භාතිකාභය අභය රජ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
භාතිකාභය අභය | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | 20 ක්‍රි.පූ – 9 ක්‍රි.ව |
පූර්වප්‍රාප්තිකයා | කුටිකණ්ණ තිස්ස |
අනුප්‍රාප්තිකයා | මහාදාතික මහානාග |
රාජවංශය | විජය |
පියා | කුටිකණ්ණ තිස්ස |
ආගම | ථෙරවාද |
කුටිකණ්ණ තිස්ස රජුගේ දෙටු පුත් භාතිකාභය (බු.ව.522) රාජ්‍යත්වයට පැමිණියේය (භාතික නමින් රටේ ප්‍රසිද්ධවිය) . සිය සොයුරු මහානාම කුමරු සමග ලෙන්ගතුකමකින් ද ක්‍රියාකළ බව මේ රජුගේ බෞද්ධ පුජාවන් නිසා ම ලංකා ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී. එසේම මොහු රාජ්‍යත්වයට පැමිණිමට ප්‍රථම මොහුතුල බෞද්ධ ධර්මයට තිබු ලැදියාවද, ඔහුගේ රාජ්‍ය කාල සිමාව තුල පිලිබිඹු වේ. මහාදාඨික රජ්ජුරුවන්ගේ සහෝදරයෙක් වන නිසා මේ රජ්ජුරුවන්ගේ නාමය ‘භාතික රජ්ජුරුවෝ’ (King Bathika) නමින් දිවයිනේ ප්‍රසිද්ධ වුනා. මේ රජ්ජුරුවෝ ධාර්මිකයි. ලෝවා මහා පායේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවීම මහා ථූපයට (රුවැන්වැලිසෑය) මල් හා ජල පූජාවන් පැවැත්වීය; ඒ අනුව අභය වැවේ ජලය රුවැන්වැලිසෑයට ඉසීම තාක්ෂණ ක්‍රමවේද අනුව කළ බැව් පෙනේ, රෝම රටට දූතයන් යවා පබළු ගෙන්වා ඒවායින් දැල් කරවා , රුවන්වැලිසෑය සුණු පිළියම් කළ පබළු දැළක් සරසවා මහා සෑයේ පූජා කටයුතු කළ බව ඉතිහාස ගතවේ. මොහු තමන්ගේ රාජ්‍ය කාල සිමාව තුලදි, මස් මාංශ විකිණිම සහා සතුන් මැරීම, සහ මුලින්ම නතර කර, රටම ධාර්මික කරගැනිමට උත්සහා දැරු රජ කෙනෙක් බවට බෞද්ධ මිනිසුන් අතර ප්‍රකටය.
එලෙසින්ම දැහැමින් රට පාලනය කරගෙන ගිය බවයි, බොහො ලිපි වලින් සදහන් වේ.
භාතිකාභය රජුගේ ඉතිහාසය
[සංස්කරණය]රෝමයේ ක්ලෝඩියස් රජුගේ කාලයේ එරටට දූතයන් යවා ඒ රට සමග ගිවිසුමක් ඇති කර ගත් බැව් ප්ලිනිගේ ඓතිහාසික විස්තර අනුවද තහවුරු වී ඇත මේ රජුගේ පාලන කාලය තුළ සිය ආඥා චක්‍රය දිවයින තුළ ක්‍රියාත්මක වූ අතර නොයෙක් පළාත්වල සෙල්ලිපි පිහිටුවා ඇති අතර ඒවායින් ලිපි 15 ක් පමණ හදුනා ගෙන ඇත දක්ෂිණ දේශය සිය සොයුරාට ද රෝහණ දේශය සිය පුත්‍රයාටද පවරා තැබූ බැව් හැගී යයි.
එසේම මේ රජුගේ කාලයේ ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව නාවික සේවාවක් පවත්වා ගෙන ගොස් ඇති බැව් පෙනේ කලා වැව නිම්නයේ ඇති අනුල පවත නම් විහාරයට කරන ලද පුද පූජා පිළිබඳව ප්‍රධානියා "අහල" ඇමතිවරයා බැව් පැහැදිළිය. රෝම රටින් පබළු ඇතුළු පූජා භාණ්ඩ ගෙන ඒමත් පසුව සේරි රටට හෙවත් චීනයට වෙළද කටයුතු පිණිස ගිය ගමන් බිමන් ආදියත් මේ කරුණු හා සැසදේ.
එසේම භාතිකාභය රජු ධර්මාධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත්,අධිකරණ කටයුතුවලදී ගෝදත්ත නම් තෙරුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඇත. එසේම ගවයන් මැරීම හා ගවමස් කෑමද මේ රජු විසින් තහනම් කර තිබූ බැව් පෙනේ.
භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව රාජ රත්නාකාරය හා රාජාවලිය යන ග්‍රන්ථවල එකිනෙකට වෙනස් තොරතුරු දැක්වේ මහා වංශයේ දැක්වෙන්නේ විසි අට වසක් රජකම් කළ බවයි.[1]
බෞද්ධ ශාසනික සේවාවන්
[සංස්කරණය]භාතිකාභය රජතුමා රුවන්වැලි සෑය සම්බන්ධ විශාල පින්කම් කිහිපයක්ම පැවැත්වුවා. එක වතාවක් සඳුන් කල්ක තවරා ඒ මත සමන් මල් අතුරා අහසින් සුවඳ පැන් ඉස්සා. තවත් වතාවක් රෝමයෙන් ගෙන්වූ අනර්ඝ පබළු වලින් සෑය සැරසුවා. මහා විහාරයටත් අභය ගිරියටත් කිසිම වෙනසක් කරන්නේ නැතුව එකම විදියට සළකපු මේ රජතුමාගේ රාජ්‍ය කාලය ඉතාමත් දැහැමි කාලයක් විදියට තමයි සැලකෙන්නේ. එතුමා රජ කරපු අවු. 28 තුල නොවරදවාම වෙසක් උත්සව ත් පවත්වලා තියනවා.
එම කරුණු සහිතව විග්‍රහා කිරිමේ ලිපිය මෙසේ සනිටුහන් කරමි.
රුවැන්වැලිසැය සහ භාතිකාභය රජතුමා අතර සම්බන්දතාවය
[සංස්කරණය]රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න යන කෙනෙකුට සලපතල මළුවේ තිබෙන බුදු මැදමැදුර පසුකොට ඉදිරියට යන විට රුවන්වැලි මහා සෑයට වන්දනා කරගෙන සිටින රජ කෙනෙකුගේ ප්‍රතිමාවක් හමුවේ.
එනම් ඒ භාතිය රජතුමාගේ ප්‍රතිමාවයි .රුවන්වැලි මහා සෑයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් නොයෙකුත් පින්කම් සිදු කළ භාතිකාභය හෙවත් භාතිය රජතුමා හැම දවසක්ම උදෑසන ආහාර අනුභව කළේ රුවන්වැලි මහා සෑයට වන්දනා කිරීමෙන් පසුවයි .හවසටත් රුවන්වැලි මහා සෑයටත් වන්දනාමාන කිරීමෙන් පසුවයි ආහාර අනුභව කළේය. දවසක් රජතුමාට යෙදිළා තිබුණු රාජ්‍ය කටයුත්තක් නිසා හොදටම හවස් වුණා.ඒ කටයුතු අවසන් කරලා රජතුමා කෙළින්ම මාළිගාවට ගිහින් ආහාර අනුභව කරන්න වාඩි වුණා.බත් පිඩ අතට ගන්නකොටම රජතුමාට මතක් වුණා අද මම රුවන්වැලි මහා සෑයට හවස්වරුවේ වන්දනා කළේ නැහැ නේද කියලා. රජතුමා ළඟ සිටිය රාජ පුරුෂයන් ගෙන් බත් පිඩක් අතේ තියාගෙන මෙහෙම ඇහැව්වා “අද මම මගේ මුත්තණුවන්ට වන්දනා කළේ කලේ නැහැ “නේද කියල .එදා භාතිය රජතුමා තමන්ගේ මුත්තණුවන් හැටියට ගෞරවයෙන් පිළි ගත්තේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන ස්තුපයක් ලෙසය. මේ උතුම් දාගැබයි .රාජ් පුරුෂයා රජතුමාට කියනවා “දේවයන් වහන්ස අද දාගැබ් වහන්සේ වන්දනා කළේ නැහැ “කියලා රජතුමා කලබලයට පත් වෙලා තමන් අනුභව කරන්න ගත්ත බත් පිඩ ආපහු රන් තලියට දමන නැගිට්ටා .ඉක්මනින්ම මාලිගාවෙන් එළියට ඇවිත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න පිටත් වුණා වුනා. දකුණු වාසල් දොර අරවගෙන විහාරයට ඇතුවෙලා නැගෙනහිර දොරටුවෙන් චෛත්‍යය මළුවට ඇතුළු වුණා. කරුවල වැටිලා භාතිය රජ්ජුරුවෝ ඉතාම ශ්‍රද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වන්දනා කළා .එදා රජතුමාට පුදුම සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා .
භාතිය රජතුමාට ඇහුනා කවුදෝ පිරිසක් බොහොම මිහිරි හඩින් පිරිත් සජ්ඣායනා කරනවා. මේ පිරිත් හඬ ඇහෙන්නේ කොයි පැත්තෙන් ද රජතුමා මළුව වටේ ඇවිදිමින් සොයා බැලුවා .පිරිත් කියන කෙනෙක් දකින්න නැහැ .කිසිම භික්ෂූන් වහන්සේ නමක් පෙනෙන්න නැහැ .හොඳින් කන් යොමු කරගෙන සිටිද්දී මේ පිරිත් හඩ ඇහෙන්නේ චෛත්‍යයෙ ධාතූ ගර්භයේ ඇතුලතින් කියලා රජතුමාට වැටහුණාඑදා භාතිය රජතුමා නැගෙනහිර වාහල් දොරටුව අසල නැවතිලා චෛත්‍යයට වන්දනා කරගෙන මෙවැනි අධිෂ්ඨාන කළා .”චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි පිරිත් සජ්ඣායනා කරන්නේ කවුද කියලා දැකගෙන මිසක් මම මෙතනින් නැගිටින්නෙ නැහැ මම මේ ආකාරයේ ශ්‍රද්ධාවකින් උදේ හවස චෛත්‍යයට වන්දනා කරනවා ඒ ගුණානුභාවයෙන් මට මේ සිදුවීම දැක ගන්න ලැබේවා ” කියලා රජතුමා අධිෂ්ඨානයක් කළා. භාතිය රජතුමාගේ ගුණානුභාවයෙන් සක්‍ර දෙවියන් ගේ ආසන උණු වෙන්න පටන් ගත්තා. සක්‍ර දෙවියන් හිත යොමුකරලා බැලුවා මොකක්ද කාරණය කියලා .ඒ ගැන වටහගත් සක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොව සිට වැඩම කොට රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට ඒ බව දැනුම් දුන්නා.ඍර්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලා ධාතූ ගර්භය තුළට වැඩම කොට පිරිත් සජ්ඣායනා කරනවා.ඒ පිරිත් හඩ තමයි රජතුමාට අහන්න ලැබුණේ.
පිරිත් සජ්ඣායනා කරමින් සිටි රහතන් වහන්සේලා අතරින් එක් රහතන් වහසේ නමක් තවත් ඍර්ධිබල සම්පන්න තෙරුන් වහසේ නමකට පැවරුවා චෛත්‍යය මළුවේ සිටින රජතුමාව ගෙනවිත් ධාතූ ගර්භය වන්දවන්න කියලා.ඒ රහතන් වහසේ ඍර්ධිබලයෙන් ධාතු ගර්භයෙන් එළියට ඇවිත් භාතිය රජ්තුමාගේ අතින් අල්ලගෙන රුවන්වැලි මහා සෑයේ ධාතූ ගර්භය ඇතුළට එක්කගෙන ගියා.රජතුමාගේ හිතේ හැටිය ධාතූ ගර්භය වන්දනා කරගන්න සැලැසුවා.නැවත ආයෙමත් සලපතල මළුවට ගෙනවිත් ඇරලුවා.සෘද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේ නමකට තමන්ගේ ඍර්ධිබලයෙන් තව කෙනෙක්ව අහසින් වුණත් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා.බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂුවගෙ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකය පෙන්වපු සිදුවීම ඔබ අහලා ඇති.අන්න ඒ ආකාරයට තමයි ඍර්ධිබල සම්පන්න මහරහතන් වහසේ නමක් තම ඍර්ධිබලයෙන් භාතිය රජතුමන්ව අතින් අල්ලගෙන ධාතූ ගර්භය වන්දනා කරවන්න ඇතුලට ගෙන ගියේ.ධාතූ ගර්භය තුල සත් රුවනින් යුතුව නිමවා තිබෙන බුදුරජාණන් වහසේගේ ජීවිතය හා බැදුණු බොහෝ සිදුවීම් රජතුමා නගරවාසීන්ටත් පෙන්නුවොත් හොදයි කියලා කළ්පණා කළා.රජතුමා රන්කරුවන් ළවා තමන් දැකපු රූප සකස් කරවලා රාජ මාළිගාවේ මිදුලේ සකස් කරපු මණ්ඩපයක් මත ධාතූ ගර්භයෙහි ආකෘතියක් සකස් කළා.භාතිය රජතුමා වසරක් පාසාම නගර වාසීන්ට තමන් දුටු ඒ ධාතූ ගර්භයෙහි සැළැස්ම ප්‍රදර්ශනය කරපු බවත් එය දැක සතුටට පත් වූ නගරවාසීන් අතර සිටි බොහෝ කුළ දරුවන් පැවිදි වූ බවත් ථුපවංශයෙහි සදහන් වෙලා තියෙනවා.
කෙසේ නමුත් මහාවංශයේ මෙය සදහන් කලත්, මේ රජතුමා සහ අනුරාධපුර සහ මහනුවර ප්‍රදේශ අතර සම්බන්දයක් තිබුනා බව වාර්තා වේ, එනම් භතිකාභය රජුගේ මාලිගය සමග බවයි විශ්වස කරනු ලබන්නේ, මිනිසුන්ගේ විවිධ කතා වලට අනුකූලව, ඔහුගේ මාලිගයත්, රුවැන්වැලිසැයත් අතර සම්බන්දයක් මෙතුමාට තිබුනු බව මිනිසුන්ගේ කඨකතා වලින් දැනගන්නට ලැබෙනව. එනම් භාතිකාභය රජතුමා, තමන්ගේ මාලිගයට උත්සවශිරියෙන්, ද්‍රොනයක් පමණ වු ධන්ත දාතුන් වහන්සේ අධිශ්ඨාන කොට එර්දියෙන් වැඩමකරගෙන රුවැන්වැලිසැයෙන් බොහො පින් කුසල් රැස් කරගත් බවයි සදහන් වෙන්නේ.
එපමණක් නොවේ, මෙතුමා සිල්වත් වී, බෞද්ධ භික්ෂුන්ගේ දාන සිල භාවනා වැඩ පිලිවෙත් අකුරට ඉශ්ඨකිරිමට ඉමහත් සේවාවක් සිද්ධ කරනූ ලැබූවා.
රුවැන්වැලිසෑයේ සිදු කරනු ලැබු ප්‍රභල නිර්මාණ.
[සංස්කරණය]ඉතිහාසයෙහි ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය තරම් විශාල චෛත්‍යයක් මල්වලින් පුරවලා මල් ඔටුන්නක් ලෙස සරසලා තිසා වැවෙන් ජලය ගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් කොත් කැරැල්ල තෙක් වතුර මලක ආකාරයට ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පවත්වපු එකම රජතුමා භාතිකාභය රජතුමා පමණයි. රජතුමා ඒ පූජාව වෙනුවෙන්ම රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑ සමන් ආදි සුවද මල් වගා කෙරෙව්වා.දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදවාගෙන ජලය විදින යන්ත්‍රයක් සකස් කෙරෙව්වා. එකසිය විසි රියනක් උසින් යුතුව එදා දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්වැලි මහාසෑය මළුවේ සිට කොත් කැරැල්ලක් දක්වා මල් පුරවලා මල් ඔටුන්නක් ලෙස මල්වලින් වැසුවා.සතියක් පුරාම යන්ත්‍රානුසාරයෙන් ජලය ඉසිමින් චෛත්‍යයට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පූජාවන් සිදු කළා එවැනි ශද්ධාවන්ත රජ කෙනෙකුගේ ප්‍රථිමාවක් තමයි චෛත්‍යයෙහි සලපතල මළුව තුළ ඔබට දකින්න ලැබෙන්නෙ.එදා රජවරු රුවන්වැලි මහා සෑයට සිදු කළ ඒ පූජාවන් ගැන සිහි කරද්දි රුවන්වැලි මහා සෑයේ පූජනීයත්වය එදා රජවරු හොදින්ම වටහගෙන සිටි බව මනාව පැහැදිලි වෙනවා. මහාවංසයෙහි සදහන් වෙන ආකාරයට බොහෝ රජවරු අප්‍රමාණ ශද්ධා ගෞරවයෙන් රුවන්වැලි මහා සෑයට පූජාවන් සිදුකොට තිබෙනවා. මහා නාග නම් රජතුමා චෛත්‍යය වටා තිබුණු වැලි මළුව විශාල කරවලා තිවංක නම් ගල්වර්ගයක් මළුවේ අතුරා අලංකාරවත් ලෙස සකස් කළ බව සදහන් වෙනවා.අඩ ගැමුණු නම් රජතුමා රුවන්වැලි මහා සෑය මුදුනේ ජත්‍රයක් පිහිටුවා පූජාවන් පැවැත්තුවා.ඉන්පසු ඉලනාග නම් රජතුමා ලම්බකරණ ගෝත්‍රිකයන් ලවා රුවන්වැලි මහා සෑයට යන මාර්ගය අලංකාරවත් ලෙස සකස් කරවූ බවත් ,සිරිනාගනම් රජතුමා රුවන්වැලි මහා සෑයෙහි කොත්කැරැල්ල මුදුනෙහි ජත්‍රයක් පිහිටුවා එය රනින් අලංකාරවත් ලෙස කැටයම් කර වූ බවත් හතරැස් කොටුවෙහි ලක්ෂය බැගින් වටිනා මානික්‍ය හතරක් පිහිටුවා පූජාවන් සිදුකළ බවත් සදහන් වෙලා තියෙනවා.පළවෙනි අග්‍රබෝධි රජතුමා රත්තරනින් කරවන ලද ජත්‍රයක් රුවන්වැලි මහා සෑයට පූජා කළ බවත් ,මහා ප්‍රාක්‍රමබාහු රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තවත් අලංකාරවත් කළ බවත් ,කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා ,දෙවන පරාක්‍රමබාහු රජතුමා ,හතරවැනි විජයභබාහු රජතුමා වැනි රජවරුන්ගේ කාලයේ පවා විටින් විට මහා සෑයේ ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කරමින් අතීත රජවරුන් මහා සෑයට ගරු සත්කාර පැවැත්වූ ආකාරය මහාවංශය ආදී ග්‍රන්ථවල සදහන් වෙනවා.
දුටු-ගැමුණු සහ භාතිකාභය රජවරුන්ගේ වෙසක් උත්සව.
[සංස්කරණය]මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජතුමා ලවා “අනාගතයේ ලංකාවේ රජ වන ගාමිණී අභය මහ රජ විසින් ස්වර්ණමාලී නම් චෛත්‍ය කරවන බවට” ලියා පිහිටුවූ ගල් ටැඹ දුටු දුටුගැමුණු රජතුමා අතිශයින් සතුටට පත්ව රුවන්වැලි මහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ වෙසක් පොහෝ දිනයක විසා නැකතට. වර්ෂයක් පාසා වෙසක් පූජෝත්සව පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ ද දුටුගැමුණු රජතුමාටය. එතුමාගේ පින්පෙත අනුව වාර්ෂික වෙසක් පූජෝත්සව විසි හතරක් කරවූ බව මහාවංශයේ සඳහන් වේ.
මහා වංශයට අනුව ලක්දිව රජවූ සියලු රජවරු විවිධ පුණ්‍යෝත්සව මහා ඉහළින් පවත්වා ඇත. එම පින්කම් වෙසක් පින්කම් යැයි විශේෂයෙන් සඳහන් නොවේ. එහෙත් භාතිකාභය රජ්ජුරුවන් කරවූ පින්කම් අතර වෙසක් උත්සව විසි අටක් ම සිදු කළ බව මහාවංශය දක්වයි.
ශාසනික සේවාවන් සහ කුසල කර්මයන් කෙටියෙන්.
[සංස්කරණය]- තමන්ට ලැබෙන බදු මුදල්වලින් නගරය වටේ යොදුනක ප්‍රමාණයට සමන් පිච්ච මලුත්, ඉද්ද මලුත් රෝපණය කෙරෙව්වා.
- රජ්ජුරුවෝ මහා සෑයේ පාදමේ සිට ඡත්‍රය මුදුන දක්වා අඟල් සතරක පමණ ඝනකමට සුවඳ මැටි,ආලේප කරවා සමන් මල් නටුවෙන් පරෙස්සමින් සුවඳ මැට්ටට ඇතුල් කරලා මුළු මහා සෑය ම එකම මල් ශාලාවක් කරලා පූජා කළා.
- තවත් දවසක අඟල් දෙකක් ගණකමට මනෝසීල හෙවත් සිරියල් ආලේප කරවා කලින් වගේම මහා සෑය වැහෙන්ට මල් අමුණලා පූජා කළා.
- තවත් දවසක පඩිපෙලේ සිට මුදුනේ ඡත්‍රය දක්වාම මහා සෑය මල්වලින් පිරී යන සේ අතුරලා මහා සෑය මලින් වැස්සුවා.
- තවත් දවසක යන්ත්‍ර මාර්ගයෙන් අභය වැවේ ජලය මහා සෑයේ මුදුන තෙක් උඩට විහිදුවලා මහා සෑයට ජලය ඉස්සවමින් මහා සෑය පැන් පහසු කරවමින් ජල පූජාවක් කළා.
- ගැල් සියයක මුතු ගෙනැවිත් සියුම් වෙන්ට තෙලින් පරෙස්සමින් අඹරවලා සුණු පිඬු කරලා මහා සෑයේ මුතුපාටට දිලිසෙන සුදින් ආලේප කළා.
- නැගෙනහිර වාහල්කඩ ළඟ ආහාර නොගෙන මහා සෑය දෙසට හිස යොමා වැතිරුනා. රහතන් වහන්සේලා දොරක් මවලා භාතිකාභය රජ්ජුරුවන්ව ධාතුගර්භය ඇතුළට ගත්තා.
- රජ්ජුරුවෝ ඒ ධාතු ගර්භයේ අලංකාර සියල්ල ම දැකලා පිටතට පැමිණියට පස්සේ ඒ ආකාරයට ම සිතුවම් අඳින වස්ත්‍රවල ඒවා සිතුවම් කරලා පූජා කළා.
- මධුගන්ධ නමින් පූජාවක් කෙරෙව්වා. කළස්වල සුවඳ පුරවා එහි මල්මිටි දමා පූජාවක් කෙරෙව්වා. සුවඳ දියෙනුත්, අඳුන් සිරියල්වලිනුත්, ඒ වගේම මනෝසීලවලිනුත් පූජාවක් කෙරෙව්වා.
- චෛත්‍ය මළුවෙහි ඒ මනෝසීලවලට මල්වැසි වස්සවලා ගොප්මස පමණ දක්වා පිරුණට පස්සේ මහනෙල් මල්මිටි තබලා පූජාවක් කළා.
- මුළු මහා සෑ මළුව පුරාම සුවඳ මැටි පුරවලා එහි සිදුරු හදලා මහනෙල් මල් මිටි සිටවලා පූජාවක් කෙරෙව්වා.
- මහා සෑ මළුවෙන් වතුර බසින මාර්ගයන් වස්සවා සෑ මළුවේ ගිතෙල් පුරවා පට රෙදිවලින් කළ පහන් වැටියෙන් මළුව පුරාම පහන් දල්වලා ඒ පහන් සිළුවෙන් මහා සෑය පූජා කළා.
- ඒ විදිහටම මී තෙල්වලිනුත්, තල තෙල්වලිනුත් පුරවා, ඒ විදිහටම පට රෙදිවලින් පහන් වැටි තනවලා බොහෝ පහන් දල්වලා ඒ පහන් සිළුවෙන් මහා සෑය පූජා කළා.
- වර්ෂයක් පාසා මහා සෑයේ සුණු ආලේප කිරීමේ උතුම් මංගල්‍යය කළා. ඒ විදිහටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් බෝධි ස්නාන පූජා නමින් පැන්පහසු කරවීමේ පූජාවක් කළා.
- විසි අට අවුරුද්දක් ම වෙසක් මහා පුණ්‍යෝත්සවය උදාර අයුරින් කළා. සාමාන්‍ය පූජාවන් අසූ හාර දහසක් කෙරෙව්වා.
- නැට්ටුවන් යොදවා කරන සැණකෙලි කෙරෙව්වා. මහා සෑයට නොයෙක් තූර්යනාදයන්ගෙන් පූජා පැවැත්තුවා. ශ්‍රද්ධාවෙන් ඉපිල යමින් නොයෙක් අයුරින් පූජාවන් කළා.
- දවසට තුන් වතාවක් බුද්ධෝපස්ථානය පිණිස මහාසෑයට ගියා. දවසට දෙවරක් බෙර වැයුම් සහිතව මල් පූජාව නොකඩවා කළා.
- පෙරහැර දාන, පවාරණ දාන ආදියත්, තෙල් – පැණි – වස්ත්‍ර – පහන් ආදී ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන පිරිකරත් පූජා කළා.
- සංඝයාට චෛත්‍ය අලුත්වැඩියාවට අවශ්‍ය වියදම් පිණිස බොහෝ කුඹුරු පූජා කළා. ලංකාව පුරාම පිහිටි චෛත්‍යස්ථානවලට කුඹුරු පූජා කළා.
- සෑගිරියේ දහසක් වූ භික්ෂුසංඝයාට භාතිකාභය රජ්ජුරුවෝ හැමකල්හිම සලාකබත් දානය පූජා කෙරෙව්වා.
- ඒ වගේම රජ්ජුරුවෝ මනරම් වූ චිත්ත ප්‍රාසාදයේත්, මැණික් ප්‍රාසාදයේත්, මුචල ප්‍රාසාදයේත් යන උපස්ථාන ප්‍රාසාද තුනේත්, ඒ වගේම පියුම්ඝරයේත්, ඡත්ත ප්‍රාසාදයේත්,යන පස් තැනෙහි ග්‍රන්ථ ධුරයෙන් යුතු භික්ෂූන් වහන්සේලා වළඳවමින් සැමදා ධර්ම ගෞරවයෙන් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළා.
- පුරාණ රජදරුවන් විසින් නියම කරන ලද බුද්ධ ශාසනය පිළිබඳ යම්කිසි පුණ්‍ය කර්මයක් ඇත්නම් භාතික රජ්ජුරුවෝ ඒ සියල්ල නොපිරිහෙලා ඉෂ්ට කළා.[2]
විශිෂ්ටත්වය
[සංස්කරණය]දුටුගැමුණු රජුට පසුව බුදු දහම නගා සිටුවිමත්, මිනිසුන් කුසල් සිත්/ පින් සිත් ඇතිකිරිම උදෙසාත්, බෞද්ධ සහා සිංහල ජාතියට පහල වු ධාර්මික රජ කෙනෙකි. මෙතුමන් වඩාත් සිල්වන්ත වු අතර, අධිශ්ඨාන ශක්තියද ප්‍රභල ලෙස පැවති බව ඉතිහාස පුරාවුර්ත මගින් සදහන් වේ.