තංගල්ල

විකිපීඩියා වෙතින්
තංගල්ල
Tangalle
නගරය
තංගල්ල මුහුදු වෙරළ
තංගල්ල මුහුදු වෙරළ
රටශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)

තංගල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් වෙරළ තීරයේ පිහිටා ඇති නගරයකි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වේ. මාතර දිස්ත්‍රික්කයට ආසන්නවම පිහිටා ඇති නිසා, දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව මෘදු දේශගුණික තත්වයක් මෙහි වේ.

නාමය[සංස්කරණය]

"තංගල්ල" යන සිංහල නම ලැබී ඇති අයුරු පිළිඹඳව ජනප්‍රවාදයේ විවිධ මතිමතාන්තර පැවතියත් ඉන් ප්‍රධාන මතය වන්නේ තපස්සුභල්ලුක වෙළඳ දෙබැයන් විසින් බුදුන් වහන්සේගේ කේෂ ධාතු වඩමවාගෙන ඒමේදී අතරමගදී මුව දොවා ගැනීමට එක්තරා ප්‍රදේශයකට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා විසින් ධාතූන්වහන්සේ අසල ඇති ගලක් මත තබා මුව දොවනය කිරීමට ගොස් ඇති අතර මොහොතකින් "රාං" ගා ශබ්දයක් අසී ඇති බැවින් දෙදෙනා හැරී බැලූ විට දැක ඇත්තේ ධාතූන් වහන්සේ අවකාශයේ වැඩ වාසය කරද්දී එම ගල පැලී ගොස් ඇති බවයි. ඉන් අනතුරුව එම ප්‍රදේශයට "රාංගල" යන නම භාවිතා කැර ඇති අතර පසුව එය "රාංගල්ල" , "රංගල්ල" ලෙසත් වෙනස් වී වර්ථමානයේ භාවිතා කරන "තංගල්ල" ලෙස වෙනස් වී ඇති බවයි.

සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසත්, ධීවර වරායක් ලෙසත්, තංගල්ල නගරය කලාපිකව වැදගත් වේ. වෙරළාසන්නයේ පිහිටා ඇති පෞරාණික ඕලන්ද කොටුව නූතනයේදී බන්ධනාගාරයක් ලෙස භාවිත කෙරේ. මුල්කිරිගල ඉපැරණි විහාරස්ථානය වෙත පිවිසුම් ස්ථානයක් ලෙසද තංගල්ල නගරය වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=තංගල්ල&oldid=352673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි