Jump to content

ලක්දිව රාජාවලිය

විකිපීඩියා වෙතින්
(රාජාවලිය (සිංහලේ) වෙතින් යළි-යොමු කරන ලදි)
ලක්දිවහි රජවරු
අනුරාධපුර රාජධානියේ රාජකීය ධජය
කෝට්ටේ රාජධානියේ රාජකීය ධජය
මහනුවර රාජධානියේ රාජකීය ධජය
පළමු රජවිජය
අවසන් රජදෙවන එලිසබෙත්
ස්ථාපනයක්‍රි.පූ. 543
අහෝසි කිරීමක්‍රි.ව. 1972 මැයි 22

මහාවංශයට අනුව ලක්දිව පළමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 435දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. විවිධ වෙනස්කම් වෙමින් වසර දහස් ගණනක් පැවත් එය ක්‍රි.ව. 1972 දී දෙවන එලිසබෙත් රැජිණගේ රජ සමයනේ අවසන් විය.

මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි.[1] මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්‍රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව මෙහි පෙළගස්වා ඇත.

     නිල් පැහැයෙන් ඉස්මතු කොට ඇත්තේ සිංහල රාජාණ්ඩුවේ විදේශ පාලකයින් ය.

සටහන්

මෙම රාජාවලිය පරිහරණයේ දී මනසේ රඳවාගත යුතු කරුණු කිහිපයකි. පළමුව, මෙහි ආදිතම රජවරුන් සඳහා දක්වා ඇති දිනයන් නිසැකවම තහවුරු කිරීමට අපහසු ය; හඳුනා ගැනීමට අපහසු දින (?) සංකේතයක් මගින් දක්වා තිබේ. එසේම වසර 2500ක පමණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා දිවයින නොයෙකුත් විදේශ බලයන්ගේ ග්‍රහණයට නතු විය. ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයින් මේ අතර ප්‍රධාන වේ. ඇතැම්හු සිහසුන පැහැරගෙන දිවයින සිය අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කරගත්හ. මේ සඳහා වඩාත්ම ප්‍රධාන නිදසුන් ලෙස ක්‍රි.ව. 985දී චෝළයන් සහ 1815දී බ්‍රිතාන්‍යයන් දැක්විය හැක. කෙසේනමුත්, පෘතුගීසි සහ ලන්දේසි යුගවල දී මහනුවර සිහසුන පැහැරගැනීමක් සිදු නොවූ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශ යටත් කරගැනීම පමණක් සිදු විය.

කාලානුක්‍රමය පිළිබඳ සටහන

බෞද්ධ යුගයේ පාදක දිනය වන ක්‍රි.පූ. 543 සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතියි. ක්‍රි.පූ. 483 බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දිනය යැයි සැලකේ. විල්හෙල්ම් ගයිගර් සඳහන් කරන පරිදි දීපවංසය හා මහාවංසය දකුණු ආසියානු කාලානුක්‍රමයේ ප්‍රධාන මූලාශ්‍ර වේ; එහි දිනායනය කොට ඇත්තේ අශෝක අධිරාජයා‍‍ගේ රාජාභිෂේකය පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසුව සිදුවූ බව ය. චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වූයේ මෙයට වර්ෂ 56කට පෙර, එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 162කට පසුව ය. චන්ද්‍රගුප්ත‍ගේ සිහසුනට පත්වීම ආසන්න වශයෙන් ක්‍රි.පූ. 321 අවට වර්ෂ දෙකක කාලය තුළ සිදුවන්නට ඇත. (මෙගස්තීනිස් අනුව). එමනිසා පරිනිර්වාණය සඳහා ලැබෙන ආසන්නතම දිනය වන්නේ ක්‍රි.පූ. 485 සහ ක්‍රි.පූ. 481 අතර දිනයකි. මෙය ක්‍රි.පූ. 483 ලෙස ගැනෙන මහායාන කාලානුක්‍රමය සමග හොඳින් ගැළපේ.[2]

ගයිගර් අනුව, මෙම ගණන් බැලීමේ දෙකෙහි වෙනස හටගෙන ඇත්තේ IIIවන උදය (946–954 හෝ 1007–1015) සහ පරාක්‍රම පාණ්ඩ්‍ය (1046–1048 පමණ) රාජ්‍ය සමයයන් අතර කාලයේ ය. මෙකල දිවයිනෙහි සැලකිය යුතු කලබලකාරී වාතාවරණයක් පැවතිණි.[2] කෙසේනමුත්, ක්‍රි.ව. 428දී චා-චා මො-හෝ-නාන් විසින් චීනය වෙත යැවුණු තානාපති මණ්ඩලයක් පිළිබඳ සඳහන් වේ. මෙම නම ඇතැම්විට මෙම කාලයේ රාජ්‍ය කළ (සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව) 'රාජා (රජ) මහානාම' යන්නෙහි විකරණයක් විය හැක.[3]

එපමණක් නොව, ක්‍රි.ව. 642දී පමණ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට උත්සාහ දැරූ දේශාටක භික්ෂුවක වූ ෂුවාන්සෑංහට ශ්‍රී ලාංකික භික්ෂූන් (ඇතැම්විට කාංචිපුරම්හි විසූ) විසින් රාජධානියේ එකල ගැටලු පැවති බව පවසා තිබිණි. ඒ නිසා ඔහු එම ගමනින් වැළකී ඇත;[4] මෙය සිහසුන වෙනුවෙන් අග්ගබෝධි III සිරිසඟබෝ, IIIවන ජෙට්ඨතිස්ස සහ දාඨෝපතිස්ස I හත්ථදාඨ අතර 632–643 කාලයේ පැවති අරගලකාරී කාලසීමාවට අනුරූප වේ.

මෑතකාලීන ඉන්දුවේදීය පර්යේෂණ අනුව පෙණීගොස් ඇත්තේ බුද්ධ පරිනිර්වාණය මින් පෙර යෝජනා කෙරුණු දිනයට වඩා තරමක් පසු කාලයක සිදුවන්නට ඇති බවයි. 1988දී මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෝටින්ජන්හි පැවති සමුළුවක දී විද්වතුන් බහුතරයක් දැරූ මතය වූයේ මෙම ගැටලුව පවතින්නේ ක්‍රි.පූ. 440–360 අතර කාලසීමාව හා සම්බන්ධව බවයි. කෙසේනමුත්, ඔුවන්ගේ ගණනයන් පාදක වී තිබුණේ දීපවංසයගමහාවංසය මත නොව ටිබෙට් බුදු දහමේ කාලානුක්‍රමය මත ය. ඉන්දියානු පාලක සුසුනාගගේ පුත් කාලාශෝක සමග බින්දුසාරගේ පුත් අශෝක අධිරාජයා හඳුනාගැනීමට වැඩිදියුණු කළ කාලානුක්‍රමයක් අවශය වේ.[5] සැලකිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලාංකික වංශකථා පාදක වී ඇත්තේ වඩාත් පැරණි කෘති මත වන අතර, ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කෙරුණේ ද ශ්‍රී ලංකාවේ වීමයි. පහත ලැයිස්තුව කෙරෙහි පාදක කොටගෙන ඇති කාලානුක්‍රමය සම්ප්‍රදායික ථෙරවාද/ ශ්‍රී ලාංකීය ක්‍රමය මත ගොඩනගා ඇති අතර, එයට පාදක වී ඇති ක්‍රි.පූ. 543 දිනය මහායාන දින දර්ශනයට වඩා වර්ෂ 60ක් මුල් දිනයකි. කෙසේනමුත්, ක්‍රි.ව. 1048න් පමණ පසු දැක්වෙන දිනයන් එකිනෙකට සමකාලීන බැව් පෙනේ.

තම්බපණ්ණි රාජධානිය (ක්‍රි.පූ. 543–505)

විජය රාජවංශය (ක්‍රි.පූ. 543–505)

නම රුව උපත විවාහයන් මරණය හිමිකම
විජය
ක්‍රි.පූ. 543 – ක්‍රි.පූ. 505
විජය රජුගේ රාජාභිෂේකය නිරූපිත අජන්තා බිතු සිතුවමක් ?
සිංහපුර
සිංහබාහු සහ සිංහසීවලී යුවළගේ පුත්‍රයායි
කුවේණි
(දරුවන් දෙදෙනෙකි)

පාණ්ඩ්‍ය කුමරියක්

ක්‍රි.පූ. 505
තම්බපණ්ණිය
රාජධානිය පිහිටුවී ය.
කුවේණි සමග විවාහ විය.

උපතිස්ස නුවර රාජධානිය (ක්‍රි.පූ. 505–377)

විජය රාජවංශය (ක්‍රි.පූ. 505–377)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
උපතිස්ස
(අනුරාජ) (වසරක අරාජික සමය)
- - ක්‍රි.පූ. 505 ක්‍රි.පූ. 504 *විජයගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පණ්ඩුවාසදේව - - ක්‍රි.පූ. 504 ක්‍රි.පූ. 474 *විජයගේ බෑණා ය.
අභය - - ක්‍රි.පූ. 474 ක්‍රි.පූ. 454 *පණ්ඩුවාසදේවගේ පුත්‍රයායි.
තිස්ස
(අනුරාජ) (වසර දාහතක අරාජික සමය)
- - ක්‍රි.පූ. 454 ක්‍රි.පූ. 437 *පණ්ඩුවාසදේවගේ දෙවන පුත්‍රයායි
*අභයගේ බාල සොහොයුරායි‍.
පණ්ඩුකාභය ක්‍රි.පූ. 474 ක්‍රි.පූ. 367 ක්‍රි.පූ. 437 ක්‍රි.පූ. 377 *පණ්ඩුවාසදේවගේ මුණුපුරායි.
*අභය සහ තිස්සගේ බෑණායි.

අනුරාධපුර රාජධානිය (ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017)

විජය රාජවංශය (ක්‍රි.පූ. 377–237)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
පණ්ඩුකාභය ක්‍රි.පූ. 474 367 BC ක්‍රි.පූ. 377 ක්‍රි.පූ. 367 *පණ්ඩුවාසදේව රජුගේ මුණුපුරායි.
*අභය හා තිස්සගේ බෑණායි.
මුටසීව - - ක්‍රි.පූ. 367 ක්‍රි.පූ. 307 *පණ්ඩුකාභය රජුගේ පුත්‍රයායි.
දේවානම්පිය තිස්ස - ක්‍රි.පූ. 267 ක්‍රි.පූ. 307 ක්‍රි.පූ. 267 *මුටසීවගේ පුත්‍රයායි.
උත්තිය - - ක්‍රි.පූ. 267 ක්‍රි.පූ. 257 *මුටසීවගේ පුත්‍රයෙකි.
මහාසිව - - ක්‍රි.පූ. 257 ක්‍රි.පූ‍. 247 *මුටසීවගේ පුත්‍රයායි.
සූරතිස්ස - ක්‍රි.පූ. 237 ක්‍රි.පූ. 247 ක්‍රි.පූ. 237 *පණ්ඩුකාභයගේ පුත්‍රයායි.

සේන සහ ගුත්තික (ක්‍රි.පූ. 237–215)

නම රුව උපත විවාහ මරණය හිමිකම
සේන සහ ගුත්තික
ක්‍රි.පූ. 237 – ක්‍රි.පූ. 215
- - - සටනේ දී සූරතිස්ස රජුව පරාජය කළේ ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 215–205)

නම රුව උපත විවාහ මරණය හිමිකම
අසේල
ක්‍රි.පූ. 215 – ක්‍රි.පූ. 205
?
මුටසීව රජුගේ පුත්‍රයෙකි.
- ක්‍රි.පූ. 205
අනුරාධපුර
මුටසීව රජුගේ පුත්‍රයෙකි.

එළාර (ක්‍රි.පූ. 205–161)

නම රුව උපත විවාහ මරණය හිමිකම
එළාර
ක්‍රි.පූ. 205 – ක්‍රි.පූ. 161
එළාර ක්‍රි.පූ. 235
චෝළ අධිරාජ්‍යය
- ක්‍රි.පූ. 161
අනුරාධපුර
සටනේ දී අසේල රජුව පැරදවී ය.

විජය රාජවංශය (ක්‍රි.පූ. 161–103)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
මහා දුට්ඨගාමිණී අභය
(හෙවත් දුට්ඨගාමිණී හෝ දුටුගැමුණු)
- - ක්‍රි.පූ. 161 ක්‍රි.පූ. 137 *එළාර රජුව පැරදවී ය.
*කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
*මුලින් රුහුණේ පාලකයා විය.
සද්ධාතිස්ස - - ක්‍රි.පූ. 137 ක්‍රි.පූ. 119 *දුටුගැමුණු රජුගේ සොහොයුරායි.
තුලත්ථන
(තුල්නා)
- - ක්‍රි.පූ. 119 ක්‍රි.පූ. 119 *සද්ධාතිස්සගේ දෙවන පුත්‍රයායි.
ලංජතිස්ස - - ක්‍රි.පූ. 119 ක්‍රි.පූ. 109 *තුලත්ථන රජුගේ වැඩිමහල් සොහොයුරායි.
*සද්ධාතිස්ස රජුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ඛල්ලාඨනාග
(කලුන්නා)
- - ක්‍රි.පූ. 109 ක්‍රි.පූ. 104 *ලංජතිස්ස රජුගේ සොහොයුරායි.
*සද්ධාතිස්සගේ තෙවන පුත්‍රයායි.
වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු I)
(වළගම්බා)
- - ක්‍රි.පූ. 104 ක්‍රි.පූ. 103 *සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.

පංච ද්‍රවිඩයන් (ක්‍රි.පූ. 103–89)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
පුලහත්ථ - - ක්‍රි.පූ. 103 ක්‍රි.පූ. 100 *දමිළ ප්‍රධානියෙකි.
බාහිය - - ක්‍රි.පූ. 100 ක්‍රි.පූ. 98 *පුලහත්ථගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
පනයමාර - - ක්‍රි.පූ. 98 ක්‍රි.පූ. 91 *බාහියගේ අග්‍රාමාත්‍යවරයායි.
පිළයමාර - - ක්‍රි.පූ. 91 ක්‍රි.පූ. 90 *පනයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.
දාඨික - - ක්‍රි.පූ. 90 ක්‍රි.පූ. 88 *පිළයමාරගේ ප්‍රධාන අමාත්‍යවරයායි.

විජය රාජවංශය (ක්‍රි.පූ. 89 – ක්‍රි.ව. 66)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
වට්ටගාමිණී අභය
(හෙවත් වළගම්බාහු)
(වළගම්බා)
- - ක්‍රි.පූ. 89 ක්‍රි.පූ. 76 *සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයායි.
මහාචූලි මහාතිස්ස
(මහාචූලි මහාතිස්ස)
- - ක්‍රි.පූ. 76 ක්‍රි.පූ. 62 *ඛල්ලාටනාග රජුගේ පුත්‍රයායි.
*වළගම්බා රජුගේ බෑණා සහ හදාගත් පුත්‍රයායි.
චෝරනාග
(මහානාග)
- - ක්‍රි.පූ. 62 ක්‍රි.පූ. 50 *වළගම්බා රජුගේ පුත්‍රයායි.
*මහාචූලි මහාතිස්සගේ ඥාති සොහොයුරායි.
කුඩා තිස්ස - - ක්‍රි.පූ. 50 ක්‍රි.පූ. 47 *මහාචූලි මහාතිස්ස රජුගේ පුත්‍රයායි.
සිව I - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
වටුක - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
දාරුභාතික තිස්ස - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
නීලිය - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 47
අනුලා රැජින - - ක්‍රි.පූ. 47 ක්‍රි.පූ. 42 *චෝරනාග සහ කුඩාතිස්සගේ වැන්දඹුවයි.
කූටකණ්ණ තිස්ස - - ක්‍රි.පූ. 42 ක්‍රි.පූ. 20 *කුඩා තිස්සගේ සොහොයුරායි.
*මහාචූලි මහාතිස්ස රජුගේ දෙවන පුත්‍රයායි.
භාතිකාභය අභය - - ක්‍රි.පූ. 20 ක්‍රි.ව. 9 *කූටකණ්ණ තිස්ස රජුගේ පුත්‍රයායි.
මහාදාඨික මහානාග - - 9 21 *භාතික අභය රජුගේ සොහොයුරායි.
අමණ්ඩගාමිණී අභය - - 21 30 *මහාදාඨික මහානාග රජුගේ පුත්‍රයායි.
කණිරජානු තිස්ස - - 30 33 *අමණ්ඩගාමිණී අභය රජුගේ සොහොයුරායි.
චූලාභය - - 33 35 *අමණ්ඩගාමිණී අභය රජුගේ පුත්‍රයායි.
සීවලී රැජින - - 35 35 *චූලාභය රජුගේ සොයුරියයි.
අරාජික සමය - - 35 38
ඉලනාග
(එලන්නා)
- - 38 44 *සීවලී රැජිනගේ බෑණා ය.
චන්දමුඛ - - 44 52 *ඉලනාගගේ පුත්‍රයායි.
යසලාලක - - 52 60 *චන්දමුඛසිව රජුගේ බාල සොහොයුරායි.
සුභරාජ
(හෙවත් සුභ)
- - 60 66 *යසලාලකතිස්ස රජුගේ දොරටුපාලකයායි.

I වන ලම්බකර්ණ රාජවංශය (66–436)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
වසභ - - 66 110 *ලම්බකර්ණ වංශයේ සාමාජිකයෙකි.
වංකනාසික තිස්ස - - 110 113 *වසභ රජුගේ පුත්‍රයායි.
ගජබාහු I - - 113 135 *වංකනාසික තිස්ස රජුගේ පුත්‍රයායි.
මහල්ලකනාග - - 135 141 *Iවන ගජබාහුගේ මාමණ්ඩියයි.
භාතික තිස්ස - - 141 165 *මහල්ලකනාගගේ පුත්‍රයායි.
කනිට්ඨතිස්ස - - 165 193 *භාතිකතිස්ස රජුගේ බාල සොහොයුරායි.
චූලනාග
(හෙවත් ඛුජ්ජනාග)
- - 193 195 *කනිට්ඨතිස්සගේ පුත්‍රයායි.
කුඩානාග
(හෙවත් කුංචනාග)
- - 195 196 *චූල නාගගේ සොහොයුරායි.
සිරිනාග I - - 196 215 *කුඩා නාගගේ මස්සිනායි.
වෝහාරිකතිස්ස
(හෙවත් වීර තිස්ස / වෝහාරකතිස්ස)
- - 215 237 *Iවන සිරිනාගගේ පුත්‍රයායි.
අභයනාග - - 237 245 *වෝහාරකතිස්ස‍ගේ සොහොයුරායි.
සිරිනාග II - - 245 247 *වෝහාරකතිස්සගේ පුත්‍රයායි.
විජය කුමාර - - 247 248 *IIවන සිරිනාගගේ පුත්‍රයායි.
සංඝතිස්ස I - - 248 252 *ලම්බකර්ණ වංශිකයෙකි.
සිරි සංඝබෝධි I
(හෙවත් සිරි සඟබෝ)
- - 252 254 *ලම්බකර්ණ වංශිකයෙකි.
ගෝඨාභය - - 254 267 *රාජ්‍ය අමාත්‍යවරයායි.
*ලම්බකර්ණ වංශිකයෙකි.
ජෙට්ඨතිස්ස I
(හෙවත් දෙටුතිස් I)
- - 267 277 *ගෝඨාභයගේ වැඩිමහල් පුත්‍රයායි.
මහාසේන - - 277 304 *ජෙට්ඨතිස්සගේ සොහොයුරායි.
*ගෝඨාභයගේ බාල පුත්‍රයායි.
සිරිමේඝවණ්ණ - - 304 332 *මහාසේනගේ පුත්‍රයායි.
ජෙට්ඨ තිස්ස II - - 332 341 *සිරිමේඝවණ්ණගේ සොහොයුරායි.
බුද්ධදාස - - 341 370 *IIවන ජෙට්ඨතිස්සගේ පුත්‍රයායි.
උපතිස්ස I - - 370 412 *බුද්ධදාස රජුගේ වැඩිමහල් පුත්‍රයායි.
මහානාම - - 412 434 *Iවන උපතිස්සගේ සොහොයුරායි.
සොත්ථිසේන - - 434 434 *මහානාම රජුගේ දෙමළ බිසවකගේ පුත්‍රයායි.
ඡත්තගාහක ජන්තු
(හෙවත් ඡත්තගාහක)
- - 434 435 *මහානාම රජුගේ සිංහල රැජිනගේ දියණිය වූ සංඝාගේ සැමියායි.
මිත්තසේන - - 435 436 *සිහසුන පැහැරගත්තෙකි.

ෂඩ් ද්‍රවිඩයින් (436–463)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
පණ්ඩු - - 436 441 *පාණ්ඩ්‍ය ආක්‍රමණිකයෙකි.
පාරින්ද - - 441 441 *පණ්ඩුගේ පුත්‍රයායි.
ඛුද්ද පාරින්ද - - 441 447 *පණ්ඩුගේ බාල සොහොයුරායි.
තිරිතර - - 447 447 *සිව්වන දෙමළ පාලකයායි.
දාඨිය - - 447 450 *පස්වන දෙමළ පාලකයායි.
පීඨිය - - 450 452 *සයවන දෙමළ පාලකයායි.

මෝරිය රාජවංශය (463–691)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ධාතුසේන - - 463 479 *මාහානාමගේ දියණිය වූ සංඝාගේ පුත්‍රයායි.
*27 වසරක පාණ්ඩ්‍ය පාලනයෙන් අනුරාධපුරය මුදා ගත්තේ ය.
කාශ්‍යප I
(සිහසුන පැහැරගැනීම),(සීගිරියේ)
- - 479 497 *පල්ලව බිසවකට දාව උපන් ධාතුසේන රජුගේ පුත්‍රයෙකි.
මොග්ගල්ලාන I - - 497 515 *ධාතුසේනගේ පුත්‍රයායි.
*කාශ්‍යපගේ සොහොයුරායි.
කුමාර ධාතුසේන - - 515 524 *මොග්ගල්ලානගේ පුත්‍රයායි.
කිත්තිසේන - - 524 524 *කුමාර ධාතුසේනගේ පුත්‍රයායි.
සිව II - - 524 525 *කීර්ති සේනගේ මාමණ්ඩියයි.
උපතිස්ස II - - 525 526 *කුමාර ධාතුසේනගේ බෑණායි.
සිලාකාල අම්බසාමණේර - - 526 539 *ලම්බකර්ණ පෙළපතේ කුමරෙකි.
දාඨාපභූති - - 539 540 *සිලාකාලගේ දෙවන පුත්‍රයායි.
මොග්ගල්ලාන II - - 540 560 *දාඨාපතිස්සගේ වැඩිමහල් සොයුරායි.
කිත්තිසිරි මේඝවණ්ණ - - 560 561 *IIවන මොග්ගල්ලානගේ පුත්‍රයායි.
මහානාග - - 561 564 *දාඨාපතිස්ස රජුගේ යුධ අමාත්‍යවරයායි.
අග්ගබෝධි I - - 564 598 *මහානා‍ගගේ සොහොයුරෙකි‍
*මහානාග රජුගේ බෑණා සහ උප-රජු විය.
අග්ගබෝධි II - - 598 608 *Iවන අග්ගබෝධිගේ බෑණා සහ ඥාති පුත්‍රයායි.
සංඝතිස්ස II - - 608 608 *IIවන අග්ගබෝධිගේ සොහොයුරා සහ අසිපත්ධාරියා විය.
මොග්ගල්ලාන III - - 608 614 *IIවන අග්ග‍බෝධි රජ සමයේ ප්‍රධාන සෙන්පතියා විය.
සිලාමේඝවණ්ණ - - 614 623 *මොග්ගල්ලාන රජුගේ අසිපත්ධාරියායි.
අග්ගබෝධි III - - 623 623 *සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
ජෙට්ඨතිස්ස III - - 623 624 *සංඝතිස්ස රජුගේ පුත්‍රයායි.
අග්ගබෝධි III
(ප්‍රතිෂ්ඨාපිත)
- - 624 640 *සිලාමේඝවණ්ණගේ පුත්‍රයායි.
දාඨෝපතිස්ස I
(හත්ථදාඨ)
- - 640 652 *ජෙට්ඨතිස්ස (දාඨාසිව) රජුගේ සෙන්පතියෙකි.
කස්සප II - - 652 661 *IIවන අග්බෝගේ සොහොයුරායි.
*දාඨෝපතිස්ස රජුගේ උප-රජෙකි.
Iවන දප්පුල - - 661 664 *සිලාමේඝවණ්ණගේ බෑණායි.
IIවන දාඨෝපතිස්ස - 673 664 673 *Iවන දාඨෝපතිස්ස (හත්ථදාඨ) රජුගේ ඥාති පුත්‍රයායි.
IVවන අග්ගබෝධි - - 673 689 *දාඨෝපතිස්සගේ බාල සොහොයුරායි.
උන්හනගර හත්ථදාඨ - - 691 691 *රාජකීය පෙළපතේ ප්‍රධානියකු වූ මොහුව සිහසුනට පත්කරන ලද්දේ ධනවත් දෙමළ නිලධාරියකු විසිනි.

II වන ලම්බකර්ණ රාජවංශය (691–1017)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
මානවම්ම - - 691 726 *Iවන කස්සපගේ පුත්‍රයායි.
*සිලාමේඝවණ්ණගෙන් පැවතෙන්නෙකි.
Vවන අග්ගබෝධි - - 726 732 *මානවම්මගේ පුත්‍රයෙකි.
IIIවන කස්සප - - 732 738 *Vවන අග්ගබෝධිගේ සොහොයුරායි.
Iවන මහින්ද - - 738 741 *IIIවන කස්සපගේ ‍බාල සොහොයුරායි.
VIවන අග්ගබෝධි - - 741 781 *IIIවන කස්සපගේ පුත්‍රයායි.
VIIවන අග්ගබෝධි
(පොළොන්නරුවේ සිට)
- - 781 787 *මහින්දගේ පුත්‍රයෙකි.
IIවන මහින්ද
(සිලාමේඝ)
- - 787 807 *VIවන අග්ගබෝධිගේ පුත්‍රයායි.
IIවන දප්පුල - - 807 812 *IIවන මහින්දගේ පුත්‍රයායි.
*IIවන මහින්දගේ උප-රජෙකි.
IIIවන මහින්ද - - 812 816 *IIවන දප්පුලගේ පුත්‍රයායි.
VIIIවන අග්ගබෝධි - - 816 827 *IIIවන මහින්දගේ සොහොයුරායි.
IIIවන දප්පුල - - 827 843 *VIIIවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IXවන අග්ගබෝධි - - 843 846 *IIIවන දප්පුලගේ පුත්‍රයායි.
Iවන සේන - - 846 866 *IXවන අග්ගබෝධිගේ බාල සොහොයුරායි.
IIවන සේන - - 866 901 *Iවන සේනගේ බෑණායි.
*කස්සපගේ පුත්‍රයායි.
Iවන උදය - - 901 912 *IIවන සේනගේ උප-රජෙකි.
IVවන කස්සප - - 912 929 *IIවන සේනගේ පුත්‍රයායි.
*Iවන උදයගේ උප-රජෙකි.
Vවන කස්සප - - 929 939 *IVවන කස්සපගේ පුත්‍රයායි.
IVවන දප්පුල - - 939 940 *Vවන කාස්සපගේ පුත්‍රයායි.
Vවන දප්පුල - - 940 952 *IVවන දප්පුලගේ සොහොයුරායි.
IIවන උදය - - 952 955 *IIවන සේනගේ බෑණායි.
*Vවන දප්පුලගේ උප-රජෙකි.
IIIවන සේන - - 955 964 *IIවන උදයගේ සොහොයුරායි.
IIIවන උදය - - 964 972 *IIIවන සේනගේ උප-රජෙකි (රජුගේ හොඳම මිතුරෙකි)
IVවන සේන - - 972 975 *Vවන කස්සපගේ පුත්‍රයායි.
*IIIවන උදයගේ උප-රජෙකි.
IVවන මහින්ද - - 975 991 *IVවන සේනගේ සොහොයුරායි.
*IIIවන උදයගේ බෑණායි.
*සේනගේ උප-රජෙකි.
Vවන සේන - - 991 1001 *IVවන මහින්දගේ පුත්‍රයායි.
Vවන මහින්ද
(පලාගොස් රුහුණ පාලනය කළේ ය)
(1017දී පමණ පිටුවහල් කරන ලදී)
- 1029 1001 1017 *Vවන සේනගේ බාල සොහොයුරායි.

චෝළ ග්‍රහණයට නතු වූ අනුරාධපුර (1017–1070)

චෝළ රාජවංශය (1017–1070)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
Iවන රාජේන්ද්‍ර චෝළ - 1044 1017 1044 *Iවන රාජ රාජ චෝළ රජුගේ පුත්‍රයායි.
*යටත් කරගත් ප්‍රදේශ චෝළ අධිරාජ්‍යයේ පළාතක් බවට පත්කරන ලදී.
රාජාධිරාජ චෝළ - 1054 1018 1054 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
IIවන රාජේන්ද්‍ර චෝළ - 1063 1051 1063 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
වීරරාජේන්ද්‍ර චෝළ - 1070 1063 1070 *රාජේන්ද්‍රගේ පුත්‍රයෙකි.
අතිරාජේන්ද්‍ර චෝළ - 1070 1067 1070 *වීරරාජේන්ද්‍ර චෝළගේ පුත්‍රයෙකි.

පොළොන්නරු රාජධානිය (1056–1236)

විජයබාහු රාජවංශය (1056–1187)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
I වන විජයබාහු - - 1056 1111 *සිංහල රාජකීය පවුලේ සාමාජිකයෙකි.
I වන ජයබාහු
(පොළොන්නරුව සහ රුහුණ)
- - 1110 1111 *Iවන විජයබාහුගේ සොහොයුරායි.
*Iවන විජයබාහුගේ අග්‍රාමාත්‍යවරයා ද විය.
I වන වික්‍රමබාහු - 1132 1111 1132 *Iවන විජයබාහුගේ පුත්‍රයායි.
II වන ගජබාහු - - 1131 1153 *Iවන වික්‍රමබාහුගේ පුත්‍රයායි.
I වන පරාක්‍රමබාහු
(මහා පරාක්‍රමබාහු)
1123 1186 1153 1186 *Iවන විජයබාහුගේ මුණුපුරායි.
II වන විජයබාහු - - 1186 1187 *Iවන පරාක්‍රමබාහුගේ බෑණායි.
VI වන මහින්ද - - 1187 1187 *කාලිංග වංශිකයෙකි.
රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
රාජධානිය රජ
1090 1100 1110 1120 1130 1140 1153 1160 1170 1180
රජරට Iවන වික්‍රමබාහු රජ IIවන ගජබාහු රජ
දක්ඛිණදේශ Iවන විජයබාහු රජ මානාභරණ රජ කිත්ති සිරි මේඝ රජ පළමුවන පරාක්‍රමබාහු රජ
රුහුණ ශ්‍රී වල්ලභ රජ සහ කිත්ති සිරි මේඝ රජ ශ්‍රී වල්ලභ රජ මානාභරණ රජ

කාලිංග රාජවංශය (1187–1197)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
නිශ්ශංකමල්ල 1157 or 1158 1196 1187 1196 *Iවන පරාක්‍රමබාහු රජුගේ බෑණා හෝ ඥාති පුත්‍රයෙකි.
Iවන වීරබාහු - - 1196 1196 *නිශ්ශංකමල්ලගේ පුත්‍රයායි.
IIවන වික්‍රමබාහු - - 1196 1196 *නිශ්ශංකමල්ලගේ බාල සොහොයුරායි.
චෝඩගංග - - 1196 1197 *නිශ්ශංකමල්ලගේ බෑණායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1197–1200)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී රැජින - - 1197 1200 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

කාලිංග රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1200–1209)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
සහස්සමල්ල - - 1200 1202 *නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරායි.
කල්‍යාණවතී රැජින - - 1202 1208 *නිශ්ශංකමල්ල රජුගේ අගමෙහෙසියයි
ධර්මාශෝක - - 1208 1209 *අයස්මන්ත විසින් කල්‍යාණවතී රැජින ධුරයෙන් පහකොට මොහුව සිහසුනට පත්කරන ලදී.
අනිකංග - - 1209 1209 *ධර්මාශෝකගේ පියායි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1209–1210)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී
(1වන ප්‍රතිෂ්ඨාපනය)
- - 1209 1210 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

ලෝකිස්සර (1210–1211)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලෝකිස්සර - - 1210 1211 දෙමළ හමුදා නායකයෙකි.

විජයබාහු රාජවංශය, ප්‍රතිෂ්ඨාපිත (1211–1212)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
ලීලාවතී
(2වන ප්‍රතිෂ්ඨාපනය)
- - 1211 1212 *Iවන පරාක්‍රමබාහු රජුගේ වැන්දඹුවයි.

පාණ්ඩ්‍ය රාජවංශය (1212–1215)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාව
II වන පරාක්‍රම පාණ්ඩ්‍ය - - 1212 1215 *පාණ්ඩ්‍ය රජෙකි.

නැගෙනහිර ගංග රාජවංශය (1215–1236)

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව, සමස්ත දිවයිනම පාලනය කිරීමේ අභිප්‍රාය සහ පොළොන්නරු රාජධානිය යන දෙකම වැනසී ගියේ ය. මෙයදිවයිනේ දකුණු සහ බටහිර පෙදෙස්වලට දැවැන්ත සිංහල ජන සංක්‍රමණයක් සඳහා හේතු විය. සම්පූර්ණ දිවයිනම යටත් කරගැනීමට නොහැකි වූ මාඝ යාපනය රාජධානිය පිහිටුවා එහි ප්‍රථම පාලකයා බවට පත් විය. යාපනය රාජධානිය පිහිටා තිබූයේ වර්තමාන උතුරුදිග ශ්‍රී ලංකාවේ වන අතර, 1220 අවට කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශයෙහි IIIවන විජයබාහු රජු විසින් දඹදෙණිය රාජධානිය ස්ථාපනය කරන ලදී.[6]

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
කාලිංග මාඝ - - 1215 1236 *කාලිංගයේ කුමරෙකි.

දඹදෙණිය රාජධානිය (1220–1345)

සිරි සඟ බෝ රාජවංශය (1220–1345)

රුව නම උපත මරණය රාජය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
IIIවන විජයබාහු - - 1220 1224 *සිංහල රාජකීය රුධිර පෙළපතේ දේශප්‍රේමී කුමරෙකි.
IIවන පරාක්‍රමබාහු - - 1234 1269 *IIIවන විජයබාහුගේ වැඩිමහල් පුත්‍රයායි.
IVවන විජයබාහු - 1270 ඔක්තෝබර් 1267/8 October 1270 *IIවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
Iවන බුවනෙකබාහු
(යාපහුවේ සිට)
- - 1271 1283 *IVවන විජයබාහුගේ සොහොයුරායි.
අරාජික සමය - - 1283 1302
IIIවන පරාක්‍රමබාහු
(පොළොන්නරුවේ සිට)
- - 1302 1310 *Iවන බුවනෙකබාහුගේ බෑණායි.
*IVවන විජයබාහුගේ පුත්‍රයායි.
IIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
- - 1310 1325/6 *Iවන ුබවනෙකබාහුගේ පුත්‍රයායි.
*IIIවන පරාක්‍රමබාහුගේ ඥාති සොහොයුරායි.
IVවන පරාක්‍රමබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1325/6 *IIවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
IIIවන බුවනෙකබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1325/6 *වන්නි බුවනෙකබාහු ලෙස ද හැඳින්වේ.
Vවන විජයබාහු
(කුරුණෑගල සිට)
- - 1325/6 1344/5 *යාපාපටුනේ චන්ද්‍ර බානුගේ දෙවන පුත්‍රයායි.

ගම්පොළ රාජධානිය (1345–1412)

සිරි සඟ බෝ රාජවංශය (1345–1412)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්ව්‍රපාප්තික(යන්) සමග සම්බන්ධතාව
IVවන බුවනෙකබාහු - - 1344/5 1353/4 *Vවන විජයබාහුගේ පුත්‍රයායි.
Vවන පරාක්‍රමබාහු
(දැදිගම සිට)
1311 - 1344/5 1359 *Vවන විජයබාහුගේ පුත්‍රයායි.
*IVවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
IIIවන වික්‍රමබාහු - - 1357 1374 *IVවන බුවනෙකබාහුගේ පුත්‍රයායි.
Vවන බුවනෙකබාහු - - 1372/3 1391/2 *නිශ්ශංක අලකේශ්වරට දාව IIIවන වික්‍රමබාහුගේ සොයුරියට උපන් පුත්‍රයායි.
IIවන වීරබාහු - - 1391/2 1397 *Vවන බුවනෙකබාහු රජුගේ මස්සිනායි.
IIවන වීරබාහුගේ පුත්‍රයෙක් - - 1397 1397
IIවන වීරබාහුගේ පුත්‍රයෙක් - - 1397 1397
වීර අලකේශ්වර
(හෙවත් විජයබාහු VI)
- - 1397 1409
පරාක්‍රමබාහු ඈපා - - 1409 1412 *IVවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයකු වූ
සේනාලංකාධිකාර සෙනෙවිරත්ගේ මුණුපුරායි.

කෝට්ටේ රාජධානිය (1412–1597)

සිරි සඟ බෝ රාජවංශය (1412–1597)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
VIවන පරාක්‍රමබාහු - - 1412 1467 *VIවන විජයබාහු රජුගේ සහ සුනේත්‍රා දේවි රැජිනගේ පුත්‍රයායි.
*එසේ නොවේ නම් යාපා පටුනේ චන්ද්‍ර බානුගේ තෙවන පුත්‍රයා විය හැක.
IIවන ජයබාහු
(වීර පරාක්‍රමබාහු VII)
- - 1467 1472 *VIවන පරාක්‍රමබාහු රජුගේ සත්‍ය දියණිය වූ උලකුඩය දේවියගේ පුත්‍රයායි.
VIවන බුවනෙකබාහු
(හෙවත් සපුමල් කුමාරයා)
- - 1472 1480 *VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන පරාක්‍රමබාහු - - 1480 1484
VIIIවන පරාක්‍රමබාහු - - 1484 1518 *අම්බුලුගල කුමාරයායි.
*VIවන පරාක්‍රමබාහුගේ පුත්‍රයෙකි.
IXවන ධර්ම පරාක්‍රමබාහු
(කැලණියෙහි)
- - 1509 1528 *VIIIවන වීර පරාක්‍රමබාහුගේ පුත්‍රයායි.
VIIවන විජයබාහු - 1521 1509 1521 *IXවන ධර්ම පරාක්‍රමබාහුගේ සොහොයුරායි.
*මැණික් කඩවරහි රජු විය.
VIIවන බුවනෙකබාහු - 1551 1521 1551 *විජයබාහුගේ වැඩිමහල්ම පුත්‍රයායි.
ධර්මපාල
(හෙවත් දොන් ජුවන් ධර්මපාල)
- 1597 මැයි 27 1551 1597 මැයි 27 *VIIවන බුවනෙකබාහුගේ මුණුපුරා මෙන්ම උරුමකරුවා ද විය.

සීතාවක රාජධානිය (1521–1593)

සිරි සඟබෝ රාජවංශය (1521–1593)

රුව නම උපත මරණය රාජ්‍ය සමයේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධය
මායාදුන්නේ 1501 1581 1521 1581 *VIIවන බුවනෙකබාහුගේ සොහොයුරායි.
*VIIවන විජයබාහුගේ පුත්‍රයායි.
I වන රාජසිංහ
(හෙවත් ටිකිරි බණ්ඩා)
1544 1593 1581 1593 *මායාදුන්නේගේ පුත්‍රයායි.

මහනුවර රාජධානිය (1590–1815)

දිනරාජ රාජවංශය (1590–1739)

රුව නම උපත මරණය රාජ්‍ය සම‍යේ ආරම්භය රාජ්‍ය සමයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමග සම්බන්ධතාවය
Iවන විමලධර්මසූරිය
(හෙවත් ‍ඔස්ට්‍රියාවේ දොන් ජුවාන්)
- 1604 1590 1604 *විජයසුන්දර බණ්ඩාරගේ පුත්‍රයායි.
සෙනරත් - 1635 1604 1635 *Iවන විමලධර්මසූරිය රජුගේ ඥාති සොහොයුරායි.
IIවන රාජසිංහ 1608 1687 දෙසැම්බර් 6 1635 1687 නොවැම්බර් 25 *සෙනරත් රජුගේ සහ දෝන කැතරිනා බිසව‍ගේ පුත්‍රයායි.
IIවන විමලධර්මසූරිය - 1707 ජූනි 4 1687 1707 ජූනි 4 *IIවන රාජසිංහ රජුගේ පුත්‍රයායි.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ 1690 1739 මැයි 13 1707 ජූනි 4 1739 මැයි 13 *IIවන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි.

මහනුවර නායක්කර් රාජවංශය (1739–1815)

නම රුව උපත විවාහ මරණය අයිතිය
ශ්‍රී විජය රාජසිංහ
1739 මැයි 13 –
1747 අගෝස්තු 11
?
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
පිට්ටි නායක්කර්ගේ පුත්‍රයායි.
මදුරෛ භාර්යාවන් 1 1747 අගෝස්තු 11
මහනුවර
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මස්සිනායි.
කීර්ති ශ්‍රී රාජසිංහ
1747 අගෝස්තු 11 –
1782 ජනවාරි 2
1734
මදුරෛ, මදුරෛ නායක් රාජවංශය
නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
මදුරෛ බිසෝවරුන් 6
යකඩ දෝලි
පුත්‍රයින් 2, දියණියන් 6
1782 ජනවාරි 2
මහනුවර
ශ්‍රී විජය රාජසිංහ රජුගේ මස්සිනායි.
ශ්‍රී රාජාධි රාජසිංහ
1782 ජනවාරි 2 –
1798 ජූලි 26
?
මදුරෛ
නරේනප්පා නායක්කර්ගේ පුත්‍රයායි.
උපේන්ද්‍රම්මා රැජින 1798 ජූලි 26
මහනුවර
කීර්ති ශ්‍රී රාජසිංහගේ සොහොයුරායි.
ශ්‍රී වික්‍රම රාජසිංහ
(හෙවත් IVවන රාජසිංහ; කන්නසාමි)
1798 ජූලි 26–
1815 මාර්තු 5
1780
මදුරෛ
ශ්‍රී වෙන්කට පෙරුමාල් සහ සුබ්බම්මා නායකගේ පුත්‍රයායි.
භාර්යාවන් 4
(දරුවන් 3)
1832 ජනවාරි 30
වෙල්ලෝර් බලකොටුව, ඉන්දියාවේ වෙළඳ සමාගම යටතේ පාලනය
ශ්‍රී රාජාධි රාජසිංහගේ බෑණායි.
තුන්වන ජෝර්ජ් රජ

සම්පූර්ණ දිවයිනම යටත්විජිතයක් වීම

1796දී බ්‍රිතාන්‍යයන් මුල්වරට දිවයිනට පැමිණි අතර, ලන්දේසීන්ගේ මෙරට වෙරළබඩ ප්‍රදේශවල පාලනය නතු කරගැනීමට සමත් විය. මහනුවර යුද්ධ සහ 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, දිවයින බ්‍රිතාන්‍ය රජු වූ තුන්වන ජෝර්ජ් රජතුමා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා ලදී. මෙලෙසින් වසර 2350 කට අධික කාලයක් පැවති රාජාණ්ඩුව අවසන් විය.

රාජධානිය නැවත පිහිටුවීම

වසර 133 අධික බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් 1948 පෙබරවාරි 4 දින නිදහස ලබා නැවතත් ලංකා නමින්, රාජධානිය යලි පිහිටවීය. ක්‍රි.ව. 1972 මැයි 22 ශ්‍රී ලංකා නමින් ජනරජයක් පිහිටුවීමෙන් රාජධානිය අහෝසි විය.

කාලරේඛාව

මහනුවර රාජධානියසීතාවක රාජධානියකෝට්ටේ රාජධානියගම්පොළ රාජධානියදඹදෙණිය රාජධානියපොළොන්නරු රාජධානියඅනුරාධපුර චෝළ ආධිපත්‍යයඅනුරාධපුර රාජධානියඋපතිස්ස නුවර රාජධානියතම්බපණ්ණි රාජධානියමහනුවර නායක්කාරවරුදිනරාජ රාජවංශයසිරි සඟ බෝ රාජවංශයකාලිංග රාජවංශයවිජයබාහු රාජවංශයIIවන ලම්බකර්ණ රාජවංශයමෝරිය රාජවංශයIවන ලම්බකර්ණ රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශයවිජය රාජවංශය

ආශ්‍රේයයන්

  1. ^ "The Mahavamsa: Original Version Chapters 1 – 37". Mahavamsa.org. සම්ප්‍රවේශය 27 February 2013.
  2. ^ a b Geiger (Tr), Wilhelm (1912). The Mahawamsa or Great Chronicle of Ceylon. Oxford: Oxford University Press (for the Pali Text Society). p. 300. 2008-10-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-08-07. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  3. ^ S G M Weerasinghe, A history of the cultural relations between Sri Lanka and China: an aspect of the Silk Route, Colombo: Central Cultural Fund, 1995, ISBN 955-613-055-1, p.40
  4. ^ Stephen Spencer Gosch, Peter N. Stearns, Premodern Travel in World History, Routledge, 2008; ISBN 0-415-22940-5, p.93
  5. ^ Cousins, L. S. "The Dating of the Historical Buddha: A Review Article". indology. සම්ප්‍රවේශය 27 February 2013.
  6. ^ Codrington, Humphry William. "The Dambadeniya And Gampola Kings". lakdiva.org. සම්ප්‍රවේශය 27 February 2013.

වැඩිදුර කියවීමට

ප්‍රාථමික මූලාශ්‍ර

ද්විතීයික මූලාශ්‍ර

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ලක්දිව_රාජාවලිය&oldid=605011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි