බෝධි

විකිපීඩියා වෙතින්
හිටි බුදු පිළිමය.1 වැනි සහ 2 වැනි සියවසේ මුල්කාලයේ බුදුන්වහන්සේ නිරූපණය කළ අයුරු,ගාන්ධාර

ථෙරවාද බුදු දහමේ යොදා ගැනෙන සංකල්පයක් වන අරහත් භාවයට පත්වීම (බුද්ධත්වයද ඇතුළත්ව) යන්නෙන් බෝධියකට පත්වීම අර්ථ දැක්වේ. සාමාන්‍ය ආකාරයෙන් (පොදුවේ) සඳහන් කරන්නේ නම්, ‘ බුදුන්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික දියුණුව, සමකාලීන විවිධ ආගමික පුරුදු භාවිතයන්, ගවේෂණය සහ භාවනා කිරීම ඔස්සේ සත්‍ය ගවේෂණය කළ පුද්ගලයෙක් වේ. මෙම පරිවර්තනාත්මක ගවේෂණය ‘බෝධි’ යනුවෙන් හඳුන්වන අතර සාහිත්‍යමය වශයෙන් එහි අර්ථය ‘අවබෝධය’ යන්නයි. නමුත් පොදුවේ එය හඳුන්වනු ලබන්නේ ‘බුද්ධත්වය’ ලෙසයි.

පෙර / අතීත බුදු දහමේ ‘බෝධි’ යන්නෙහි අර්ථය ‘නිර්වාණය’ යන්නට සමානවම භාවිතා කළ අතර එහිදී රාග, ද්වේශ සහ මෝහ යන කෙලෙස් නැති කිරීම පිළිබඳව අදහස් කරන ලදී. පසුකාලීනව මහායානිකයින් ‘නිර්වාණය’ යන්න පෙර සඳහන් කළ තත්ත්වයට වඩා පහළ තත්ත්වයකට හෙළීය. ඔවුන්ගේ අදහස වූයේ නිර්වාණය යනු රාගය හා ද්වේශය දුරු කිරීම පමණක් වන බවයි. නිර්වාණය ළඟා කරගත් පුද්ගලයකු තුළ පවා මෝහය හෙවත් මුලාව තව දුරටත් දැකිය හැකි බව මහායානිකයන්ගේ විශ්වාසය විය. එබැවින් මෝහය දුරු කිරීම සඳහා තවත් උසස් බෝධිත්වයකට පත්වීම අවශ්‍ය බව සඳහන් කරන ලදී. ප්‍රතිඵලය වන්නේ, මහායාන බුදු දහමට අනුව, අරහත්වරුන් ලබා ගන්නේ බෝධිත්වය නොව නිර්වාණයයි. එබැවින් බෝධිසත්වයන් විසින් බෝධිත්වය ලබා ගන්නා තෙක් එය මෝහයට යටත්ය. ථෙරවාද බුදු දහම තුළ බෝධි සහ නිර්වාණ යන දෙකෙහිම අර්ථය සමානය. එනම් ලෝභ, ද්වේශ, මෝහ යන ත්‍රිවිධ ක්ලේෂයන්ගෙන් මිදීම බෝධියකට පත්වීමයි. ථෙරවාද දහමට අනුව අරහත් වූ කෙනෙකු රාග, ද්වේශ, මෝහ දුරු කරන අතර බෝධිත්වයට පත්වේ. ථෙරවාද බුදු දහමේදී, රාගය (තණ්හාව) සහ ද්වේශය පමණක් දුරු කිරීම හා මෝහය තව දුරටත් ඉතිරිවී පැවතීම හඳුන්වන්නේ ‘අනාගාමී’ ඵලය ලෙසයි.

චතුරාර්ය සත්‍ය මැනවින් අවබෝධ කරගත් පසු සියලුම කර්ම අවසාන වී ඇති විට ‘බෝධිත්වය’ ලබා ගනී. අතීත මූලාශ්‍රයන් පාරමිතා පිළිබඳව කිසිදු සඳහනක් කර නොතිබුණත්, පසු කාලීන ථෙරවාදී හා මහායාන සම්ප්‍රදායයන් විසින් පුද්ගලයෙකුට පාරමිතා පිරීමද අවශ්‍ය බව සඳහන් කරන ලදී. බෝධිත්වයට පත් වීමෙන් පසුව පුද්ගලයෙකු, ඉපදීම, ලෙඩවීම , මියයාම, නැවත ඉපදීම යන නොවැළැක්විය හැකි සංසාර චක්‍රයෙන් අත්මිදී ඉහළම සතුට හෙවත් උතුම්ම සැපත වන නිර්වාණය සාක්ෂාත් කර ගනී.

මෝහය දුරු කිරීමේ අංශයක් ලෙස තමන් පිළිබඳ විශ්වාසය (‘ආත්ම’ යන්න) දුරු කිරීමද අදහස් වේ. එනම්, ‘අනාත්ම’ යන්න අවබෝධ කර ගැනීමයි. මහායාන සූත්‍රයක සඳහන් කියමනකට අනුව යම් පුද්ගලයෙක් බෝධිත්වයට පත් වීමට අරමුණු නොකරන්නේ නම් ඔහු ජීවත්වන්නේ ගිනිගෙන දැවෙන නිවසක ඇති සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන කල්පනාවේ නිමග්නව සිටින ළමයෙකු මෙනි.


Reference[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Buddhism#Bodhi

"https://si.wikipedia.org/w/index.php?title=බෝධි&oldid=271655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි