වත්තල

විකිපීඩියා වෙතින්
වත්තල
Wattala
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
රජය
 • අධිකරණ වර්ගයවත්තල-මාබෝල නගර සභාව
වේලා කලාප+5.30

වත්තල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අර්ධ නාගරික ප්‍රදේශයකි. වත්තල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 30,086 විය. මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය ( A3 ) ආශ්‍රිතව පිහිටා ඇත.වත්තල-මාබෝල නගර සභාව මගින් පාලනය කෙරේ.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

පසුගිය ශතවර්ෂ පහක කාලය දෙස විමර්ශනාත්මකව බැලීමේදී වත්තල සහ හැදල ග්‍රාමය පිළිබදව ඉතිහාසය තුළ ගෙනහැර පාන අවස්ථා කීපයක් වේ. පළමුවන රාජසිංහ හෙවත්  සීතාවක රාජසිංහ  ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශේෂ්ඨ සිංහල රාජ වංශයේ නොමැකෙන සලකුණකි. අද පවා එතුමාගේ නිර්භිතභාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස හැදින්වෙන සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය.  පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුත ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය. පෘතුගීසින් මෙරටින් ඉවත් කිරීමට උත්සහ ගත් මෙතුමා  සිංහල-පෘතුගීසි යුද්ධයේ මායාදුන්නේ හා සීතාවක රාජධානිය වැදගත් කොටසක් විය. මෙම කාලයේ දී යුරෝපා ජාතියක්, පෙරදිග දී ලැබූ දරුණුතම පරාජය මෙරටින් වාර්තා විය.මෙතුමා  මුල්ලේරියා සංග්‍රාමයේ දී පෘතුගීසින්ට එරෙහිව සටන් කර ජය ගෙන, සීතාවක බලය එළිදරවු කළ අතර  ඒ අවස්ථාවේ පෘතුගීසින්ට ද විශාල අභියෝගයක් වන තරමටම ඔවුහු ශක්තිමත් ව සිටියහ. මුලූ දිවයිනම පාලනය කිරීමට තිබූ අවස්ථාව පෘතුගීසින්ගෙන් ගිලිහී ගියේය. මෙකී සටන් වල හැදල ප්‍රදේශය මෙතුමන්ගේ පාලනය තුළ පැවති ස්ථානයක් ලෙස ඉතිහාසයේ සදහන් වේ.( පොල් ඊ. පිරිස්, Ceylon the Portuguese Era,) ධර්මපාල රජතුමා (දොන් ජුවන් ධර්මපාල) ජයවර්ධනපුර කෝට්ටේ අත්හරිනු ලැබීමෙන් පසුව මායාදුන්නේ රජුගේ සේනාව රාජසිංහ කුමරු යටතේ සේනාවන් ඒවා කැළ‚ ගග ආශ්‍රිත ගග දෙපස පිහිටි පෘතුගීසි නගර සහ කඩවත් විනාශ කර දැමු බවත් ඒ අවස්ථාවේදී වත්තල , හැදල යන ප්‍රදේශ ද විනාශ වූ බව සදහන් වේ. මේ පිළිබදව ප්‍රවීණ ඉතිහාසඥ ද කුටෝ සහ ක්වේරෝස් යන විද්වතුන් ද වාර්තා කර ඇත. මෙම විස්තරයට අනුව මේ ප්‍රදේශ වල කුරුදු තිබු බවත් තවදුරටත් විස්තර කරයි. ( පොල් ඊ. පිරිස්, Ceylon the Portuguese Era, පිටු 307 ) ක්‍රි.ව. 1587 - 1588 යන කාලයේ පැවති කොළඹ කොටුව වැටලීම සදහා රාජසිංහ රජු තම මධ්‍යස්ථානය ලෙස පවත්වා ගනු ලැබුවේ කොළඹ කොටුවට උතුරු දෙසින් පිහිටි කැළ‚ නදියෙන් එගොඩ ප්‍රදේශය වූ මේ ප්‍රදේශය බව සදහන් වේ. ඊට හේතුව වුයේ ක්‍රි.ව. 1587දී දොන් ජුවන් ධර්මාල රජු  තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට භාරදීමත් ,මල්වානේ ගිවිසුමින් කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් වීම නිසා පෘතුගාලයේ රජු කෝට්ටේ රජු බවට ප්‍රකාශ කිරීම නිසාය.රාජසිංහ රජු කොළඹ කොටුව වැටලීම සහ පෘතුගීසින් අන්ත පරාජයකට පත්වීම පිළිබදව  හා බැඳුණු කවියක් පහත දැක්වේ.

නිතර නිතර සීතාවක රණ ඛෙර නැගු           ණා

කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් උ   නා

පරංගි දේසේ රජුටත් මර උණ ගැනු             නා

රාජසිංහ සිරි නාමේ ලොවේ රජ වු             ණා

ජනගහනය[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

වෙනත් කරුණු[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වත්තල&oldid=391871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි