Jump to content

බදුල්ල

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්

බදුල්ල
Badulla
නගරය
බදුල්ල ඔරලෝසු කණුව
බදුල්ල ඔරලෝසු කණුව
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයබදුල්ල දිස්ත්‍රික්කය
ආණ්ඩුව / පරිපාලනය
  අධිකරණ වර්ගයබදුල්ල මහනගර සභාව
සරිය
  මුළු10 කිමී2 (4 සතරැස් සැත)
උන්නතාංශය680 මී (2,230 අඩි)
ජනගහණය(2011)
  මුළු47,587
  ඝණත්වය4,387/කිමී2 (11,360/වර්ග සැත)
ජනනාමය(න්)Badullians
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඌව පළාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වේ පිහිටා ඇත. මහනුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොළඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොළඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොළඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හම්බන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

සංචාරක ආකර්ෂණ

ජන සංඛ්‍යානය

ජන වර්ගයමුඵ ජනගහනයප්‍රතිශතය %‍ ට
සිංහල 1984365.23
ශ්‍රි ලාංකීය මුස්ලිම් 942221.49
ශ්‍රි ලාංකීය දෙමළ 2,7176.64
ඉන්දියානු දෙමළ1,9894.86
වෙනත් ( බර්ගර්, මැලේ)ඇතුළත්ව7351.80
එකතුව40,920100

ගැලරිය

සිතියම්

මූලාශ්‍ර

  1. "ටෙම්පල් ඉන් ඕනර් ඔෆ් කිංග්". මිනුබේ. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
"https://si.wikipedia.org/w/index.php?title=බදුල්ල&oldid=795270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි