මහාවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(මහාවංස වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහාවංශය[1] යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි වසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි.

චූල වංශ සංකල්පය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ජර්මානු ජාතික ගයිගර් පඬිතුමා විසින් මහානාම හිමියන් විසින් ලියන ලද කොටස මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් චුලවංශය ලෙසත් හඳුන්වා දී තිබුණි.මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙහි එන යෙදුමකි. කෙසේ වුවත් බොහෝ උගතුන්ගේ පිළිගැනීම අනුව චුලවංශය ලෙස කෘතියක් තිබී නැත. සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූල වංශය (සුළුතර වංශ කථාව) නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මත‍යක් ඉදිරිපත් කර ඇත. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙහි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්න‍ට චූල වංශය නමින් ග්‍රන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.

අන්තර්ගතය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහානාම හිමියන් විසින් කරවන ලද කොටස[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහාවංශය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රි.පූ. 543 දී කාලිංගයේ (පුරාතන ඔරිස්සාව) විජය රජතුමා ගේ ආගමනයෙහි සිට, මහාසේන රජතුමා (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.

  • පරිච්ඡේද-37 ගාථා -2913
  • මුල් පරිචේද 5 -දබදිව බුදුසසුන ආරම්භයේ සිට 3 වැනි ධර්ම සංගායනාව දක්වා වු කොටසයි.
  • පරිචේද 5 සිට 15 දක්වා පරිචේද 10-බුදු සසුන පිහිටවීමට දායකවූ දේවානම් පියතිස්ස රජුගේ කාලය සදහා
  • පරිචේද 15 සිට 26 දක්වා පරිචේද 11 බුදුසසුනේ චිරස්ථිතිය සදහා කැපවූ දුටුගැමුණු මහා රජතුමා ගැන විස්තරය.
  • පරිචේද 26 සිට 32 දක්වා පරිචේද 5 ගාථා 520 -දුටුගැමුණු රජුගේ සිට මහසෙන් රජු දක්වා රජවරු 43 දෙනෙකුගේ විස්තර ඇතුලත් පරිචේද 5(එයිතිහාසික වටිනාකම වැඩි කොටසයි (මහානාම හිමියන් සිටි කාලයතුල ලියවුන මෙම කොටසේ නිරවද්‍යතාවය ඉතාමත් ඉහලයි.)

13 වැනි සියවසයේ වැඩ සිටි ධම්මකිත්ති හිමියන් විසින්කරවන ලද කොටස[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

කතෘත්වය සොයාගත නොහැකි කොටස[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  • මහා පරාක්‍රමබාහු රජු සිට හතරවන පරාක්‍රමබාහු රජු දක්වා කරවන ලද ලද කොටස

තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් කරවන ලද කොටස[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  • හතරවන පරාක්‍රමබාහු රජු ගේ කාලයේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ අවසාන රජු දක්වා වු කාලය

සංස්කෘතික දෙපාර්තුමේන්තුව විසින් කරවන ලද කොටස[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  • ?

මුද්‍රණ හා පරිවර්තන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

බටහිර බසට පරිවර්ථන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, The Mahavamsa නමින් ලංකා සිවිල් සේවයෙහි නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්න්අවර් විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී විල්හෙල්ම් ගෙයිගර් විසින්, මහාවංශයෙහි ජර්මන් පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.[2]

සිංහල පරිවර්තන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

බුද්ධාගම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ආගමික පුස්තකයක් ලෙසින් නොසැළකුණත්, මහාවංශය ලක්දිව බුද්ධාගම පිලිබඳ වැදගත් ග්‍රන්ථයෙකි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, ධර්මය විමර්ශනයට ලක්වුනු විවිධ බෞද්ධ සංගායනාවන් දක්වා, ඉන්දියාවේ බුද්ධාගමෙහි ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැඟෙන්නේ, අනුරාධපුරයෙහි මහාවිහාර සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි.

ඉතිහාසය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

මහාවිහාරයෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රි.පූ. 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රි.ව. 5වන සියවසෙහිදී, බෞද්ධ භික්ෂුවක් වූ මහාථෙර මහානාම විසින් සිදුකෙරිණි. විල්හෙල්ම් ගෙයිගර්ට අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, වංසත්ථප්පකාසිනියේ හි සීහළට්ඨකථා සහ රජවරුන්ගේ ලේඛන(පින්පොත්) මුලාශ්‍ර ලෙස ගත්බව මහාවෂ කතුවරයාම සදහන් කරයි. සීහළට්ඨකථා හි මහාවංසය මහාවිහාරයේදි ලියන ලද බව වංසත්ථප්පකාසිනියේ සදහන්ය.අභයගිරිවිහාරවසී හිමිවරුන් පවත්වාගෙන ගිය උත්තරවිහාරට්ඨකථා ද මුලාශ්‍ර කරගත් බව පැහැදිලිය.[3] සාක්ෂි [කුමණ?] ඇත. දීපවංශය නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක.


සහස්‍රවර්ෂ දෙකක කාල සීමාවක් අවිච්ඡින්න ඓතිහාසික වාර්තාවක් සපයන හා, සමහරවිට සාමුහිකව මහාවංශය ලෙසින් හැඳින්වෙන සංයුක්ත කෘතිය, ලෝකයේ දීර්ඝතම නොබිඳුනු ඉතිහාස විස්තර අතුරින් එකක් ලෙස සැලකෙයි. අශෝක අධිරාජයාගේ මරණයට පෙර විෂය කොටස විශ්වාස කල නොහැකි සහ බොහෝ දුරට ප්‍රබන්ධමය වුවද, එය ලියැවුනු කාල සීමාව සැලකිල්ලට ගත් කල, කෘතියෙහි ඓතිහාසික නිරවද්‍යතාවය, විස්මයජනක බවට සැලකෙයි [4]. එනමුදු, මහාවංශයෙහි එම කොටස විජයගේ ජනප්‍රවාදගත ආගමනයට මත්තෙන් ලංකා ද්වීපයෙහි වැසියන් වූ නාගයන් සහ යක්කයන් පිළිබඳ කරුණු කාරණා අඩංගු ලේඛණයන් කිහිපය අතුරින් එකෙකි.


වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය.[තහවුරු කරන්න] පරාක්‍රමබාහු රජතුමාගේ ඉංජිනේරු ක්‍රම එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න) මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. බුරුමයේ හා තායිලන්තයේ එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.

දේශපාලනික වැදගත්කම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

• දේශපාලනික පණිවැඩයක් රැගත් ලේඛණයක් ලෙස නූතන ශීරතැව ලංකාව තුල මහාවංශය වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත. 1930 ගණන්වලදී විශේෂයෙන් දෙමළ ජාතිකවාදී ව්යා පාරය තුල මහාවංශය පරිහාසය ට ලක්කිරීමේ කිරොගණයාදාමය ආරම්භ වූ ආකාරය බිරායාතාන්යා ජාතික ඉතිහාසඥයකු වන ජේන් රසල් විසින් විස්තරකොට ඇත. දෙමළ ජාතිකවාදීන් මෙන්ම සිංහල ජාතිකවාදීන්ටද පෙනීගියේ සිංහල බෞද්ධයන්ගේ ඉතිහාසය වන මහාවංශය සිංහල ජනයාගේ හෙජමොනික වීරකාව්යගයක් ලෙසිනි. 1930 ගණන්වලදී ජාතිකවාදී දෙමළ ජනයාගේ නායකයා වූ ජී. ජී. පොන්නම්බලම් විසින් මෙයට පහර දෙනු ලැබිණ. විජය කාශ්ය්ප පරාකරාතිමබාහු ආදී බොහොමයක් සිංහල රජවරු ද්රකවිඩයින් වූ බව ඔහු විසින් කියා සිටින ලදී. 1939 දී නාවලපිටියේදී සිංහලයින් හා මහාවංශයට පහරදෙමින් ජී. ජී. පොන්නම්බලම් විසින් සිදුකළ කුපිත කරවනුසුලූ කථාව නාවලලිටිය පස්සර මස්කෙලිය පමණක් නොව යාපනයටද පැතිරුනු පරති ථම සිංහල- දෙමළ කෝළාහළය නිර්මාණය කිරීමට හේතුවිය. බිරනයටතාන්යන යටත්විජිත පාලකයන් විසින් ඉතා ඉත්මනින් මැඩපැවැත්වූ අතර පශ්චාත් නිදහස් ගැටුම්වල ඛේදනීය ඉරමක් කරා ඇදීයාම වලකනු ලැබිණ.

• එළාර රජු ඝාතනය කිරීම පිලිබඳව දුටුගැමුණු රජු පසුතැවිල්ලට පත්වීම පිලිබඳ සාදාචාරාත්මක පරකන ශ්ණයට මහාවංශ කථාපුවත තුල දක්වා ඇති පිලිතුර පිලිබඳ විවිධ රචකයෝ විවිධ අදහස් දක්වා ඇත. මහාවංශය ආකරීකථමණිකයන් ඝාතනය කිරීම ‘පවුකාරයන් හා තිරිසන් සතුන් ඝාතනය කිරීම’ හා සමාන දෙයක් බව දක්වා සිටී. සමහර විචාරකයින් මෙය දක්වා සිටින්නේ සදාචාරාත්මක වැරදීමක් වන බවයි. කෙසේවෙතත් බුදුදහම පාපකාරී කිරවමෙයාවන්ගේ උස් පහත් බවක් දකී. එනම් රහත් භාවයට පත්වූ අයකු ඝාතනය කිරීම සාමාන්යු කෘතග්ජන මනුෂ්යකයකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරි ේයාවකි. අලියකු ඝාතනය කිරීම කූඹියකු ඝාතනය කිරීමට වඩා පවක් යැයි බෞද්ධයින් කියාසිටිනු ඇත. හින්දු මනු නීතියේද මෙවැනිම සිතීමක් අන්තර්ගතය. එහිදී බරාි හ්මණ යකු ඝාතනය කිරීම චන්ඩාල යකු ඝාතනය කිරීමට වඩා පාපකාරී කිරීමටයාවක් ලෙසින් දක්වා ඇති අතර හින්දු චාරිතරසේ සඳහා සතුන් බිලිදීමට අවසර දී ඇත. ඒ අනුව බලන කළ මහාවංශය බෞද්ධ සදාචාර ධර්මයන්ට අනුකූලය. වැදගත් කාරණය වන්නේ දුටුගැමුණු සිය කිරවංශයාව සම්බන්ධයෙන් පසුතැවිල්ලට පත්වීමය. මෙයද විශාල ලේ වැගිරීම් මාලාවකින් පසුව ලද හමුදා ජයගර‍ෞදහණයකින් අනතුරුව අශෝක රජු සාමකාමී අයකු බවට පත්වීමේ බෞද්ධ උදාහරණය හා සමාපාත කරවීම සඳහා සිදු කරන ලද්දක් වියහැක.

• මහාවංශය වෙනුවෙන් පෙනීසිටින කීර්තිමත් ඉතිහාසඥයකු වන කාතිගේසු ඉන්ද්රලපාල තර්ක කරන්නේ මහාවංශයේ කථාව බෞද්ධ අන්තවාදයක් ලෙස දැකීමේ වැරදි බවත් මහාවංශ රචකයා සිය ලිවීම තුල බෙහෙවින් සාධාරණවී ඇති බවත්ය. කෙසේවෙතත් ශීරුමහ ලංකාවේ දේශපාලඥයෝ දිගින් දිගටම මහාවංශය සිය පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීම අඛණ්ඩව සිදුවනු ඇත.

ගරරී න්ථ නාමාවලිය

• මුද්රනණයන් හා පරිවර්තනයන් • ටර්නර් ජෝර්ජ් " The Mahawanso in Roman Characters with the Translation Subjoined, and an Introductory Essay on Pali Buddhistical Literature" 1 වන කලාපය පළමු පරිච්ෙඡ්ද 38 අන්තර්ගත වේ, 1837 • සුමංගල එච් සිල්වා බටුවන්තුඩාව, දොන් අන්දිරිස් මහාවංශය 1 වන පර්චිෙඡ්දයේ සිට 36 වන පරිච්ෙඡ්දය දක්වා පරud තිශෝධනය සහ සංස්කාරණය ලංකා රජයේ නියෝගය පරිදි කොළඹ1883 • ගයිගර් විල්හෙල්ම්, බෝඬේ මේබල් හේන්ස් (පරිවර්තනය) ෆෝර්ඬේ එච් (සංස්කාරක) The Mahavamsa or, The great chronicle of Ceylon" ලංකා රජයේ අනුගරh tහයෙනි පාලි පඨිත සංගමය ලන්ඩන් 1912 • ගුරුගේ ආනන්ද ඩබ්ලිව් ප මහාවංස කල්කටා එම් පී බිර්ලා පදනම 1990 (පෙරදිග සම්භාව්ය කෘති) • රුවන් රාජපක්ෂ් Concise Mahavamsa" කොළඹ ශීරt ං ලංකාව 2001

ආශ්‍රිත අනෙකුත් ග්‍රන්ථ[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ආශ්‍රිත[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. මහාවංශය (සිංහල පරිවර්තනය)
  2. මහාවංශ. ලංකාණ්ඩුව. 1912. http://lakdiva.org/mahavamsa/. 
  3. [[වංසත්ථප්පකාසිනිය]යේ උත්තරවිහාරවාසිං මහාවංසං එනම් උත්තර විහාරයේ වාසය කරන භික්ෂුන්ගේ මහා වංසය යනුවේන් දක්වයි .
  4. ද සිල්වා, කේ.එම්. (1981). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. New York: පෙන්ගුයින්. http://books.google.com/books?id=338cAAAAMAAJ. 

බාහිර සබැඳුම්[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. මහාවංශය ඉංග්‍රීසි‍ බසින්
"https://si.wikipedia.org/w/index.php?title=මහාවංශය&oldid=363748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි