හොරණ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හොරණ
පළාතබස්නාහිර පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
වෙබ් අඩවිය[1]

හොරණ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. කොළඹ සිට කි.මි. 42 දුරින් පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව හොරණ නගරය පිහිටා ඇත.

අතීතයේ හිරඤ්ඤ මළය නමින් හැදුන්වී යැයි මතයක් ඇත. රයිගම් කෝරළයේ අග නගරය ලෙසද සැලකේ. පත්තු හයකින් සමන්විත රයිගම් කොරළයේ රයිගම් කුඹුක පත්තුවට අතීතයේ හිරඤ්ඤමළය නොහොත් වත්මන් හොරණ අයත්විය. විජයාවතරණයට පෙර පටන් පවා හොරණ ප්‍රදේශයේ ජනාවාස පැවති බවට ජනප්‍රවාදගත සාධක හමුව ඇත. හිරණ් නම් යක්ෂ රජුගේ කතාව ඉන් එකකි. ඒ අනුව හිරණ්යක්ෂයාගේ කඳු යන අදහසින් හිරණ්‍යමළය ලෙසින් හඳුන්වා ඇත. අතීතයේ වත්මන් හොරණ නගරය පවතින ප්‍රෙද්ශයේ කුඩා වැව් කිහිපයක්ම පැවති බව කියවේ. තවද හොර+ අරණ හොරණ වී ඇතැයි විශ්වාසයක් පවතී.

  හොරණ නගරය තුල දර්ශනීය විහාරස්ථානයක් වශයෙන් හොරණ පූර්වාරාම විහාරස්ථානය හැඳින්විය හැකිය.

රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන[සංස්කරණය]

  • හොරණ රජමහා විහාරය - හොරණ රජමහා විහාරය ඓතිහාසික වැදගත් කමක් උසුලන විහාරස්ථානයකි. එහි අශ්ඨපල බෝධීන් වහන්සේ නමක් රෝපණය කර පැවති බවක් ඉතිහාසයේ කියවේ.
  • හොරණ ඇල්ලේ කන්දේ වනහාමිගේ ගල්ගුහාව
  • වීදියගොඩ රජමහ වෙහෙර
  • ඔලබොඩුවේ රජමහ වෙහෙර හා උපුල්වන් දේවාලය
  • පොකුණුවිට රජමහා වෙහෙර
  • වව්ලුගල පුරාණ ලෙන් රජමහා විහාරය

අසිරිමත් පාරිසරික ස්ථාන

හොරණ ඇල්ලේ කන්දේ දිය ඇල්ල හා පෝෂක ප්‍රෙද්ශය


ඇල්ලේ කන්ද ඇල්ල

හොරණ නගරයට ඉහළින් පවතින මේ අලංකාර මෙන්ම ඓතිහාසික දිය ඇල්ල ගැන බලධාරීන්ගේ අවධානය යොමුවන්නේ අවම වශයෙනි. අතීතයේ මෙන් නොව මෙහි ජල මට්ටම වැසි රහිත දිනවලදී තරමක අඩුවීමක් දක්නට ලැබේ. මෙයට හේතුවී ඇත්තේ ඇග්ගේ ඉහළ කොටසට වන්නට නිවාස තැනීමට එළිපෙහෙලි වී ඇති නිසාය. මේනිසා ඇල්ලේ කන්ද ජලාඝ්‍ර වල කුඹුක් මී ආදී පැළ සිටවා උල්පත් තෙතමනය ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදිය යුතුව ඇත.

නමුත් මෙම ස්ථානයේ ඇති පාරිසරක සුන්දරත්වය හා ඓතිහාසික වැදගත්කම නිසිලෙස වටහා ගත්තොත්  සංචාරක ආකර්ෂණය හොරණ නගරය වෙත ලබාගත හැකි ස්ථානයක් වනු ඇත.  සැබැවින්ම ඇල්ලේ කන්ද හා හොරණ අවට කලාපය ඓතිහාසිකව හඳුන්වනු ලැබුනේ හිරණමළය නොහොත් හිරඤ්ඤමළය ලෙසින.

හිරණ්‍යමළය එනම් ඇල්ලේ කන්ද අවට ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යනු ඇතැයි අප සැක කරයි. ඒ මන්ද යත් ප්‍රාග් මානවයාගේ දිවි පැවැත්ම පහසු කරලීමට අවැසි සියලු පහසුකම් ඇල්ල කන්ද අවට  පරිසරය පොහොසත්ය.

දියඇල්ල ඇතුළු දියදහරා, සෞම්‍යය දේශගුණය. වනහාමිගේ ගල්ගුහාව, විවිධ භූ විශමතායන්ගෙන් යුත් භූ පරිසරය එම මානව ජනාවාස කරණයට හේතු සාධක වන්නට ඇත. ජනප්‍රවාදගතව හොරණ ඇල්ලකන්ද අවට ප්‍රෙද්ශයට හිරණ්‍යමළය යන නාමය පටබැදීමට හේතු වී ඇත්තේ හිරණ්‍යක නම් පාලකයෙක්ගේ ජන්මභූමිය වූ නිසාය. හිරණ්‍යමළය ගැන මහාවංශ සටහන් කිහිපයක්ම පවතී. මහා විජයබාහු රජුගේ සටන් ව්‍යාපාරයේ හා දෙවන පැරකුම් රජුගේ සෙනවියෙක් වන දේව පතිරාජයන් ගැනද තොරතුරු පවතී.

පසුකාලයේ හිරණ්යමළය රයිගම රාජධාණියේ දීප්තිමත් පෙදෙසක්වූ අතර ඇල්ලේ කන්ද පෙදෙසේ වැවක් පැවති බව කියවේ.  හයවන පරාක්‍රමබාහු රජුගේ බිසවක් කුෂ්ඨ රෝගයක් තැනී මෙහි වාසය කළ පුවතක් නිසා ඇල්ලේ කන්දේ පවතින ඓතිහාසික ගල්ගුහාව වනහාමිගේ ගල්ගුහාව ලෙසින් හැදින්වේ.

මේ ආකාරයෙන් දැවැන්ත ඉතිහාසයක් සගවාගෙන පවතින ඇල්ලේ කන්දේ පවතින දිය ඇල්ල හොරණ නගරයටම ආභරණයකි. මෙම දිය ඇල්ල මේ තරම්වත් ආරක්ෂාවී පවතින්නේ සොරණ වතුයාය නිසාය. මෙය හොරණ නගරයේ උරුමයක් කොට සලකා සංරක්ෂණය කිරීම බලධාරීන්ගේ අත්‍යවශ වටිනාකමකි.


වනහාමිගේ කතාව

වනහාමි නමින් හැදින්වූයේ අතීත හිරඤ්ඤමළය හෙවත් වත්මන් හොරණ ඇල්ලේ කන්ද පෙදෙසේ පවතින ගල්ගුහාවටක විසූ හයවන පරාක්‍රමබාහු රජුගේ බිසවකි. මැය ආන්ද්‍රා කුමරියක් වූ අතර මුස්ලිම් ආක්‍රමණ නිසා පිරිමි තාපස වෙසක් ගෙන සිංහල දේශයට පැමිනියාය. මේ සමයේ සිංහලද්ධීපය පාලනය කළේ රයිගම අගනගරය කරගෙන වසර තුනක් සිටි සවෙණි පැරකුම්බා නිරිදුය. පසුව ඇය තාපස වෙස් ගෙන ඇති තරුණියක බව හෙළිදරව් විය. පසුව ඇය රජුගේ ප්‍රිය බිසවක් විය. නමුත් පසුකාලයේදී ඇයට බොවෙන කුෂ්ඨ රෝගයක් වැලදුන නිසා නැවතත් හොරණ ඇල්ලේ කන්දේ ගල් ගුහාවේ වාසයට යයි. ඇය මිය යන්නේද එහි බව ජනශ්‍රැතියේ එයි. වනහාමි සිටි ගල්ගුහාව නිසාවෙන් මෙය වනහාමිගේ ගල්ගුහාව ලෙස හඳුන්වයි.

මූලාඝ්‍ර- අසිරිමත් රයිගම- ජානක තරංග ආරියරත්න. රයිගම්පුර විත්ති -හොරණ වජිරඤ්ඤාන හිමි

හොරණ වතගෙත

හොරණ නගරය ඉතාම වේගයෙන් දියුණුවන නගරයකි. නමුත් හොරණ ප්‍රාෙද්ශීය සභා බලප්‍රෙද්ශය ග්‍රාමීය ලක්ෂණ පෙන්නුම් කරයි. සෞම්‍යය දේශගුනයක්ද පවතී. ලංකාවේ ජනප්‍රිය පාසැල් කිහිපයකින්ම පොහොසත්ය. බොහෝ කලාකරුවන්, විද්වතුන්, දාර්ශනිකයන් මෙන්ම අගමැතිවරයෙක් පවා බිහිකල පිංවත් භමියකි. මන්හිදාතුක රණ්‍යකස්සප නම් රාවණ රජු හා සමානව ලොව සුපතල රජුගේ ජන්මභූමිය යැයි පුවාදයක් පවතී. ඔහුගේ ගිරි අඩවිය යන අරුතෙන් හිරණ්‍යමළය නමින් අතීතයේ රයිගම් කෝරළයේ කුඹුක, උඩුගහ, හා නාගෙනහිර මුංවත්තබාගේ පත්තුව හැදින්වූ බව පෙනේ. මහා පරාක්‍රමබාහු යුගයේ පටන් රයිගම රජධිනියේ ආරක්ෂාව යටතේ දියුණුවට පත්වන මෙහි දෙවන පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකුවූ දේව පතිරාජයන් විසින් පතිරාජ පිරිවෙන පිහිටවයි. වර්තමාන හොරණ රජමහා විහාරයේ දක්නට ඇති නටඹුන් එහි නටබුන් යැයි සැක කෙරේ. හයවන පරාක්‍රමබාහු රජුගේ කළිගු බිසව කුෂ්ඨ බෝවන රෝගයක් වැලදීම නිසා හිරණ්‍යමළයේ (ඇල්ලේ කන්දේ) පැරණි සොහොන් ගල්ගුහාව පිළිසකර කර නතර කල බව කියැවේ. ඇයව ගම්වාසීන් වනහාමි ලෙසින් හැදින්වූ නිසා අද පවා මේ ගල්ගුහාව හදුන්වන්නේ වනහාමිගේ ගල්ගුහාව නමිනි. මෙතරම් ඓතිහාසික වටිනාකමක් පැවතියද රයිගම් කෝරළයේ ඓතිහාසික ස්ථාන කෙරෙහි බලදාරීන්ගේ පවතින්නේ කුඩම්මාගේ සැලකිලි වීම අවාසනාවකි.
















ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හොරණ&oldid=471613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි