රෝසි සේනානායක
රෝසි සේනානායක | |
|---|---|
| කොළඹ නගරාධිපති | |
| තනතුර දරමින් මාර්තු 19 2018 | |
| අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී | |
| තනතුර දරමින් සැප්තැම්බර් 15 2015 – මාර්තු 19 2018 | |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
| ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය | |
| තනතුර දරමින් ජනවාරි 12 2015 – අගෝස්තු 17 2015 | |
| පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් අප්‍රේල් 22 2010 – ජූනි 26 2015 | |
| බහුතරය | 66,357 වරණීය ඡන්ද |
| බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක | |
| තනතුර දරමින් 2009–2010 | |
| මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් | |
| තනතුර දරමින් 2001–2004 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 5 ජනවාරි 1958 කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය (ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| කලත්‍රයා | අතුල සේනානායක |
| ළමයි | කනිෂ්ක තිසාක්‍ය රාධ්‍යා |
| රැකියාව | දේශපාලනය |
| වෘත්තිය | ක්‍රියාකාරිනිය |
රෝසි සේනානායක | |
|---|---|
| Title | විවාහක ලෝක රූ රැජින 1985, Miss Asia Pacific International 1981, ශ්‍රී ලංකා රූ රැජින 1980 |
බර්නඩින් රෝස් සේනානායක (1958 ජනවාරි 5[1]) හෙවත් රෝසි සේනානායක යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක[2] හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.[3]
ඇය 2018 සිට 2023 දක්වා කොළඹ නගරාධිපතිනිය ලෙස සේවය කළ අතර එම තනතුරට පත්වූ කොළඹ නගරයේ ප්‍රථම කාන්තාව ලෙස සැලකේ.[4]
ඇය 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස සේවය කළාය.[5]2015 දී ඇය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් විය.[4]
මුල් ජීවිතය
[සංස්කරණය]රෝසි සේනානායක 1958 ජනවාරි 5 දින කොළඹ නගරයේ උපත ලැබීය.[6]
රූ රැජින ජීවිතය
[සංස්කරණය]1980 දී ඇය Miss Sri Lanka කිරුළ දිනාගත්තාය.[5] 1981 දී ඇය Miss Asia Pacific තරඟයේ ජයග්‍රහණයක් ලබාගත්තේය.[5]
1984 දී පැවති මිසිස් වර්ල්ඩ් (Mrs. World) තරඟයේ ජයග්‍රාහිකාව ලෙස ඇය පත්වූ අතර එය එම තරඟයේ ප්‍රථම ජයග්‍රාහිකාව ලෙස සැලකේ.[5]
රාජ්‍ය තාන්ත්‍රික සේවය
[සංස්කරණය]2001 සිට 2004 දක්වා ඇය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස සේවය කළාය.[3]
දේශපාලන ජීවිතය
[සංස්කරණය]රෝසි සේනානායක ශ්‍රී ලංකාවේ දේශපාලනයට සක්‍රීයව පිවිසියේ එක්සත් ජාතික පක්ෂය (UNP) සමඟ සම්බන්ධ වීමෙන් පසුවය.[5]
2009 දී පැවති පළාත් සභා මැතිවරණයෙන් ඇය බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. පසුව ඇය එම සභාවේ විපක්ෂ නායකවරිය ලෙසද කටයුතු කළාය.[5]
2010 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.
2015 දී බලයට පැමිණි රජයේදී ඇය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කරන ලදී.[5]
ඇය දේශපාලනය තුළ කාන්තා අයිතිවාසිකම්, ළමා සංවර්ධනය සහ සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරීව කටයුතු කළාය.
2018 දී පැවති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇය කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් විය.[7] ඇය 2018 මාර්තු 22 දින නිල වශයෙන් එම තනතුරේ කටයුතු භාර ගත්තාය.[3]
කොළඹ නගරාධිපතිනිය ලෙස ඇය නගර පරිපාලනය, නගර පිරිසිදුකරන වැඩසටහන් සහ සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළාය.[8]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ PP රෝසි සේනානායක
- ^ පාර්ලිමන්ට් ප්‍රොෆයිල්
- ^ a b c "රෝසි සෙන්ඩ්-ඕෆ් ෆෝර් සේනානායක.(July, 2004)".
- ^ a b "Rosy assumes duties as first female mayor of Colombo". Colombo Gazette. 22 මාර්තු 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- ^ a b c d e f g "Rosy Senanayake – She Can". Daily Mirror. 8 මැයි 2021. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- ^ "Rosy Senanayake". Lanka Woman. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- ^ "UNP gets Colombo, Rosy to be first CMC female Mayor". Colombo Gazette. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
- ^ "Colombo's first female Mayor Rosy Senanayake assumes duties". Ada Derana. 22 මාර්තු 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.