලිලී
ශායා ලිලී
සම්මානහොඳම නළුවා

දසුන් පතිරණ (උපත 1985 ජූලි 26), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් හා නිරූපණ ශිල්පියෙකි.[1] ඔහු ප්‍රධාන චරිතයක හොඳම නළුවා ලෙස Indie Fest 2014 හි සම්මානයක් දිනා ගත්තේය. ඔහු 2018 වසරේ ප්‍රථම සරසවිය සම්මානය ලබා ගත්තේය.[2]

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

1985 ජූලි 26 උපන් පතිරණ කොලඹ කේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කලේය. ඔහුට එක් බාල සොහොයුරියක් සිටින අතර ඇය 1996 දී උපත ලැබුවාය.[3]

දසුන්ගේ සහකරු නදීෂා හංසි දිසානායක වන අතර ඔවුන්ගේ ආදර කතාව වසර හතරක් තිස්සේ මාධ්‍යයට රහසක්ව තිබුණා.[4][5] ඔවුන් දෙදෙනාට 2018 වසරේ උපන් ශයියා ලිලී පතිරණ සහ 2019 වසරේ උපන් ෂයා ලිලී පතිරණ ලෙස දියණියන් දෙදෙනෙක් සිටිති.[6]

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

පතිරණ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 2002 දී වයස අවුරුදු 17 දී ය. 2004 දී පතිරණ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන සහ නාට්‍ය ඇකඩමියට ඇතුළත් විය.[7] 2013 දී "අහසින් වැටුනා" ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නැගීඑන නළුවාට හිමි සම්මානය හිමි විය.[8]

2014 දී, ඔහු නවවන වාර්ෂික සියැටල් දකුණු ආසියානු චිත්‍රපට උළෙල සහ BFI Flare LGBT චිත්‍රපට උළෙලේ තිරගත වූ සයපෙති කුසුම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේය.[9][10][11][12] ඔහුගේ රංගනයට විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණි.[13] එම චරිතය වෙනුවෙන් 2017 දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පතිරණ ලබා ගත්තේය. 2015 දී ඔහු SAARC චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සම්මාන දිනාගත් මෝටර් බයිසිකල් හි ප්‍රධාන චරිතය රඟපෑවේය.[14][15][16][17][18] මෙම චිත්‍රපටය 2015 වසරේ දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී "හෙට දවසේ සිනමාව" සම්මානය ද දිනා ගත්තේය.[19][20] ඔහු බොහෝ සංගීත වීඩියෝ වල රඟ පෑ අතර 2016 දෙරණ සංගීත සම්මාන උළෙලේ වීඩියෝ සම්මානයකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගත්තේය.

රූපවාහිනී කතා මාලා[සංස්කරණය]

  • අඩෝ [21]
  • A/L ඉවරයි
  • ගිරිදේවි
  • මෙගා
  • සත් පියවරු
  • පැරිසියට පාර කියන්න
  • පිනි බිංදු
  • මායා පටල
  • ස්ටාර් හිස්තැනක්[22]
  • මගේ ආදර අවනඩුව
  • සඳ විනිවිද[23]
  • තාත්තා
  • ත්‍රිලෝකා[24]
  • තණමල්විල කොල්ලෙක් [25]

චිත්‍රපටකරණය[සංස්කරණය]

වසර චිත්‍රපටය භූමිකාව Ref.
2008 හාර්ට් එෆ්.එම්. කුඩා චරිතයක්
2010 හව් අයි වොන්ඩර් වට් යූ ආර්
2015 මාතා ලකී
2016 මෝටර් බයිසිකල් රංගන
2016 සයපෙති කුසුම සරත් [26]
2017 [[නිනෝ ලයිව් නිශාන්ත [27]
2018 දැවෙන විහඟුන් බස් රියදුරා
2019  හුස්ම කුමාර
TBD ගජමෑන්
TBD කන්දක් සේමා
TBD ත්‍රී ඩයරීස් [28]
TBD චාඔ (කෙටි චිත්‍රපටය) [29]
TBD ඇඩ්වෙන්චර්ස් ඔෆ් රිකී ඩීන් කෝපාවිෂ්ට නළුවා
TBD  ඉක්කා සිනමා තරුව [30]
TBD ට්‍රේන් ‍ටු කැන්ඩි [31]
TBD  හවුස් ඔෆ් මයි ෆාදර්ස් [32]
TBD සහෝ [33][34]
TBD මන්කි මෑන් [35]
TBD ආයු [36]
TBD මරියා [37]

සම්මාන[සංස්කරණය]

ඔහු දේශීය වේදිකා නාට්‍ය, සිනමා සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයක් දිනා ඇත.[38][39][40]

ඉන්ඩි ෆෙස්ට්[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2014 නාට්‍යයේ රංගනය හොඳම නළුවා දිනාගති

දෙරණ සිනමා සම්මාන උළෙල[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 සයපෙති කුසුම හොඳම නළුවා දිනාගති

සිග්නිස් සිනමා සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 මෝටර් බයිසිකල්[41] හොඳම නළුවා දිනාගති

සාර්ක් සිනමා උළෙල[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2017 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

සරසවිය සම්මාන උළෙල[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2016 මෝටර් බයිසිකල්[42] හොඳම නළුවා දිනාගති

හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2018 මෝටර් බයිසිකල් හොඳම නළුවා දිනාගති

රයිගම් ටෙලීස්[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2013 අහසින් වැටුනා හොඳම නළුවා දිනාගති

සුමති සම්මාන[සංස්කරණය]

වර්ෂය නිර්දේශිත පුද්ගලයා/කෘතිය සම්මානය ප්‍රතිඵලය
2019 තාත්තා හොඳම සහය නළුවා දිනාගති

References[සංස්කරණය]

  1. "Actor Dasun Pathirana". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 4 June 2017.
  2. "Dasun Pathirana filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 18 August 2019.
  3. "We do not have a traditional bond". Silumina. සම්ප්‍රවේශය 2021-06-13. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  4. "හොඳම නළුවා සම්මානය දිනූ දසුන්ට පෙම්වතිය හංසිගෙන් ලැබුණු ආදරණීය සුභපැතුම" [Dasun Pathirana Best Actor Derana Film Awards 2017 Girl Friend Wish]. Citizen. Sri Lanka. 8 October 2017. සම්ප්‍රවේශය 21 January 2018.
  5. "හොඳම නළුවා සම්මානය දිනූ දසුන්ට පෙම්වතිය හංසිගෙන් ලැබුණු පට්ටම සුභාපතුම (Photos)". www.gossipbro.lk.
  6. "Dasun became a father". Sarasaviya. සම්ප්‍රවේශය 17 February 2018.
  7. "Reaching for the stars". Sunday Observer. සම්ප්‍රවේශය 17 January 2019.
  8. "Nominations for Raigam Tele’es". The Sunday Times.
  9. "The rainbow of Sayapethi Kusuma". Daily Mirror, 2017-01-02. Gamini Akmeemana.
  10. "Tasveer: 9th Seattle South Asian Film Festival returns". International Examiner, Yayoi Lena Winfrey 21 October 2014
  11. "‘Frangipani’ review – Life with more than just two petals…". Asian Culture Vulture. 12 April 2015
  12. "Frangipani – BFI Flare 2015 Review". One Room with a View, Danielle Davenport 25 March 2015
  13. "Opening ourselves to Dialogue". The Nation. By Samantha Sirimanne Hyde, 25 April 2015.
  14. "Motor Bicycle; A ride on social realities". The Sunday Times. 28 August 2016.
  15. Akmeemana, Gamini (8 October 2016). "'Motor Bicycle' review". Daily Mirror.
  16. Fernando, Susitha R. "SAARC kudos for 'Motor Bicycle'". The Sunday Times.
  17. "Shameera's dream debut". Sunday Observer. 7 June 2015. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 November 2019.
  18. Fernando, Susitha R. "2016: An Year for cinema". The Sunday Times.
  19. www.ananmanan.lk. "වැදලා කියන්නම් ආයෙමත් මේ වගේ දේවල්, අපේ එකා කරපු ගොං මෝඩකම් කරන්න එපා - දස්සා වෙනුවෙන් දසුන් කළ සංවේදී කතාව - වීඩියෝ ~ Dasun Pathirana Speaks About Dasun Nishan Death - Citizen.lk". www.citizen.lk.
  20. "Fifth Derana Sunsilk Film Awards 2017 - Winners". www.adaderana.lk.
  21. "Ado' Viewers live a big dream until it ultimately shatters". Daily Mirror. සම්ප්‍රවේශය 13 July 2020.
  22. "Empty spaces in Star Reality Shows". Sunday Times. සම්ප්‍රවේශය 17 January 2019.
  23. "An aesthetic comeback to creative drama". Sunday Observer. සම්ප්‍රවේශය 17 January 2019.
  24. "A teleplay with a difference". Sunday Times. සම්ප්‍රවේශය 17 January 2019.
  25. "Thanamalvila Kollek' - Award-winning warmth and fatherly memory". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
  26. "They want a break". Daily News. සම්ප්‍රවේශය 17 January 2019.
  27. "'Nino Live' goes on air". Sunday Times. සම්ප්‍රවේශය 17 January 2019.
  28. "Three Diaries filming completed". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
  29. "Ciao – Short Film By Ilham Hossen". Decibel.lk. සම්ප්‍රවේශය 4 June 2017.
  30. "Ikka (2018)". IMDb. සම්ප්‍රවේශය 17 January 2019.
  31. "මේ දුම්රිය වේගවත් -'ට්‍රේන් ටු කැන්ඩි'ම". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2019.
  32. "Suba Sivakumaran's 'House of My Fathers' Sells to Hong Kong's Asian Shadows". variety. සම්ප්‍රවේශය 29 October 2019.
  33. "Athugala's first love story "Saho" on the big screen". Sarasaviya. සම්ප්‍රවේශය 4 June 2017.
  34. "Overseas ratings for "Saho"". Sarasaviya. සම්ප්‍රවේශය 26 December 2017.
  35. "Monkey Man: The young man disguised as a monkey". Sarasaviya. සම්ප්‍රවේශය 9 October 2017.
  36. "Chathra's 'Ayu' competes at Barcelona". Sunday Times. සම්ප්‍රවේශය 2021-01-11. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  37. "A film without an actress by Aruna Jayawardena". Sarasaviya. සම්ප්‍රවේශය 5 March 2021.
  38. Dhanushika. "Derana Sunsilk Film Awards 2017 - Winners".
  39. "SAARC Film Festival 2017 -". saarcculture.org.
  40. "Sumathi Award winners 2019". Sarasaviya.
  41. "Stars flock together for Signis". Dailyb News.
  42. "Star-studded Sarasaviya Festival". Sunday Observer. සම්ප්‍රවේශය 18 August 2019.

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දසුන්_පතිරණ&oldid=548841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි