හික්කඩුව

විකිපීඩියා වෙතින්
හික්කඩුව
Hikkaduwa
හික්කඩුව වෙරළ තීරය
හික්කඩුව වෙරළ තීරය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
ජනගහණය
 • මුළු101,342
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් කේතය80240[1]

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.

2004 සුනාමිය[සංස්කරණය]

වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින හික්කඩුව මහත් වූ සුනාමි ව්‍යසනයකට ගොදුරු විය. එය “2004 ඉන්දියානු සාගර භූ චලනය” නම් වූ, සැතපුම් දහස් ගණනක් එපිටින් ඉන්දුනීසියානු වෙරළ තීරයේ ඇති වූ භූ චලනයක් නිසා ඇති විය. මෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් ඡීවිත දහස් ගණනක් අහිමි විය.

සුනාමි ව්‍යසනයෙන් තමන් සතු සියලු දේ අහිමි වූ පවුල් වල‍ට සහන සේවා යටතේ මහන මැෂින් ලැබුනි. මේ හේතුවෙන් නගරයේ විවිධාකාර වූ ඇඳුම් (කමිස, කලිසම්, ආදී...) මසන සන්නාලියන්(ඇඳුම් මසන්නන්) වර්ධනය විය. එනිසා හවායි කමිස (Hawaiian shirt) ප්‍රිය කරන්නන් ශ්‍රී ලංකාවේදී අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට හික්කඩුව පත්විය.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

සීනිගම දේවාලය
  • සීනිගම දේවාලය - දේශිය මෙන්ම විදේශිය සංචාරක අවධානයට ද ලක් වු ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් ලෙස සීනිගම දේවාලය හැදින්විය හැක. ගොඩබිමට ආසන්න මුහුදේ පිහිටි දුපතක පිහිටා ඇති සීනිගම දේවාලය දේවපතිරාජ නම් කෝට්ටේ යුගයේ විසු අමාත්‍යවරයකු විසින් කරවන ලද්දකි.
  • තොටගමුව රජ මහා විහාරය - හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වඩාත් ප්‍රචලිත ආගමික සිද්ධස්ථානයක් ලෙස තොටුගමුව රජමහ විහාරය හැදින්විය හැක. ඵෙතිහාසික වැදගත්කමක් හිමි මෙම විහාරයේ ඇති දඹරන් ධාතු කරඩුව, රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල, ක්‍රි.ව.6වන සියවසට හා මහනුවර යුගයට අයත් බිතු සිතුවම් එයට පෞරාණික බවක් ගෙන දීමට හේතු සාධක වී ඇත.
  • හික්කඩුව වෙරළ තීරය - හික්කඩුව පිහිටි වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වේ.
  • හික්කඩුව ස්වභාවික ගල් මල් උයන - කි.මී.24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූවකි. නමුත් මෙය මේ වන විට විනාශ වීමේ අවධානමට ලක්වෙමි්න් පවතී.
  • හික්කඩුව ජාතික උද්‍යානය - හික්කඩුව පිහිටි ජාතික උද්‍යානයකි.


බාහිර සබැඳ[සංස්කරණය]


  1. http://mohanjith.net/postal_codes/southern/galle/80240-hikkaduwa.html
"https://si.wikipedia.org/w/index.php?title=හික්කඩුව&oldid=593933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි