සේද මාවත

විකිපීඩියා වෙතින්
සේද මාවත extending from යුරෝපය through ඊජිප්තුව, සෝමාලියා, the අරාබිය ඉරානය, මධ‍යයම ආසියාව, ඉන්දියාව/පකිස්ථානය, ජාවා-ඉන්දුනීසියාව, and වියට්නාමය until it reaches චීනය. The land routes are red, and the water routes are blue.

සේද මාවත (චීන: 丝绸之路; පර්සියානු: جاده ابریشم ඉතාලි: Via della seta; කසකස්තාන: Ұлы Жібек жолы) යනු ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. 15 වෙනි සියවසේ මැද භාගය දක්වා සක්‍රීයව භාවිත කෙරුනු යුරේසියානු වෙළඳ මාර්ග ජාලයකි. කි.මී. 6,400 ක් පමණ විහිදී යන මෙම ජාලය, පෙරදිග ලෝකය සහ බටහිර ලෝකය අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික අන්තර්-සම්බන්ධතා වලදී වැදගත් විය. වර්තමානයේදී ඇතැම් ඉතිහාසඥයන් "සේද මාවත" (Silk Road) වෙනුවට "සේද මාවත්" (Silk Routes) යන වචනය භාවිත කරන්නේ, එය එක් තනි මාර්ගයක් නොව මුහුදින් සහ ගොඩබිමින් දිවෙන මාවත් ගණනාවක එකතුවක් නිසාය. සේද මාවත් මගින් නැගෙනහිර හා ගිණිකොණ ආසියාව ද, ඉන්දියානු උපමහද්වීපය ද, මධ්‍යම ආසියාව ද, මැද පෙරදිග ද, නැගෙනහිර අප්‍රිකාව හා යුරෝපය ද යා කෙරුනි.

මහාද්වීප අතර ගමනාගමනය[සංස්කරණය]

ක්‍රියාශීලී සතුන් ඇති කිරීමේ සහ නෞකා තාක්ෂණයේ දියුණුව සමග ප්‍රාග් ඓතිහාසික මිනිසාට දිගු දුරක් භාණ්ඩ රැගෙන යාම, සංස්කෘතික වෙනස් වීම් හා වෙළෙඳාම යන දේවලට මුහුණ දීමට සිදු වූණි. එමෙන්ම ඒවා ශීඝ්‍රයෙන් සංවර්ධනය වීමද සිදු විය.

ඊට අමතරව සාරවත් තණබිම් ජලය හා තවලම් වලට පහසු මංතීරු සපයා දෙන ලදී. පැසිෆික් වෙරළේ සිට අප්‍රිකාවට හා යුරෝපයේ අභ්‍යන්තරයට වැටී අති විශාල ගමන් මගක් තරණය කිරීමට සිදුවන වෙළෙඳුන්ට, ආසියාවේ ස්ටෙප්ස් මහා තණ බිම මහත් උපකාරයක් විය. තවද, එහෙයින් වෙළෙඳුන් කෘෂිකාර්මික බිම්වලට අනවසරයෙන් ඇතුළු වී ගැටුම් ඇති වීම වැනි දේ සිදු නොවුණි.

පුරාණ ගමනාගමනය හා වෙළෙඳ ගමන් මාර්ග සඳහා සාක්ෂි බොහෝය. ක්‍රි.පූ: 6000 ත් ක්‍රි.පූ: 4000 ත් අතර කාලයේදී සහරාවේ විසු පුරාණ ජනතාව ආසියාවෙන් ගෘහාශ්‍රිත සතුන් ආනයනය කළහ.

ඊජිප්තුවේ ක්‍රි.පූ : 5 වැනි සහස්‍රයට අයත් බදාරියන් සංස්කෘතියට අදාළ විදේශ මානව කෘතිවල දුර බැහැර පිහිටි සිරියාව සමග තිබූ සබඳතා ගැන සඳහන් වේ. පූර්ව රාජවංශික ඊජිප්තුවේ ක්‍රි.පූ 4 වැනි සහස්‍රය වන විට නැව් ගමනා ගමනය හොඳින් සිදු වූ අතර, බූරුවන් සහ එක මොල්ලියක් සහිත ඔටුවන් ඇති කිරීම සිදු වුණි. ඉන්පසු බැක්ට්‍රියානු ඔටුවා ඇති කිරීම සහ අශ්වයා ගමනාගමනයට භාවිත කිරීම සිදු විය.

තවද, ක්‍රි.පූ 4 වැනි සහස්‍රයේ ආරම්භය වන විට මාදි හි පුරාණ ඊජිප්තු වැසියන් මැටි භාණ්ඩ ආනයනය කළ අතර කනාන් වලින් ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව අදහස් ගැනීමටද සිත යොමු විය.

ක්‍රි.පූ: 3 වැනි සහස්‍රය වන විට ලාපිස් ලසුලි වෙළෙඳාම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මොහෙන්ජොදාරෝ සහ හරප්පා (වර්තමානයේ පකිස්ථානය සහ වයඹ දිග ඉන්දියාව ) යන නගර දක්වා පුළුල් වුණි. මෙසපොතේමියාවේ සුමෙරියන්වරුන් ගේ සහ අක්කඩියන් වරුන්ගේ මුල්ම වෙරළබඩ වෙළෙඳ සහකරුවා වූයේද ඉන්දු නිම්නය හෙවත් මෙලුහාය.

පර්සියාවේ ඩේරියස් I විසින් ක්‍රි.පූ : 5 වැනි ශතවර්ෂයේදී තනවන ලද පර්සියානු රාජකීය මාවත ක්‍රි.පූ : 3500 තරම් ඈත අතීතයේ සිට භාවිතයට ගෙන තිබුණා වීමට පුළුවන.

I වැනි නාකඩ සහ II වැනි නාකඩා කාලවලට අයත් යැයි සැලකෙන , නේකෙන් හි සොහොන් ගෙවල්වලින් සොයාගනු ලැබූ අඟුරු සාම්පල ලෙබනන් හි දේවදාරු ලෙස හඳුනා ගෙන ඇත.

1994 කැණීම්වලදී ක්‍රි.පූ:3000 ට පමණ අයත් නාමර්ගේ සෙරෙක් ලාංඡනය සහිත කැටයම් කරන ලද මැටි කැබලිත්තක් සොයාගන්නා ලදී. ඛනිජ විද්‍යා අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙය නයිල් නිම්නයේ සිට ඊශ්‍රායලයට අපනයනය කළ වයින් වීදුරුවක කැබැල්ලක් විය හැකි බවයි.

ක්‍රි.පූ 2400 දී පමණ ඉන්දියාවේ ලෝතාල් හි ඉදි කළ පැරණි වරාය පුරාණතම මුහුදු වරාය ලෙස සැලකේ.

මධ්‍යකාලීන යුගයේ සේද මාවත[සංස්කරණය]

ක්‍රි.පු. 3 වන සියවසේදි තුෂාන් අධිරාජ්‍යා මධ්‍යම හා උතුරු ආසියාව එක්සත් කළ පසු බැක්ට්‍රියා (Bactria) සහ ටැන්සිලා (Taxila) ප්‍රදේශවල වෙළදුන්ගේ බලය තවදුරටත් වැඩිවිය.

සේද මාවතේ හොදම කාලවකවානුව ලෙස එහි උතුරු සීමාව බයිසන්ටින් (Byzantine) අධිරාජ්‍යයා විසිනුත් (Nile -Oxus) නයිල් - ඕසස් මාර්ග ප්‍රදේශය සසනිඩ් (Sassanid) අධීරාජ්‍යයා විසිනුත් සේද මාවතේ නැගෙනහිර අන්තය යුදාන් (Yuan) රාජවාංශිකයන් විසින් පාලනය කරන ලද කාලවකවානුව ලෙස හැදින්විය. හැකි සමුදාය ඔස්සේද ඊජිප්තුවේ ඇලෙක්ස්නැඩ්‍රියාවේ සිට චීනයේ ගැංවංසු(Guangzlae) නගරය දක්වා වෙලදාම කටයුතු සිදු විය. විවිධ රාජ්‍යයන් අතර මෙලෙස සිදු කරන ලද වෙලදාම් කටයුතු නිසා රාජ්‍යයන් අතර දේශපාලනික හා සංස්කෘතික වශනේ මිත්‍රත්වයක් ගොඩ නැගුණි.

මෙසේ නිර්මාණය වු සේද මාර්ග‍ය නිසා එම මාර්ගය දෙපස එවකට හුදකලාව සිටි විවිධ ‍ගෝත්‍රයන් හට ශිෂ්ඨ සම්න්න වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණු සේම ලොව බලවත් ශිෂ්ඨ සම්පන්න කටයුතු කිරිමේ අවස්ථාවද ඔවුන්ටහට හිමි විය.

ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 8 වන සියවස දක්වා සුසාන් ( Suyal ) සහ ටලාස් ( Talas ) නම් ඉතා ප්‍රසිද්ධ ගැල්කරුවන් දෙදෙනකු සේද මාවතෙහි වෙළදාම් කටයුතු කලහ. මොවුන් වෙළදාම් කටයුතු වලට අමතරව ආගම සහ සාංස්කෘතිය ප්‍රචාරණය කිරිමේ කටයුතු වල නියැලුණු. මධ්‍යම ආසියාවේ පමණක් නොව මෙංගෝලියාවේ වැනි බටහිර රටවල් සමග ද වෙලදාම කටයුතු පැවැත් වු මොවුන් සමනිඩ්ස් (Samanids) නම් හැදින්විමක් තුර්කි මුස්ලිම් පැමිණිමත් සමග විනාශ වි ගියහ.

සේද මාර්ගය ඔස්සේ බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම වැනි ආගම් මධ්‍යම ආසියාවට ගෙන එන ලදි එමෙන්ම සේද මාවත නිසා උතුරු චීනයේ බීජිං නුවර මධ්‍ය මොංගෝලියාවේ කරකෝරම් නුවර (Karakorum) උතුර ඉරානයේ අස්රාහ්කාන් (astraklean ) සහ මධ්‍යම රුසියාවේ කාෂන් (Kazan) නගර ප්‍රසිද්ධියට පත් නගර අතරින් කිහිපයක් වේ. මෙම නගර සංස්කෘතිමය වශඹයෙන් හා වෙළදාම අතින් එකිනෙකට සම්බන්ධ රාජ්‍යයන් ලෙස කටයුතු කලහ.

ක්‍රි.ව 751 දී පැවති ටලාසි (Talas) සමග යුද්ධයෙන් පසුව තුර්කි මුද්ලිම් වෙලදන් බටහිර රාජ්‍යයන් වෙලදාම් කිරිම ආරම්භ කරන ලදි. ක්‍රි.ව 10 වන සියවස වන විට බුද්ධාගම මධ්‍යම ආසියාවෙන් සම්පුර්ණයෙන් තුරන් වු සේද මාවතෙහි මධ්‍යකාලින යුගය අයිතිය මුස්ලිම් ජාතින් ලබාගත්හ.


ඊජිප්තුවේ සමුද්‍රාසන්න වෙළෙඳාම[සංස්කරණය]

පාලමෝ ශිලාවේ සඳහන් වන්නේ ස්නෙෆෙරු රජු (4 වැනි රාජවංශයේ) ලෙබනන්වල සිට ඉහළ ප්‍රමිතියෙන් යුත් දේවදාර වෘක්ෂ ගෙන්වීමට නැවක් යැවූ බවයි. ඊජිප්තුවරු යළි පැමිණෙන්නේ විශාල දේවදාර වෘක්ෂද රැගෙනයි. ලෙබනනයට අයත් සාහුර්ගේ නාමය මුද්‍රා තබන ලද ආසනයක්ද හමු වී ඇත. එහි නාමය කොටා තිබුණේ තුනී රත්රන් තහඩුවකය. ඔහුගේ දේවස්ථානයේ ඇති අනෙක් දර්ශන සිරියානු වලසුන් නිරූපණය කරයි. පාලමෝ පාෂාණයේද සිනායි වෙත හා අබු සිම්බල්වලට වයඹ දිගින් පිහිටි ගල් වලවල්වල කළ චාරිකා ගැන සඳහන් වේ.

දැනට දන්නා ලෙස පන්ට් භූමියට යන මාර්ගය තනන ලද්දේ සාහුර් විසිනි. එහිදී මලයිට් සහ ඉලෙක්ට්‍රිම් ඔස්සේ සුවඳ ලාටු විශාල ප්‍රමාණයක් උපයා ගන්නා ලදී. 12 වැනි රාජ වංශයට අයත් පාරාවෝ රජු වන III වැනි සෙනුස්රට් විසින් නයිල් ගඟ හා රතු මුහුද සම්බන්ධ කරමින් පන්ට් සමග ඍජු ලෙස වෙළෙඳාමේ යෙදීමට හැකිවන ලෙස සූවස් ඇළ තැනීය. ක්‍රි.පූ: 1950 දී පමණ III වැනි මෙන්ටුහෝටෙප්ගේ රාජ්‍යය කාලයේදී හෙන්නු නම් වූ නිලධාරියෙක් පන්ට් වෙත යාමට මුහුදු යාත්‍රා නිර්මාණය කළේය. ක්‍රි.පූ 15 වැනි ශතවර්ශයේදී සුවඳ ලාටු අත්පත් කර ගැනීමෙහි ලා හට්ෂෙප්සට් රැජිණ වෙත සුප්‍රසිද්ධ චාරිකාවක් නෙසී විසින් දියත් කරන ලදී. ඩෙයිර් එල් - බහ්රිහි පිහිටි හට්ෂෙප්සට්ගේ සොහොන් ගැබේ පිහිටෙන් එම යාත්‍රාව බේරී ඇත. ඇයගෙන් පසු පදවි ප්‍රාප්ත වූ III වැනි තට්මෝසස් ආදීන් පවා පන්ට් වෙත චාරිකා සංවිධානය කොට ඇත.

ඉරාන හා සයිදියානු සම්බන්ධතා[සංස්කරණය]

සයිදියන් ඉරාන සංස්කෘතීය හන්ගේරියානු තැනිතලාව සහ කාර්පේතියාන්ස්හි සිට චීන කන්සු මාර්ගයට ප්‍රවිෂ්ට විය. ඉරානය හා මැදපෙරදිග රටවල්ද උතුරු ඉන්දියාව හා පන්ජාබය සමග සම්බන්ධ වෙමින් සේද මාවතේ සංවර්ධනයට වැදගත් මෙහෙයක් ඉටු කළේය. සයිදියන්වරු අෂ්‍රියන් එසර්හඩොන් සමග ඔහුගේ ඊජීප්තු ආක්‍රමණයට එක් වූහ. අස්වාන් ප්‍රදේශයෙන් ඔවුන්ගේ විශේෂ තුන්හුලස් ඊ හිස් සොයාගෙන ඇත. මෙහි ස්ථිර වාසස්ථාන නොවු මිනිසුන් කොට්ඨාශය අසල්වැසි ජනතාව මත යැපුණහ. ඊට අමතරව දුර කතර ගෙවාගෙන එන වෙළෙඳුන්ගෙන් මුදල් ගැනීමෙන් ආදායමක් උපයා ගත්හ. සෝඩියානු සයිදියන් වෙළෙඳුන් පසු කලෙකදී සේද මාවතේ සංවර්ධනයට බලපෑ ප්‍රධාන පිරිසක් බවට පත්වූහ.


චීන හා මධ්‍යම ආසියානු සම්බන්ධතා[සංස්කරණය]

ක්‍රි.පූ: 2 වැනි සහස්‍රයේ පටන්ම "නෙප්‍රයිට් ගල්" යාකන්ඩ් හා කෝටන්හි පතල්වල සිට චීනයට අලෙවි කෙරිණි. ඇත්තෙන්ම මෙම පතල් වූයේ බඩක්ෂාන් හි ලාපිස් ලසුලි හා ස්පිනල් පතල්වල සිට බොහෝ දුරකින් නොවීය. නමුදු මුල් කාලවලදී භයානක පාමීර් කඳු හා ඒ අවට වූ මංමාවත් මීට භාවිතා කළ බව පැහැදිලි ලෙසම පෙනේ.

ක්‍රි.පූ 4-3 ශතවර්ෂවලට අයත් සයිදියන් ක්‍රමයට අඳින ලද ස්ටෙප්ස් හි සත්ව රූපයක්, චීන ජේඩ් ගල් හා ස්ටිටයිම් ඵලක - බ්‍රිතාන්‍යය කෞතුකාගාරය.

ටාරිම් මමී හා මොන්ගෝලියානු නොවන චීන මමිවරු, කෝකසොයිඩ්වරු විසින් සේද මාවතේ සිට 200km ක් දුරින් හා යින්පාන්වලට නැගෙනහිරින් පිහිටි ලූලෑන් ප්‍රදේශයේ වු තාරිම් ද්‍රොණියෙන් සොයාගනු ලැබ ඇත. ඒවා ක්‍රි.පූ:1600 ට අයත් අතර මේ හරහා පෙරදිග හා අපරදිග අතර පුරාණ සබඳතා තිබූ බවට සැක කෙරේ. මේවා 8 වැනි ශතවර්ෂය තෙක් චීනයේ තාරිම් ද්‍රොණියේහි (වර්තමානයේ ෂින්ජියෑං) ඉන්දු යුරෝපීය භාෂාව පරිහරණය කළ ටූ තාරියන්වරුන්ගේ මමි යැයි යෝජනා කෙරේ.


චීනයේ නිපද වු සේද ක්‍රි.පූ 1070 සිට පුරාතන ඊජිප්තුවේ සිදුවිණැයි සොයා ගත හැකි වී තිබේ. සිල්ක් හි උත්පත්තිය ඊජිප්තුවෙන් විශ්වාස කළ හැකි වුවද සිල්ක් කර්මාන්තය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. නමුත් එය ඇත්තෙන්ම චීනයෙන් පැවත ආවාද නැතහොත් මධ්‍යධරණී හෝ මැදපෙරදිග ප්‍රදේශවලින් පැවති “කෘත්‍රීම සේද” වර්ගයක්ද යන්න සැක සහිතය.

ක්‍රි.පූ 8 වැනි ශත වර්ෂයේදී චීන අග්‍ර රාජධානියට අහිගුණ්ඨික අපරදිග මායිම් ප්‍රාන්ත සමඟ සබඳතා ඇති විය. මධ්‍යම ආසියාවෙන් රත්රන් සොයා ගැණුනි. චීන ශෛල කැටයම් කරුවෝ තැනිතලාවල ප්‍රතිරූප නිර්මාණය කළහ. (ඒවායේ සතුන්ගේ සටන් විස්තර විණි). ආයත චතුරස්‍ර රත්රන් හා ලෝකඩ පටිවල ජේඩ් ගල් සහ ස්ටීටයිට්වලින් මාරුවෙන් මාරුවට වැඩ දමා තිබිණි.

මධ්‍යම ආසියාව තුළ චීන ගවේෂණය[සංස්කරණය]

සැන් ක්වයාන් විසින් හෑන් වුඩ් අධිරාජ්‍යය අතහැර ක්‍රි.පු. 138 සිට ක්‍රි.පු. 126 දක්වා ආසියානු චාරිකාවක නියැළීම ඇරඹීම.

තානාපති සෑන් ක්වායන් ගේ වාර්තාවන් ට අනුව, සියොන්නුන්ට එරෙහිව යුසීවරුන් සමඟ මිත්‍ර සන්ධානගත වීමට එවන ලද තානාපති හෑන් ඩිනාස්ටි විසින් චීනුන්ගේ දෙවන ආගමනය සිදු කරනු ලැබ ඇත .තවද තත් කාලීනව සමෘද්ධිමත් බවින් හා සභ්‍යත්වයෙන් පිරිපුන් නගර ලෙස සැලකුණු ෆර්ගානා බැක්ට්‍රියා, පාත්‍රියා වැනි නගර සමඟ වෙළඳ සබදතා වර්ධනය කර ගැනීමට චීන අධිරාජ්‍යයා වූ ඩී උත්සුක වූ බැව් පෙනේ.

දයවානුවන් වියු ෆර්ගනාවද, තාහයියානුවන් විසූ බැක්‍රියාවද ඇන්සික්වරුන් විසූ පාත්‍රියාව ද විශාල දේශයන් වූ අතර වටිනා සම්පත් වලින්ද ගහණ විය. ඒ දේශයන් හි ස්ථිර පදිංචිකාර වැසියන් විසින් සම්ප්‍රදායික චීන වෘත්තින් තම ජිවිකාව කරගත් බැව් කියැවේ. මෙම දේශය යුධ බලය අතින් දුර්වල වුව ද, චීනය සාරවත් කෘෂි නිෂ්පාදනවල සාඩම්බර හිමිකරුවෙකි.

තවද සතුරුකාරී සියෙන්නු වරුන්ට එරෙහිව සටන් වැදීමෙදී චීනුන් ඊට විශේෂ අවධානය යොමු කරන අතර ශක්තිමත් වුද, දිව්‍යමය අශ්වයන් කරා යොමු විය . තවද විටින් විට විවිධ දේශයන් සමඟ පවතින සබඳතා ශක්තිමත් කරගනු වස් චීන තානාපතිවරුන් යවා ඇත. එලෙස තානාපතිවරු න් ආගමනය කල දේශයන් අතර ඇන්ක්ඩි වාසි පාත්‍රියාවද පසුව ඇලක්වරු හා එක් වූ යැන්යාසියන් විසු විදු දේශයද, සිරියාව යටතේ සොලියසිඩියානුවන් විසූ දේශය ද, ත‍යෝසිවරුන් වාසය කල ක්ලැඩියාවද තයන්සුවරුන් විසූ වයඹ ඉන්දියාව ද වේ.

නීතියක් ලෙස වසරකට මෙවැනි කණ්ඩායම් දහයකට වඩා වැඩි පිරිසක් තානාපති කණ්ඩායම් ලෙස තානාපති සේවා සඳහා පිටත් කර හරිනු ලැබීය. අවස්ථා ගණනාවකදී මධ්‍යම ආසියාවේ තුළ චීන ක්‍රියාකාරීත්වය පිළිබඳවද හැන්වරු හා රෝමන් වරු අතර ඇතිවු ගැටලුකාරි අවස්ථා ද වාර්තා වේ.ඒ අතුරින් ක්‍රි.පු. 36 ඇති වු යෝජියානු ගැටුම ප්‍රමුඛස්ථානය ගනී.

පර්සියානු රාජකීය මාවත[සංස්කරණය]

හෙරොඩෝටස් ගේ කාලය වන විට (ක්‍රි.පූ:475) පහළ ටයිග්‍රීස් අසළ වූ සුසා නගරයේ සිට කිලෝමීටර් 2875 ක් දුරට පර්සියානු රාජකීය මාවත විහිදිණි. එය ආජියන් මුහුදේ වරායක් වූ ස්මිර්ණා (දැනට තුර්කියේ ඉස්මීර්) දක්වා තිබුණි. එය නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සිදු වූයේ ආකේමෙනිඩ් අධිරාජ්‍යයා (ක්‍රි.පූ:500-330) අතිනි. මාවත දිගට හල් හා නිත්‍යය අම්බලම් විය. සෑම නැවතුම් පළකම නව අශ්වයන් හා අශ්වාරෝහකයන් සිටීම නිසා පණිවිඩ ගෙන යාමට ගතවුයේ දින නවයක් පමණි. සාමාන්‍යය ගමන් කරුවන්ට නම් එම කාලය මාස තුනකි. මෙම රාජකීය මාවත තවත් බොහෝ මංමාවත්වලට බෙදී පැවතුණි. ඉන්දියාවට හා මධ්‍යම ආසියාවට යාමට තිබූ මංමාවත්ද ආරක්ෂා කෙරුණේ ආකේමෙනිඩ් අතිනි. ඔහු නිතරම ඉන්දියාව , මෙසපොතේමියාව හා මධ්‍යධරණිය අතර සබඳතා අළුත් කළේය. ක්ස’සස්ගේ රාජ්‍ය කාලය අතරතුර (ක්‍රි.පූ:485-465) සූසාහි සිට ඉන්දියාවට හා කුෂ්වලට යැවූ සන්දේශ පිළිබඳව වාර්තා ගැන ඊස්තර්හි සඳහන් වේ. 1වන සියවසේ සේද මාවත

උතුරු චීනයේ වෙළඳ මධ්‍යස්ථානවලින් බටහිර දෙසට එය පැතිරෙන නිසා ටිබෙට් සානුව මඟ හරිමින් මහාද්වීපික සේද මාවත උතුරු හා දකුණු මාර්ගවලට බෙදේ.

එම උතුරු මාර්ගය ගන්සු නම් චීන පළාත හරහා වයඹ දෙසට වැටී ඇති අතර ඉන්පසු එය තවත් මාර්ග තුනකට වෙන් වේ. ඒවායින් මාර්ග දෙකක් තක්ලමකන් කාන්තාරයෙන් (කාර්ගස්ථානය සහ සින්ජියෑං අතර - වර්තමානයේ) උතුරු සහ දකුණු ප්‍රදේශ පසු කර නැවත කෂ්ගාර් හමුවන අතර අනෙක් මාර්ගය ටර්සාන්, ටල්ගර් සහ අල්මාටි (දැනට ගිණිකොණ දිග කසකස්ථානය) හරහා ටියන් ෂාන් කඳුවල උතුරු පෙදෙස පසු කරයි.

සියළු මාර්ග ෆර්ගනා මිටියාවතේ කෝකන්ඩ්හි දී නැවත හමු වී , දකුණු මාර්ගය හමු වෙමින් මර්ව් දෙසට කරකුම් කාන්තාරය හරහා දිව යයි.

මෙයින් එක් මාර්ගයක් සේද මාවතේ මධ්‍යස්ථාන වූ බුකාරා සහ සමාර්කන්ඩ් හරහා අමු දර්යා ගඟ දිගේ ඇරල් මුහුදට ද (ඇට්‍රස්කන් හි පුරාණ ශිෂ්ටාචාරය හරහා) ක්‍රිමියන් අර්ධද්වීපයට ද දිව යයි. එහි සිට මෙය කළු මුහුද, මාමරා මුහුද සහ බොල්කන්ස් හරහා වෙනීසියට විවෘත වේ. තවත් මාර්ගයක් කැස්පියන් මුහුද හරහා ජෝර්ජියාවේ කළු මුහුදට විවෘත වේ. එතැන් සිට කොන්ස්තන්තිනෝපලය දක්වා දිවේ.

දකුණු මාර්ගය උතුරු ඉන්දියාවට හා එතැන් සිට තුර්කිස්තාන - කොරසන් පළාත තුළින් මෙසපොටේමියාවට හා ඇනටෝලියාවට දිවෙන තනි මාර්ගයකි. එහි දී ගොඩබිමේ කඳු සහිත බව නිසා මුහුදු මාර්ග ද යොදා ගෙන ඇත. එය චීනයේ සිෂූවෑං නිම්නය හරහා දකුණට ‍වැටෙන අතර ඊශාන දිග ඉන්දියාවට උස් කඳු හරස් කිරීමෙන් දිව යයි. පෙනෙන ලෙසට පුරාණයේ තේ ප්‍රවාහනය කොට ඇත්තේ මේ මාර්ගය ඔස්සේය. ඉන්පසු එය බ්‍රහ්මපුත්‍ර හා ගංඟා නම් ගඟ අවට තැනිතලා දිගේ වරනාසිහි බටහිර පිහිටි මහා ප්‍රධාන පාරට සම්බන්ධ වේ. එය උතුරු පාකිස්ථානය හා හින්දු කුෂ් කඳුවලට උඩින් නැවත උතුරු මාර්ගය සමඟ මර්ව් අසල දී සම්බන්ධ වේ.

ඉන්පසු මෙම මාර්ගය කඳුකර උතුරු ඉරානය සහ සිරියානු කාන්තාරයේ කෙළවර හරහා ලෙවන්ට් වෙත සෘජු මාර්ගයක දිවේ. එතැන් සිට මධ්‍යධරණී වෙළඳ නැව් ඉතාලියට ස්ථිර මාර්ග ඔස්සේ යාත්‍රා කළ අතර ගොඩබම් මාර්ග ඔස්සේ ඇන‍ටෝලියාව හරහා උතුරට හෝ දකුණට විවෘතවී උතුරු අප්‍රිකාවට සේන්දු වීමට හැකි විය.

නැව් රෝමයට හා මධ්‍යධරණී තොටුපළවල්වලට බඩු ගෙන ආ පසු එතැන් සිට පෙට්‍රා, ඇලෙක්සැන්ඩ්‍රියාව සහ පර්සියානු මුහුදු බොක්ක අසබඩ ඩැරැක්ස් ස්පැසිනුවලට හෙරාට්හි සිට සුසා හරහා තවත් ශාඛා මාර්ගයක් විහිදුණි.

දුම්රිය මාර්ගය

කසකස්ථානයේ අල්මාටි හා සින්ජියෑං හි උරුම්කි අතර අන්තර්ජාතික දුම්රිය මාර්ගය විවෘත වූ පසු 1994 දී සේද මාර්ගයේ අඩු වී තිබූ මාර්ග කොටස් ද සම්පූර්ණ විය.

මුහුද

වසර 14 කට පමණ ඉහත දී චීනයේ පෙරදිග හැන් රාජවංශය බලයේ පැවති කාලයේ දී වර්තමාන හැනෝයි හි රතු ග‍ඟේ මෝයේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ගිණිකොණ දිග ආසියාවට, ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට හා එතැනින් පර්සියානු මුහුදු බොක්කට හා රතු මුහුදට මුහුදු මාර්ග විවෘත වී තිබිණි. රතු මුහුදේ තොටුපළවල්වල සිට සේ ඇතුළු භාණ්ඩ නයිල් ප්‍රදේශයට හා එතැනින් ඇලෙක්‍සැන්ඩ්‍රියාවට ගොඩබිමින් ප්‍රවාහනය කරන ලදී. මෙම මුහුදු මාර්ගවල තවත් ‍ශාඛා නැඟෙනහිර අප්‍රිකානු වෙරළ තීරය දිගේ දිව ගියේය. මෙම වෙරළ තීරය ග්‍රීක්වරු හා රෝමාන්වරු විසින් “අසානියා” ලෙස ද චීන්නු විසින් “සීසන්” ලෙස ද හඳුන්වන ලදී. නවීන තස්මේනියාවේ රුෆිජි ග‍ඟේ ඩෙල්ටාවේ පිහිටා තිබු, රෝමන්වරු විසින් රප්ටා ලෙස හඳුන්වන ලද තොටුපළ දක්වා වත් මෙලෙස බඩු ප්‍රවාහනය කරන්නට ඇත.

මුහුදු සේද මාවත දකුණු දිග චීනයේ සිට වර්තමානයේ බ්රූනයි, තායිලන්තය, මලක්කා, සිලෝන් (ශ්‍රී ලංකාව) ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය සහ ඉරානය නම් රටවලට විහිදෙයි. යුරෝපය තුළ එය මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලය, ලෙබනනය, ඊජිප්තුව සහ ඉතාලිය යන රටවල සිට පෘතුගාලයට හා ස්වීඩනයට විහිදෙයි.

හෙලනිස්ටික සමය[සංස්කරණය]

ක්‍රි.පු.2,3 ශතවර්ෂයේදි සම්පුල් චිත්‍රකතාවල සිටින සම්භාව්‍ය ග්‍රීක් සෙබළුන් ,ලොමින් සැදු බිත්තිවල එල්ලා සිටින අයුරු, උරුම්කි සින්ජිනිග් කෞතුකාගාරය.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් මධ්‍යම ආසියාවේ නැගෙනහිර හා බටහිර අතර සේද මාවත පුළුල් කිරිමේ කිරීමේ කටයුතුවල මූලික පියවර යොදන ලදී. ක්‍රි.පු. 329 අගොස්තු මාසයේ ටජිකිස්ථානයේ ෆ්ගනා නිම්නයට පැමිණෙන මුවදොරෙදි ඔහු ඇලේක්සැන්ඩර් එස්චෙටේ නොහොත් ඇලේක්සැන්ඩර් ද ෆදස්ට් සොයා ගත්තේය.පසුකාලීනව එය උතුරු සේද මාර්ගයේ විශේෂ සංධිස්ථානයක් විය.


ග්‍රෙකො-බැක්ට්රේන් රාජධානි සමයේ භාවිත වූ කාසි

ඇලෙක්සැන්ඩර් උතුමාණන්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු ක්‍රි.පු. 323 දි ඊජිප්තුව ටොලමිවරුන්ගේ පාලනයට නතුවුණි.ඔවුන් ඉන්දියාව,මෙසපොතේනියාව සහ නැගෙනහිර අප්‍රිකාව සමග රතු මුහුදේ පිහිටි වරායන් දියුණු කළහ.ඔවුහු අතරමැදිකරුවන්ට අනුග්‍රහය දැක්වු අතර නැබටින්ස් සහ අරබිවරුන්ට විශේෂයක් දැක්වූහ.

ග්‍රීක්වරු ඉදිරි ශතවර්ෂ තුනක් පමණ මධ්‍යම ආසියාවේ රැඳී සිටියහ.එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ස්ලෙකුට් අධිරාජ්‍යයා යටතේ පාලනයවු අතර පසුව ග්‍රික්-බැක්ට්රේන් රාජධානිය බැක්ට්රේන් හිදි ස්ථාපනය කරන ලදි.ඔවුන් නිතර රාජධානිය පුළුල් කළ අතර විශේෂයෙන් එවුන්ඩිමෙස් පාලනයෙදි(ක්‍රි.පු 230-200)ඇලෙක්සැන්ඩ්‍රියාවෙ සොග්ඩ්යන් දක්වා පාලනය පැතිරිණි. එමගින් පාලකයා සතු දක්ෂතාව මනාව සනාථ වේ. එහිදී ප්‍රමුඛතාව දි තිබුණේ චීනය සහ බටහිර රටවල් සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාවනටය.ග්‍රීක ඉතිහාසඥයෙක් වන ස්ට්රිබො දක්වා ඇත්තේ " ඔවුන්ගේ පාලකයන් චීනය සහ ෆ්යිනි දක්වා ආධිපත්‍ය පතුරා ඇති බවයි."

රෝම අධිරාජ්‍යය[සංස්කරණය]

ක්‍රි.පූ. 30 දී රෝමය ඊජීප්තුව දිනා නොබෝ කලකින්ම ඉන්දියාවත්, අග්නි දිග ආසියාව,ලංකාව, චීනය, මැදපෙරදිග, අප්‍රිකාව සහ යුරෝපය සමග පවත්වා ගෙන ගිය සන්නිවේදන කටයුතුවල සහ වෙළෙඳ කටයුතුවල පෙර නොවූ පරිදි විශාල පිබිදීමක් ඇතිවිය.මාස් ටයිටියනස් පාර්ශවය මැද මුහුදු ප්‍රදේශයේ සිට සේද මාවත දිගේ ඉතා දුර නැගෙනහිරට ගමන් කරන පිරිසක් වූ අතර බොහෝවිට ඔවුන්ගේ අරමුණ වූයේ අතරමැදියෙක් අඩුකිරීමයි. මෙකල සේද මාවත හරහා ගමන් කිරීම නැවත නැවතත් අවහිර කරමින් රෝමය පර්සියාව සමඟ වරින්වර යුද්ධ කළේය.ගොඩබිම් හා මුහුදු මාර්ග ළඟින් සම්බන්ධ වූ අතර නව නිපැයුම්, තාක්ෂණය සහ අදහස් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව හරහා පැතිරෙන්නට විය. අන්තර් මහාද්වීපික වෙළෙඳාම සහ සන්නිවේදනය විධිමත්, සංවිධානාත්මක සහ රාජ්‍ය ආරක්ෂාව සහිත දේ බවට පත්විය.ඉන් පසු රෝම අධිරාජ්‍යය හා චීනය අතර සේද වෙළෙඳාම(පාර්තියන්වරු හරහා) හොඳින් සිදුවිණි. රෝමානුවන් සිතුවේ සේද ගස්වලින් ලැබෙතැයි කියාය. තරුණ සෙනෙකා ගේ පේද්රා සහ වර්ජිල් ගේ කෘෂි කාව්‍යයෙන් මෙම විශ්වාසය තහවුරු වේ. නමුත් මහලු ප්ලයිනි මෙය හොඳින් දැනසිටියේය.ඔහු විසින් බොම්බික්ස් හෝ පට පනුවා ගැන සඳහන් කරමින් ඔහුගේ ස්වභාවික ඉතිහාස කතාවල "ඔවුහු මකුලුදැල් මෙන් වූ සිල්ක් නම් ඇඳුම් වියන ලද අතර ඒවා කාන්තාවන්ගේ සුඛෝපභෝගී ඇඳුම් බවට පත්විය" යනුවෙන් ලියන ලදී.


සෙනෙට් සභාව සේද ඇඳුම් ඇඳීම තහනම් කරමින් නියෝග කිහිපයක් නිකුත් කළද පලක් නොවීය. චීන සේද වල වැදගත්කම රත්තරන් විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාමට හේතු වූ නිසා සේද රෙදි දිරා ගිය සහ අශීලාචාර දෙයක් ලෙස ඔවුහු සැලකූහ.

"රෙද්දෙන් සිරුර ආවරණය නොවේ නම්, විලි වසා ගැනීමට නොහැකිනම් ඒවාට ඇඳුම් යැයි කිව නොහැකිය. පරපුරුෂ සේවනය කරන්නියන් මෙන් පහත් ඇඳුම් ඇන්ද විට තුනී සළුව තුළින් ඇයව දැකගත හැකිය, එවිට ඇගේ සැමියාට පිටස්තරයෙකුට හෝ විදේශිකයෙකුට වඩා ඇගේ සිරුර පිළිබඳව දැනීමක් නැත. " (c.3 ක්‍රි.පු. 65, හඬින් පැවසීම් 1 වෙලුම).

පළමු රෝමානු දූතයා මෙම මුහුදු මාර්ගය හරහා ක්‍රි.පු.166 දී චීනයට සේන්දු වූ බව හවු හැන්ශු විසින් රෝම තානාපති නාමාවලිය අරඹමින් වාර්තා කර තිබේ.

මධකාලීන යුගය[සංස්කරණය]

පුරා‍ණයේ ප්‍රධාන වෙළඳුන් වූයේ ඉන්දියානු සහ බැක්ට්‍රියානු වෙළඳුන්ය. ඉන්පසු 5වන හා 8වන ශත වර්ෂ තුළ දී සොග්ඩියානු වෙළඳුන් ද ඉන්පසු පර්සියානු වෙළඳුන් ද විය.‍

මුල් ශත වර්ෂ තුනේ දී ඉන්දියානු සහ බැක්ට්‍රියානු කුෂාන් අධිරාජ්‍යයේ මධ්‍යම ආසියාව සහ උතුරු ඉන්දියාව එක්සත් කිරීම නිසා බැක්ට්‍රියානු හා ටැක්සිලා වෙළඳුන්ගේ බලය වැඩි විය. ඔවුහු බහු සංස්කෘතික බලය පෝෂණය කළහ. 2වන ශත වර්ෂයේ දී ග්‍රීතෝ රෝමානු ලෝකයෙන් - චීනය, ඉන්දියාව, බ්‍රේග්‍රම් පුරා විද්‍යාත්මක භූමිය ආදියෙන් ගලා ආ නිෂ්පාදනවලින් ධන සම්භාර ලැබෙන්නට විය.

සේද මාවතේ සමෘද්ධි සමය පැවතියේ එහි බටහිර කෙළවරේ බයිසන්ටයින් අධිරාජ්‍යය පැවති කාලයේ, නයිල් ඔක්සස් හි සසනයිඩ් අධිරාජ්‍යය සමයේ සිට II කානේට් සමය දක්වා කාලයේ සහ එහි නැඟෙනහිර කෙළවරේ සිනිටික් කලාපයේ රාජධානි තුන පැවති කාලයේ සිට යුවාන් රාජ වංශය දක්වා කාලයේය. මුහුද ඔස්සේ පෙරදිග හා අපරදිග අතර වෙළඳාම ද සංවර්ධනය විය. ඉන්දියාවේ රෝම වෙළඳ තොටුපළවල් පුළුල් කිරීමෙන් ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව හා චීනයේ ගුවාන්ෂෝවු අතර වෙළඳාම දියුණු විය. ඉන්දියන් සාගරය හරහා වූ “පෝසිලේන් ‍මාවත හෙවත් සේද මාවත” ත් පිළිබඳව ද ඉතිහාසඥයන් කියා සිටිති. අන්තර් - ප්‍රාදේශීය වෙළඳාම හේතුවෙන් ඇති වූ දේශපාලනික හා සංස්කෘතික සංකලනයක නියෝජනයක් ලෙස සේද මාවත දැක්විය හැකිය. සේද මාවතේ සමෘද්ධිමත් සමය තුළ මග්යර්වරු, චීන්නු සහ ආමේනියානුවරු වැනි නානාප්‍රකාර කණ්ඩායම් ‍එකතු වීම නිසා ජාත්‍යන්තර සංස්කෘතියක් ඇති විය.

විදේශීය වෙළන්දෙක්, 7වන ශත වර්ෂය, ටෑං රාජ වංශය.

එහි ශක්තිමත් ගති විඥානයක් එක් පසෙක ද වෙනස් වීම නිසා ඇති වූ බලපෑම් තවත් පසෙක ද තිබිය දී සේද මාවත‍දිගේ හුදෙකලාව ජිවත් වූ ගෝත්‍රික සමාජ හෝ බාබේරියානු සංස්කෘතික සංවර්ධනයට උර දුන් දේව ගැතිවරුන් ධනයට ඇදී එන්නට විය. බොහෝ බාබේරියානු ගෝත්‍ර ධනවත් නඟර, සමෘද්ධිමත් භූමි සහ ශක්තිමත් අධිරාජ්‍ය පැරද විය හැකි නිපුණ සටන්කාමීහු බවට පත් වූහ.

ක්‍රි.ව. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 8 වන සියවස දක්වා පෙරදිග අපරදිග වෙළඳාමේ බලය සොග්ඩියන්වරු අල්ලා ගෙන සිටියහ. උතුරේ ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන අතර සුයාබ් හා ටලාස් විය. මධ්‍යම ආසියාවේ ප්‍රධානතම තවලම් වෙළඳුන් වුයේ මොවුන්ය. ඔවුන්ගේ වෙළඳා අයිතිය ආරක්ෂා කරනු ලැබුයේ “අශිනා වංශිකයන් හා සොග්ඩියානුවන් සම්බන්ධ කරන ව්‍යාපාරය” ලෙස හැඳින්වූ ගොක්ටර්ක්ස් අධිරාජ්‍යයේ හමුදා බලය මඟිනි. 9 වන ශත වර්ෂයේ වන විට යම් යම් බාධා මැද වෙළඳ කටයුතු සිදු වුණි. වර්ෂ 840 වන තෙක් උතුරු මධ්‍යම ආසියාව පුරාම පැතිරී තිබූ, අශ්වයන් ලබා දී ඒ වෙනුවට චීනයෙන් විශාල සේද රෙදි තොග ගෙන් වූ උයිගර් අධිරාජ්‍යය නිසා එය සිදු වුණි. (10වන ශත වර්ෂයේ දී) චීන මූලාශ්‍රවල කියැවෙන පරිදි මෙකල සෝග්ඩියානු තවලම් ඉහල මොංගෝලියාවට ගමනේ යෙදී ඇත. ඔවුන් ආගමික හා සංස්කෘතික වශයෙන් එක හා සමානව බලපෑහ. 10 වන ශත වර්ෂයේ මුස්ලිම් භූගෝලඥයින් විසින් සපයන ලද පෙරදිග ආසියාතික තොරතුරුවලට අනුව සෝග්ඩියන් 750-840 කාලයේ සිට ඇත. කෙසේ වෙතත්, උයිගර් අධිරාජ්‍යයේ අවසානයට පසු සොග්ඩියානු වෙළඳාම ද අර්බුද මැද කෙරුණේය. මුස්ලිම් මධ්‍යම ආසියාවෙන් පැවත ආ ප්‍රධානම දෙය වන්නේ සමනිසිවරුන්ගේ වෙළඳාමයි. ඔවුන් කසාර්ස්, යුරල් වැනි ප්‍රදේශවලට වයඹ දිග මාර්ගය ද ටර්කික් ගෝත්‍රවලට ඊශාන දිග මාර්ගය ද භාවිතය නැවත පටන් ගත්හ.

සේද මාවත උතුරු චීනයේ අහිකුණ්ඨික කුලවල හමුදා ප්‍රදේශවල නැගීමට දායක විය. තවද චීනයේ හා මධ්‍යම ආසියාවේ නෙස්ටෝරියානු, මැනිකායියානු, බෞද්ධ සහ පසුව ඉස්ලාම් ආගම් ව්‍යාප්තියට රුකුල් දුන්නේය. සේද මාවත නිසා බලගතු කසාර් සමූහාණ්ඩුව බිහි විය. තවද විශාලතම මහාද්වීපික අධිරාජ්‍යය වන මොන්ගෝලියානු අධිරාජ්‍යය බිහි කර විය. සේද මාවත දිගට එහි දේශපාලනික මධ්‍යස්ථාන ද පිහිටුවිණි. ඒවා නම් උතුරු චීනයේ බීජිංථ මධ්‍යම මොන්ගෝලියාවේ කරකොරම්, ට්‍රාන්සොක්සියානාහි සර්මකන්ඩ්, උතුරු ඉරානයේ ටබ්රිස්, පහල වොල්ගාහි අට්‍රකන්, ක්‍රිමියාවෙහි සොල්කට්, මධ්‍යම රුසියාවේ කසාන් සහ නැ‍ෙඟනහිර ඇනටෝලියාවේ එර්සුරම්ය.

5වන ශත වර්ෂයේ දී පමණ රෝම අධිරාජ්‍යය හා අරුමෝසම් ආසියානු නිෂ්පාදනවලට එහි තිබුණු ඉල්ලුම පිරිහී ගියේය. 751 ටලාස් යුද්ධයත් සමඟ චීනයේ බටහිර ව්‍යාප්තිය නැවතී, 7වන සියවසේ සිට මධ්‍යම ආසියාව තුළ ඉස්ලාම් තුර්කිවරු පැතිරීම, නිසා එම ප්‍රදේශයේ වෙළඳාම අවසන් වූ අතර බුද්ධාගම බොහෝ දුරට අඩු වී ගියේය. මධ්‍යම යුගය වන විට මහම්මද් තුමාගේ පැවත එන ඉස්ලාම් රජ කාලයේ දී පුරාණ ලෝකය සමඟ කළ වෙළඳාමේ තනි අයිතිය ඔවුන් අත්පත් කර ගෙන තිබුණි. (වැඩිදුර තොරතුරු සඳහා “මුස්ලිම් ඒජ් ඔෆ් ඩිස්කවරි” බලන්න)



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Silk_Road#Medieval_era

External Links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සේද_මාවත&oldid=498523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි