අලගක්කෝනාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලගක්කෝනාර නැතහොත් අලකේශ්වර( දෙමළ:அழகக்கோன் ) යනු 3 වන වික්‍රමබාහුගේ රජුගේ කාලයේ (1357-1374 ) ශ්‍රී ලංකාවේ සිටි සේනාධිනායකයෙකි. සමහර විද්වතුන්ගේ මතය වන්නේ ඔහුගේ පවුලට මලයාලම් සමිභවයක් ඇති බවයි , සමහරෙක් ඔවුන්ගේ ආරමිභය ඉන්දියාවේ තමිල්නාඩු වල කාංචිපුර යයි පවසති. 13 වන සියවසේ පමණ ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන්,ශ්‍රී ලංකාවට අනුව හැඩගැසුණි[තහවුරු කරන්න]. එම පවුලේ එක් සාමාජිකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරමිභයට මූලික විය. එකල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා රයිගම බලකොටු , යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්‍රමණයන්ට එරෙහි ව භාවිතා කරන ලදි. ක්‍රි: ව 1411 දි චින අද්මිරාල් ෂැන් හේ විසින් අලගක්කෝනාර පවුලේ නායක වු වීර අලකේශ්වර ඔවුන්ගේ සිර භාරයට ගත් පසු එම පවුලේ බලය බෙහෙවින් පිරිහුණි.

පවුල් සම්භවය[සංස්කරණය කරන්න]

එම පවුලේ ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම සාමාජිකයා නිශ්ශංක අලගක්කෝනාර නම් විය. ඔහු ඉන්දියාවේ වාංචිපුර හෝ කාංචිපුර සිට පැමිණියේය. එකල ඔහුගේ මව්බිම මුස්ලිම් ආක්‍රමණ වලට ලක්වී තිබුණි. ප්‍රධාන වශයෙන් වෙළදාමට හිත යොමු කල අලගක්කෝනාරවරු එයින් ධනවතුන් බට පත් විය. අවසානයේදි 14 වන සියවසේ ගම්පොළ රාජධානියේ ප්‍රමුඛ දේශපාලන බලයක් ඇති වුවන් බවට පත් විමට ඔවුනට හැකියාව ලැබිණ. මෙයට ඔවුන් බෞද්ධයන් බවට පත්වීමද මහඟු පිටුවහලක් විය.

මේවාත් බලන්න[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  • de Silva, K. M. (2005). A History of Sri Lanka. Colombo: Vijitha Yapa. පි. 782. ISBN 9-55-809592-3. 
  • Rasanayagam, Mudaliyar (1926). Ancient Jaffna, being a research into the History of Jaffna from very early times to the Portuguese Period. Everymans Publishers Ltd, Madras (Reprint by New Delhi, AES in 2003). පි. 390. ISBN 81-206-0210-2. 

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=අලගක්කෝනාර&oldid=371110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි