අම්බලන්ගොඩ

විකිපීඩියා වෙතින්
අම්බලන්ගොඩ
Ambalangoda
නගරය
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයගාල්ල දිස්ත්‍රික්කය
ජනගහණය(2012)
 • මුළු56,961[1]
වේලා කලාප+5.30
දුරකථන කේතය(න්)091

අම්බලන්ගොඩ, දකුණු ලක ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දෙවන විශාලම නගරයයි. කොළඹ - මාතර A2 ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. මීට අමතරව මුහුදු බඩ දුම්රිය මාර්ගයද අම්බලන්ගොඩ නගරය හරහා දිවේ. මෙය රූකඩ නැටුම් කලාවට සහ වෙස් මුහුනු නිර්මාණය සඳහා ලෝක ප්‍රසිද්ධ ප්‍රදේශයකි. හෙක්ටයාර් 7480 ප්‍රදේශයකින් යුක්ත මෙහි අම්බලන්ගොඩ නගර සභාව මගින් සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරනු ලබයි. මෙහි ප්‍රධාන පෙලේ බස් නැවතුම් පොලක්, ප්‍රධාන පෙලේ දුම් රිය ස්ථානයක්, ප්‍රධාන ධීවර වරායක්, ප්‍රධාන බස් ඩිපෝවක්, ක්‍රීඩාංගනයක්, පොලිසියක්, රෝහලක්, ප්‍රධාන පෙලේ පාසල්, බැංකු ආදියෙන් සමන්විත වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි නගරයකි, කෝලම් නාට්‍ය කලාව පාරම්පරික උරුමයක් ලෙස පවතී. පැරණි ලන්දීසි උසාවියක නටඹුන් තානායම අසල දැකගත හැක. තානායම පිටුපස පිහිටා ඇති ස්භාවික නාන තටාකයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂිතය. ස්භාවිකව ගල් පර වලින් වටවී ඇති හෙයින් සුනාමි බලපෑමට ලක්වූයේ සුළු වශයෙනි. නගරයක දක්නට ලබෙන සියළු පහසුකම් වලින් සමන්විත දර්ශනීය මුහුදු වෙරලක් සහිත මනස්කාන්ත නගරයක් වන මෙය සංචාරක ව්‍යාපාරය සදහා තෝතැන්නකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Ambalangoda Population".
"https://si.wikipedia.org/w/index.php?title=අම්බලන්ගොඩ&oldid=486392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි