දුක්ඛ
දුක්ඛ පරිවර්තන | |
---|---|
ඉංග්‍රීසි | Insecurity of life , Suffering, Anxiety, Dissatisfaction, Discontentment, etc. |
පාලි | dukkha (Dev: दुक्ख) |
සංස්කෘත | duḥkha (Dev: दुःख) |
බුරුම | ဒုက္ခ (IPA: [doʊʔkʰa̰]) |
චීන | 苦 (පින්යින්: kǔ) |
ජපන් | 苦 (rōmaji: ku) |
කොරියානු | 苦 (ko) |
සිංහල | දුක්ඛ සත්‍යය |
ටිබෙට් | སྡུག་བསྔལ། (Wylie: sdug bsngal; THL: dukngal) |
වියට්නාම | khổ |
බුදු දහම ශබ්ද මාලාව |
"දුක්ඛ" යන පාලි යෙදුමේ සංක්‍ෂිප්ත සිංහල අර්ථය "ජීවිතයේ අනිත්‍යතාවයි".පැරණි සංස්කෘතයෙහි දුඃඛ යන යෙදුම විස්තර කිරීමට කුඹල්කරුවාගේ සකපෝරුව යොදා ගෙන ඇත. කුඹල්කරුවා ඔහුගේ සකපෝරුව කරකවන විට මහත් ශබ්දයක් නිකුත් කරන්නේද එය හරි හැටි ක්‍රියාත්මක නොවන්නේද එය දුක්ඛ නොහොත් ජීවිතයේ දුක් විඳීම හා සමානය. එහි විරුද්ධ පැත්ත "සුඛ" නම් වේ. එය උපමා කරන්නේ හොඳින් ක්‍රියාත්මක කෙරෙන හඬ නොනගන සකපෝරුවකටයි. බුද්ධාගමේ ආභාසය ලත් වෙනත් සංස්කෘතිවල ද මෙවැනි උපමා යොදා ගෙන ඇත. උදාහරණයක් ලෙස චීනයේ දුක්ඛ යන යෙදුම විස්තර කිරීමට උපමා කර ගන්නේ එක් රෝදයක් මදක් කැඩුණු ගැලකි. රෝදයේ කැඩුණු තැන බිම වදින හැම විටකම කරත්තය පදවන්නා ගැස්සීමකට ලක් වේ.
දුක්ඛ යන්න සාමාන්‍යයෙන් "දුක" ලෙස පර්වර්තනය කළද එහි ඊට වඩා පුළුල් වූ අර්ථයක් ගැබ්ව ඇත්තේය. එහි අසම්පූර්ණත්වය (Imperfection) නොසන්සුන්කම, සන්තාපය සහ අතෘප්තිකර බව යනාදී භාව ද ඇතුළත් වේ. "නිෂේධාත්මක හැඟීම්වල ලක්ෂණය" යන්න සමග සැසඳීමේදී දුක (Suffering) යන වචනයේ තේරුම ඉතා ලුහුඬු එකකි (ජෙෆ්රි පො). එයින් අදහන් වන්නේ සෑම දෙයකම අශුභ පාර්ශවය හෝ අනිත්‍යය යයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. එහෙත් බුද්ධාගමෙහි එවැනි සංකල්පයක් නැත. බුද්ධාගම සර්ව ශුභවාදී හෝ සර්ව අශුභවාදී දර්ශනයක් නොවේ. එය යථාර්ථවාදීය. මෙපරිදි ඉංග්‍රීසි බෞද්ධ ලේඛනවල දුක්ඛ යන වචනය බොහෝ විට හරි හැටි පරිවර්තනය නොවුණු තත්වයක පවතී.දුක්ඛ යන පාළි වචනයට ඉංග්‍රීසියෙන් දිය හැකි වඩාත් සුදුසුම ආසන්න වචනය වන්නේ "insecurity of life" ය.
දුක්ඛ යන්න කු (ku) (අමිහිරි, දුෂ්කර, දුක වේදනාව) ලෙස චීන බුද්ධාගමෙහි පරිවර්තනය වී ඇත. මෙම වචනය ජපාන බුද්ධාගමේ (Ku) කු ලෙසද, කොරියාවෙහි (Ko) ලෙසද, ටිබෙටයෙහි (sdug bsngal) ස්දග් බ්ස්න්ගල් ලෙසින්ද පරිවර්තනය වී ඇත.
බුදුන් වහන්සේ දුක්ඛ යන්නෙහි ආකාර තුනක් විස්තර කර ඇත.
* දුක්ඛ -දුක්ඛ |
| |||||
* විපරිණාම දුක්ඛ |
| |||||
* සංඛාර දුක්ඛ |
|
මෙහි විස්තර කරන්නේ සියලු සංස්කාර අනිච්ච බවයි.. එනම් කිසිදු දෙයක් තම කැමති සේ පවත්වාගෙන යාමට නොහැකි බවයි. එය පැහැදිළි කරන්නේ මනසේ නිරතුරු වපතින පෙලීම් සහගත හෝ අතෘප්තිකර ස්වභාවයයි. එබැවින් එය අසාර හෙවත් තම වසගයේ නොපැවැතිවය යුතු නම් අවබෝදයයි. සෝතානප්න්න ඵ්ල ලාභියාගේ සිට මාර්ගපල ලාභීන් විදර්ශනාවන් මගින් මේ දර්මතාවය භාවිතා කර කෙලෙස් වලින් සිත මුදවා නිර්වානය කර යන්නේය. මාර්ගය පූර්ණය කල රහතන් වහන්සේ වේදනාව වේදනාව ලෙසද සතුට සතුට ලෙසද විඳින්නේය.
බුදුන් වහන්සේ උන්වහන්සේගේ පළමු මාර්ගඵල තුනෙහි එහි පැවැත්ම ගැනද එයට පැහැදිළි හේතු තිබෙන බවද එයින් මිදීමේ මාර්ගයද උගන්වා ඇත. එම මාර්ගය චතුරාර්ය සත්‍යයෙහි හතර වැන්නයි.
තවත් කරුණු[සංස්කරණය]
විභංගප්‍රකරණයේ සච්ච විභංගයට අනුව " තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛා අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා" යනුවෙන් ද්වාදසාකාර (12) වේ.
- ජාති
- ජරා
- ව්‍යාධි
- මරණ
- සෝක
- පරිදේව
- කායික
- මානසික
- උපායාස
- අප්‍රිය සම්ප්‍රයෝගය
- ප්‍රිය විප්‍රයෝගය
- කැමති දේ නොලැබීම
- පඤ්ච උපාදානස්කන්ධය
එලෙසම සච්චවිභංගයට අනුව සියලු දුක් "දුඃඛය’ කවරෙ යත්: කායික වූ යම් නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වෙදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ. "ලෙස
*.ඒනම් ඉහත සියලු දුක් කායික ද මානසික දුකට අයත් වේ.
ජාති දුක[සංස්කරණය]
එනම් ඉපදීමයි. ජාති දුක විවිධ දුක් වලට මූල හේතුව වේ. එසේ ඇති වන දුක් නම්,
දුක්ඛ දුක්ඛය[සංස්කරණය]
අමිහිරි අත්දැකීම් නිසා සාමාන්‍යයෙන් ඇතිවන කායික මානසික වේදනා
විපරිණාම දුක්ඛය[සංස්කරණය]
කායික මානසික සුවය නැති වී යාමෙන් ඇතිවන වේදන
සංඛාර දුක්ඛය[සංස්කරණය]
සංස්ඛාර ධර්මයන්ගේ ඇති වීම නැති වීම නිසා ඇතිවන වේදනා
පටිච්ඡින්න දුක්ඛය[සංස්කරණය]
අත පය කැඩීම්, බිඳීම්, තුවාල වීම් ආදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන දුක
පරියාය දුක්ඛය[සංස්කරණය]
ජාති,ජරා ,ව්‍යාධි ආදී විවිධ ලෙසසින් ඇති වන දුක
නිප්පරියාය දුක්ඛය[සංස්කරණය]
දුක්ඛ දුක්ඛ මෙයින් අදහස් කෙරේ
මෙබඳු දුක් වලට පෘතග්ජන සත්වයෝ මුහුණ දෙති.
- ගර්භා වක්‍රාන්ති මූලික දුක්ඛ-මව් කුස තුළ අත් පා හකුළුවා ගෙන ගත කිරීමට සිඳුවීම.
- ගර්භ පරිහරණ මූලික දුක්ඛ -මවගේ කෑම බීම ගමන් බිමන් ආදී සෑම අවස්ථාවකදීම කුස තුළ සිටියදී පීඩා විඳීමට සිදු වීම.
- ගර්භ විපත්ති මූලික දුක්ඛ- ඇතැම් විට බිහිවන අවස්ථාවේදී වෙදුන් විසින් සැත්කම් ආදිය කිරීම නිසා ඇති වන දුක
- විජායන මූලික දුක්ඛ- පර්‍වතයකින් හෙළනු ලැබූවකු මෙන් හිස යටිකුරුව බිහිවන විට ඇති වන දුක
- වහීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ-අළුත් තුවාලයකට ලුනු දමා කොස්සකින් උලන විට ඇති වන දුකට නොදෙවෙනි දුකක් උපත ලද මොහොතේ නාවා පිරිසිදු කරන විට ඇත් වීම
- ආත්මෝපක්‍රම දුක්ඛ- ජීවත් වන අතරතුර ලෝභාදී අකුසල ධර්ම නිසා ඇති වන දුක
- පරෝපක්‍රම දුක්ඛ- අන්‍යයන් විසින් තැලීම්, කැපීම්, බැනීම් ආදිය නිසා ඇති වන දුක
- . ජරා දුක -පංච ඉන්ද්‍රියන් දිරාපත් වීම නිසා ඇති වන දුක
උදා- ඇස් නොපෙනීම කන් නොඇසීම
- .මරණ දුක- ක්ෂණික මරණ හා සම්මුති මරණ
- ආයුක්ඛය
- කම්මක්ඛය
- උපච්ඡේදන
යනුවෙන් මරණය සිවු වැදෑරුම් වේ.
- සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
- පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
- දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
- දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
- උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
- අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
- ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
- කැමති දේ නොලැබීමේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
- පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.
දුක්ඛ සත්‍යය කෙරෙන් ප්‍රකට වන මූලික ලක්ෂණ 04 කි.
- .පීළනට්ඨ
- .සංඛතට්ඨ
- .සන්තාපට්ඨ
- .විපරිණාමට්ඨ
පීළනට්ඨ[සංස්කරණය]
සත්වයා ජරාවෙන් හා මරණයෙන් පෙළෙන නිසා පඤ්චස්කන්ධය දුක් සහගතය. සිත කය නිතරම දුකින් පීඩාවට පත් වෙයි. කාම ලෝක රූප ලෝක යන කවර තැනක උපත ලැබූවත් උදව්‍යය පීඩා ඇති වන බැවින් පීළනට්ඨ නම් වේ.
සංඛතට්ඨ[සංස්කරණය]
හේතූන්ගේ බලපෑමෙන් ඇති වන බවයි. පඤ්චස්කන්ධය යනු හේතූන්ගෙන් ඇති වූවකි. උත්පාද ,ඨිති ,භංග යන ලක්ෂණ වලින් යුක්ත වෙයි. කුසලාකුසල කර්‍මානුරූපව ඇති වන බැවින් සංඛතට්ඨ නම් වේ.
සන්තාපට්ඨ[සංස්කරණය]
සිත කය විවිධ හේතූ නිසා තැවෙයි. එසේ සන්තාපයට පත් කරන බැවින් සන්තාපට්ඨ නම් වේ.
විපරිණාමට්ඨ[සංස්කරණය]
පඤ්චස්කන්ධය සථීර නැත. විපරිණාමයට පත් වේ. ඒ නිසා විපරිණාමට්ඨ නම් වේ.
- මරණ1.jpg
මරණය දුකකි