Jump to content

අනුලා රැජිණ

විකිපීඩියා වෙතින්
(අනුලා රැජින වෙතින් යළි-යොමු කරන ලදි)

අනුලා රැජිණ (රාජ්‍යත්වය 47 ක්‍රිපූ - 42 ක්‍රිපූ), අනුලා රැජිණ(ක්‍රි.පූ.47-42) අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජිණයි. එසේම ඇය ආසියාවේ ප්‍රථම රාජ්‍ය පාලිකාව ද වේ. අනුලා රැජිණ බලයට පත් වූයේ චෝරනාග රජුගේ බිසව ලෙසිණි. චෝරනාග රජු අනුරාධපුරයේ වළගම්බා රජුගේ පුත්‍රයාය. අනුලා රැජින පිළිබඳ ඉතිහාස පොත්වල සඳහන් අපකීර්තිමත් කතා පුවත් අතිශෝක්තින් වලින් ග්‍රහණය. එයට හේතුව කාන්තාවක් ‍රජකම් කිරීම සහ රැජිනකගේ පාලනයට යටත්වීමට සිඳුවීම සම්බන්ධව එවක සමාජයේ විසූ විදග්ධ පඩිවරුන්ගේ අකමැත්ත වියහැක. වෙ හේතුවෙන් ඇයට හිමිවිය යුතු නිසි වැදගත්කම වෙනුවට ඇයගේ පෞද්ගලික ජීවිතයේ හැළහැප්පීම් ඉස්මතුකර, ඇගේ දක්ෂතා සඟවා ඇත. ඉතා ප්‍රසිද්ධ තවත් අනුලා දේවියක් වූ දේවානම්පියතිස්ස රජුගේ බිරිඳ යයි වරදවා තේරුම් නොගත යුතුය. ඇය ගැන තොරතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ මහා වංශයයි. පරි. xxxiv සහ xxxv.

බලයට පත්වීම

[සංස්කරණය]

අනුලා දේවියගේ රාජ්‍ය කාලයට පෙර ආසන්න කාලය රටේ තත්වය අන්තයට පිරිහී තිබුණි. මාළිගයේම සිදු වූ කුමණ්ත්‍රණයකින් ඛල්ලාටනාග රජු බලයෙන් පහ කෙරුණු අවස්ථාවේ (ක්‍රි.පූ.104) ඔහුගේ බාල සොහොයුරු වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ්‍ය බලය අනියම් ලෙස පැහැර ගැනීමට තැත් කළ අය පලවා හැර අනුලා නමින්ම යුත් තම මිය ගිය සහෝදරයාගේ බිරිය සරණ පාවා ගෙන රජකමට උරුමය ලබා ගත්තේය. ඔහු ඔහුගේ ඤාති පුත්‍රයා වූ 'මහ කුලික' තමාගේම පුතෙකු මෙන් හදා වඩා ගත්තේය.

"දෙමළු ඔහු සමග සටනකට එළඹුනාහ. 'කොළම්බලක' නම් ස්ථානය අසල කෙරුණු සටනකින් රජු ජය ගත්තේය" මේ සිද්ධිය වන විට වළගම්බාහුට සිහසුනට පත් වී ඉන්නට ලැබුණේ අවුරුද්දකට වැඩි කාලයක් පමණි. ඒ වළගම්බාහු නැවත සිහසුන ගැනීමට අවුරුදු දහයකට පෙරයි. මෙම කාලය වන විට මහ කුලික විසින් චෝරනාග බලයෙන් පහ කළේ වළගම්බාහුගේ අනුමැතිය ලැබූ උරුමක්කාරයා වශයෙනි.

මහකුල (මහකුලි මහතිස්ස නමින් පාලනය කළේය) ක්‍රි.පූ.76 දී වළගම්බාහුගේ කිරුළ උරුම කර ගැනීම සඳහා කටයුතු කළේය. අනිත් අතට චෝරනාග 'කැරලිකරුවෙක් ලෙස ජීවත් විය'. මෙම තත්වය සිහසුන ලබා ගැනීම සඳහා අරගලයකට හේතුවූවා යැයි කීමට තොරතුරු නොමැත. ක්‍රි.පූ. 62 දී චෝරනාග සිහසුනට පත්වීම මහකුලි මහතිස්සගේ ඉවත් වීම නිසා සිදු වූවා විය හැක. මහාවංශය වි‍ශේෂයෙන් සඳහන් කරන්නේ චෝරනාග පළමුවෙන්ම කළ ක්‍රියාවන්ගෙන් එකක් වූයේ ඔහු සැඟවී සිටි කාලය තුළ ඔහුට රැකවරණය නොදුන් විහාර දහ අටක් විනාශ කිරීමයි.

නව රජයක් තම බලය ස්ථාපිත කිරීමේදී මෙවැනි ක්‍රියාවන් කරන්නේ වුවද හේතුව පැහැදිලි නොවේ. තත්වය කෙසේ පැවතියේ වුවද වාර්තාවල සඳහන් වන අන්දමට චෝරනාග වසර 12 ක් රට පාලනය කළේය. අනතුරුව ඔහුගේ බිසව වූ කුප්‍රසිද්ධ අනුලා දේවිය ඔහුට වස දුන්නාය.

අනුලා බිසව තම සැමියා මැරීමට අදහස් කළේ මක්නිසාදැයි විස්තර සඳහන් නොවේ. චෝරනාගගෙන් පසු රජ වූ කුඩා තිස්ස පියාගේම (මහකුලි) පුතා වූයේය. 'කුඩා' යන්නෙන්ම අදහස් වන පරිදි නව රජු කුඩා ළමයෙකු වන්නට ඇත. එසේම අනුලා දේවියගේ පාලනය යටතේ කටයුතු කරන්නට ඇත. ඔහු ස්වාධීන රජෙකු ලෙස කටයුතු කළාද නොකළාද යන්න පැහැදිලි නැත්තේ අනුලා 'ඇය රජ මාළිගයේ ආරක්ෂකයෙකුට වසඟ වී .........වස දී තිස්ස මරා රජය අනිකාට භාර දුන්නාය ' යනුවෙන් සඳහන් වීමෙනි. එතැන් සිට ඉදිරියට තම නාම මාත්‍ර වල්ලභයා අභිබවමින් අනුලාදේවිය රජරට සැබෑ පාලිකාව වූවාය.

රාජ්‍ය පාලනය හා බලයෙන් නෙරපීම

[සංස්කරණය]

අනුලා දේවිය අවුරුදු පහක කාලයක් තුළ සිව් දෙනෙකු හා සරණ ගියාය. ඔවුන් සියලු දෙනාටම වස දී මරුමුවට පත්කර රාජ්‍ය බලය ලබා ගෙන තම අභිමතය පරිදි පාලනය ගෙන ගියාය. ඇය විසින් පසුව වස දී මරවන ලද මාලිගාවේ ආරක්ෂකයා, තිස්ස, පළමුවෙනි ශිව වශයෙන් ක්‍රි..පූ. 47 සිට අවුරුද්දකුත් මාස දෙකක් රට පාලනය කළේය. මෙම කාලය තුළ වටුක නම් දෙමළ වඩු කාර්මිකයෙකු රැජිණගේ අවධානය දිනාගත්තේය. පළමුවැනි ශිවට වස පොවණු ලැබීය. අනුලා දේවිය වටුක විවාහ කර ගත්තාය. ඔහුද පාලනය කළේ අවුරුද්දකුත් මාස දෙකක් පමණි.

අනුලාගේ ආදරය ඉන්පසු යොමු වූයේ දාරුබතික නම් දැව ගෙනියන්නෙකු වෙතය. අනතුරුව වටුක හදිසියේම මිය ගියේය. අනතුරුව අනුලා ඇයගේ හොර සැමියා හා විවාහ වූවාය. දාරුබතික, තිස්ස නම් වූ රාජකීය නාමය පවරා ගත්තද ඔහුට පැවතිය හැකි වූයේ අවුරුද්දකුත් මාස එකක කාලයක් පමණි. ඔහුට වස දෙනු ලැබිණි. ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූයේ නිලියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයෙකි. ඔහු අනුලාගේ අන්තිම වල්ලභයා විය. ඔහුගේ පාලනය මාස හයකට සීමා විය. අනුලාගේ ජීවිතයේ අවසාන මාස 4 අනුලා අග රැජිණ වී මාළිගයේ රැකවලුන් තිස් දෙනෙකු සමග සතුට විඳිමින් රට පාලනය කළාය.

මේ සියලු විස්තර ගන්නා ලද්දේ මහාවංශය 34 වැනි පරිච්ඡේදයෙනි. අනුලාගේ හැසිරීම් රටාව විසින් රජරට ප්රිභූ සම්ප්‍රදායේ සියලු සම්මත චාරිත්‍ර විධි සෑම එකක්ම කඩා දමනු ලැබිණි. ඇයගේ සියලුම සහකාරයන් වූයේ සාමාන්‍ය මිනිසුන් හෝ කුලීන නොවූ සාමාන්‍ය දමිළයන්ය. ඇය විවාහ කරගත් කුලීනයෙකු වූ නිලියා පහ කරන ලද්දේ, ඇයට පළමු වෙනත් ස්ත්‍රියකට කිසිදා නොතිබුණු ස්වාධීනව පාලනය කිරීමේ බලය යොදමිණි. මෙම අර්ථයෙන් ගත්කළ අනුලා සාමාන්‍ය ධාර්මික රැජිණකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ඇත්තියක වූවාය. සටහන් කළ යුතු වැදගත් කරුණක් නම් ඇයගේ දරුවන් ගැන හෝ, සාමාන්‍යයෙන් පිරිමි පාලකයෙකුට මුහුණ පාන්නට සිදුවන පොදු තත්වයක් වූ දේශපාලන අස්ථාවර භාවයක් ගැන හෝ කිසිදු විස්තරයක් සඳහන් නොවීමයි.

අනුලා දේවිය තම අභිමතය පරිදි සිව් මසක් පාලනය කළාය. අනතුරුව මහකුලි මහ තිස්සගේ දෙවැනි පුතා වූ කූටකන්න තිස්ස විසින් ඇය බලයෙන් පහ කරන ලදී. කූටකන්න තිස්ස විසින් ඇය දර සෑයකට දමා පිළිස්සු බව මහාවංශය විස්තර කරයි. වෙනත් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඇය විසින් මිනිසුන් මැර වූ ඇයගේ මාළිගය තුළම ඇය පණ පිටින් පුළුස්සන ලද බවකි.

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
අනුලා රැජිණ
අනුරාධපුරයේ රජ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
නීලිය
ශ්‍රී ලංකාවේ රැජින
ක්‍රි.පූ. 47 –ක්‍රි.පූ. 42
අනුප්‍රාප්තික
කූටකණ්ණ තිස්ස


"https://si.wikipedia.org/w/index.php?title=අනුලා_රැජිණ&oldid=763358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි