පුත්තලම
Puttalam පුත්තලම புத்தளம் | |
---|---|
![]() | |
ඛණ්ඩාංක: 08°02′03″N 79°50′07″E / 8.03417°N 79.83528°Eඛණ්ඩාංක: 08°02′03″N 79°50′07″E / 8.03417°N 79.83528°E | |
Country | Sri Lanka |
Province | North Western |
ජනගහණය | |
• මුළු | 45,401 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+05:30) |
පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය.
ඉතිහාසය[සංස්කරණය]
වසර 2200කට ඉහත දී විජය කුමරු ගේ විජයාගමනය සිදුවූ තම්බපණ්ණී ප්‍රදේශය පුත්තලම හෝ ඒ ආශ්‍රිතව බව ඉතිහාස මූලාශ්‍රවල සදහන් ය. උප්පුත්තලම් හෙවත් ලුණු භූමිය යනුවෙන් මෙහි විසූ ජනයා මෙම ප්‍රදේශය හැදින්වූ අතර එය කාලයාගේ අවෑමෙන් කටවහරට රිසිසේ පුත්තලම යනුවෙන් වෙනස් විය. අතීතයේ අරාබි වෙළදුන් ගෙන්වූ බූරුවන් දැනටත් මෙම නගරයේ හා මන්නාරමේ බහුලව වාසය කරති.
පෘතුගීසීන් විසින් වහල් සේවය සඳහා අප‍්‍රිකානු රටවලින් මෙරටට ගෙන්වන ලද කාපිරි ජාතිකයින්ගේ ජනාවාස මෙහි මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය. ඔවුන්ගෙන් පැවතෙන්නන් පසුකලෙක පෘතුගීසී ක්‍රියොල් භාෂාව කථාකරන ලදි. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද සරණාගත මුස්ලිම් ජනතාව පුත්තලම නගරයට පැමිණ පසුව එම නගරය කේන්ද්‍ර කරගෙන මේ දක්වා ජීවත්වෙති.
කාලගුණය[සංස්කරණය]
ලෝක කාලගුණ කලාප වාර්ගීකරණයට අනුව පුත්තලමේ ස්වාභාවික සැවානා කාලගුණයක් පවති. කෙටි වියලි කාල දෙකක් ජූනි - සැප්තැම්බර් හා ජනවාරි - මාර්තු මාසවලද, වැසි කාලය ලෙස ඔක්තෝබර් - දෙසැම්බර් මාසවලද පවති.
පුත්තලම සදහා සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 34.4 (93.9) |
36.3 (97.3) |
38.5 (101.3) |
37.6 (99.7) |
36.2 (97.2) |
36.1 (97) |
36.7 (98.1) |
35.5 (95.9) |
35.7 (96.3) |
35.5 (95.9) |
36.1 (97) |
34.6 (94.3) |
38.5 (101.3) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 30.5 (86.9) |
32.1 (89.8) |
33.2 (91.8) |
33.1 (91.6) |
32.3 (90.1) |
31.5 (88.7) |
31.4 (88.5) |
31.5 (88.7) |
31.7 (89.1) |
31.1 (88) |
30.5 (86.9) |
29.9 (85.8) |
31.6 (88.9) |
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) | 25.8 (78.4) |
26.8 (80.2) |
28.1 (82.6) |
28.8 (83.8) |
29.0 (84.2) |
28.8 (83.8) |
28.5 (83.3) |
28.5 (83.3) |
28.5 (83.3) |
27.6 (81.7) |
26.7 (80.1) |
26.0 (78.8) |
27.8 (82) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 21.0 (69.8) |
21.4 (70.5) |
23.1 (73.6) |
24.5 (76.1) |
25.8 (78.4) |
26.2 (79.2) |
25.6 (78.1) |
25.5 (77.9) |
25.3 (77.5) |
24.1 (75.4) |
22.9 (73.2) |
22.1 (71.8) |
24.0 (75.2) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | 15.2 (59.4) |
13.5 (56.3) |
14.9 (58.8) |
19.9 (67.8) |
19.7 (67.5) |
20.4 (68.7) |
21.0 (69.8) |
20.2 (68.4) |
20.4 (68.7) |
19.4 (66.9) |
16.7 (62.1) |
16.7 (62.1) |
13.5 (56.3) |
වර්ෂාපතනය mm (inches) | 55 (2.17) |
40 (1.57) |
66 (2.6) |
176 (6.93) |
95 (3.74) |
42 (1.65) |
16 (0.63) |
16 (0.63) |
64 (2.52) |
238 (9.37) |
249 (9.8) |
138 (5.43) |
1,195 (47.05) |
% ආර්ද්‍රතාවය | 70 | 66 | 67 | 71 | 74 | 73 | 73 | 73 | 72 | 75 | 76 | 75 | 72 |
Source #1: NOAA [1] | |||||||||||||
Source #2: Department of Meteorology (records up to 2007)[2] |
ජනගහනය[සංස්කරණය]
පුත්තලම නගරයේ ජනගහනය 45,401ක් වේ. ඉන් 95%ක් මුස්ලිම් වන අතර නගරයෙන් පිටත සුළු වශයෙන් දෙමළ, ක්‍රිස්තියානි හා බෞද්ධ ජනතාව වාසය කරති.
ගමනාගමනය[සංස්කරණය]
උතුරු මුහුදුබඩ මාර්ගය පුත්තලමෙන් අවසන් වේ. ප්‍රධාන මාර්ග තුනක් වන A3 (කොළඹ සිට මීගමුව හරහා) මාර්ගයත් A10 (කටුගස්තොට සිට කුරුණෑගල හරහා) මාර්ගයත් A12 (ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය හරහා) මාර්ගයත් පුත්තලමින් අවසන් වේ. නගරයේ සිට ක්‍රියාත්මක වන බස්රථ වයඹ පළාතේ අනෙක් නගරවලට බහුලව ගමන්ගන්නා අතර දුර ගමන් ලෙස කොළඹ, මහනුවර, අනුරාධපුර යන නගරවලට පමණක් ගමන්කෙරේ.
ආර්ථිකය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයත් මෙම නගරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද දෙවන විශාලතම ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙසද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ඉන්සී සිමෙන්ති කර්මාන්තශාලාවද මෙහි පිහිටා ඇත. මීට අමතරව කෘෂිකර්මාන්තය හා ඉස්සන් වගාවද බහුල ව පවති. පුත්තලම නගරය ශ්‍රී ලංකාවේ කකුළු වගාබිම් හා අභිජනන මධ්‍යස්ථනයක් ලෙස සිංගප්පූරුවේ ඇති ආයතනයකට නිෂ්පාදන ලබාදේ.
අධ්‍යාපනය[සංස්කරණය]
පුත්තලම නගරයේ ඇති පාසල් පුත්තලම අධ්‍යාපන කලාපය යටතේ පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාසයට හා පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයක්ද පිහිටා ඇත.
- ශාන්ත ඇන්ඩෲස් මධ්‍ය මහා විද්‍යාලය
- ෆාතිමා බාලිකා විද්‍යාලය
- සහිරා විද්‍යාලය (ජාතික පාසල)
- ආනන්ද ජාතික පාසල
- හින්දු මධ්‍ය විද්‍යාලය
- තිල්ලෛඅඩි මුස්ලිම් මහා විද්‍යාලය
- ඉක්රා ජාත්‍යන්තර විද්‍යාලය
- ශාන්ත මේරි විද්‍යාලය
සංචාරක ආකර්ෂණ[සංස්කරණය]
- මුන්නේෂ්වරම් කෝවිල
- ආලන්කුඩා
- කල්පිටිය කලපුව හා ඒ අවට ප්‍රදේශය
- ආනවිලුන්දාව ජාතික වනෝද්‍යානය
- විල්පත්තු ජාතික වනෝද්‍යානය (පුත්තලම නගරයේ වනෝද්‍යානයට යාහැකි මාර්ග ඇත.)
- කල්පිටිය ලන්දේසි කොටුව
- කල්පිටිය ඩොල්ෆින් මසුන් නැරඹුම් ප්‍රදේශය (බෝට්ටු මගින්)
- කුවේණිගේ භවන යැයි පවසන නටඹුන් ප්‍රදේශය
- ඉප්පන්තීවු දූපත
ක්‍රීඩා[සංස්කරණය]
පුත්තලම ප්‍රදේශයේ දැනට පාපන්දු, අත්පන්දු (වොලිබෝල්) හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් ජනයා අතර ප්‍රසිද්ධය. ක්‍රීඩා සංස්කෘතිය ඉහළින්ම අගයන මෙහි ක්‍රීඩා සමාජ හා ආයතන බහුලව පවති.
- ↑ "Puttalam Climate Normals 1961–1990". National Oceanic and Atmospheric Administration. Retrieved November 18, 2016.
- ↑ "Ever Recorded Daily Extreme Values" (PDF). Department of Meteorology. Archived from the original (PDF) on December 29, 2009. Retrieved December 8, 2016.