ශ්‍රී ලංකාවේ දුරකථන අංක
![]() Location of Sri Lanka (dark green) | |
Location | |
---|---|
Country | Sri Lanka |
Continent | Asia |
Regulator | Telecommunications Regulatory Commission of Sri Lanka |
Type | Open |
NSN length | 7 |
Typical format | 0AA-NNN NNNN (10 digits) |
Access codes | |
Country calling code | +94 |
International call prefix | 00 |
Trunk prefix | 0 |
කෙටි කේත[සංස්කරණය]
අංක 4 කෙටි කේත[සංස්කරණය]
- 19XX රාජ්‍ය සංවිධාන වල කේතයන්
- 13XX පුද්ගලික සංවිධාන වල කේතයන්
ස්ථාවර දුරකථන පාරිබෝගික සේවා[සංස්කරණය]
- 1212- ශ්‍රී ලංකා ටෙලිකොම්
- 1575 - ලංකාබෙල්
ජංගම දුරකථන පාරිබෝගික සේවා[සංස්කරණය]
- 1755 - එයාර්ටෙල්
- 1777 - ඩයලොග් එසියටා
- 1788 - හච් ශ්‍රී ලංකා
- 1717 -SLTමොබිටෙල්
ස්ථාවර දුරකථන අංකයන්[සංස්කරණය]
xxx y nnnnnn
"xxx" නිරූපණය කරන්නේ ප්‍රාදේශිය කේතයයි. දේශිය ප්‍රදේශ අංකයක් අමතන විට, ජංගම දුරකතනයක් භාවිත කරන අවස්ථාවකදී හැර, මෙය ඇතුලත් කරනු නොලැබේ. ශ්‍රී ලංකාවේ නගරයන්හී ප්‍රාදේශීය කේතයන් වනුයේ:
දිස්ත්‍රික්කය | ඇමතුම් කේතය |
---|---|
කොළඹ | 011 |
හම්බන්තොට | 047 |
ත්‍රිකුණාමලය | 026 |
පොළොන්නරුව | 027 |
මඩකලපුව | 065 |
කල්මුනේ | 067 |
අම්පාර | 063 |
මාතර | 041 |
ගාල්ල | 091 |
කළුතර | 034 |
පානදුර | 038 |
ගම්පහ | 033 |
මීගමුව | 031 |
හලාවත | 032 |
කුරුණෑගල | 037 |
මාතලේ | 066 |
මහනුවර | 081 |
නුවර එළිය | 052 |
රත්නපුර | 045 |
බණ්ඩාරවෙල | 057 |
කෑගල්ල | 035 |
නාවලපිටිය | 054 |
වවුනියාව | 024 |
මන්නාරම | 023 |
යාපනය | 021 |
හැටන් | 051 |
අනුරාධපුරය | 025 |
"y" නිරූපණය කරන්නේ ක්‍රියාකරු අංකයයි. ක්‍රියාකරු අංකයන් හා ඒවායේ හිමිකරුවන් වනුයේ:
2: ශ්‍රී ලංකා ටෙලිකොම් 3: ශ්‍රී ලංකා ටෙලිකොම් 4: ඩයලොග් 5: ලංකා බෙල් 7: ඩයලොග් 9: පොදු දුරකථන
"nnnnnn" නිරූපණය කරන්නේ, සංඛ්‍යාංක හයකින් සමන්විත, දුරකතන අංකයයි.
ජංගම දුරකථන අංකයන්[සංස්කරණය]
xxx nnnnnnn
"xxx" නිරූපණය කරන්නේ, ස්ථාවර රැහැන් දුරකතනයන්හි ප්‍රාදේශීය කේතයට අනුරූපව ජංගම සබඳතාවයන්හි භාවිත වන ක්‍රියාකරු අංකයයි. ශ්‍රී ලංකාවෙහි ජංගම දුරකතන සේවා සපයන්නන් සහ ඔවුන්ගේ ක්‍රීයාකරු අංකයන් වනුයේ:
070: මොබිටෙල් 071: මොබිටෙල් 072: එටිසලාට් 075: එයාර්ටෙල් 076: ඩයලොග් 077: ඩයලොග් 078: හච්
"nnnnnnn" නිරූපණය කරන්නේ ජංගම අංකයයි. පාරිභෝගිකයන් කලාප වලට වන් කිරීම සඳහා, ක්‍රියාකරුවන් විසින්, අංකයෙහි පළමු සංඛ්‍යාංකය භාවිතා කරනු ලැබේ.
ස්ථාවර රැහැන් අංකයක් අමතන විටෙක, ජංගම දුරකතන භාවිත කරන්නන් සැමවිටම ප්‍රාදේශීය කේතය ඇතුලත් කල යුතුය.
ජාත්‍යන්තර ඇමතුම්[සංස්කරණය]
ශ්‍රී ලංකාව වෙතින්[සංස්කරණය]
00 cc nnnnnnn...
"00" යනු, ශ්‍රී ලාංකික දුරසන්නිවේදනයෙහි, ජාත්‍යන්තර ඇමතුම් කේතයයි.
"cc" නිරූපණය කරන්නේ රාෂ්ට්‍ර කේතයයි.
"nnnnnnn..." නිරූපණය කරන්නේ, ප්‍රාදේශිය කේතයද ඇතුළු, දුරකතන අංකය වන අතර අමතනු ලබන රට අනුව ඕනෑම දිගකින් හෙබි විය හැකිය.
ශ්‍රී ලංකාව වෙතට[සංස්කරණය]
00 94 xx y nnnnnn
"00" යනු සාමාන්‍ය ජාත්‍යන්තර ඇමතුම් කේතයයි. විවිධ රටවල් අතරතුර මෙය වෙනස් විය හැකිය.
"94" යනු ශ්‍රී ලංකා ඇමතුම් කේතයයි.
"xx" නිරූපණය කරන්නේ ප්‍රාදේශීය කේතය හෝ, ජංගම අංකයක් හා සම්බන්ධ වන කල්හී ජංගම ක්‍රියාකරු වේ.
"y" නිරූපණය කරන්නේ ස්ථාවර රැහැන් අංකයක නම් ක්‍රියාකරු අංකය වෙයි. ජංගම අංකයන්හී එය ප්‍රධාන අංකයෙහි කොටසකි.
"nnnnnn" නිරූපණය කරන්නේ සංඛ්‍යාංක හයකින් සමන්විත ප්‍රධාන දුරකතන අංකයයි.