Jump to content

ශ්‍රී ලංකාවේ ගමනාගමනය

විකිපීඩියා වෙතින්
නගරාන්තර දුම්රියක් දුම්රිය ස්ථානයේ නවතා ඇති අයුරු

ශ්‍රී ලංකාවේ ගමනාගමනය ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ මූලිකව කේන්ද්‍ර කරගත් මාර්ග ජාලයකින් සමන්විතවේ. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයකින්ද සමන්විත එය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ යටත්වැසි නීතියට අනුගත වූ හෙයින් එය වර්තමානයේ රටේ සමස්ත ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සපුරන්නේ සුළු ප්‍රමාණයකි. තවද යාත්‍රාකල හැකි ජලමාර්ග , වරායන් හා කොළඹට සැතපුම් 22ක් උතුරින් කටුනායක හා හම්බන්තොට ස්ථාපනය කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් දෙකකින්ද එය සමන්විත වේ. ශ්‍රී ලංකාව පුරා දිවෙන ගුවන්මාර්ග හා මහාමාර්ග ඉතා උසස් තත්වයේ පවතින අතර ඒවා නිසිපරිදි වැඩිදියුණු කෙරෙමින් පවති.

දුම්රිය මාර්ග පද්ධතිය

[සංස්කරණය]
මගී දුම්රියක් කොළඹදී (S10 DMU පන්තිය)
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ජාල සිතියම.

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමන පද්ධතිය ජනාකීර්ණ නගර යාකරමින් ඇදෙන නගරාන්තර දුම්රිය ජාලයකින් හා කොළඹ මගී තදබදයට පිලියමක් වූ මගී දුම්රිය ජාලයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය රටේ දුම්රිය ජාලයේ කිලෝමීටර 1450 ( සැතපුම් 901 ) ක් වූ දුම්රිය මාර්ගයන්හී මෙහෙයවීම් කටයුතු සිදු කරයි. කොළඹ යනු දුම්රිය ජාලයේ ප්‍රධාන මංසල වන අතර දුම්රිය මාර්ග පථ ශ්‍රී ලංකාවේ සියලු පලාත් වල ප්‍රධාන නගර යාකරමින් විහිදේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේ බොහෝ දුම්රිය මාර්ග වල ඉදිකිරීම් සිදුකෙරුන අතර කොළඹ සිට මහනුවර දක්වා වූ ප්‍රථම දුම්රිය මංතීරුව 1867 අප්‍රේල් 29 වන දින විවෘත කෙරිණි. බ්‍රිතාන්‍යයින් විසින් දුම්රිය ගමනාගමනය හදුන්වාදුන්නේ ප්‍රධාන තොටුපල වන කොළඹින් දුරස්ථව පිහිටුවා තිබූ ඔවුන් නිෂ්පාදනය කරන තේ, රබර්, පොල් වගාවන් වඩා ලාබදායීව ප්‍රවාහනය කර ගැනීම සදහාය. මේ නිසා මෙම දුම්රිය ජාලය එම වගාවන්ගේ සිට බෙදාහැරීම් කටයුතු කිරීම සදහා වඩාත් උචිත විය.


බ්‍රිතාන්‍යයින්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකීය ආර්ථිකය කෘෂිකර්මාන්තයට වඩා කර්මාන්ත ක්ෂේත්‍රය වෙත නැඹුරුවිය.එමෙන්ම මාර්ග පද්ධතිය වඩාත් පුළුල් වූ අතර ලොරි භාවිතය හදුන්වා දීමෙන් අනතුරුව භාණ්ඩ ප්‍රවාහනය වඩාත් වේගවත් වීම හේතුවෙන් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කෙරිණ. දුම්රිය ගමනාගමන පද්ධතිය ජනගහනය හා සේවා පද්ධතීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර වගා සහිත ප්‍රදේශවලට මූලිකව අවධානය යොමුකිරීම හේතුවෙන් දුම්රිය ගමනාගමන ක්ෂේත්‍රය විශාල වශයෙන් පාඩු ලැබීය.


වර්තමානයේ දුම්රිය ගමනාගමනය වඩාත් වේගවත් කිරීම හා කාර්යක්ෂම කිරීම උදෙසා නවීකරණය කිරීම් මෙන්ම මුහුදබඩ මාර්ගය තවත් දිර්ඝ කිරීම් වැනි කාර්යයන් ක්‍රියාත්මක වේ.[1] ශක්ති කාර්යක්ෂමතාවය ඉහල දැමීම හා වඩාත් ස්ථාවරව පවත්වාගැනීම අරමුණු කොටගෙන වර්ෂ 2010 දී දුම්රිය ගමනාගමන ජාලයේ කාර්යබහුලම අංශයන් විද්‍යුතනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාව ක්‍රියාත්මක නොවීය[2]. මේ වනවිට මුහුදුබඩ දුම්රිය මාර්ගය මාතර සිට හම්බන්තොට හරහා කතරගම තෙක් දීර්ඝ කිරීමකට ලක්වේ.[3]


ගමනාන්ත

[සංස්කරණය]

ශ්‍රී ලංකා දුම්රිය ජාලය ගැඹුරු පල්ලම් සහිත වූ උස්බිම් හරහා දිවෙන කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය වැනි ලෝකයේ දර්ශනීයම භූදර්ශන රැසක් ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා විහිදේ. දුම්රිය මාර්ග මහනුවර, ගාල්ල, මාතර, අනුරාධපුරය, ගම්පහ, මීගමුව, කුරුණෑගල, අවිස්සාවේල්ල, කළුතර, පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, ගම්පොල, නාවලපිටිය, මාතලේ, වවුනියාව, පුත්තලම හා හලාවත වැනි ප්‍රධාන නගර කොළඹ අගනගරය ගා සම්බන්ධවී පවතී. යාපනය, කන්කසන්තුරේ සහ මන්නාරම වෙත දිවෙන දුම්රිය මාර්ග එල්ටීටීය විසින් විනාශකර දමන ලදී. නානුඔය සිට නුවර එළියටත්, අවිස්සාවේල්ල සිට යටියන්තොට සහ අවිස්සාවේල්ල සිට රත්නපුරය හා ඕපනායක වෙත දිවෙන ප්‍රමාණයෙන් පටුවූ දුම් රිය මාර්ගයන් කිහිපයක් මෙහෙයුම් සදහා වූ මූල්‍යමය හිඟතාවයන් හේතුවෙන් අතහැර දමා තිබේ. .

කොළඹ සිට අවිස්සවේල්ලට දිවෙන ප්‍රමාණයෙන් පටු වූ කැලණි නිම්න මාර්ගය පසුකාලීනව පුළුල් මාර්ගයක් බවට පත්කරන ලදී. මෙම පුළුල් මාර්ග වෙනස උදෙසා එම මාර්ගය හරහා ඉදිවී තිබූ පාලම් හා බෝක්කු 1970 වසරේදී ශක්තිමත් කරත්, සැබෑ පරිවර්තනය වර්ෂ 1990 වනතෙක් සිදු නොවිණ.

1974 දී එවකට සිටි ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා පුළුල් කල හැකි විභවයන් පිළිබද අනාවරණය කල අතර පුත්තලම සිට අරුවකලු හරහා දිවෙන මුහුදුබඩ දුම් රිය මාර්ගය එහි ස්ථාපනය කර තිබූ සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවය සදහා තවත් දීර්ඝ කරන ලදී.[4]

2007 වර්ෂයේදී රජය විසින් 2014 වසර වනවිට ඉදි කිරීමට නියමිත මාතර - කතරගම ( කිලෝමීටර 113 ), පාදුක්ක - හම්බන්තොට - රත්නපුරය ( කිලෝමීටර 210 ), කුරුණෑගල-දඹුල්ල-හබරණ ( කිලෝමීටර 80 ) හා පානදුර-හොරණ ( කිලෝමීටර 18 ) මාර්ග පිලිබද සැලසුම් ඉදිරිපත් කලහ.[5]

මාර්ග ප්‍රවාහනය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සමස්ථ භූමි ප්‍රවාහනයෙන් සීයට අනූ තුනක ප්‍රතිශතයක් ඉටුකරන්නේ මාර්ග ප්‍රවාහනය මගිනි. 2013 වසරේ ඔක්තෝම්බර් මාසය වනවිට A හා B පන්තියේ මාර්ග කිලෝමීටර 12,000 ක් පමණද, අධිවේගී මාර්ග කිලෝමීටර 158.1 ක් පමණද සමස්ථ ශ්‍රී ලංකාව පුරා විහිදී තිබිණ.

B147 මහා මාර්ගයේ මාර්ග සලකුණ (බදුල්ල දිස්ත්‍රික්කය)

සමස්ත මාර්ග ප්‍රවාහන ජාලය A, B, C හා E පන්තියේ මාර්ග ලෙස කොටස් හතරකට බෙදේ.

  • E පන්තියේ මාර්ග - මෙම මාර්ග අධි වේගී, අධික තදබද සහිත තීරයන් හා මාර්ග තදබදය පාලනය කර නොහැකි A පන්තියේ මාර්ග වලට අනුගාමී මාර්ග ලෙසින් භාවිතා වේ.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 100
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 70[6]
  • B පන්තියේ මාර්ග - ප්‍රධාන ප්‍රාදේශීය මාර්ග වන අතර A හා E පන්තියේ මාර්ගවලට ශාඛා මාර්ග ලෙස කටයුතු කරයි.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 60
  • C පන්තියේ මාර්ග - දේශීය නේවාසික මාර්ගයන්ය.
:වේග සීමාව උපරිමය පැයට කිලෝමීටර 50

අධිවේගී මාර්ග

[සංස්කරණය]
අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ ආරම්භක සලකුණ

කොළඹ-මාතර අධිවේගී මාර්ගය කොළඹ, ගාල්ල හා මාතර යාකරමින් කිලෝමීටර 126 ක් දුරට විහිදෙන රථ මාර්ගයකි. මෙය ඉදිකරනු ලැබුවේ දකුණු පලාතේ ආර්ථිකයට රුකුලක් වශයෙනි.එමෙන්ම අනෙකුත් අධිවේගී මාර්ග මේ වනවිට යෝජනා මට්ටමේ හෝ තවමත් ඉදිකිරීම් මට්ටමේ තිබේ. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය හා පිටත වටරවුම අධිවේගී මාර්ගය (කොළඹ බයිපාස් මාවත) තවමත් ඉදිකිරීම් මට්ටමේ තිබෙන අතර කොළඹ පාදෙනිය අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජනා කර තිබේ.තවද, ශ්‍රී ලංකා රජය මගින් ප්‍රධාන අධිවේගී මාර්ග තුන ඒකාබද්ධ කරමින් තවත් උසස් අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට යොදනා කර තිබේ. [7]

අධිවේගී මාර්ග අංකය නම ආරම්භක ස්ථානය අවසාන ස්ථානය දුර(කි.මීටර) මංතීරු සංඛ්‍යාව වර්තමාන තත්වය වියදම (ඇ.ඩො) වියදම/කිලෝමීටරයට ( ඇ.ඩො )
 E01  කොළඹ-මාතර අධිවේගී මාර්ගය කොට්ටාව මාතර 126 4 (6 කට ප්‍රතිපාදන ඇත) භාවිතයේ පවතී[8] මිලියන 765.4 මිලියන 6.07
 E02  පිටත වටරවුම අධිවේගී මාර්ගය කොට්ටාව කෙරවලපිටිය 29 6 ඉදිකරමින් පවතී බිලියන 1.12 මිලියන 38.6[9]
 E03  කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය නව කැලණි පාලම කටුනායක 25.8 6,4 (6 කට ප්‍රතිපාදන ඇත) භාවිතයේ පවතී මිලියන 291[10] මිලියන 11.28
 E04  කොළඹ–මහනුවර අධිවේගී මාර්ගය[11] කඩවත කටුගස්තොට 98.9 4,6[12] ඉදිකරමින් පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය කටුනායක - අනුරාධපුර අධිවේගී මාර්ගය කටුනායක අනුරාධපුරය 184 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය දක්ෂිණ අධිවේගී මාර්ගය අනුරාධපුරය යාපනය 198 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය නැගෙනහිර අධිවේගී මාර්ගය අනුරාධපුරය ත්‍රීකුණාමලය 109 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය දකුණු-නැගෙනහිර අධිවේගී මාර්ගය හම්බන්තොට මඩකලපුව 257 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 1 කිරුලපන කඩවත 19 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 2 කොළඹ කොටුව කොට්ටාව 21 ? යෝජනා මට්ටමේ පවතී
ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතය කොළඹ මෙට්‍රෝපොලිටන් අධිවේගී මාර්ගය 3 කොළඹ කොටුව පෑලියගොඩ 5 ? යෝජනා මට්ටමේ පවතී

දේශීය මහාමාර්ග

[සංස්කරණය]
නුවර එළියේ ඇති A5 මහා මාර්ගයේ තිබෙන මාර්ග සලකුණක්

ශ්‍රී ලංකාවේ දේශීය මහාමාර්ග පද්ධතිය ‘A’ හා ‘B’ පන්තියේ මාර්ග ලෙසින් වර්ගීකරණයට ලක් කර තිබේ. A පන්තියේ මාර්ග තවදුරටත් ‘AA’, ‘AB’ හා ‘AC’ පන්ති ලෙසින් බෙදා වෙන්කර තිබේ.

මාර්ග පන්තිය දුර
'A' පන්තියේ මාර්ග කිලෝමීටර 4221.37
'AA' පන්තියේ මාර්ග කිලෝමීටර 3724.26
'AB' පන්තියේ මාර්ග කිලෝමීටර 466.92
'AC' පන්තියේ මාර්ග කිලෝමීටර 30.19
'B' පන්තියේ මාර්ග කිලෝමීටර 7943.65
ශ්‍රී ලංකාවේ සමස්ත A හා B පන්තියේ මාර්ගයන් කිලෝමීටර 12165.02[13]

නිරිත දෙසට වන්නට විශේෂයෙන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන්හී මාර්ග ඝනත්වය ඉහල අගයක් ගනී.තාර යෙදීමෙන් සමතලා කර ඇති මහාමාර්ග හා යොදා ඇති මාර්ග සලකුණු හේතුවෙන් මහාමාර්ග පද්ධතිය ඉතා ඉහල තත්වයේ පවතී.මාර්ග පද්ධතිය කොළඹ හා ඒ අවට ආශ්‍රිතව දැඩි ලෙස විහිදී තිබේ.එමෙන්ම ඇතැම් ගම්බද මාර්ග ඉතා අඩු තත්වයේ පවතී. ශ්‍රී ලංකාව පුරා වඩාත්ම භාවිත කරන මාර්ග කාලාන්තරයෙන් කාලාන්තරයට නවීකරණය හා වැඩිදියුණු කිරීම් සිදුකෙරේ.ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවහන කටයුතු මෙහෙයවීම පාඩු සහිත වුවත් එහි පොදු ගමනාගමන සේවය බෙහෙවින් ව්‍යාප්තව තිබේ.[14]

බස් ගමනාගමනය

[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ බස් රථයක්
ශ්‍රී ලංකාවේ බස් රථයක් තුල ( බදුල්ල දිස්ත්‍රික්කය )
කොළඹ නගරයේ තට්ටු දෙකේ බස් රථයක්

බස් රථ යනු පොදු ප්‍රවාහන සේවයේ ප්‍රමුඛතම මාධ්‍යයයි. බස් රථ ධාවන සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ( ශ්‍රීලංගම ) හා පෞද්ගලික බස් ධාවනයන්ගෙන් සපිරේ. ශ්‍රී ලංගම විසින් නාගරික මෙන්ම ග්‍රාමීය මංමාවත් සදහාද සිය සේවය සපයයි.බොහෝ පාඩු ලබන ග්‍රාමීය ප්‍රදේශයන්හී පවා ඔවුන් සිය සේවය ලබාදෙන අතර එය පෞද්ගලික බස් සේවයන් සදහා අනාකර්ෂනීය වේ.[14]

කොළඹ නගරය සතුව බස්රථ උදෙසා පුළුල් පොදු ප්‍රවාහන පද්ධතියක් තිබේ.පිටකොටුවේ ස්ථාපනය කර ඇති මධ්‍යම බස් නැවතුම්පල කොළඹ නගරයේ බස් රථ ප්‍රවාහනයේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරයි.[15] කොළඹ නගරයේ මාර්ග ජාලය, නගර මධ්‍යය හා දිස්ත්‍රික් මධ්‍යස්ථාන සම්බන්ධ කෙරෙන වක්‍රාකාර සම්බන්ධකයින්ගෙන් ( අක්මාවත් ) හා අක්මාවත් ඡේදනය කරන කක්ෂීය සම්බන්ධකයන්, කාර්යබහුල වේලාවන්හී ඇති අධික මාර්ග තදබදය මගහැරීම සඳහා වෙන්කරන ලද බස් රථ මාර්ගයන් යොදා නොගනිමින් බොහෝ බස් ගමන් පථයන් වක්‍රාකාර සම්බන්ධකයන් යොදාගනී..[16] කොළඹ නගරයට BRT පද්ධතියක් යෝජනා වී ඇතත් තවමත් එය ඉදිකීරීම ආරම්භ කර නොමැත.[17][18]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාකීර්ණ ප්‍රදේශයන් නගරාන්තර රථ මාර්ගයන් මගින් සම්බන්ධ කර තිබේ. E01 අධිවේගී මාර්ගය සදහා අල්ප සේවාවන් රැසක් පමණක් හිමිව තිබෙන අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා නවීන ලංකා අශෝක් ලේල්න්ඩ් බස් රථ යොදාගැනේ.[19]

2011 වර්ෂයේදී ශ්‍රීලංගමය විසින් එහි වියැකී දිරාපත් වන බස් රථ වෙනුවෙන් නවතම බස් රථ හදුන්වා දීමට කටයුතු සම්පාදනය කරන ලදී. එමෙන්ම වොල්වෝ ඉන්දියා සමාගමේ[20] නවතම වොල්වෝ 8400 බස් රථ ප්‍රධාන රථ මාර්ගයන්හී සේවයේ යොදවා තිබේ.[21]

වාරිමාර්ග

[සංස්කරණය]

ශ්‍රී ලංකාව සතුව කිලෝමීටර 160 ක් යුත් ස්වදේශීය වාරිමාර්ග පද්ධතියක් ( ප්‍රධාන වශයෙන් නිරිත දිග ගංගාවන්හී ) හිමි අතර ඒවායේ යාත්‍රා කරන්නේ මෝටර් යාන්ත්‍රික බෝට්ටු මගිනි.

නලමාර්ග

[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුල බොරතෙල් හා ඛනිජතෙල් සදහා කිලෝමීටර 62 කින් යුත් නලමාර්ග ඉදිකර තිබේ ( 1987 වාර්තා වලට අනුව ).

නැවු තොටවල් හා වරායන්

[සංස්කරණය]
කොළඹ වරායේදී කන්ටේනර පාලනය

ශ්‍රී ලංකාව සතුව කොළඹ, හම්බන්තොට, ගාල්ල, හා ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වල වක්කලම් නැවුතොටවල් පිහිටා තිබෙන අතර කොළඹ ඒවායින් විශාලතම නෞභාරය දරයි.

කොළඹ වරාය

[සංස්කරණය]

2008 වසරේදී වරායේ ඇස්තමේන්තු ගත කල ධාරිතාව 4.1 TEU පමණ වේ.කොළඹ වරාය මගින් සිදුකල මහා පරිමාණ පුළුල්කරණ ව්‍යාපෘතිය හේතුවෙන් නොසිතූ පරිදි වරායේ ධාරිතාව හා ශක්‍යතාවයන් වැඩි දියුණු විය.[22] 2012 වසරේ අප්‍රේල් මස 11 වන දිනට නිමකිරීමට අපේක්ෂා කල මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් මෙහෙයවූ අතර Hyundai ඉන්ජිනේරු හා ඉදිකිරීම් සමාගම මගින් ගොඩනැංවීමේ කටයුතු කලහ.මෙම පුළුල්කිරීමේ ව්‍යාපෘතිය දිගින් මීටර 1200 ක් හා ගැඹුර මීටර 18 ක් ( අඩි 59 )( මීටර 23 ක් ( අඩි 75 ) දක්වා තවත් ගැඹුරු කල හැක ) වන නව පර්යන්ත සතරකින් සමන්විත වන අතර ඒ සෑම පර්යන්තයක්ම නැංගුරම් 3 බැගින් බහාලීමට ඉඩ අවකාශ සලසා දෙයි.වරායේ පළල මීටර 560 ක් පමණ වන අතර එහි ගැඹුර මීටර 20 කි.එමෙන්ම වරායේ ද්‍රෝණිකාවේ ගැඹුර මීටර 18 ක් හා හැරවුම් වක්‍රය මීටර 600 ක් පමණ වේ. මෙය නිමවීමෙන් පසුව වාර්ෂික කන්ටේනර පරිහරණ ධාරිතාව දල වශයෙන් මිලියන 4 TEU සිට මිලයන 12 TEU දක්වා ඉහල නැගේ.එලෙසම එය 12000 TEU පමණ රැගෙන යා හැකි විශාල කන්ටේනර යාත්‍රා පවා ඇතුල් කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දෙයි.

හම්බන්තොට වරාය

[සංස්කරණය]

හම්බන්තොට වරායේ ගොඩනැගීමේ කටයුතු ආරම්භ වූයේ 2008 වර්ෂයේ ජනවාරි මාසයේය.එය කොළඹ වරායෙන් පසුව ඇති ශ්‍රී ලංකාවේ විශාලතම වරායයි.හම්බන්තොට වරාය මගින් හම්බන්තොටට නාවික සැතපුම් හයත් දහයත් අතර දුර ප්‍රමාණයක් දකුණින් පිහිටා ඇති නැගෙනහිර-බටහිර නැවු මාර්ගය වැනි ලෝකයේ කාර්යබහුලම නැවු මාර්ග වල ගමන්ගන්නා නෞකා සදහා සිය සේවය සපයයි.පළමු අදියරේදී හම්බන්තොට වරාය පොදු භාවිතය උදෙසා මීටර 600 ක් පමණ වන නැංගුරම්පලවල් දෙකකින් සමන්විත වන අතර එයට මීටර 310 ක දිගකින් යුත් ඉන්ධන බහාලන නැංගුරම්පලක් හා මීටර 120 ක දිගකින් යුත් කුඩා පරිමාණයේ යාත්‍රා සදහා වූ නැංගුරම්පලක් අන්තර්ගත වේ[23] එලෙසම එය ඉන්ධන බහාලුම් සේවාවකින් හා නාවික ඉන්ධන ටැංකි 8ක්, ගුවන් තරණ ඉන්ධන ටැංකි 3ක් හා ද්‍රව ඛණිජතෙල් වායු ( LPG ) ටැංකි 3ක් අඩංගු ටැංකි ගබඩා ප්‍රදේශයකින්ද සමන්විත වේ. මහල් 15 කින් යුත් පාලන සංකීර්ණයක්ද නිපදවීම මෙම ව්‍යාපෘතියේ එක් පියවරකි.අවසාන අදියරයන්හීදී වරායේ සමස්ත ධාරිතාව වසරකට මිලියන 20 TUE දක්වා ඉහල දැමීමට සැලසුම් කොට ඇත. මෙය නිමකිරීමෙන් අනතුරුව මෙම වරාය 21 වෙනි සියවසේ ඉදිකල විශාලතම වරාය බවට පත්වෙනු ඇත.[24]

දික්ඕවිට ධීවර වරාය

[සංස්කරණය]

මෙම වරාය බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ස්ථාපනය කර ඇත . මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු කර ඇති වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 73 කි.එය උපක්‍රමශීලීව කොළඹ වරායට හා ගුවන්තොටුපලට සමීපවන ලෙස ස්ථාපනය කර තිබේ.මෙම දික්ඕවිට ධීවර වරාය, ආසියාවේ විශාලතම ධීවර වරාය බවට ඉදිකීරීමෙන් අනතුරුව පත්වෙනු ඇත.එය මාළු ආනයනය කරන රටවල ( යුරෝපා රටවල්, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය ) ඉල්ලුම පරිදි සිය අවශ්‍යතාවයන් භාණ්ඩ බහාලීම් හා ඇසුරුම් සදහා සපයා දෙනු ලැබේ.එමෙන්ම මෙය මෝදර ධීවර වරායට ආදේශකයක් ලෙස කටයුතු කරයි. මෙයින් සැපයෙන මූලික පහසුකම් අතරට අපනයන තත්වයේ ධීවර යාතා සදහා දකුණු ද්‍රෝණිකාව ද, දේශීයව ලියාපදිංචි කල ධීවර යාත්‍රා සදහා උතුරු ද්‍රෝණිකාවද, බෝට්ටු අළුත්වැඩියාව සදහා සේවා පහසුකම් සැපයීමද, පිරිසිදුකිරීම්,එසවීම් හා මත්ස්‍ය සැකසුම් පහසුකම් වෙනුවෙන් අධිශීත කාමර තුනකින්ද සමන්විතව ලබාදෙන දායකත්වය අන්තර්ගතවේ.[25]

කන්කසන්තුරේ වරාය

[සංස්කරණය]

යාපනයට උතුරින් කන්කසන්තුරේ ප්‍රදේශයේ මෙම වරාය පිහිටා තිබේ.නොගැඹුරු මුහුදේ හා සුලං වලට ඔරොත්තු දෙමින් යාත්‍රා කල හැකි නෞකා අන්තර්ගත වන මෙය සිවිල් යුද්ධ කාලයේදී ක්‍රියාත්මක නොවීය. කන්කසන්තුරේ වරාය ඉන්දියාවේ සහය ඇතිව නැවතත් ප්‍රතිස්ථාපනය කල අතර තවදුරටත් වරාය ගැඹුරුකරණයේද යෙදිණ.[26]

වෙළඳ නැවු සේවාව

[සංස්කරණය]

මුළු ප්‍රමාණය: නෞකා 21 (දල ලියාපදිංචි ටොන් ප්‍රමාණය ( GRT ) 1000 ක් හෝ වැඩි) සමස්ථයක් ලෙස නිත්‍යභාරය ( DWT ) 192,190 GRT/293,832 මෙට්‍රික් ටොන්

වර්ගය අනුව නෞකා: තොග භාණ්ඩ වාහක 4, භාණ්ඩ නෞකා 13, රසායනික තෙල් පටවන නෞකා 1, කන්ටේනර රදවන නෞකා 1, ඛණිජතෙල් පටවන නෞකා 2 ( 2010 වාර්තා වලට අනුව ).

ගුවන්තරණ සේවය

[සංස්කරණය]
මිහින් ලංකා ගුවන්යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන පර්යන්තයේදී

ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති ජාත්‍යන්තර ගුවන්තොටුවපලවල් අතරට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මේවනවිට අළුත්වැඩියා කටයුතු වල යෙදෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළද අන්තර්ගත වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය

[සංස්කරණය]

ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ජාතික ගුවන් ප්‍රවාහන සමාගමයි.1979 වසරේදී එයාර් සිලෝන් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම සමාගම පසුව විදේශීය හිමිකාරත්වයත් සමග 1998 වර්ෂයේදී එම නම මෙලෙස වෙනස් කෙරිණ.එය මූලික මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකාවේ කොළඹ අගනගරයේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ආසියාවේ හා යුරෝපයේ ගමනාන්ත දක්වා මෙහෙයුම් කටයුතු සිදු කරයි. ගුවන් සමාගමේ ප්‍රධාන කාර්යාලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇති ගුවන් සමාගම් මූලස්ථානයේ පිහිටුවා ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවය 2014 වසරේ මැයි 1 වන දින වන්වර්ල්ඩ් නම් ගුවන් සේවා සන්ධානය සමග එකතු විය.[27] මෙම ගුවන් සමාගම මේ වනවිට රටවල් 34 ක ගමනාන්ත 62 ක් සදහා සිය සේවා දායකත්වය සපයයි.[28] එමෙන්ම මිහින් ලංකා යනු අවම ගමන් ගාස්තුවක් යටතේ ප්‍රවාහන පහසුකම් සපයන ශ්‍රී ලාංකික හිමිකම ඇති ගුවන් සමාගමකි.

ගුවන් තොටුපලවල්

[සංස්කරණය]

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කොළඹට කිලෝමීටර 35 ( සැතපුම් 22 ) ක් උතුරින් කටුනායක ස්ථාපනය කර තිබේ. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල හම්බන්තොටට උතුරින් මත්තල ස්ථාපනය කර තිබේ.මේ වනවිට සිදුකරන අළුත්වැඩියා කටයුතු වලින් පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල අඩ සියවසකට පසුව නැවතත් සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීමට සූදානමින් සිටියි.[29]

දේශීය ගුවන්තරණ සේවය

[සංස්කරණය]

ගුවන්යානා රත්මලාන ගුවන්තොටුපලේ සිට නොයෙකුත් දේශීය ගමනාන්ත වෙත සම්බන්ධවී තිබේ.

දේශීය මෙහෙයුම්කරුවන්

ශ්‍රී ලංකාවේ ඇති සමස්ථ ගුවන් තොටුපලවල් සංඛ්‍යාව 18 කි. ( 2012 වාර්තා වලට අනුව ).

ප්‍රමිතිකරණය වූ ගුවන් ධාවන පථ සහිත ගුවන්තොටුපලවල්
සමස්ථ 15
මීටර 3,047ට වැඩි 2
මීටර 1,524 සිට 2,437 දක්වා 6
මීටර 914 සිට 1,523 දක්වා 7
ප්‍රමිතිකරණය නොවූ ගුවන් ධාවන පථ සහිත ගුවන්තොටුපලවල්
සමස්ථ 4
මීටර 1,524 සිට 2,437 දක්වා 1
මීටර 914ට අඩු 3

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Dailymirror". No trains between Galle and Kalutara South. 2011-04-23. 2011-10-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.
  2. ^ "Daily News". IESL proposes railway electrification project. 2010-12-25.
  3. ^ "Rail Finance: Sri Lanka south railway financed by US$278mn China credit". Lanka Business Online. 23 August 2012. 9 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 September 2012.
  4. ^ "Transportation in Sri Lanka". www.lankaholidaystrip.com. සම්ප්‍රවේශය 27 Oct 2013.
  5. ^ "Pointeers". Railway Gazette International. 2007-02-01. 2007-11-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11.
  6. ^ Gamini Gunaratna, Sri Lanka News Paper by LankaPage.com (LLC)- Latest Hot News from Sri Lanka (2013-01-25). "Sri Lanka : Sri Lanka to introduce new speed limits on roads". Colombopage.com. සම්ප්‍රවේශය 2014-02-14.
  7. ^ "Sri Lanka to construct three elevated highways to ease traffic congestion". News.lk. 2012-01-12. සම්ප්‍රවේශය 2014-02-14.
  8. ^ Wijesundara, Janaka (27 November 2011). "Sri Lanka's first highway, Southern Expressway opens". The Nation. සම්ප්‍රවේශය 9 February 2013.
  9. ^ "Outer Circular Highway". www.rda.gov.lk. සම්ප්‍රවේශය 28 Oct 2013.
  10. ^ "Sri Lanka President opens Chinese funded expressway linking Katunayake airport to capital". colombopage. 27 Oct 2013. 22 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 April 2014.
  11. ^ "Govt. To Finalize Colombo-Kandy Highway In Two Months | The Sunday Leader". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2014-02-14.
  12. ^ "Sri Lanka News | Online edition of Daily News - Lakehouse Newspapers". Dailynews.lk. 2011-09-12. සම්ප්‍රවේශය 2014-02-14.
  13. ^ "National Highways in Sri Lanka (Class "A" and "B" Roads)". www.rda.gov.lk. සම්ප්‍රවේශය 31 Oct 2013.
  14. ^ a b "Sri Lanka Transport Board to import 2,000 single door buses for rural transportation". ColomboPage. 2011-12-05. 2012-04-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-12-06.
  15. ^ "Transport in Colombo". Lonely Planet. Lonely Planet Publications. සම්ප්‍රවේශය 2009-04-28.
  16. ^ Cader, Fathima Razik (23 January 2004). "One-way streets in Colombo". Daily News. The Associated Newspapers of Ceylon Ltd. සම්ප්‍රවේශය 2009-04-27.
  17. ^ Mushtaq, Munza (2006-07-05). "Sri Lanka to get a Bus Rapid Transit System courtesy Japan". Asian Tribune. 2014-02-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-12-14.
  18. ^ http://www.gobrt.org/BRTinAsia.pdf BRT Planned or Under Construction in Asia
  19. ^ Perera, Chaminda (2012-01-03). "Toning Southern Expressway: Luxury bus service starts today". Ceylon Daily News. සම්ප්‍රවේශය 2012-01-04.
  20. ^ Volvo Buses (2011-07-13). "Volvo City Bus Trial Begins in Colombo - press releases India". Volvo Buses. සම්ප්‍රවේශය 2014-02-14.
  21. ^ "More luxury buses in Colombo". nation.lk. සම්ප්‍රවේශය 2014-02-14.
  22. ^ "South harbour to be best hub". www.slpa.lk. සම්ප්‍රවේශය 27 Oct 2013.
  23. ^ "Development of Port in Hambantota". Sri Lanka Port Authority. සම්ප්‍රවේශය 2010-03-10.
  24. ^ B. Muralidhar Reddy (2010-11-18). "Hambantota port opened". THE HINDU. සම්ප්‍රවේශය 2010-11-20.
  25. ^ "About Harbour / Main Objectives / Main Facilities / Berthing Facility / Servicing Facility / Fish Processing Facility". www.cfhc.lk. සම්ප්‍රවේශය 27 Oct 2013.
  26. ^ R.K. Radhakrishnan (2011-07-21). "India, Sri Lanka MoU to re-build port". THE HINDU. සම්ප්‍රවේශය 2011-07-27.
  27. ^ "SriLankan Airlines to join Oneworld Alliance". www.oneworld.com. සම්ප්‍රවේශය 28 Oct 2013.
  28. ^ "Flight Routes". www.srilankan.com. සම්ප්‍රවේශය 28 Oct 2013.
  29. ^ "Private jets to fly to R'lana A'port". Daily Mirror. සම්ප්‍රවේශය 27 September 2011.

වෙනත් සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_ගමනාගමනය&oldid=689251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි