ශ්‍රී ලංකාවේ පුරාතන ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ පුරාතන ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රිපූ අවසන් සියවස් කිහිපය හා සමගම ඓතිහාසික වාර්තාවන් ක්‍රමානුකූල ලෙසින් එළිදැකෙමින්, ප්‍රාග් ඓතිහාසික යුගය අවසන් වනවාත් හා සමගය.

සාම්ප්‍රදායික සිදුවීමක් වන්නේ, ක්‍රිපූ 543 දී පමණ 700 ක පිරිසක් හා සමග ශ්‍රී ලංකාවට ගොඩබැස්සේ යැයි පැවසෙන අර්ධ-කල්පිත රජෙකු වන විජය කුමරුවන්ගේ ආගමනය වන අතර, ශ්‍රී ලංකාවේ සිංහල ජනයාගේ වංශ කතාව වන මහාවංශයෙහි දැක්වෙන පළමු ඓතිහාසික සිද්ධිය මෙයයි.

මහාවංශයෙහි දැක්වෙන විස්තර කථාව ඓතිහාසික මුහුණුවරක් ගන්නේ, ක්‍රිපූ 3 වන සියවසෙහි දේවානම්පිය තිස්ස රජ යටතේ බුද්ධාගම පැමිණීමත් හා සමගය. බුද්ධාගමෙහි පැවතීම හා සමගම, ක්‍රිපූ 3 වන සියවසෙහිදී පටන් සටහන් කල ශීලා ලේඛනමය මූලාශ්‍ර හමුවී ඇත. මහාවංශය වැනි, ආදිතම ඓතිහාසික-ලේඛනමය සාහිත්‍ය ග්‍රන්ථ ලියැවී ඇත්තේ ක්‍රිව 6වන සියවසෙහි පටන්ය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පුරාතන යුගය තුල මුළුමනින්ම පාහේ ප්‍රමුඛත්වය දරන්නේ අනුරාධපුර රාජධානියයි. ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගය ඇරඹුනා යැයි සැලකෙන්නේ ක්‍රිව 1017 දී අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් හා සමගය.