කළුතර
කළුතර Kalutara களுத்துறை | |
---|---|
City | |
![]() | |
ඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°Eඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°E | |
පළාත | බස්නාහිර පළාත |
Province | Western Province |
District | Kalutara District |
Divisional Secretariat | Kalutara Division |
රජය | |
• අධිකරණ වර්ගය | Kalutara Urban Council |
• Chairman | M. Ameer Nazeer |
ජනගහණය(2012) | |
• නාගරික | 37,081 (Urban Council Area) |
• පුරවර | 159,697 (Kalutara Division Area) |
වේලා කලාප | Sri Lanka Standard Time (UTC+5:30) |
කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි.මී 40 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකොළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපයේ ෙපරදී පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර වෙළඳාම සඳහා යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.
මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය රටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් පාලමද වෙයි.
සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

කළුතර බලකොටුව රූපයක් (1799), James Welsh.
- කළුතර බෝධිය - වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි.
- කළුතර විහාරය - කළුතර පාලමේ දකුණු අන්තයේ මහල් 3 ක් උස බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.
- කළුතර බලකොටුව - කළුතර පිහිටි බලකොටුව 1622 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ථමානයේ මෙම බලකොටුව දැකගත නොහැකි වේ.
- කැළිඩෝ වෙරළ - දේශීය හා විදේශීය සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වෙරළ තීරයකි.
- රිච්මන්ඩ් කාසල් - 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරකි.