සිංහලේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සිංහලේ රාජධානිය
ක්‍රි.ව. 1815
සිට
ක්‍රි.ව. 1817


කොඩිය

අගනුවර සෙංකඩගල(අවසන් අගනුවර)
භාෂා සිංහල
ආගම බුද්ධාගම, හින්දු ,සිංහල දේවාගම
රජය රාජධානිය
ඉතිහාසය
 •  ස්ථාපිත කළේ Enter start year
 •  උඩරට ගිවිසුම ක්‍රි.ව. 1815
සිට
ක්‍රි.ව. 1817
අනුප්‍රාප්තික වූයේ
British Ceylon
Warning: Value specified for "continent" does not comply

19 යන සියවස දක්වා ලක්දිව එකම හෝ ප්‍රධානතම ස්වෛරීය රාජ්‍යය සිංහලේ ලෙස හැඳින්විනි [1] ක්‍රි.ව. 1815 මාර්තු දෙවන දින උඩරට ගිවිසුම සමග සිංහලේ පාලනය ඉංග්‍රීසි ජාතිකයන්ට බාරවිය. රාජධානියට නැවතතත් දේශීය රජෙකු පත්කරගැනීම සඳහා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලට ප්‍රතිචාරයක් ලෙස ක්‍රි.ව. 1817දී සමස්ථ ලංකා දිවයිනම බ්‍රිතාන්‍ය ලංකාව ලෙස තනි පාලනයකට නතුකරගැනීමත් සමග සිංහලේ අහෝසිවිය.


උඩරට රජතුමෙකු යටතේ එම ප්‍රදේශයෙහි වාසය කල රොබට් නොක්ස් ගේ පොතෙහි හෝ මෙම රාජ්‍යය සඳහා සිංහලෙ ලෙසින් සඳහන් නොවෙයි. ඔහු මෙම ප්‍රදේශයෙහි ජීවත්වූයේ දෙවන රාජසිංහ රජුගේ සමයෙහි වන අතර 1659 දී පමණ රජුගේ අත්අඩංගුවට පත්ව ඇත.ඔහුගේ ග්‍රන්ථයෙහි උඩරට රජු හැඳින්වීමට භාවිතා කරන්නේ කන්දෙ උඩ රජු වශයෙනි. රජු විසූ කන්දෙ පළාත සහ යටනුවර පළාත් ප්‍රධාන පළාත් ලෙසින් නොක්ස් සඳහන් කරයි. මෙලෙසින් ගම්‍ය වන්නේ 17 වන සියවස වන විට උඩරට රාජ්‍යය හැඳින්වුනේ කන්දෙ උඩ වශයෙන් බවයි. මෙම කාලය වන විට රටෙහි පහතරට ප්‍රදේශ ලන්දේසීන් යටතේ පැවතිණි. [2] [3]

2 වන සියවසෙහිදී ටොලමි විසින් නිර්මාණය කරන ලද ලෝක සිතියමෙහි [4] මෙරට හැඳින්වෙන්නේ තැප්‍රොබේන් ලෙසිනි. එනයින් 2වන සියවසෙහි මෙම රටට සිංහලෙ ලෙසින් ව්‍යවහාර නොවූ බව පෙනෙයි.

වෙනත් භාෂා ඌරුවෙන් භාවිතා වූ පද[සංස්කරණය]

  • පෘතුගීසි ඌරුව: සෙයිලාඹ් [5]
  • ලන්දේසි ඌරුව: සේලාන් [6]
  • ඉංග්‍රීසි ඌරුව: සිලෝන් [6]

වෙනත් වදන්[සංස්කරණය]

සිංහලේ හැඳින්වීමට කට වහරේ සිංහල දේසේ යන වදනද භාවිතාවී ඇත. අතිතයේ ප්‍රාචීණ භෘෂා උරුවට [උපහරණ ඇවැසිය]යමින් සිංහල අකුරු ලිවීමෙදී ශබ්ධය සඳහා හල් කිරීම නොයෙදීමේ සම්ප්‍රදාය මත යමින් සමහර ලේඛණ වල සිංහලෙ ලෙස දක්වා ඇත. මෙම ලේඛණය තුල සිංහලේ සහ බ්‍රිතාන්‍යයන් ඒ වන විටත් යටත්කරගෙන තිබූ ප්‍රදේශ ඇතුලත් සමස්ත දිවයින හැඳින්වීමට ලංකාව යන වදන භවිතා වේ. ඉතා ආදියේ "සීහල","සීහලක" ,"සිංහල" හා ඒ හා සම්බන්ධ නම් වලින්ම උපත ලද "සින්හලාන්", "සෙලාන්" ,"සේය්ලාන්" ,"සිලෝන්" හා "සිහෝල්" ආදී නම් වලින් හැඳින්විණි . සංස්කෘත පොත්වල සිංහල නාමය බහුලව යොදා ඇත .සමන්තපාසාදිකාව ආදී පාලි අටුවාවන්හි එය ”සීහල” ලෙස සිටී.දෙමල පොත්වල ”සිංගලම් ” සහ "සීහලම්" ලෙසද සමහර තැනක ”ඊළම් ” ලෙසද ඇත.අරාබීහු "සීහලදීපය" ලෙසවූ යෙදුම "සරන්දිබ්" , "සෙරන්ඩිබ්" සහ ”සින්ගල්දිබ් ” ලෙස යොදා ඇත.ටොලමි ”සලිකේ ”ලෙස යෙදුවේ ද සින්හලයමය.චීන ජාතිකයන් "සෙලාන්" ලෙසත් ඒ අනුව යමින් ජපන් ජාතිකයෝ "සේරෝන්" නමින් හඳුන්වති.කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේ "සින්හලදීපේ මයුර ග්රාමේ කුලා නාම නදී" යනුවෙන් දෙපොලකම ඇත .

වදන යොදන අවස්ථා[සංස්කරණය]

සිංහලේ ලෙස[සංස්කරණය]

12 වන සියවසයේ ලීලාවතී රැජින,කල්‍යාණවතී රැජින සහ 6 වන පැරකුම්බා රජ දවස ”ත්‍රි සිංහලේ ” ලෙස ව්‍යවාහාර විය.එය ක්‍රි.ව 4 සියවසේ රචිත පළමු වංශ කතාව වන දීපවංශයේ "ලන්කාදීපෝ අයං ආහු සීහෙන සින්හලා ඉති" ලෙස දක්වා තිබේ. එනම් ලංකා දිවයින සිංහයා නිසා සිංහලේ නමින් හැඳින්විණි යන්නයි.සිංහලය, සින්හලෙ සහ සිංහලේ යනු එකම ශබ්දයේ ව්‍යාකරණිය වූ ව්‍යවහාරයන්ය.

නීතිය[සංස්කරණය]

උඩරට ගිවිසුම[සංස්කරණය]

ක්‍රි.ව. 1815 වසරෙහිදී අත්සන් කෙරුණු උඩරට ගිවිසුමේ සිංහල පිටපතට අනුව උඩරට විවිධ ප්‍රදේශ හඳුන්වා ඇත්තේ ඇත්තේ "සිංහලෙ" ලෙසිනි.එම ගිවිසුමේ 10 පලකම රටේ නම සිංහලේ ලෙස හදුන්වා ඇත.

කලා නිර්මාණ[සංස්කරණය]

  • රත්නදීප ජන්ම භූමි ගීතයේ

සිංහල දේසේ ලෙස[සංස්කරණය]

චීන ජාතික සැන්සා හිමි යන්ගේ දේශාටන වාර්තාවේ (7 වන සියවස) "සින්චාලෝකෝ” හෙවත් "සිංහ දේශය" ලෙස හදුන්වා ඇත. [7] බුරුමයේ ධම්ම චේතියරජු(ක‍්‍රි ව 1459) විසින් පිහිටවන ලද කල්‍යාණි සෙල්ලිපියේ ”සිහල දේශ” ලෙස හඳුන්වා ඇත.

සිංහලේ පිළිබදව හෙළ මතවාදය නම් අතීතයේ පටන් ලංකා දීපය හෙළ දීපය නමින් හැදින්වූ බවයි. හෙළ යනු සූර්යා යන අරුත ගෙන ඒ. මෙම හෙළ ගෝත්‍ර හතරකි එනම් යක්ෂ, අසුර, රක්ෂස හා නාග ලෙසිනි. මෙම ගෝත්‍ර හතර සිව් හෙළය නමින් හැදින්විය. සිව් හෙළ - සිහල -සිංහල යන ආකාරයෙන් පරිනාමය වී ඇත. විවිධ ආක්‍රමන හා සංක්‍රමන මැද සිව්හෙළ සිය අන්‍යතාවය පවත්වාගෙන ගියේය. නමුත් මහිංදාගමනයෙන් පසු සෑම හෙළගෝත්‍රයක්ම පොදුවේ බුදු දහම වැළද ගැනීම නිසා ගෝත්‍ර අන්‍යතාවය වියැකී ජාතියක් බවට පත්විය. එලාර ආක්‍රමනය මැඩලීමට සෑම හෙළයෙක්ම ගෝත්‍ර බේදය අතර හැර එක්

ජාතියක් ලෙසින් එක්විය. දුටු ගැමුණු සමයෙන් පසු සියල්ලෝම එක් සිංහල ජාතියක් ලෙසින් සැලකින. එම නිසා සිංහලයන්ගේ ජාතික රාජ්‍යය යන අරුතෙන් සිංහලය, සිංහලේ, සිංහලද්ධීපය නමින් හැදින්වේ.

කලා නිර්මාණ[සංස්කරණය]

  • ඔලිඳ තිබෙන්නේ ... ජන කවිය
  • සෙංකඩගල පුර දලදා බුදු රැස්... ගීතය

සිංහල දීපය ලෙස[සංස්කරණය]

මහාවංශයේ 72 පරිචේදයේ -135-138 ගාථා වල - ”මට සිංහල කඩුවක් දෙව ,මේ කඩුව සිංහල පටුත්වය ඇත්තක් නොවේ,……මා ඇත ආයුධ ගන්වන්ට සමර්තයෙක් මේ "සිංහලද්වීපයේ නැත".තවද එහි 104 ගතාවේ මෙසේ ඇත."එරට ප්‍රතිපාදනය කොට සොලී දේශයෙන්ද පඬි රටින්ද ගන්නා ලද්දාවූ බොහෝ අසුන් හා මිනිසුන්ද ඇතුන්ද වහා සිංහල දීපයට එවීය" ලෙස සදහන්ය.[8] ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ(ක‍්‍රි ව 325 - 380) අලහාබාද් ප‍්‍රශස්තියේ ”සිංහල ද්විප” වශයෙන් මෙම දිවයිනට නම්දී ඇත.[9] චීන ජාතික ඉජින් හිමියන් (7 වන සියවස) විසින් ලියා ඇති පොත්වල "සිහල ද්වීපය" ලෙස සටහන්ව ඇත.[10]

උප බෙදීම්[සංස්කරණය]

මධ්‍යකාලීන යුගය[සංස්කරණය]

තුන් සිංහලේ

සෙංකඩගල යුගය[සංස්කරණය]

සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 19 වන සියවස "දක්වා" යැයි ප්‍රකාශ කල විට "කවදා සිටද" යන ප්‍රශ්නය පැන නගියි.
  2. රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයෙහි උද්ධෘත‍
  3. An Historical Relation of the Island Ceylon ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය හිදී
  4. PtolemyWorldMap.jpg
  5. Captain João Ribeiro (1999). The historic tragedy of the island of Ceilão. transl. from the Portuguese by P. E. Pieris (සිව්වන සංස්.). New Delhi : Asian educational services. ISBN 81-206-1334-1. http://noolaham.net/project/38/3702/3702.pdf. Retrieved 2016-02-18. 
  6. 6.0 6.1 "ඊළඟ ජනාධිපති තෝරන්නේ සිංහලයින් - උදය ගම්මන්පිල, srinews.lk". සම්ප්‍රවේශය 2016-02-03. 
  7. 2006 ජුලි 31 වන දින දිවයින පුවත් පතේ පළවූ චීන ඉතිහාසඥ ”මින්ග්” ගේ ලිපිය.
  8. මහාවංශය 72 පරිචේදයේ 135-138 සහ 104 ,ගාථාවන්
  9. සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් ප‍්‍රශස්තිය-Crpus Inscription Indecorum Vol III P 8-14
  10. 2006 ජුලි 31 වන දින දිවයින පුවත් පතේවූ චීන ඉතිහාසඥ වේ ”මින්ග්” ගේ ලිපිය
"https://si.wikipedia.org/w/index.php?title=සිංහලේ&oldid=410006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි