දොන් ජුවන් ධර්මපාල රජ

විකිපීඩියා වෙතින්
දොන් ජුවන් ධර්මපාල
කෝට්ටේ රජ
රාජ්‍ය සමය1551 - 1597 මැයි 27
පූර්වප්‍රාප්තිකයාහත්වන බුවනෙකබාහු රජ
අනුප්‍රාප්තිකයාපෘතුගාලයේ පළමුවන ෆිලිප් රජ
සම්පූර්ණ නාමය
දොම් ජුවම් ධර්මපාල පෙරිය බණ්ඩාර
පියාවීදිය බංඩාර
මවසමුද්‍රදේවි(හත්වන බුවනෙකබාහු රජුගේ දියණිය)
අත්සනSignature of Dom João Dharmapala.png

දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි: Dom Joaõ Dharmapala) ශ්‍රී ලංකාව පාලනය කළ රජ කෙනෙකි. ඒ වසර 1551 සිට 1597 මැයි 27 දක්වාය. ඔහු හත්වන බුවනෙකබාහු රජ තුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ. බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමාරයා රාජාභිෂේක ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය. ඉතා දුර්වල පාලකයෙකු ලෙස සැළකෙන මෙතුමා කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට තෑගි ඔප්පුවක් මගින් පවරදුන්හ. මෙතුමා ඉතා ලබාල අවදියේදී පෟතුගීසින්ගේ වුවමනාවට සිහසුනට පත්වුවෙකු විය. සිංහල ඉතිහාසය තුල සිහසුනට පත්වූ එකම කතෝලික සිංහල රජු ඔහුවිය. මෙතුමා කතෝලික දහම වැලදගෙන භෞතිස්ම ලැබූවෙක් විය. කෙසේ වෙතත් මෙතුමාට වැඩිකලක් සිහසුන හෙබවීමට නොහැකිවිය.[පැහැදීම ඇවැසිය] කතොලික රජකු වීම නිසාත් දුර්වල පාලනය නිසාත් මහජන ප්‍රසාදය ලබාගැනීමට නොහැකිවිය. සිහසුන හැරදමා පෘතුගීසි ආරක්ෂාව යටතේ කොළඹ පිහිටි බලකොටුවේ සිටියදී මිය ගියහ.

මූලාශ්‍ර සහ සටහන්[සංස්කරණය]

තවද බලන්න​[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

දොන් ජුවන් ධර්මපාල රජ
උපත: ? ? මරණය: 1597 මැයි 27
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හත්වන බුවනෙකබාහු රජ
කෝට්ටේ රජ
1551–27 May, 1597
අනුප්‍රාප්තික
ප්‍රෘතුගාලයේ Iවන ෆිලිප් රජ
"https://si.wikipedia.org/w/index.php?title=දොන්_ජුවන්_ධර්මපාල_රජ&oldid=492128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි