පළමුවන විජයබාහු රජ
I වන විජයබාහු | |
---|---|
සිංහලේ රජු | |
ගොනුව:ග්බ්ර්න්ඩ්ජෙඩ් | |
අභිෂේකය | 1073 |
පූර්වප්‍රාප්තිකයා | හත්වන කස්සප |
අනුප්‍රාප්තිකයා | පළමුවන ජයබාහු |
වල්ලභයා | ලීලාවතී බිසව තිලෝක සුන්දරී බිසව |
දරුවන් | පළමුවන වික්‍රමබාහු රජ රත්නාවලී බිසව සුගලා දේවිය |
වංශය | පොළොන්නරුව |
පියා | මොග්ගල්ලාන කුමරු |
මව | ලෝඛිතා කුමරිය |
පළමුවන විජයබාහු ( I වන විජයබාහු / මහා විජයබාහු / විජය බා ) ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේය, එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්ඛිණ දේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමිමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුල බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.මෙතුමා විසින් භික්ෂූන් වහන්සේලා වැඩමවා ලංකාවේ උපසම්පදාව ආරම්භ කීරීම.
කුඩා කාලයේ දී කීර්ති නමින් හැදින්වූ එරජතුමා රුහුණු ප්‍රදේශයට ගොස් එහි හැදී වැඩුණි.කීර්ති කුමරුන්ටත් ඔහුගේ දෙමාපියන් ඇතුළු රාජකීය පවුලටත් එහිදී රැකවරණය සපයන ලද්දේ රුහුණේ වාසය කළ රජයේ නිලධාරියෙකි.
මුල් කාලීන ජිවිතය[සංස්කරණය]
විජයබාහු (කිත්ති)යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්ඛිණ දේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය.එතුමා කුඩා අවදියේදී ඔහුගේ දෙමව්පියන් මිය ගියේය.ඉන් පසු ඔහුගේ මාමා කෙනෙක් වූ බුද්දරාජ සමග ජීවත් වුණි. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිත බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රාහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි. එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දි රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර, සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
පොළොන්නරුව අල්ලාගැනිමේ පළමු වෑයම[සංස්කරණය]
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ,[1] මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී(චෝල) හමුදා වන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහාද මුහුන දීමටද සිදුවිය. ඒවාද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙයවුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේය.
රාජ්‍ය පාලනය[සංස්කරණය]
හොඳ රාජ්‍ය පාලකයකි.රට එක්සේසත් කළ රජෙකි. විදේශීය සම්බන්දතා ඇති කල රජෙකි. දකුණු ඉන්දියාවෙන් වේලෛයික්කාර නම් ද්‍රවිඩ හමුදාව ගෙනැවිත්,පොළොන්නරුවේ පිහිටි දළදා මාළිගාවේ ආරක්ෂාව සදහා පත් කරේය. එතුමා කාලිංග වංශික තිලෝකසුන්දරී නම් කාන්තාව විවාහ කර ගැනීම හා එතුමාගේ නැගෙණිය පාණ්ඩ්‍ය දේශයේ කුමරෙකුට විවාහ කර දීමෙන් දේශපාලන බලය ස්ථාවර කර ගැනීමට කටයුතු කළ බව පෙනේ.
ආශ්‍රිත[සංස්කරණය]
- අඹගමුව ශිලාලිපිය
- මහාවංශය
- සිංහලේ රාජාවලිය
- ශ්‍රී ලාංකීය ඉතිහාසය
- විජයබාහු පාබල රෙජිමේන්තුව
- පනාකඩුව තඹ සන්නස
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "THE POLONNARUWA KINGS". Rhajiv Ratnatunga. lakdiva.org. සම්ප්‍රවේශය 2008-09-12.
පළමුවන විජයබාහු රජ රජරට රජවරු උපත: ? 1039 මරණය: ? 1110
| ||
රාජ පදවි නාම | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා Kassapa VII |
රජරට රජ 1055–1110 |
අනුප්‍රාප්තික Jayabâhu I |