දෙවන බුවනෙකබාහු රජ

විකිපීඩියා වෙතින්

තුන්වන පරාක්‍රමබාහු රජ පරාජය කළ දෙවන බුවනෙකබාහු කුමාරයා ක්‍රිස්තු වර්ෂ 1292 දී යාපහුව අගනුවර කරගෙන රජ විය. මේ රජතුමාව ශ්‍රී නිවාස බුවනෙකබාහු නමින්ද හැඳින්වේ. වසර 7ක් යාපහුවේ සිටි මෙම රජතුමා ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1300 දී තම රාජධානිය ලෙස කුරුණෑගල තෝරා ගත්තේය. දෙවන බුවනෙකබාහු රජ ක්‍රිස්තු වර්ෂ 1302 වන තෙක් රාජ්‍ය බලයේ සිටියේය. දෙවන බුවනෙකබාහු රජතුමා ගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූයේ ඔහු පුත් හතරවන පරාක්‍රමබාහු රජතුමා ය.

ඉතිහාසය නැවත නැවත සිදු වීම නිසා දෝ නිරිතදිග රාජධානිවල මුල්ම රාජධානි මාරුව, එනම් අගනුවර දඹදෙනිය නගරයෙන් යාපහුව ට ගෙන ගියේ පළමු බුවනෙකබාහු රජතුමා ය. යාපහුව බලකොටුවෙන් කුරුණෑගල ට ගෙන ගියේ දෙවන බුවනෙකබාහු රජතුමා ය.

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දෙවන_බුවනෙකබාහු_රජ&oldid=430298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි