බුද්ධත්වය
Jump to navigation
Jump to search
මෙය ලිපි මාලාවක කොටසකි, |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ |
---|
![]() |
බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු ලෝකයේ ශ්‍රී සද්ධර්මය නොපවතින අවස්ථාවක, එය තනිවම තමාම අවබෝධ කොට ගෙන අන්යන්ටද නිරවුල්ව පැහැදිලි කිරීමේ හැකියාව ලබා ගැනීමයි.බුද්ධත්වය ලබා ගැනීම පුද්ගලයෙක්ට ලබා ගත හැකි උපරිම අවබෝධාත්මක අවස්ථාව වේ. මාර්ගඵලයන්ට නොපැමිණි ඕනෑම කෙනෙකුට පාරමිතා නම් වූ උතුම් ගුණ ධර්ම අවම වශයෙන් සාරාසංඛ කල්ප ලක්ෂයක් පූරණය කිරීම මගින් උතුම් වූ බුදුබව ලබා ගත හැකිය. මෙසේ පාරමිතා පූරණය කල යුතු වන්නේ බුද්ධත්වයට පත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ මහඟු කර්තව්‍යය සඳහා වේ. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ යනු මෑතදීම පහල වූ බුදු වරයාණන්ය. මේ මහා භද්‍ර කල්පයේ පහල වූ සිව් වැනි බුදුන් වහන්සේ උන්වහන්සේය. බුද්ධත්වයට පත් වනුයේ මනුශ්‍යයෙකි.