බැමිණිතියා සාය

විකිපීඩියා වෙතින්

බැමිණිතියා සාය ලෙස හදුන්වනු ලබන මහා දුර්භික්ෂය ක්‍රි. පු. 103 සිට 89 අතර කාලයේ වළගම්බා රජුගේ පාලන කාලයේ ඇති විය. මෙයට ප්‍රධාන හේතු සාධකය වුයේ දශකයකට වැඩි කාලයක් පැවති ශ්‍රී ලංකාවට බල පෑ ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවලට සිදුවූ විනාසය හා ඒවා අලුත් වැඩියා කිරීමට ආක්‍රමණ හමුවේ නොහැකි වීමයි.

මේ සාගතය පසුබිමෙහි ටීය, තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයාගේ මෙහෙයීමෙන් හටගත් කැරලිකාරී වාතාවරණය ද රටෙහි පැවැතීම මෙයට බ්‍රාහ්මණ ටීය නොහොත් බැමිණිටියා නොහොත් බැමිණිතියා සාය ('සාය' යනු සාගතය) යන නම ලැබීමට හේතු විය.[1][2] [3]

මෙම කාලය ශ්‍රී ලංකාවට අඳුරුතම පිඩිත කාලයක් විය. තද නියගය මෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශ වල වූ වැව් අමුණු අලුත් වැඩියා කිරීම හා නඩත්තු කිරීම පැහැර හැරිම මෙයට බලපෑවේ ය. මෙම තත්වය පහව යන්නේ ආක්‍රමණික රජවරුන් පස් දෙනාගෙන් පසු වළගම්බා රජතුමා නැවත බලය අල්ලා ගැනීමත් සමගය. නැවත බලය ක්‍රි. පු. 89 ලබාගැනීමෙන් පසු එතුමා ඉක්මනින් කැඩි බිදී විනාශ වි ගිය වැව් අමුණු සියල්ල යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු යෙදී ය. මෙමගින් ක්‍රි. පු. 89 පමණ වන විට බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂය පහ ව යාම ආරම්භ විය. මෙම මහඟු කර්තව්‍යය නිසා වළගම්බා රජතුමා ශ්‍රේෂ්ඨ වීරවරයකු ලෙස සලකනු ලබයි.

මෙම දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිතම ශාස්ත්‍රීය ග්‍රන්ථය වූ සීහළවත්ථුප්පකරණය නම් වු ග්‍රන්ථයෙහි කිහිප වතාවක්ම සදහන් වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. විජේබණ්ඩාර, චන්දිම, මොරටුවගම, එච්. එම්., බෞද්ධ ශිෂ්ටාචාරය: මූලධර්ම සහ වංශකථාව, සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, කොළඹ, 1990. 306 පිටුව. ISBN 955-552-081-0
  2. රතනසාර හිමි, කවුඩාගම්මන, බැමිණිතියා මහා සාගතය, කොළඹ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2021.
  3. කවුඩාගම්මන රතනසාර හිමි (2021). බැමිණිතියා මහාසාගතය. ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ. ISBN 9786240010238.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බැමිණිතියා_සාය&oldid=515324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි