විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්‍රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය. විකිපීඩියා ලිපියක යම් ප්‍රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය.
කේතනය කරන ආකාරය | දිස්වන ආකාරය |
---|---|
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.{{තහවුරු කරන්න}} |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[තහවුරු කරන්න] |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.<ref>[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ]</ref> |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[1] |
== සටහන් == {{reflist}} |
සටහන් |
[තහවුරු කරන්න] කරන්න දුටු විටක දී ඔබ,
- එම මූලාශ්‍රය සඳහන් නො කළ තොරතුරු භාවිතා කිරීමේ දී එහි නිරවද්‍යතාවය ගැන අවදානමක් පවතින බව සිහි තබා ගන්න.
- එම තොරතුර සත්‍යාපනය කිරීමට විශ්වාසවන්ත මූලාශ්‍ර සොයා ගත හැකි නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඒ වෙනුවට <ref>මූලාශ්‍රය ගැන සටහන</ref> යොදමින් මූලාශ්‍රය සටහන් කොට, එම තොරතුර සනාථ කරන්න.
- ලිපිය අවසානයේ ඇති සටහන් කොටසේ මූලාශ්‍රය ගැන සටහන දිස් වනු ඇති. ලිපියට සටහන් යනුවෙන් කොටසක් නො මැති නම් ලිපිය අවසානයේ නව පේළියකින් == සටහන් == යොදමින් සටහන් කොටස අරඹා {{reflist}} ටෑගය එහි යොදන්න.
- මේ කටයුත්ත ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය බලන්න; එහි මාකප් ටෑග පිරික්සන්න.
- මූලාශ්‍රයක් ඇසුරු කිරීමේ දී,
- මූලාශ්‍රය පිටපත් කොට අලවන්න එපා.
- මූලාශ්‍රය විකිපීඩියා ලිපියට ආකෘතියක් කර ගන්න එපා.
- එහි සඳහන් තොරතුරු පමණක් භාවිත කරන්න.
- එම ප්‍රකාශනය ගැන කුකුසක් ඇති කර නො ගත යුතු යැයි ඔබ සිතනවා නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඔබ එසේ කිරීමට හේතුව ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න.
- සත්‍යාපනය නො කරන ලද තොරතුරු අභියෝගයනට ලක්ව, ඉවත් කෙරීමට ඉඩ ඇත.
- ජීවත් වන පුද්ගලයන් ගැන සත්‍යාපනය නො කළ විවාදාපන්න තොරතුරු වහා ම ඉවත් කෙරෙනු ඇත.
මෙම ලිපිවල තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය.
සැලැකිය:[සංස්කරණය]
ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට, එම සංවාදයට මූලාශ්‍ර සටහන යොමු කිරීම මැනැවි.
වැඩිදුර පරිශීලනය[සංස්කරණය]
![]() |
Citation needed හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |