පස්වන බුවනෙකබාහු රජ

විකිපීඩියා වෙතින්

තුන්වන වික්‍රමබාහු රජතුමාගෙන් පසු ගම්පොල රජ වූයේ පස්වන බුවනෙකබාහු රජු ය. ක්‍රිස්තු වර්ෂ 1372 සිට 1408 දක්වා කාලය මෙතුමාගේ රාජ්‍ය කාලය වශයෙන් සැලකේ.මේ කාලයේදී නැවතත් ආර්ය චක්‍රවර්ති ගොඩින් හා මුහුදින් සිංහල රාජ්‍යයට පහර දුන්නත් අලගක්කෝනාර ගේ ශූර මෙහෙයවීමෙන් ඒ හමුදාංක දෙකම පරාජයට පත් කරනු ලැබීය.

මේ රජු ක්‍රිස්තු වර්ෂ 1396 දී පමණ තම රාජධානිය කෝට්ටේ ට ගෙන ගිය අතර කොට්ටේ පුරවරය සැලසුම් සහගත ව ඉඳි කරන ලද්දේ නිශ්ශංක අලගක්කෝනාර විසිනි.

මේ රජුගෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1412 දී බලයට පැමිණියේ හයවන පරාක්‍රමබාහු රජතුමා ය. ක්‍රිස්තු වර්ෂ 1408 සිට 1412 දක්වා කාලය අනුමාන කිරීමට සිදු ව ඇත.


සබැඳි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පස්වන_බුවනෙකබාහු_රජ&oldid=430297" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි