කොට්ටාව

විකිපීඩියා වෙතින්
කොට්ටාව
Kottawa
නගරය
කොට්ටාව is located in ශ්‍රී ලංකාව
කොට්ටාව
කොට්ටාව
ඛණ්ඩාංක: 6°50′29″N 79°57′53″E / 6.84139°N 79.96472°E / 6.84139; 79.96472ඛණ්ඩාංක: 6°50′29″N 79°57′53″E / 6.84139°N 79.96472°E / 6.84139; 79.96472
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් සංකේත අංකය10230[1]

කොට්ටාව (Kottawa) යනු බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම මැතිවරණ කොට්ථාශයට අයත් උප නාගරික ප්‍රදේශයකි. මෙහි පරිපාලනය මහරගම නගර සභාවට අයත් වේ. කොළඹ කොටුවේ සිට හයිලෙවල් (A4) මාර්ගය ඔස්සේ කොට්ටාවට ඇති දුර කිලෝමීටර් 21ක් පමණ වේ. "කෝට්ටෙන් ආවා"යන අතීත සිංහල වහරෙන් බිදී වර්තමාන කොට්ටාව යන නාමය සෑදුනු බවට අදහසක් පවතී.

කොට්ටාව නගරය[සංස්කරණය]

ජනාකීර්ණ නගරයක් වන කොට්ටාව නගරය මධ්‍යයයෙන් කොළඹ - අවිස්සාවේල්ල/මඩකලපුව A4 මාර්ගය ප්‍රධාන මාර්ගය දිවේ. පස් මංසන්ධියක් ලෙස සැලකිය හැකි මෙම නගර මධ්‍යයයට කොළඹ-කොට්ටාව A4 මාර්ගයත්, කොට්ටාව-අවිස්සාවේල්ල/මඩකලපුව A4 මාර්ගයත්, පැරණි කොට්ටාව-බොරැල්ල මාර්ගයත්, කොට්ටාව-අතුරුගිරිය මාර්ගයත්, කොට්ටාව-මත්තේගොඩ/පිළියන්දල මාර්ගයත් සම්බන්ධ වේ. මෙම සංකීර්ණ මාර්ග පිහිටීම නිසා හා කොට්ටාවට නුදුරින් මාකුඹුර අධ්වේගී මාර්ග ප්‍රධාන පිවිසුම පිහිටීම නිසා කොට්ටාව මංසන්ධිය නිරතුරුව කාර්ය බහුල වාහන තදබදයකට මුහුණ දේ. එසේම ශ්‍රී ලංකාවේ දිගම පදික මාරුව පිහිටා තිබුනේද මෙම මංසන්ධිය හරහායි. මෙම ගැටළු වලට විසදුමක් ලෙස පානදුර නගරයේ මෙන් විදුලියෙන් ක්‍රියාත්මක වන මගී පාලම් කිහිපයක් ඉදි කිරීමටද සැලසුම් කර තිබිණි. කෙසේ වෙතත් නගර මධ්‍යයයේ කොටස් දෙකක් ලෙස පිහිටා තිබු පැරණි එක් බස් නැවතුමක් ඉවත් කර එම භුමිය භාවිතා කර කොට්ටාව නව වටරවුම හා මංසන්ධිය පුළුල් කිරීම සිදු කරන ලදී. මෙම සංවර්ධන කටයුත්තෙන් පසු එහි තදබදය පාලනය වී ඇත. දැනට නගර මධ්‍යයයේ ඇති බස් නැවතුමෙන් අවට නගර හා ගම් වෙත බස් සේවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලකාවේ ප්‍රථම, පුද්ගලික අංශයේ තට්ටු දෙකේ බස් රථය ධාවනය වන්නේද කොට්ටාව බස් නැවතුමේ සිටයි. නගරයේ සිට කොට්ටාව-අතුරුගිරිය මාර්ගයේ මීටර් 150ක් පමණ ගමන් කල විට කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව දුම්රිය ස්ථානය හමු වේ. කොට්ටාව නගරය ඉතාමත් සීග්‍ර දියුණුවකට ලක් වෙමින් ඇති අතර සියලු පහසුකමක් පාහේ එහි දක්නට ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොට්ටාව&oldid=433310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි