E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
E01 කොළඹ–මාතර අධිවේගී මාර්ගය | |
---|---|
දක්ෂිණ අධිවේගිය | |
ගමන් මං තොරතුරු | |
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය | |
දිග: | 128 කිමී (80 සැත) |
පැවැත්ම: | 27 නොවැම්බර් 2011 | සිට මේ දක්වා
ඉතිහාසය: | 2011 නොවැම්බර් 27 දින කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස විවෘත කරන ලදී 2014 මාර්තු 15 දින පින්නදූව සිට ගොඩගම දක්වා කොටස විවෘත කරන ලදී |
ප්‍රධාන මං සන්ධි | |
උතුරු අවසන: | කොට්ටාව A4 - E02 කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ආරම්භය |
අන්තර්හුවමාරුව 2 → B84 in කහතුඩුව අන්තර්හුවමාරුව 3 → A8 in ගැලනිගම අන්තර්හුවමාරුව 4 → B304 දොඩංගොඩ | |
දකුණු අවසන: | ගොඩගම |
පිහිටුම | |
නගර: | පානදුර, කළුතර, මතුගම, බෙන්තොට, අම්බලන්ගොඩ, බද්දේගම, ගාල්ල |
මහා මාර්ග පද්ධතිය | |
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග |
කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග126 km (78 mi)ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණේ ප්‍රදානතම නගරයක් වන මාතර, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2006 වසරේදී අරඹන ලදී. මාර්ගයේ පළමු අදියර ලෙස කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස 2011 නොවැම්බර් 27 දිනත් දෙවන අදියර ලෙස ඉදිකල පින්නදූව සිට ගොඩගම දක්වා වූ කොටස 2014 මාර්තු 15 වන දිනත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කරන ලදී[1]. සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4 ක් පමණ ගත වූවත් අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතී.
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයේ මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56 කින් යුතු මාර්ග කොටස 2020.02.23 දින අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කිරීමත් සමග දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 222 කි.ඒ අනුව අඩු කාලයකින් කොළඹ සිට කතරගම දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.
අන්තර් පිවිසුම්[සංස්කරණය]
ස්ථානය | කිමී | පිටවීම | පිවිසුම් | ගමනාන්තය | කරුණු |
---|---|---|---|---|---|
0.0 | 1 | කොට්ටාව | 7 | අධිවේගී මාර්ගයේ මුල් කොටස සමඟ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සම්බන්ධ වේ | |
5.9 | 2 | කහතුඩුව | B084 – කැස්බෑව (5.8 km), පිලියන්දල (8.1 km), කොළඹ (25.7 km), හොරණ (12.3 km), ඉංගිරිය (25.9 km), රත්නපුර (63.5 km) | ||
13.7 | 3 | ගැලනිගම | A8-බණ්ඩාරගම (1.8 km), පානදුර (11.6 km), හොරණ (6.9 km), ඉංගිරිය (20.4 km), රත්නපුර (58.1 km) | ||
34.8 | 4 | දොඩංගොඩ | B304 – නාගොඩ (11.5 km), කළුතර (17.0 km), මතුගම (5.5 km), අගලවත්ත (11.3 km) | ||
46.0 | 5 | වැලිපැන්න | B157 – අලුත්ගම (10.3 km), මතුගම (11.5 km), අගලවත්ත (17.5 km) | ||
67.6 | 6 | කුරුදුගහහැතැක්ම | B014 – අල්පටිය (3.8 km), කරන්දෙණිය (6.0 km), බටපොල (7.0 km), අම්බලංගොඩ (13.2 km), බලපිටිය (13.5 km) | ||
79.8 | 7 | බද්දේගම | B153 – බද්දේගම (1.5 km), හික්කඩුව (12.8 km), නිල්හේන
(2.4 km), වඳුරඹ (9.8 km) නාගොඩ (14.2 km) මාපලගම (18.4 km) උඩුගම (25.8 km) |
||
95.3 | 8 | පින්නදූව | B594 – ගාල්ල (8.4 km) | ||
9 | දීගොඩ | A17- දෙණියාය, අකුරැස්ස, අහංගම, දික්කුඹුර, ඉමදූව | |||
10 | කොක්මාඩුව | B465 – වැලිගම | |||
11 | ගොඩගම | A24- මාතර, අකුරැස්ස | හම්බන්තොට දක්වා මාර්ගය දිගු කිරීමට සැලසුම් කර ඇත |
ගැලරිය[සංස්කරණය]
ගමනාගමන ධාරිතාව හා ආදායම[සංස්කරණය]
වර්ෂය | වාර්ෂික ඉපැයීම් (බිලියන) රු | සාමාන්‍ය ෙදෙනික ඉපැයීම් (ඇඩො) | වාර්ෂික රථ වාහන ධාරිතාව (මිලියන) | සාමාන්‍ය ෙදෙනික ගමනාගමනය | ROI on capital (බිලියන) Rs | කිමී 1 කට ඉපැයීම (ඇඩො) |
---|---|---|---|---|---|---|
2012 | 0.975 | $21,000 | 3.3[2] | 9000 | -125.25 | $80,500 |
2013 | - | - | ||||
2014 | - | - |