අභිධර්මය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

දෙවි, මිනිස්, ඇත්, අස්, ගව, මැසි, මදුරු ආදි කුඩා මහත් සියලු සතුන් හා පස්, ගල්, දිය, සුළං, ගස්, වැල් ආදි සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූ ද, ඒ මූල ධාතූන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා වූ ද, නිර්වාණ ධාතුව විභාග කොට දක්වන්නා වූ ද ධර්මය අභිධර්මය යි.

පරමාර්ථ[සංස්කරණය]

ලෝකය හා සත්වයා පිළිබඳව අභිධර්ම විග්‍රහය සඳහා තෝරාගන්නේ මූලික ධර්මතාවයන් 4ක් පමණි. එම ධර්මතා 4 පරමත්ත ධර්‍ම 82 ක් ලෙස සරලව බෙදා දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ.

පරමාර්ථ ධර්ම 82[සංස්කරණය]

පංචස්කන්ධ විග්‍රහයේදී රූපස්කන්ධය යන්න අභිධර්ම විග්‍රහයේදී රූප පරමාර්ථ 28 කින්ද, වේදනා සඤ්ඤා සහ සංස්ඛාර යන ස්කන්ධ තුන චෛතසික 52 ක් ලෙස වඩා විස්තරවද, විඤ්ඤාණ ස්කන්ධය චිත්තය ලෙස (සිත් 89 ලෙස හෝ 121 වශයෙන්) වඩා සියුම් අන්දමින් බෙදා දක්වා ඇත.

රුප 28 කි[සංස්කරණය]

මේ ශරීරයෙහි ඇති තද බැවින් යුත් පඨවි ධාතු රූපය, වැගිරීම් ආකාරයෙන් යුත් ආපෝ ධාතු රූපය, උෂ්ණත්වය ඇතිකරවන තේජෝ ධාතු රූපය, පිරවීම් සෙලවීම් ආදිය ඇති කරවන වායෝ ධාතු රූපය යන භූත රූප 4 යි. දැකීමේ ශක්තිය ඇති චක්ඛු විඤ්ඤාණයට වස්තුවූ චක්ඛු ප්‍රසාද රූපය, ඇසීමේ ශක්තිය ඇති සෝත විඤ්ඤාණයට වස්තුවූ සෝත ප්‍රසාද රූපය, ඟද සුවඳ දැනීමේ ශක්තිය ඇති ඝාණ විඤ්ඤාණයට වස්තුවූ ඝාණ ප්‍රසාද රූපය, රස විඳ ගැනීමේ ශක්තිය ඇති ජිව්හා විඤ්ඤාණයට වස්තුවූ ජිව්හා ප්‍රසාද රූපය, ස්පර්‍ශ විඳ ගැනීමේ ශක්තිය ඇති කාය විඤ්ඤාණයට වස්තුවූ කාය ප්‍රසාද රූපය යන ප්‍රසාදරූප 5 ය, චක්ෂු ප්‍රසාදයට හමුවන වර්ණමය රූපය, ශ්‍රෝත ප්‍රසාදයට හමුවන ශබ්ධ රූපය, ඝ්‍රාණයට හමුවන ගන්ධ රූපය, ජව්හා ප්‍රසාදයට හමුවන රස රූපය යන ගෝචර රූප 4 ය, ස්ත්‍රියක් බැව් ප්‍රකට කරවන ස්ත්‍රී භාවරූපය, පුරැෂයෙකු බව ප්‍රකට කරවන පුරුෂ භාවරූපය යන භාවරූප 2 ය. හෘදය වස්තුව යයි කියනු ලබන හෘදරූප 1ය, ජීවිතේන්ද්‍රිය යැයි කියනු ලබන ජීවිත රූප 1ය, කබලික්ඛාරාහාර යැයි කියනු ලබන ආහාර රූප 1ය යන මේ දහඅට(18) වැදෑරුම් නිෂ්පන්න රූපය, එකකින් එකක් වෙන්කිරීම් ස්වභාවය වූ ආකාශ නම් පරිච්ඡේද රූපය, අදහස් හඟවන ලෙස ශරීර අවයව ක්‍රියාකරවන කාය ව්ඤ්ඤප්ති රූපය, අදහස් හැඟවීම පිණිස ශබ්ධ නඟා කියන වචී විඤ්ඤප්ති රූපය, ශරීරයෙහි පවත්නා සැහැල්ලු ස්වභාවය වූ ලහුතා රූපය, මොලොක් ස්වභාවය වූ මුදුතා රූපය, ක්‍රියා කිරීමට සුදුසුවූ කම්මඤ්ඤතා රූපය, පලමු කොට ඉපදීම වූ උපචය රූපය, උප්පත්තියේ පටන් අවසානය දක්වා පවත්නා රූප පරම්පරාව වූ සන්තති රූපය, රූපයන්ගේ දිරීම් ස්වභාවය වූ ජරතා රූපය, රූපයන්ගේ බිදීම් ස්වභාවය වූ අනිච්චතා රූපය යන මේ දස(10) වැදෑරුම් අනිෂ්පන්න රූපද යන මේ විසිඅට වැදෑරුම් රූප රූපස්කන්ධය යැයි ද[1][2]

චෛතාසික 52 කි[සංස්කරණය]

චිත්තය (එනම් චිත්ථ පරමාර්ථය 1 කි)[සංස්කරණය]

සිතක් ඇතිවී පැවතී නැතිවන කාලය ඉතාම කුඩා කාලයකි. එය චිත්තාක්ෂණ එකක් නම් වූ ඉතාම කුඩා කාලයකි. චිත්තාක්ෂණයක්[3] යනු තත්පරයකින් ලක්ෂ කෝටි වාරයකින් එකක් තරම් වූ ඉතාම කුඩා කාලයකි[4]. එම කුඩා කාලය තුලදි සිත ඇතිවී පැවති නැති වේ. මෙය උප්පාද ටිති භන්ඝ නම් වේ. එම කුඩා කාලය තුලදි සිත තුල චෛතසික ගණනාවක් ඇතිවේ. සිතක් පහල වන විට අනිවාර්යයෙන්ම පහල වන චෛතසික 7කි. එම සිත් 7 සබ්බ චිත්ත සාධාරණ නම් වේ. සබ්භ චිත්ත සාදාරන 7ට අමතරව ප්‍රකිර්නක චෛතසික 6 කින් කිහිපයක්, අකුසල චෛතසික 14කින් කිහිපයක් හා සෝභන සාධාරණ එනම් කුසල් චෛතසික 19 කින් කිහිපයක්, විරති චෛතසික 3 ක් අප්පමඤ්ඤා චෛතසික 2 ක් හා ප්‍රඥා චෛතසික 1 යන චෛතසිකවලින් කිහිපයක් එක් චිතාක්ෂණයක කාලයතුලදී ලදී පහල වේ. අකුසල චෛතසික පහලවන චිත්තාක්ෂන එකක කාලය තුලදී කිසිවිටෙකත් සෝභන සාධාරණ චෛතසික එකක් හෝ පහල නොවේ. ප්‍රකිර්නක චෛතසික අකුසල් චෛතසික සමග හෝ කුසල් චෛතසික සමග පහල වේ.

තවද සිත විසින් කරන කාර්යන් අනුව විවිධ නම් දේ. කුසල් අකුසල් නොමැති ප්‍රභාශ්වර සිත චිත්ත නම් වේ. සිතින් යම් යම් දේ මනින විට මනෝ නම් වේ. මනින ලද දේ එකිනෙකට එකතු කර සම්බන්ද කරන විට මානසං වේ. කාම වස්තුන් වල ඇලෙන විට හදයං වේ. මනින ලද දේ තවදුරටත් තීව්‍ර කරන විට පණ්ඩරන් වේ. මනේන්ද්‍රිය, මනායතනය, විඥාන, විඥානස්කන්දෝ, තජ්ජා විඥානධාතු මේ අයුරින් සිතට නම් 10 ක් විවිධ අවස්ථාවලදී යොදා ගැනේ[5]

සිත් (89/121)[සංස්කරණය]

සිත් හෝ සිතිවිලි ප්‍රමාණ කළ නොහැකි ප්‍රපංචයකි. ඒවා පිලිබඳව අවබෝධකිරීමට අදහස්දැක්වීමට හා වටහාගැනීමේ පහසුව පිනිස සිත් වර්ගීකරනයකට ලක්කොට ඇත.

නිර්වාණය 1 කි[සංස්කරණය]

චිත්ත වීථි[සංස්කරණය]

චිත්ත වීථියක් යනු සිත් එකක් පසුව එකක් වශයෙන් ඇතිවන් සිත් 17කි.

මරණාසන්න චිත්ත වීථි[සංස්කරණය]

  1. අතීත භවංග චිත්ත
  2. භවංග චලන
  3. භවංග උපච්චේද
  4. පන්චද්වාරා ආවර්ජන
  5. විඥාන 6න් එකක්
  6. සන්පටිච්චන
  7. සන්තීරණ
  8. ඔත්තපන්න
  9. පලවන ජවන් චිත්ත
  10. දෙවන ජවන්
  11. තෙවන ජවන්
  12. සිව්වන ජවන්
  13. පස්වන ජවන්
  14. චුති චිත්ත
  15. පට්සන්ධි චිත්ත
  16. භවාංග
  17. භවංග

ගන්දබ්භයෙකු ඇතිවීම හෙවත් සංජාති වීම[සංස්කරණය]

චුති සිතත් පටිසන්ධි සිතත් එකම චිත්ත වීථියක පහළවන ආකාරය ඉහත මරණාසන්න චිත්ත විතිය පරික්ශාකරිව අවධානය යොමු කල විට පැහැදිලි වේ. ඉන්පසු ඇතිවන් භවාංග සිත් දෙකකට පසු තවදුරටත් එම කය තුල සිත් පහළවීම සිදු නොවේ. සිතක් පහළවීමට ප්‍රසාද රුප අවශ්‍ය වේ. වස්තු ප්‍රසාද රුප සහිත වස්තු දශක කලාපයේදී ඇතිවන චිත්ත වීථියක චුති සිත පහල වේ. චුතිසිත පහල වීමෙන් පසු එම කය තුල තවදුරටත් ප්‍රසාද රුප පහළවීම නවතී. චුතිසිත පහල වීමට පෙර පැවතී පහලවූ ප්‍රසාද රුපවල ආයුෂ හරණය වීමට පෙර තවත් භවංග සිත් දෙකක් අවසන් සිත් දෙක ලෙස පහලවී තවදුරටත් සිත් පහල වීම සම්පුර්ණයෙන්ම නවති[6].

වස්තු දශක කලාපයේ පටිෂන්ධි සිත පහල වීම ජාති වීම වේ. ජාති වීමත් සමගම විපාක ලෙස තන්හාව මුල් කොටගෙන කර්මජ රුප හට ගැනීම ආරම්භවේ.මෙම කර්මජ රුප වස්තු දශක කලාප, භාව දශක කලාප හා කාය දශක කලාප යන තුන් ආකාරයේම රුප ඇතුලත් කලාප ලෙස හට ගනී.

ඝන සංඥාව[සංස්කරණය]

දෙතිස් කුනුපයන් එකක් වශයෙන් ගෙන ශරීරය යැයි ව්‍යවහාර කරන්නාක් මෙන්, ස්කන්ධ ධර්‍මතා 5ක් පංචස්කන්ධයක්(පුද්ගලයෙක්) ලෙස වැටහේ. මෙයට ඝන සංඥාව යැයි කියයි. සිත හා කය පිළිබදව ඇතිවන ආත්ම සංඥාව දුරුකිරීමට යොග්‍ය පරිද්දෙන් අභිධර්මාර්ථ - පරමාර්ථ දේශනය සිදුකර ඇති අතර එය සතිපට්ඨාන භාවනාවට අනුරූප වේ. නිවන් අර්ථය හා අනෙකුත් ලෞකික අර්ථයන් සැසදීමට හා වෙන්කර හදුනාගැනීමටත්, අභිධර්ම පිටකයේ සප්ථ ප්‍රකරණයන් වටහාගැනීමටත් අභිදර්මය පිළිබඳ දැනුමත්, ඝන සංඥාව ඉවත්වී තිබීමත් (වැටහී තිබීම) පූර්ව සුදුසු කමකි.

අභිධම්ම පිටකය[සංස්කරණය]

අභිධර්මය ඇතුලත් ත්‍රිපිටකයේ අභිධම්ම පිටකය කොටස් 7 කින් යුක්ත වේ.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය. පණ්ඩිත දොඩම්පහල කවිධජ හිමිපාණෝ- 2007 මුද්‍රණය පිටු 28,29
  2. අභිධර්මය හඳුනාගැනීම – abhidamma(Pali)
  3. Mongolian-English Dictionary
  4. අභිධර්මයෙහි විස්තර කෙරෙන චෛතසික 52
  5. buddhistcountry.org/cuti-citta-patisandhi-citta-චුති-සිත-පටිසන්ධි-සිත
  6. චුති සිත පටිසන්ධි සිත ගන්ධබ්භ හෙවත් සංජාති වීම අභිධර්මයට අනුව නිවැරදිව
"https://si.wikipedia.org/w/index.php?title=අභිධර්මය&oldid=484765" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි