විහාරමහාදේවී උද්‍යානය

විකිපීඩියා වෙතින්
විහාරමහාදේවී උද්‍යානය
Viharamahadevi Park
விஹாரஹமாதேவி பூங்கா
Map
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
නඩත්තු කිරීමකොළඹ මහනගර සභාව
තත්වයවසර පුරාම විවෘතයි

විහාරමහාදේවී උද්‍යානය (පැරණි නම වික්ටෝරියා පාක්) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටුවා තිබෙන, නගරාශ්‍රිත උද්‍යානයකි. එය කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානයද වෙයි.[1]

කොළඹ ජාතික කෞතුකාගාරය, කොළඹ මහජන පුස්තකාලය සහ කොළඹ නගර ශාලාවද උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.

නාමය[සංස්කරණය]

උද්‍යානය නම් කොට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කීර්තිමත් රජෙකු වූ දුටු ගැමුණු රජතුමාගේ, මව වූ විහාරමහාදේවියගේ නාමයෙනි. නමුත් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති සමය තුල ඉදිකෙරූ මෙම උද්‍යානය, මුල් කාලයේ හඳුන්වනු ලද්දේ "වික්ටෝරියා පාක්" ලෙසයි.

නවීකරණය කිරීම්[සංස්කරණය]

2014 පෙබරවාරි 19 වන දිනදී, අළුතින් නවීකරණය කරන ලද උද්‍යානය, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.[2]

නඩත්තුව[සංස්කරණය]

විහාරමහාදේවී උද්‍යානයේ නඩත්තු කටයුතු සිදුකරන්නේ කොළඹ මහ නගර සභාව විසිනි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

සිතියම්[සංස්කරණය]

kegalle ඛණ්ඩාංක: 6°54′50″N 79°51′38″E / 6.91389°N 79.86056°E / 6.91389; 79.86056