මහානාග රජ
| මහානාග රජ | |
|---|---|
| මාගම රජ | |
| අනුප්‍රාප්තිකයා | යඨාලතිස්ස රජ |
| වංශය | පණ්ඩක වංශය |
| පියා | මුටසීව රජ |
මහානාග යනු මුටසිව රජුගේ තුන්වන පුත්‍රයා දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරාය. දේවානම්පිය තිස්ස රජුට පසු අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජු හට නියමය තිබිණි.
මහාවංශ කතාව
[සංස්කරණය]මහානාග රජු දේවානම්පිය තිස්ස රජුගේ සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත්‍රයා විෂ අඹ කෑමෙන් මියගියේ ය. ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතයට වූ තර්ජනය දැනගත් මහානාග යුවරජු තම බිරිඳ වූ අනුලා බිසවද රුහුණට පැන ගොස් එහි නව රාජ්‍යක් ඇරඹීය. ඒ යන අතරතුර යඨාල නම් ස්ථානයේ දී ගැබ්බරව සිටි අනුලා බිසව දරුවෙකු ප්‍රසූත කළාය. ඔහුට යඨාලතිස්ස ලෙස නම් තැබීය. පසුව මහානාග රජු රුහුණේ මාගම රජ පෙළපත ඇරඹීය. ඔහු එහි තිස්ස වැව සහ වලස් පොකුණ විශාල කර වලස් වැව කරවීය. මහානාග රජුගෙන් පසු ඔහු පුත් මාගම යඨාලතිස්ස රජවිය.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- දීපවංශය
- මහාවංශය
- රෝහණ දේශය
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2026 පෙබරවාරි) |