Jump to content

යසලාලක තිස්ස රජ

විකිපීඩියා වෙතින්

යසලාලක තිස්ස ක්‍රි. ව. 52 සිට ක්‍රි. ව. 60 දක්වා රජ කළ සිංහල රජු යි. බු.ව.590 (595?) දී සිහසුන අල්ලාගත් යසලාලක තිස්ස රජු පිළිබඳ ව මහාවංශය ලියූ මහානාම හිමි එ තරම් තොරතුරු දක්වා නොමැත. හෙතෙම ලක් පොළොවේ අනුරාධපුර නගරයේ සත් වසක් හා අඩ මසක් රාජ්‍ය කළ හ යි සඳහන්.

මේ රජු ගේ දොරටුපාලයකු වූ සුබ නමැත්තා රජුට සමාන රුවකින් යුතු අයෙකි. යසලාලක තිස්ස රජු සුබ රාජාභරණයෙන් සරසවා සිංහාසනේ හිඳුවා තම දොරටුපාලයා ගේ වෙස් ගෙන විහිළුවට සිටින බවත් එ විට ඇමතිවරුන් පැමිණ රජු යැ යි සිතා සුභට වඳිනු බලා රජු සිනා සුණු බවත් කියැවේ. විහිළුවට කෙරුණ මේ අවස්ථාවක් සිය වාසියට හරවා ගත් සුබ මේ දොරටුපාලයා අවඥා සහගතව මට සිනා සෙන හෙයින් මොහුගේ හිස ගසා දමන්නැ යි නියම කර රජු මරවා ඇත.

ඇත්තෙන් ම ඉතිහාස කතාවලට අනුව මෙය විහිළුවක් වුව ද එයට බරපතළ පසුබිමක් රාජ සභාවේ සකස් වී තුබූ බව් පෙනේ. සුබට රාජ්‍ය අල්ලා ගැනීමට අනුබල දුන් පිරිසක් රාජ සභාවේ වීමත් සුබ ගේ ක්‍රියාවට කිසිවකු ගේ විරෝධයක් මතු නොවීමත් මෙහිදී සැලකිල්ලට ලක් වේ. කෙසේ වුවත් දොරටුපාලයා යනුවෙන් සඳහන් සුභ රාජ සභාවේ වැදගත් තනතුරක් දැරූ අයකු බවත් චන්ද්‍රමුඛ සීව මැරවීම ගැන ජනතාව යසලාලක තිස්ස කෙරෙහි කළකිරීමකින් සිටි මේ අවස්ථාවේ ඔහුගේ දිවි තොර කරවීමට කුමන්ත්‍රණයකින් ක්‍රියාත්මක වූයේ ද යන්නත් විචාරකයින්ගේ අවධානයට ලක්වේ.

මෙවාද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=යසලාලක_තිස්ස_රජ&oldid=779092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි