වැදි භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වැදි භාෂාව
Native toශ්‍රී ලංකාව
Regionඌව පළාත
Ethnicity2,500 වැදි (2002)
Extinctතවම භාවිතයේ ඇත[1]
සිංහල-මත පදනම් වී ඇති මිශ්‍ර භාෂාව
  • වැදි භාෂාව
Language codes
ISO 639-3ved


වැදි බස යනු, ශ්‍රී ලාංකාවේ ගෝත්‍රික ජාතියක් වන වැදි ජනයාගේ භාෂාව වෙයි. එනමුදු, වැදි ජනයා ලෙසින් විධිමත් ලෙසින් හඳුන්වනු නොලබන, වෙරළබඩ වැදි ජනයා සහ අනුරාධපුර වැදි ජනයා වැනි ප්‍රජාවන් විසින් පව‍ා, සන්නිවේදනය සඳහා වැදි භාෂාව භාවිතා කරනුයේ, දඩයම් සහ/හෝ ආගමික සජ්ජායනා තුලදීය.

ක්‍රමවත් අධ්‍යනයක් කරනු ලැබුයේ 1959 දී ය ඒ වන විටත් වැදි භාෂාව සීමා වුයේ දබනේ සිටින ආදී වැදි පරපුරටය. 1990 දී පමණ වැදි භාෂාව සම්පුර්ණයෙන් දැන සිටියේ තමන් වැද්දන් ලෙස හදුන්වාදෙන පිරිසෙන් සුළු පිරිසක් පමණි. නමුත් වැදි භාෂාව පුළුල් ලෙස දන්නා පුද්ගලයන්ද ජිවත් වූහ. ආරම්භයේදී වැදි භාෂාව සිංහල භාෂාවේ උප භාෂාවක්ද නැත්නම් එය ස්වාධින ස්වභාවික භාෂාවක්ද යන්න භාෂාවේදීන් අතර සැලකිය යුතු වාදයක් තිබුණි. පසුව කරනු ලැබූ අධ්‍යනයන්ගෙන් පෙනී යන්නේ වැදි භාෂාව ඈත අතීත කාලයේ සිට ක්‍රමයෙන් පරිණාමය වූ මිශ්‍ර භාෂාවක් ලෙසටය. අතීතයේදී සිංහලයන් සමග සම්බන්ධතා ඇති කර ගත් කාලයේ සිට වැදි ජනයා සිංහල වචන හා සංස්ලේෂක ගති ගුණ තවකාලික භාවිතයට ගැනුණු අතර මෙම ගති ලක්ෂණ එකතු වීමෙන් වැදි භාෂාව සිංහල භාෂාවට සමාන අකාරයක් ගත්තේය. නමුත් ව්‍යාකරණ වශයෙන් වෙනසක් ඇති නොවුනි.[2]

මුල් වැදි භාෂාව මුලාරම්භය වූ නිශ්චිත ප්‍රභවයක් සොයාගත නොහැක. එහෙත් සිංහල භාෂාව ඉන්දු-ආර්ය හා ඉන්දු-යුරොපීය භාෂා වල කොටසක්ය. උච්චාරණය කරන විදිහ අනුව වැදි භාෂාව හා සිංහල භාෂාව වෙන්කර හදුනා ගත හැක හා වැනි උස් සංඛ්‍යත සහිත තාලුජ ශබ්ද වැදි භාෂාවේ ඇත. වචන අවසානයට භාවාත්මක නොවන යොදා ගැනීමද දැකිය හැක. වැදි භාෂාව තුල නාමපද, ක්‍රියාපද සහ ප්‍රාණවාචී නාමපද වල ලිංගභේදය හදුනා ගැනීමද දැකිය හැක. සිංහල භාෂාවේ සමහ ලක්ෂණ වන මැදි පුරුෂ සර්වනාම නැත අර්ථයේ යෙදුම් වැදි භාෂාවට ආරෝපණය වී ඇත. සිංහල හෝ අනෙකුත් භාෂා වල යොදා ගැනීම වෙනුවට සීමිත වචන මාලාවක් තුල වැදි භාෂාව රැදී සිටි. තවද හා වන සිය වසේ සිට දොළොස් වන සියවස දක්වා පැරණි සිංහල වචන මොවුන් යොදා ගෙන ඇත. එමෙන්ම වැදි භාෂාව තුල සිංහල භාෂාවට සම්පුර්ණයෙන්ම වෙනස් අවේනික වචන ඇත. වැදි භාෂාවට සිංහල භාෂාවෙන් සුළු බලපෑමක් ලැබී ඇත. එය පැහැදිලි වන්නේ වැදි පද මාලා හා ව්‍යූහාත්මක ලක්ෂණ ඉන්දු-ආර්ය හා ද්‍රවිඩ භාෂා වල දැකිය නොහැකි වීමයි.


අතීතය[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ප්‍රාකෘත භාෂාව කතා කරන සංක්‍රමණිකයන් ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ කුමන භාෂාවක් කතා කරාද යන වග දන ගැනීමට නොලැබේ. සිංහලෙන් වැද්දා යනු දඩයමෙන් හා එකතු කිරීමෙන් ජිවත් වූ කොට්ටාශයක් හැදින්වීමට යොදා ගත වචනයකි.|දෙමළ එය දඩයම්කරු හැදින්වීමට යොදා ගැනේ.මෙම වචනයෙහි විවිධ ප්‍රභේද(බෙදර් හා බෙද) දකුණු ඉන්දියාව පුර දඩයම්කරුවන් හැඳින්වීමට යොදා ගැනේ.ශ්‍රී ලංකාව තුල මීට අමතරව රොඩිය හා කින්නරය යන දඩයමින් හා එකතු කිරීමෙන් ජිවත් වූ කොට්ඨාස සිට ඇත.[3][4]

පළමුව වැදි ජනයා වාර්තාවක් ලිය ඇත්තේ රයික්ලොෆ් වැන් ගොඑන්ස් (1663-1675)ය. ඔහු සේවය කරනු ලැබුයේ ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගමේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙසටය.ඔහුගේ සටහන් අනුව වැදි භාෂාව සිංහල මෙන්ම දෙමළ භාෂාවට ද සමානකම් දක්වයි.[5]කන්ද උඩරට රජතුමාගේ සිරකරුවෙකු වූ රොබර්ට් නොක්ස් 1681 දී ලියා තිබුනේ වනයේ නිදහසේ ගිවත් වූ වැදි ජනයා සිංහලයන්ගේ භාෂාව භාවිතා කර බවය. ෆර්නාඕ ද කුවේයිරොස් නම් පෘතුගීසි ශ්‍රමණයා, 1686 දී වාර්තාකොට තිබූයේ, වැදිබස අන් ස්වදෙස් බස් සමග සබැඳීමක් නොපෙන්වන බවයි. [6] රොබර්ට් පර්සිවල් 1803 දී සටහන් කර ඇති ආකාරයට වැදි ජනයා හෙළබසින් බිඳී ආ මිශ්‍ර බසක් භාවිතා කරන සේ හැඟුණද, ත්මන් අතර පමණක් යොදා ගත්හැකි බසක් බැවහරිනු ලබයි.[7] නමුත් 1831දී ජෝන් ඩේවීස් නමැත්තා නැවත පවසන්නේ හෙළයාට වැදි බසින් සියයට අනූවක් පමණ කොටසක් වටහාගැන්මට හැකි බවයි. භාෂා නිරික්සුමේදී පැනනැඟුණු මෙවැනි පරස්පර විරෝධී මතවාද 1848දී චාල්ස් ප්‍රිධෑම් නමැත්තා බිඳදැමූයේ, වැදිදනන් විසින් පිටස්තරයන්ට ඇමැතීමේදී හෙළයට හා දමිළයට හුරු බස් වහරකින්ද, තම තමා අතර බැවහරේදී තමාට පමණක් වැටහෙන බස් වහරකින්ද සැඟරෙන බැව් පවසමිනි.[8]

වැදි භාෂාව පිලිබදව ක්‍රමවත් අධ්‍යනයක් පළමුව කරනු ලැබුයේ හ්‍යූ නෙවිල් නම් බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයා විසින් බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදීය. න තැප්‍රෝබානියන් නම් ත්‍රෛමාසික ජර්නලය සොයා ගත් ඔහු එය අධ්‍යනය කර ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා වාසින් ගැන අධ්‍යයනය කරනු ලැබ ඇත. හාෂාවන්හි ශබ්දය අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහු අනුමාන කරනු ලැබුයේ වැදි භාෂාවේ පදනම අතීත සිංහල භාෂාවක් වන එළු නම් භාෂාව වූ බවය.[9]ඔහුගේ අදහස් අනුව යමින් හෙන්රි පාකර් නම් තවත් බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයෙක් විසින් අතීත ශ්‍රී ලංකාව(1909) නමැති කෘතිය ලියා අතර ඔහු එහි සදහන් කරන ආකාරයට වැදි භාෂාවේ විශාල ප්‍රමාණයක් වචන සිංහල භාෂාවෙන් ණයට ඉල්ලා ගත වචන වන අතර නමුත් අනන්‍ය වූ මුලැරඹුමක් සහිත වදනින් පිරි වැදි භාෂාවක් වැදි ජනයාට වෙන්ව තිබු බව ඔහුද සදහන් කරනු ලබයි.[10]දෙවන වැදගත් අධ්‍යයනය කරනු ලැබූ 1935 විල්හෙම් ගෙයිගර් එසේම අනතුරු හගවමින් ප්‍රකාශ කර තිබෙන්නේ වැදි බස ඉක්මනින් අභාවයට යන බව හා විස්තර ගත කිරීමේ භාෂාමය අවශ්‍යතාවයත්ය.[11] තවත් භාෂාවේදියකු වන මන්නිකු ඩබ්. සුගතපාල ද සිල්වා 1959 දී ඔහුගේ ආචාර්ය උපාධිය සදහා වැදි භාෂාව පිළිබද පුළුල් අධ්‍යනයක් කර ඒ සම්බන්ධව කෘතියක් ලෙස ප්‍රකාශනයට පත් කරන ලදී:[12]ඔහුට අනුව වැදි භාෂාව සීමා වුයේ දඹානේ අවට අතීත වැදි පරපුරටය, නව පරපුර සිංහලට පරිවර්තනය විය. වෙරළබඩ වැදි ජනයා වෙරළබඩ දෙමළ ජනයා විසින් තවත් ජාතියක් ලෙසින් නොව තමාට වඩා උසස් වූ කුලයක් ලෙස පිළිගනිති. වෙරළබඩ වැදි ජනයා කතාකරනු ලබන්නේ හා පාසැල්වල ඉගෙනුම් මාධ්‍යය වන්නේ ශ්‍රී ලංකා දෙමළ මිශ්‍ර භාෂාවක් වන අම්පාර දෙමළ බස්වහරයි. ආගමික උත්සව අතරතුරදී මිනිසුන්ට යක්-භුතාත්ම ආරුඪ වූයේ යැයි සැලකෙන විට දමිළයෙන් වේදාර් සින්ගලම්(වැදි සිඞ්හල) හෝ වේදාර් බාසෛ ලෙස හඳුන්වන භාෂාවක් භාවිතා කරනු ලබයි.[13][note 1] [3]අනුරාධපුර ප්‍රදේශයේ වැදි ජනයා 1800වස්වලදී තමන් වැද්දන් නොව, "වන්නියලැත්තන්" ලෙස හැඳින්වුවද, 1970දී පමණ ඔවුන් හමුවූ ජේම්ස් බ්‍රව් හා කණ්ඩායමට තමන් වැද්දන් ලෙස හඳුනිවාදුනි. ඔවුන් වැදි භාෂාව දඩයමට යන අතරතුර භාවිතා කරනු ලබන වචන බොහොමයක් බින්තැන්නේ වැදිබසට සමාන බවද හෙළිවිය.

වර්ගීකරණය[සංස්කරණය]

සිංහලයේ උප භාෂාවක්ද, ස්වාධින භාෂාවක්ද

ආරම්භයේදී භාෂා වේදීන් සහ භාෂා සමීක්ෂකයන් සලකනු ලැබුයේද මෙය සිංහල භාෂාවේ උප භාෂාවක් නොව වෙනම ම භාෂාවක් ලෙසටය. උපබස් සිද්ධාන්තය ඉදිරිපත් කිරීමට මූලික වූ විල්හෙල්ම් ගයිග'ද තමාගේම එම මතය අහෝසි කරමින් වැදිබස ප්‍රතිස්ථාපිත ආදිවාසී බසක් බව ප්‍රකාශ කර ඇත.[11]

වැදි ජනතාව ඔවුන්ගේ වැදි භාෂාව සිංහල භාෂාවෙන් වෙන් වූ භාෂාවක් ලෙස සැලකු අතර එය සිංහල මිනිසුන්ගෙන් ඔවුන් වෙන්කර දැක්වීමට ජනවාර්ගික සලකුණක් වශයෙන් යොදා ගැනුන.[14]

සිංහල මත පදනම් වූ මුසුබස

1959 දී මැනික්කු ඩබ්. සුගතපාල දි සිල්වා මහතා විසින් වැදි භාෂාව පිළිවදව අධ්‍යනයක් සිදු කරන ලදී.ඔහු සහ K.N.O. ධර්මදාස මහතා වැදි භාෂාව මිශ්‍ර භාෂාවක් ලෙස හදුන්වා දුන්හ. සිල්වා මහතාට අනුව වැදි භාෂාව සිංහල භාෂාව හා මුලික වැදි භාෂාව යන දෙකෙහි මිශ්‍රණයකි. එය ගයිග' විසින් තව දුරටත් සනාථ කරයි.[11]දි සිල්වා මහතාට අනුව සිංහල අභාෂයක් දැකිය හැකි වුවද වැදි භාෂාවේ මුලික ලක්ෂණ ආවේණිකය.[11] තවද වැදි භාෂාව තුල සිංහල වල නොවන ආවේණික පද මාලාවක් දැකිය හැක. ඔහු තවදුරටත් පවසන පරිදි භාෂා දෙකෙහි ව්‍යාකරණ එකිනෙකට වෙනස් වේ.[15]1990 දී K.N.O. ධර්මදාස මහතා මතු කරන අදහසක් නම් 1990 දී භාවිතා වුන වැදි භාෂාව මිශ්‍ර භාෂාවක්ද යන්නයි. නමුත් වැදි භාෂාවේ අනන්‍ය ලක්ෂණයන් විසින් එය සිංහල භාෂාවෙන් වෙනස් කොට දක්වයි.[15]In 1990 K.N.O Dharmadasa wrote that irrespective claims about whether the Vedda form in use in the 1990s is an independent language or a Creole, the peculiarities of the language made it still a distinct linguistic form different from all varieties of Sinhalese. According to De Silva and Dharmadasa, when the colonization of island by various Indian settlers using common Prakrits in use in India began in 5th century BCE, some elements of the Vedda coalesced with the settlers and lost their language through language replacement.[16] Where as more conservative elements maintaining a hunter gatherer lifestyle moved into the central highlands known in early literature as මලය රට. Most Indian settlers colonized the North, Northwestern, Eastern and South Eastern lowlands of the country specifically රජරට and රුහුණ, leaving the heavily forested central high lands to the ancestors of Veddas.[16] With the collapse of the lowland dry zone civilization starting in the 9th century, descendants of the Indian settlers who had begun to speak Sinhalese moved in the central highlands. The trade and other connections made by the speakers of Sinhalese and the Vedda language's/languages' unknown genetic affinities gave rise to a period of use of a Pidgin of the languages.[16] Initial borrowing of terms was limited to trade purposes, but was eventually adopted by the Vedda elite and subsequently by the rest of the Veddas. The Veddas also seemed to have moved further way from Sinhalese contact by moving into inaccessible forests of Binttanne and now reforested former dry zone areas. This led to the arresting of the contact between the language communities thus allowing new Vedda language to stabilize and become an independent language. As a relict of this limited period of contact, Vedda maintains many archaic Sinhalese words that were in vogue during that period. These words have gone out of use in contemporary Sinhalese.

ව්‍යාකරණ[සංස්කරණය]

The refuge of the Vedda language(s) in මලය රට or Central Highlands until the fall of Dry zone civilization starting in 9th century, also the crucible of later Vedda Creole development from 10th to 12th century.[17]

In Sinhalese, indicative sentences are negated by adding a negative particle to the emphatic form of the verb, whereas in Vedda, the negative particle is added to the infinitive. සිංහලයේදී සියළු කාරක වාක්‍යයන්, සත්යාර්ථයේ හෝ අසත්යාර්ථයේ වේවා, අතීත අනතීත කාල දෙකට යටත් වෙනමුත්, වැදිබසෙහි සත්‍යාර්ථහි කාල 3ක් දැක්වේ. සිංහල ආදේශක සංඛ්යා වෙනසක් ඇති නමුත් වැද්දන්ට අංක වෙන්කිරීමක් නැත. වැද්දන්ගේ වාචික සහ නාමික විචලනය සිංහලයන්ට සමාන ලෙස පෙනුනත් නමුත් එක ලෙස සමාන නොවේ. වැදිබසෙහි ප්‍රාණවාචී මෙන්ම අප්‍රාණවාචී පදවලට ද ලිංග භේදය යෙදේ.[15]

ස්වරයන්ගේ යෙදීම[සංස්කරණය]

වැදි බසෙහි ශබ්දමාලාව හෙළයට බොහොවඑ සේ සමානකම් දැක්වුවද, භාෂාකර්ම අතින් එබස හෙළයෙන් බොහෝ දුරස් වේ. "ච" වර්ගයේ තාලුජ ගතකුරු වැදි බසෙහි සියලුතන්හි දක්නට ලැබේ. සැසැඳුම් ලෙස:[18]

ඉංග්‍රීසි සිංහල වැදි භාෂාව
earlier ඉස්සර ඉච්චර
object/little පොඩ්ඩ පොජ්ජ

මෙම ලකර තවදුරටත් වන්වත් වන්නේ හෙළබසින් උපුටාගත් වදන් අගට පොජ්ජ,ගෙජ්ජ හා රච්චා වැනි අව්‍ය පද භාවිතා කිරීම නිසාය.[18]

ඉංග්‍රීසි සිංහල වැදි භාෂාව
weight බර බරපොජ්ජ
eye ඇස ඇජෙජ්ජ
head හිස ඉස්පොජ්ජ/ඉච්ච
water වතුර/දිය දියරච්චා

මෙම පරිණාමය මලනේසියන් පිජින් ඉංග්‍රීසි සහ ජැමෙයිකන් ඉංග්‍රීසි මිශ්‍ර භාෂාව යන මිශ්‍ර භාෂා පරිණාමය වූ ආකාරයට සමාන ආකාරයක් ගනී. [14]තාලුජාක්ෂර අධිකත්වයෙන් පැහැදිලි වන්නේ ප්‍රකෘති වැදි භාෂාව උස් ශබ්දමූල සහිත භාෂාවක් වූ බවයි. [19]

පදවිචාරය[සංස්කරණය]

මුල් කාලයේ ප්‍රමුඛව සිටි වැදි නාමපද, ප්‍රාණවාචී හා අප්‍රාණවාචී වශයෙන් උපසර්ග දෙකකින් යුතු විය.

සප්‍රාණික නාමපද[සංස්කරණය]

සප්‍රාණික උපසර්ගය වන -ඇත්තෝ පුද්ගලික සර්වනාම සඳහා සහ -ලැත්තෝ අන් සප්‍රාණික නාමයන්ටද, -පොජ්ජ හා -රාක්කා පුද්ගලායිත නාම්වලටද යෙදේ. නිදසුන් ලෙස;

  • දෙයියලැත්තෝ (දෙවියන්)
  • පන්නිලැත්තෝ (ගැඩවිලා)
  • මෙයැත්තෝ (මම හෝ අපි)
  • ඉරපොජ්ජ (සූර්යයා)
  • ගිනිරච්චා (ගින්දර)


මෙම උපසර්ගයන් වාචික සහ අවාචික පසුබිමක් මත පදනම් වූ ඒකීය හා බහු වචන අර්ථයෙන් භාවිතා වේ.

  1. බොටකඳා නම් පුස්සාකඩුවා හූරා මෙයැත්තෝ (මහතාණෙනි, මා අලියා මැරුවෙමි.)
  2. මෙයැත්තන්නේ කිරිමිලැත්තෝ කැලෑපොජ්ජෙන් මංගච්චනකොට එයැත්තන්නේ බඩපොජ්ජේ කැකුලෙක් රඳාලා ඉන්ඩතිබිලා තිබෙනවා. (අපගේ මීආච්චි කැළයේ ඇවිදිමින් සිටිනාවිට දරුගැබක් ඈට ඇතිවිණ.)


ස්වාභාවික භාෂාවන්ගෙන් විචල්ය උපාංග මගින් ඉටු කරන ලද අර්ථ ශේෂය සඳහා වාචික (සහ අවාචික) සන්දර්භය මත යැපීම සම්බන්ධතා භාෂාවකි.

නිෂ්පන්න වැදිබසින් ඒ යයි සැළකෙන සමහරක් වදන්වලට මෙම උපසර්ගයන් භාවිත නොවේ. සප්‍රාණික නාමවල ලිඟු බේහිදී කුඩා සතුන් ස්ත්‍රී නාම ලෙසද(), විශාල සතුන් පුරුෂ නාම() පිළිගෙන ඇත.

  • බොටකඳා (අලියා)
  • කන්කුණා (ගෝනා)
  • කරියා (වලහා)
  • හටෙරා (වලහා)
  • ඕකම (මී හරකා)
  • කන්දාර්නි (මී මැස්සා)
  • මුන්ඩි (කබරගොයා)
  • පොට්ටි (මී මැස්සා)
  • මකිනි (මකුළුවා)
  • ඉකිණි (උකුණා)[15]

අප්‍රාණික නාමපද[සංස්කරණය]

Inanimate nouns use suffixes such as –rukula and –danda with nouns denoting body parts and other suffixes such as -pojja, -tana, and -gejja. Suffixes are used when the words are borrowed from Sinhalese.

  • අයිරුකුල (ඇස)
  • උගුරුදණ්ඩ (උගුර )
  • වීදිපොජ්ජ (වීදිය)
  • කිරිගෙජ්ජ (පොල් ගෙඩිය)
  • කවිතාන (කවිය)
  • ගිනිරච්චා (ගින්දර)[20]

උපසර්ග නොමැති මේ ආකාරයේ වචන ගණනක් ප්‍රකෘති වැදි භාෂාවේ ඇත

  • ගල්රච්චි (පොරව)
  • කාලව (පෝච්චිය )
  • බුච්ච (ලැහැබ)[15]

වැදි භාෂාවේ එන අප්‍රාණවචී නාමපද සදා ඇත්තේ සිංහල භාෂාවෙ නාමවිශේෂණ හා උපසර්ග එකතු කිරීමෙනි.සිංහල භාෂාවේ කවි, කවිය නමැති වචනයේ නාමවිශේෂණයකි නමුත් වැදි භාෂාවේ නාමපදය කවි-තාන වේ "තාන" උපසර්ගයයි.

සර්වනාම[සංස්කරණය]

සර්වනාම වලට උදාහරණ මෙයැත්තෝ (මම), තොපන් (ඔබ), එයිබ (එතන), කොයිබ (කොහෙද?). සිංහල භාෂාව හා සසදන විට මිනිසුන් ඇමතීමට සිංහල භාෂාවේ ආකාර 5ක් භාවිතා කරන අතර වැදි භාෂාවේ ඒ සදහා තොපන් යන්න භාවිතා කරනු ලබයි. මෙහිදී ඒක-බහු භේදය හෝ තරාතිරම් සළකා නොගනී.

සිංහල ඒකවචන සිංහල බහුවචන වැදි භාෂාව ඒකවචන /බහුවචන [21][22]
ඔබ වහන්සේ ඔබ වහන්සේලා තොපන්
ඔහේ ඔහේලා තොපන්
තමුසේ තමුසෙලා තොපන්
ඔයා ඔයාලා තොපන්
උඹ උඹලා තොපන්
තෝ තොපි තොපන්

සංඛ්‍යාංක[සංස්කරණය]

නිශ්චිත හා අසමානවූ ආකාරවලින් සොයාගත හැකිය. එකම එක (නිශ්චිත) සහ 'එකමක්' වරක් (අවිනිශ්චිත) ඔවුන් එකමේ, දෙකම සහ තුනමේ ලෙස ගණන් කරති.වැදී භාෂාව සිංහල භාෂාව මෙන් සංක්‍යා මත පදනම් වීම අඩුයි.


සිංහල වැදි භාෂාව[23]
දෙන්නෙක් දෙකමක්
දෙකක් දෙකමක්
දෙපාරක් දෙකමක්

නැත යයි කීම[සංස්කරණය]

හෙළබසට වඩා වැදිබසෙහි ඍණාර්ථාත්මක වදන් බොහෝසෙයින් අඩුය:[24]

සිංහල වැදි බස
නැ කොදොයි
එපා කොදොයි
බෑ කොදොයි
නෙමේ කොදොයි
නැත්තන් කොදොයි
බැරි කොදොයි

ශබ්දකෝෂය[සංස්කරණය]

වැදී භාෂාවේ වචන හුදෙක්ම සිංහල භාෂාවෙන් හෝ දමිල භාෂාවෙන් ගත් ඒවාය,සිංහල භාෂාවේත් සිංහල නොවන වචන ඉන්දු-ආර්ය භාෂා කණ්ඩායම් වලින් පැවත එන ඒවාය.නව වදනක අවශ්‍යතාව පැනනැගුණු පමණින් තමා අවට භාෂාවල පිහිට නොපතා, තම සීමිත වචනාර්ථ වල උපරිම ප්‍රයෝජනය ගෙන, ඒවා එකට අමුණා නව වදන් තැනීමේ අපූර්ව ක්‍රමයක් වැදිබස සතු ය. නිදසුන් ලෙස:[25]

සිංහල වැදි භාෂාව ඉංග්‍රීසි
නැව මදියන්ගල්ලේ දඬුකැච්ච (මුහුදේ යන රථය) ship
වැස්ස උඩතැනින් මෝදුවෙන දියපොජ්ජ (අහසින් වැටෙන වතුර) rain
තුවක්කුව පුකස්දාන යමකේ(වෙඩි තැබීමට භාවිතා කරයි ) gun
උපදිනවා` බඩපොජ්ජෙන් මංගච්චනවා (කුස තුලින් එනවා ) to be born
පැදුර වැතිරෙන යමකේ (නිදා ගැනීමට භාවිතා කරන දෙයක්) bed
පැන්සල (උපුටා ගෙනැත්තේ ඉංග්‍රීසියෙන්) කුරුකුරුගච්චන උල්පොජ්ජ(පැන්සල් තුඩ ඇති කරන කුරුකුරු ශබ්දය නිසා) pencil

පෞරාණික යෙදුම්[සංස්කරණය]

තවදුරටත් හෙළයේ පාවිච්චි නොකරන ඉපැරැණි වදන් සමහරක් වැදිබසේ රැඳී පවතී. මෙම පෞරාණික වචන අතීත සිංහල භාෂාව හා බැදී තිබෙන්නට ඇති බවත් ,මෙමෙ වචන වලින් සමහරක් සිංහල භාශාවටද එකතුවන්න ඈතයි විශ්වාස කෙරේ. උදාහරණ කිහිපයක් :-

  • දෙවුල වැදි බසින් අහස යනරුත් දුන්නද, 10වන සියවසේ හෙළ අරුත්විවරණ් ග්‍රන්ථය වූ දම්පියා අටුවා ගැටපදයහි, එය වලාව යනරුත් දෙනබැව් රචිත ය.
  • දියමච්ච මාළු යනරුත් දෙන වැදි වදන දියමස් යන 10වන සියවසේ ආරාමික ගතක් වූ සිඛවළඳ ග්‍රන්ථයේ දී ඇති අරුතට සමාන ය.
  • මන්ද ළඟ හෝ සමඟ යනරුත් දේ. 12වන සියවසෙහි බුත්සරණ ධර්ම වර්ණනාවෙහි මෙය ඇතුලත් ය.
  • කෝමන්තාන යම්කිසි පළදනාවක් ගැන සදහන් වෙ සින්හල බසෙහි මෙයට කෝනම ලෙස භාවිතා ක‍රයි මෙය උම්මග්ග ජාතකයේසදහන් වෙ. කෝමනම්දමිල භාෂාවේ වැදි ජනතාව අතීතයේදී පැළදු වස්ත්‍රයක් ලෙස කියවේ .[26]

සිංහල භාෂාවට සිදුකල උපස්තර අාභාෂ[සංස්කරණය]

ගයිගර් සහ ගෙයාර් ප්‍රකාර, අනෙකුත් ඉන්දු-ආර්ය භාෂා වලින් වෙන්කර දැක්විය හැකි වන ලෙසින් කිසියම් ගුණාංග සිංහල භාෂාව සතු වෙයි. මෙම වෙනස්කම් වලින් සමහරක්, වැදි භාෂාවෙහි පිතෘ පරම්පරාව වෙතින් සිංහල භාෂාව ලත් උපස්තර ආභාෂය ඇසුරෙන් පැහැදිලි කල හැක.[27] හෙළබසෙහි හෝ වැදිබසෙහි පමණක් අඩංගු වන බොහෝ වදන් මධ්‍ය හෝ පෞරාණික ඉන්දු-ආර්‍ය්‍ය භාෂාවලට ලුහුබැඳිය නොහැක. පොදු නිදසුන් ලෙස කොළ හෙළයෙහි හා වැදිබසෙහි පත්‍රයට ද, දොළ හෙළයෙහි ආශාවට හා වැදිබසෙහි ඌරාට ද භාවිතා වේ. තවත් පොදු වදන් ලෙස වල්තාරාවාට රෙර ලෙසද, පාෂාණවලට ගල ලෙස යනාදී බොහෝ පද දිවයින පුරා සොයාගත හැක.[2] සිව්හෙළ භාෂාවෙහි කයේ කොටස්වලට බැවහැරෙනා ඔළුව, කකුල, බෙල්ල හා කලවා යන වචනද ප්‍රාග්-සිංහලීය භාෂාවලින් බිඳීවුත් ඇත.[28] 13වන සියවසේ ලියැවුනු සිංහලයේ පුරාතනම ව්‍යාකරණ ගත වන සිදත්සඟරාව තුල ආදි හෙළයටම ආවේණික වූ නිෂ්පන්න වදන් පෙළක් හඳුනාගෙන ඇත. එම වදන් පෙළෙහි නරඹ (බැල්ම) හා කොළඹ (වරාය/නැව්තොට) යනාදී වචන නිපන් මූලාශ්‍රයකට අයත් බවද සඳහන් ය. කොළඹ යන වදන සිරිලක වාණිජාගනුවර කොළඹ නගරයට දැන් භාවිතා කරයි.[29][30]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. වේදාර් සින්ගලම්හි දමිළ වදන් බොහොමයක් මිශ්‍ර ව පැවැතෙන්නේ, අතීතයේ යම් තැනෙක වැද්දන් ද්විභාෂික වුණ ද, තවදුරටත් එම දෙබස වෙන්කර ත්බාගැන්මට වැදිදනන් අපොහොසත් වීම හේතුවෙනි.

ආශ්‍රිත[සංස්කරණය]

උපුටා දක්වන ශාස්ත්‍රීය ග්‍රන්ථ[සංස්කරණය]

  • International Labour Office (1953). Indigenous peoples: living and working conditions of aboriginal populations. Geneva: International Labour Office. 
  • Dharmadasa, K.N.O (February 1974). "The Creolization of an Aboriginal language:The case of Vedda in Sri Lanka (Ceylon)". Anthropological Linguistics. Indiana University. 16 (2): 79–106. 
  • Samarasinghe, S. W. R. de A (1990). The Vanishing aborigines : Sri Lanka's Veddas in transition. International Centre for Ethnic Studies in association with NORAD and Vikas Pub. House. ISBN 978-0-7069-5298-8. 
  • Gair, James (1998). Studies in South Asian Linguistics. New York: Oxford University Press. ISBN 0-19-509521-9. 
  • Van Driem, George (Jan 15, 2002). Languages of the Himalayas: An Ethnolinguistic Handbook of the Greater Himalayan Region. Brill Academic Publishers. ISBN 90-04-10390-2. 
  • Blundell, David (2006). "Revisiting cultural heritage in Sri Lanka: The Vedda (Vanniyaletto)". Bulletin of the Indo-Pacific Prehistory Association. Australian National University. 26: 163–167. 
  • Indrapala, Karthigesu (2007). The evolution of an ethnic identity: The Tamils in Sri Lanka C. 300 BCE to C. 1200 CE. Colombo: Vijitha Yapa. ISBN 978-955-1266-72-1. 

බාහිර මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වැදි_භාෂාව&oldid=416716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි