Jump to content

කෝට්ටේ සත්වන විජයබාහු රජ

විකිපීඩියා වෙතින්
සත්වන විජයබාහු රජ
කෝට්ටේ රජ
රාජ්‍ය සමය1513–1521
පූර්වප්‍රාප්තිකයානවවන ධර්මපරාක්‍රමබාහු රජ
අනුප්‍රාප්තිකයාසත්වන බුවනෙකබාහු රජ
භාර්යාවන්
  • අනුලා කහතුඩ
  • කිරිවැල්ලේ බිසෝ බණ්ඩාර
වංශයකෝට්ටේ රාජ වංශය
පියාඅටවන පරාක්‍රමබාහු රජ

සත්වන විජයබාහු රජ යනු, කෝට්ටේ ප්‍රතිස්ථාපිත කල සයවන පරාක්‍රමබාහු රජ විසින් හදාගත් දරුවකු වන අටවන වීර පරක්‍රමබාහු රජගේ පුත්‍රයාය. ඔහු උපන්නේ 1445 දී පමණ වන අතර ඔහුගේ සහෝදරයන් වන ශ්‍රී රාජසිංහ, නවවන ධර්ම පරාක්‍රමබාහු රජ, සහ රයිගම් බණ්ඩාර යන්නන් සමග ඇතිදැඩි විය. මනම්පේරි ආරච්චි වෙත විවාහපත්ව සිටි සහෝදරියක්ද ඔහුට සිටියේය.

රාජ්‍ය කාලය

[සංස්කරණය]

ඔහුගේ වැඩිමහළු සොහොයුරු නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු, කෝට්ටේ ජනතාවට අවශ්‍ය වූයේ ඔහුගේ අඩ සොහොයුරු, සකලකලා වල්ලභ, රජු බවට පත් වීමටය. ඒ වන විට ඔහු උඩුගම්පොල උපරාජ විය. කෙසේවෙතත්, සිංහල රජුන් පිළිබඳ කතාන්තරයක් වන රාජාවලිය අනුව, ඔහුගේ අඩ සොහොයුරු සකලකල වල්ල විසින් විජයබාහු වෙත කිරුළ පැළඳුවේ සත්වන විජයබාහු ලෙසිනි. මොහු සිංහාසනාරූඪ වූයේ ක්‍රි.ව. 1513 දීය.