බොරලැස්ගමුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බොරලැස්ගමුව
Boralesgamuwa
උප නගරය
රට ශ්‍රී ලංකාව
පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාප +5.30

බොරලැස්ගමුව යනු ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය කොළඹ-හොරණ මාර්ගයේ, කොළඹ සිට කිලෝ මීටර 14 ක් පමණ දුරින් පිහිටයි. එහි පිහිටි බොරලැස්ගමුව හන්දිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ නාගස් හන්දිය ලෙසයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් මැටි නිධිය පිහිටා තිබෙන්නේද බොරලැස්ගමුව තුල වෙයි.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

  • බෙල්ලන්විල විහාරය - සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බෙල්ලන්විල විහාරයේ රෝපණය කොට තිබේ.
  • බොරලැස්ගමුව වැව[1] - බෝරලැස්ගමුව පිහිටි වැවකි.
  • අත්තිඩිය කුරුළු පාරාදීසය - ස්වභාවික කුරුළු පාරාදීසයක් වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බොරලැස්ගමුව&oldid=352023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි