අවලෝකිතේශ්වර
අවලෝකිතේශ්වර පරිවර්තන | |
---|---|
ඉංග්‍රීසි | අවලෝකනය කරන අධිපති |
සංස්කෘත | अवलोकितेश्वर |
ඛෙමර් | លោកេស្វរៈ (ලෝකේස්වරක්) |
සිංහල | අවලෝකිතේශ්වර |
ටිබෙට් | [སྤྱན་རས་གཟིགས་ වයිලී: spyan ras gzigs THL: Chenrézik] Error: {{Lang}}: text has italic markup (help) |
බුදු දහම ශබ්ද මාලාව |
අවලෝකිතේශ්වර යනු සියලු බුදුන් වහන්සේලාගේ කරුණාවක මූර්තිමත් කෙරෙන බෝධිසත්ත්වයන් ය. මෙම බෝධිසත්ත්වයන් විවිධ අයුරින් නිරූපණය සහ විස්තර කෙරෙන අතර, ඇතැම් සංස්කෘතීන්වල මෙම බෝධිසත්ත්වයාණන් වහන්සේ කාන්තාවක හෝ පුරුෂයකු ස්වරූපයෙන් ද වන්දනාවට ලක්වේ.[1] චීන බුද්ධාගම තුළ අවලෝකිතේශ්වර තරමක් වෙනස් කාන්තා ස්වරූපයකින් යුතුව ගුවාන්යින් බෝධිසත්ත්වවරිය ලෙස වන්දනාමාන කෙරේ. කාම්බෝජය තුළ මෙම බෝසතුන් ලෝකේස්වරක් ලෙසත්, ජපානය තුළ කන්සොන් හෝ කන්නොන් ලෙසත් හැඳින්වේ.
නිරුක්තිය[සංස්කරණය]
අවලෝකිතේශ්වර යන්න "පහළ" යන අරුතැති අව නම් ක්‍රියා උපසර්ගය, "නිරීක්ෂණය, ආවේදනය, දැකීම" අරුතැති ලෝක් යන ක්‍රියා පදයෙහි අතීත කෘදන්තය වන ලෝකිත සහ "අධිපති", "පාලක" යන අරුතැති ඊශ්වර යන ප්‍රත්‍යයන් තුන එක්වී සෑදුණකි. සන්ධි වීමේ දී, අ+ඊශ්වර යන්න ඒශ්වර ලෙස යෙදේ. සංයුක්තය ලෙස සැලකූ විට මෙම වදනෙහි අරුත "(ලෝකය දෙස) අවලෝකනය කරන අධිපතියා" යන්නයි. නාමයෙහි ලෝක ("ලෝකය") යන්න අන්තර්ගත නොවූවත්, එම අරුත හැඟවේ.[2] මෙය කාම්බෝජ ස්වරූපය වන ලෝකේස්වරක් යන්න තුළ දැකගත හැක.
මේවාත් බලන්න[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
- ↑ Leighton, Taigen Dan (1998). Bodhisattva Archetypes: Classic Buddhist Guides to Awakening and Their Modern Expression. New York: Penguin Arkana. pp. 158–205. ISBN 0140195564. OCLC 37211178.
- ↑ Studholme p. 52-54, 57.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
අවලෝකිතේශ්වර හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
![]() |
විකිසරසවිය සතුව Yoga oracle#81 The Blessing of the Karmapa (meditating on a Thanka of Avalokitesvara) පිළිබඳ ඉගෙනුම් මූලාශ්‍ර ඇත. |
- පෝතලහි අවලෝකිතේශ්වරගේ සම්භවය
- අවලෝකිතේශ්වර නාමය විස්තර කිරීමක්
- මන්ත්‍ර අවලෝකිතේශ්වර
- අවලෝකිතේශ්වර සදහා Brittanica.com ඇති විස්තර