චූලවංශය
චූලවංශය වනාහි ශ්රී ලංකාවේ ඉතිහාසය පිලිබද ලියැවී ඇති පාලි වංශ කථාවකි. චුලවංශය අභයගිරි විහාරය මුල්කොට ගෙන ලියැවී ඇත. ක්රිස්තු වර්ෂයෙන් එය 4වන සියවසෙහි සිට 1815 දක්වා කාල සීමාව ආවරණය කරයි.
ජර්මානු ජාතික ගයිගර් පඬිතුමා විසින් මහානාම හිමියන් විසින් ලියන ලද කොටස මහාවංශය ලෙසත් අනිත් කතුවරුන් විසින් ලියන ලද කොටස් චුලවංශය ලෙසත් හඳුන්වා දී තිබුණි.මේ සඳහා පාදක වී තිබෙනුයේ සිංහලයේ රජවරුන් පිළිබඳ ව පූජාවලියෙහි එන යෙදුමකි. කෙසේ වුවත් බොහෝ උගතුන්ගේ පිළිගැනීම අනුව චුලවංශය ලෙස කෘතියක් තිබී නැත. සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූල වංශය (සුළුතර වංශ කථාව) නම් සාමායක වෙළුමක් ඇති බවට ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා මතයක් ඉදිරිපත් කර ඇත. මහාවංශ I වන කාණ්ඩයේ එන රජවරු මහාවංශ රජවරු ලෙසත් ඉන් පසු කාණ්ඩ වල එන රජවරු චූලවංශ රජවරු ලෙසත් පූජාවලියෙහි සඳහන් වී තිබේ. ගයිගර් පඬිවරයා මහාවංශයේ II වන කාණ්ඩයේ සිට චූල වංශය යන නාමය භාවිතා කර ඇත්තේ මේ නිසයි. ඒ හැරෙන්නට චූල වංශය නමින් ග්රාන්ථයක් සම්පාදනය වූ බවට වෙනත් සාක්ෂියක් හමු වී නැත.