ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ | |
---|---|
මහනුවර රාජධානියේ රජ | |
රාජ්‍ය සමය | 4 ජූනි 1707 - 13 මැයි 1739 |
අභිෂේකය | 1707 |
පූර්වප්‍රාප්තිකයා | දෙවන විමලධර්මසූරිය රජ |
අනුප්‍රාප්තිකයා | ශ්රී විජය රාජසිංහ රජ |
වල්ලභයා | මදුරෙයි මනාලියන් දෙදෙනෙකු සහ මාතලේ මොණරවිල දිසාවේගේ දියණිය |
දරුවන් | උනම්බුවේ සහ තවත් පුත්‍රයෙකු |
වංශය | House of Dinajara |
පියා | දෙවන විමලධර්මසූරිය රජ |
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ) රජු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය. එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් විය. රජුට සිහසුනට පත් කිරිම සදහා දරුවෙකු ලැබුණේ නැත. එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය(ශ්‍රී විජය රාජසිංහ රජ), එමගින් සිංහලේ රාජාවලිය අවසන් වන තුරු.උඩරට පාලනය කරන ලද දුර්වලම පාලකයා මොහුය.
රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය[සංස්කරණය]
ශ‍්‍රී විජය රාජසිංහ රජු මුහුණ දුන් ප‍්‍රධාන අභියෝගය වූයේ උඩරට රාජ සභාවේ රදල ප‍්‍රධානීන්ගේ බලය වර්ධනය වී තිබීමය. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඔහු නායක්කර් පරම්පරාවේ ඥතීන්ට උඩරට රාජ සභාවේ තනතුරු ලබා දුණි. බුදු දහම වැළඳ ගෙන දිගු කලක් භික්ෂූන් ඇසුරේ හැදී වැඩුණු මෙතුමා වැලිවිට සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුමයෙන් උපසම්පදාව මෙරටට ගෙන එ්මට කටයුතු කළත් එම ව්‍යායාමය සාර්ථක නොවී ය. ශ‍්‍රී විජය රාජසිංහ රජු දකුණු ඉන්දියානු කුමාරියක් සරණ පාවා ගත් නමුත් දරුවන් නොසිටි බැවින් රාජ්‍ය උරුමකරුවකු නොතබා ම වර්ෂ 1739 දී මිය ගියේය.
Uthpala Adeesha bandara warshakoon
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
ශ්රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ උපත: ? 1690 මරණය: මැයි 13 1739
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා දෙවන විමලධර්මසූරිය රජ |
මහනුවර රජ 4 ජූනි, 1707–13 මැයි, 1739 |
අනුප්‍රාප්තික වූයේ ශ්රී විජය රාජසිංහ රජ |